Chapter 25

922 190 65
                                    


Author's Pov...

" දැන් තමුසෙලා ඔක්කොම මට කියන්නෙ මේ කම්පැනි එක අස්සට රින්ගලා මගේ ඔෆිස් එකේ තියන ලොකර් එක කඩලා යනකන් තමුසෙලා සේරම උඩ බලාගෙන හිටියා කියලද ආ... "

ඔෆිස් එක දෙදරලා යන තරම් සද්දෙන් කෑ ගහලා ජිමින් තමන්ගෙ ඉස්සරහින් ඉන්න කම්පැනි එකේ සිකියුරිටි ඔෆිසර්ස්ලගෙන් ඇහුවේ ඒ හැමෝම දෙන්න උත්තරයක් නැතුව බිම බලාගනිද්දි...

" ස-සර්.. "

" මන් මෙච්චර කල් තමුසෙලට පඩි දුන්නෙ කම්පැනි එක ගාඩ් කරන්නෙ නැතුව පුටු රත් කරනවටද... "

ජිමින් වේගෙන් තමන්ගෙ පුටුවෙන් නැඟිටලා බිම බලාගෙන ඉන්න ගාඩ්ලගෙ පැත්තට එද්දි නම්ජූන් ජිමින් ලඟට ඇවිත් කතා කලේ ගාඩ්ස්ලගෙ හැසිරීමෙන් තවත් ජිමින්ට කේන්ති යනවා කියල නම්ජූන්ට තේරුණ නිසා...

" සර්.. මිනිහා කම්පැනි එක ඇතුළට ඇවිල්ලා තියෙන්නෙ බැක් ගේට් එකෙන්... "

නම්ජූන් ජිමින්ගෙ පිටිපස්සෙ ඉඳන් කියනකොට ජිමින් චීෆ් සිකියුරිටි ඔෆිසර් ඉස්සරහට ගිහින් අත් දෙක බැඳගත්තා...

" මොකාද ඊයෙ බැක් ගේට් එක ලඟ හිටියෙ... "

ජිමින් ඇහිබැමක් උස්සලා චීෆ් ඔෆිසර්ගෙන් අහනකොට මෙච්චර වෙලා බිම බලගෙන හිටපු චීෆ් ජිමින් දිහා බැලුවේ තමන්ගෙ රස්සාව ගැන තිබුන අන්තිම බලාපොරොත්තුවත් හිතින් අතෑරලා දාලා...

"  මන් සර්... "

කේන්තියටම රතු වෙලා දාඩිය දාලා තිබුන ජිමින්ගෙ මූණ දිහා බලන් චීෆ් සිකියුරිටි කියනකොට කට කොනෙන් හිනා වුන ජිමින් ආයෙම ගිහින් තමන්ගෙ පුටුවෙන් ඉඳගෙන සයිඩ් ලාච්චුවෙන් චෙක් පොත අතට ගත්තා...

" එතකොට ඌ එනකොට තමුන් මොන ලෝකෙද හිටියෙ... "

අතේ තිබුන පෑන කරකවන ගමන් ජිමින් අහනකොට තමන්ගෙ වෙව්ලන ඇඟිලි ටික එකට පටලවගත්ත චීෆ් ජිමින් දිහා බලන් උත්තර දුන්නා....

" මන් පොඩි හදිස්සියක් වෙලා ගෙදර ගියා සර්.... "

" ඕ.. ගුඩ් ජොබ්... එතකොට මිස්ටර් හන් ඔයා කම්පැනි එකේ කාට ඉන්ෆෝම් කරලද යන්න පර්මිශන් ගත්තෙ.... "

MR. COLDY Where stories live. Discover now