Chapter 03

1.1K 227 50
                                    

@ Kim House

Jimin's Pov.....

අපි සෝෆා එකේ වාඩිගෙන ඉන්නකොට එයා ආවා මට ඇහුනා. ඒත් මම phone එකෙන් හෙට meeting එකට ඕන කරන ෆයිල් ටික ආයෙම පාරක් චෙක් කර කර හිටියේ. හෙට තියෙන්නෙ ලොකු ඩීල් එකක්. ඒකෙදි පුංචිම වත් වරදක් වෙනවට මම කැමති නෑ. ඒ නිසාම මගේ සම්පූර්ණ අවධානේ phone එකට යොමු වෙලා තිබුනේ. මට එයාව බලන්න ඕන උනත් ඔළුව උස්සන්න තරම් වෙලාවක් තිබුනේ නෑ.

කුකී යන් කිව්වට පස්සෙ කාර් එක ලගට යනකනුත් මම phone එකේමයි හිටියෙ. එතනට ගිහින් කුකී මීසුට බටර් ගානවා මම අහන් හිටියේ. මෙයාට ඉතින් කතාවෙන් කෙල්ලො අල්ලගන්න හොද පළපුරුද්දක් තියෙනවනෙ. ඒ දෙන්නා කතා කර අර ඉන්නකොට එකපාරටම මීසු කුකීට බනී කිව්වා. එහෙම කියන ගමන් කම්මුලකුත් මිරිකුවද කොහෙද. අපෙ ඔම්මා විතරයි කුකීට බනී කියන්නේ. දැන් මීසුත් ඒකම කිව්වා. ඒ නිසාම ආපු ක්ෂනික සිතුවිල්ලකට මම ඔළුව උස්සලා බැලුවා.

මම එයා දිහා බලනකොට එයත් මගෙ දිහා බලාගෙන හිටියේ. ඇත්තටම එයා ලස්සනයි. හුරතල් පාටයි. ඉණ ගාවට දිග straight කොන්ඩෙ කඩලා දාලා දනහිස ලගට වෙනකන් තිබුනු ගවුමක් එයා ඇදලා හිටියෙ. හරිම සිම්පල් පෙනුමක් තිබුනෙ. ලිප් බාම් එකක් ඇරෙන්න වෙන මේකප් මොකුත් use කරලා නෑ. මීසුට තිබුනෙ ලා දුඹුරු පාට අහින්සක ඇස් දෙකක්. තත්පරයක්... දෙකක්... නෑ... විනාඩි දෙක තුනක් මම එයා දිහා බලන් ඉන්න ඇති. එයත් මගේ ඇස් දිහා බලාගෙන හිටියේ. ඒත් එක්කම උගුර පාදපු සද්දයක් ඇහුන නිසා මම ගැස්සිලා අහක බැලුවා.

" සමාවෙන්න බාධා කලානම්. නෑ මට එහෙම හදිස්සියක් නෑ... ඔයාලට පුළුවන් ඔයාලා කර කර හිටපු වැඩේ continue කරන්න. උගුර වේලිලා වගේ දැනුන නිසා ටිකක් උගුර පාදලා බැලුවේ . සමාව බජනය කරනවා ඔයාලගෙ ඇස් කතාවට මගෙන් බාධා උනානම් 🙂 "

ආයිශ් මේ කුකී නම්.... Shit ලැජ්ජාවෙ බෑ. ජිමින් තමුසෙට පිස්සු හැදීගෙනවත් එනවද. ඇයි එහෙම බලන් හිටියේ මීසු දිහා. දැන් මේක ශේප් කරගන්න ජිමින්. නැත්නම් ගෙදර ගිහින් මේකාගෙන් විසුමක් වෙන්නෙ නෑ. එහෙම හිතලා මම නපුරු මූණක් හදාගෙන කුකී දිහා එක එල්ලේ බැලුවා. කොල්ලගෙ මූණ අදුරු වෙලා ගියේ හැරෙන පරක්කුවට.

MR. COLDY Where stories live. Discover now