Chapter 08

1.1K 220 57
                                    


Next Day Morning...
Still Mi Su's Pov....

ඇස් දෙකට දැනුනු තද ඉර එළියත් එක්කම මම හෙමීට ඇස් ඇරලා වට පිට බැලුවා. වෙනදට නොදකින නුහුරු පරිසරයක් දැකලා හිතට පුන්චි නොසන්සුන්කමක් ආපු නිසා මම ඉක්මනට නැගිටලා ඇදේ වාඩි වුනා.

මම එහෙම්මම අනිත් පැත්ත හැරිලා බැලුවේ ජිමින් ඉන්නවද කියලා. එයා එතන හිටියෙ නෑ.. සමහරවිට පහළ ඇති. එහෙම හිතන ගමන් මම හෙමීට ඇදෙන් නැගිටලා ඇදත් හදලා washroom එකට ගියා.

උදෙන්ම නාගෙන මම පහළට ආවේ ජිමින් ඉන්නවා කියලා හිතාගෙන. මම පහල හැමතැනම බැලුවා.. ඒත් ජිමින් හිටියෙ නෑ.... එළියෙ එයාගෙ කාර් එකත් තිබුනෙ නැති නිසා මට හිතන්නෙ එයා ඔෆිස් ගිහින්.

මැරි කලේ ඊයෙ.. අද මෙයා ඔෆිස් ගිහින්. මටනම් මෙයාව මුල ඉදන්ම හදාගන්න වෙයි වගේ. කිසිම හැගීමක් දැනීමක් නැති විදිහටනෙ වැඩ කරන්නෙ.

එක්කො යනවනම් මට කියලා යන්න ඕනෙ. මම බය වෙනවා කියලා දන්නෙ නැද්ද . එක්කො ඕන දෙයක් කරගත්තුදෙන්.. මටත් මොකෝ....😒

මම සෝෆා එකට ගිහින් වාඩිවෙලා Tv එක දාන් බලන්න ගත්තෙ තාම උදේ නවයවත් වෙලා නැති නිසා...

.
.
.

Lee Company
@ Lee's Office

Author's Pov...

ලී හිටියෙ ඔෆිස් එකේ ග්ලාස් එකෙන් පේන කාර්‍යබහුල සෝල් නගරෙට තමන්ගෙ අවධානෙ යොමුකරගෙන කෝපි එකක රසවිදින ගමන්. ලී මේ වෙලාවෙ ඔෆිස් එකේ හිටියට එයාගෙ හිත අල්ලගන්න බැරි තරමට මහා දුරකට ගිහින් තියෙනෙවා කියලා එයා දිහා බලන් ඉන්න ඕන කෙනෙක්ට තේරුම් යනවා.

ටික වෙලාවකින් මෙච්චර වෙලා ඔෆිස් එකම වෙලාගෙන තිබුන නිහඩ බව නැති කරලා දාලා දොරට කවුරුහරි තට්ටු කලා.

" come in... "

ලී තමන් අවධානය යොමු කරන් හිටපු කාර්‍යබහුල සෝල් නගරෙන් ඇස් ඉවතට ගන්නෙ නැතුවම ආපු කෙනාට ඇතුළට එන්න කිව්වා.

" Sir මම ලෝගන්... "

" හම්ම්ම්... මම හිතනවා ලෝගන් මම තමුන්ට පවරපු රාජකාරිය හරියටම ඉශ්ට කරන්න ඇති කියලා..."

" අනිවාර්යයෙන්ම සර්.... මගේ බොස් මට පවරපු රාජකාරියක් මම කිසිම දවසක මගෑරලා නෑ... "

MR. COLDY Where stories live. Discover now