Chapter 31

850 195 56
                                    


Author's Pov...

මීසු කණ්නාඩි මේසෙ ඉස්සරහ ඉඳගෙන එහෙට මෙහෙට හැරි හැරී හැඩ බැලුවෙ ජිමින් එයාට අලුතින්ම අරන් දුන්න ෆ්‍රොක් එක පළවෙනි පාරට ඇඳලා... අද සෝහි ජිමින්ටයි මීසුටයි ලන්ච් එකට එහෙ එන්න කියපු නිසා මීසු උදෙන්ම නැගිටලා එයාගෙ දවසේ රාජකාරි ටික ඉවර කරලා ඉක්මනට යන්න ලෑස්ති උනා...

එයා ලෑස්ති වෙලා ඉවර වෙලා ජිමින්ට කෝල් එකක් ගන්න ගමන් රූම් එකේ දොරත් වහන් පහළට ආවා... ජිමින් උදේ ඔෆිස් ගිහින් කම්පැනි එකේ වැඩ ටික බලලා මීසු ලෑස්ති උනාම එයාවත් අරන්ම ඔම්මලාගෙ ගෙදර යන්න ප්ලෑන් කරන් හිටියේ....

දෙපාරක් තුන් පාරක් රින්ස් යනකොට ජිමින් ෆෝන් එක ඉස්සුවා...

" කියන්න බේබි... "

" මන් ලෑස්ති වෙලා ඉවරයි.... ඔයා දැන් එනවද... "

මීසු සෝෆා එකේ වාඩි වෙන ගමන් අහනකොට මීටින් එකක් අතර තුර හිටපු ජිමින් එක්ස්කියුස් කරලා විනාඩියකට එළියට ආවා...

" ම්ම්ම්... මේකයි... බේබි මේ... "

ජිමින් මීසුට කියාගන්න බැරුව දඟලනකොට එහා පැත්තෙ හිටපු මීසු කෑ ගහන්න ගත්තා...

" යාහ්... එන්නෙ නෑ කියලනම් කියන්න හදන්න එපා... දැක්කනෙ ඊයෙ බනී කිව්වා අනිවාර්යයෙන්ම එන්න කියලා.... යාහ් චිම් මොකද්ද අප්පා මන් උදේ ඔයාව ඔෆිස් ඇරියෙත් ඔයා දවල්ට එනවා කියපු නිසානෙ... "

මීසු ෆෝන් එකට කෑ ගහනකොට ජිමින් ෆෝන් එක කන ලඟින් පොඩ්ඩක් ඈත් කරලා එහාට කලේ එයාගෙ කන බේරගන්න....

" හරි හරි ඉතින් මන් එහෙට එනවා... දැන් ඔයා ඩ්‍රයිවර් එක්ක යන්නකො බේබි... යුන්ගි හියොන් මාව හම්බවෙන්න ඕනෙ කිව්වා... මන් මේ මීටින් එක තව විනාඩි පහළවකින් ඉවර කරලා හියොන්වත් හම්බවෙලා තව පැයකින් විතර ඉක්මනට එහෙට එන්නම්.... හාද... "

ජිමින් මීසුව ශේප් කරගන්නත් එක්ක ආදරෙන් බටර් ගාලා කියනකොට ලයින් එක එහා පැත්තෙ හිටපු මීසු මූණ ඇද කරගත්තා....

" ඕකෙ එහෙනම් එන්න ඕනෙ ඉක්මනට හරිද.... බැරි වෙලාවත් ආවෙ නැති උනොත් ඇත්තමයි චිම් ඔයා සතියක් ගෙස්ට් රූම් එකේ නිදියන්න ලෑස්ති වෙන්න.... "

MR. COLDY Where stories live. Discover now