Chapter 21

1.3K 236 188
                                    


Author's Pov...

මීසුට උදෙන්ම ඇහැරුනේ එලාම් එකේ සද්දෙ නිසා.. එලාම් එකත් ඕෆ් කරලා මීසු ඇස් ඇරපු ගමන් දැක්කෙ පොඩි එකෙක් වගේ තාමත් එයාව තුරුලු කරන් එයාගෙ බෙල්ල අස්සෙන් ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න ජිමින්ව...

" ඒ කියන්නෙ හීනයක් නෙවේ.... "

මීසු හෙමීට මුමුණන ගමන් හිනා වෙවීම ජිමින්ගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි අරන් ගියේ ජිමින්ගෙ නලලින් කිස් එකකුත් තියන ගමන්...

ඒත් එක්කම මීසුට මතක් උනේ ජිමින් ඊයෙ රෑ තමන්ව කිස් කරපු විදිහ... ඒක මතක් උන ගමන්ම මීසුගෙ මුලු මූණම රතු වෙලා ගියේ ජිමින් මීසුව කිස් කරපු පලවෙනි පාර ඒක උන නිසා....

" ආයිශ්... මන් මෝඩයෙක් වගේනෙ එවෙලෙ හැසිරුනේ... "

මීසු මූණත් ඇඹුල් කරගෙන මිමිනුවේ ඊයෙ මෝඩකතා කියපු එක ගැන එයාටම ලැජ්ජ හිතුන නිසා...

" ඒකට කමක් නෑ බේබි.. ඔයා කොහොමත් මෝඩයිනෙ.. so don't worry okeey... "

එකපාරම ජිමින් මීසුගෙ බෙල්ල අස්සෙන් මූණ එලියට අරන් මීසුගෙ මූණ දිහා බලලා කියනකොට ජිමින් මීසුට කතා කරපු නික්නේම් එක නිසා මීසුගේ මූණ තිබ්බටත් වඩා රතු පාට වුණා...

"ආවුස්...රතුම රතු පාට වෙලා හරියට ස්ට්‍රෝබෙරි එකක් වගේ... හපන්න හිතෙනවා... ඇත්තටම ඔයාගෙ ලිප්ස් නම් ස්ට්‍රෝබෙරි රහයි මීසු... අපරාදෙ මෙච්චර කල් මට ඒ රස මගෑරුනේ.... "

ජිමින් මීසුගෙ තොල් එයාගෙ ඇඟිලිවලින් අල්ලන ගමන් නසරානි හිනාවක් දාන් කිව්වෙ ආයෙමත් හෙමීට මීසුගෙ මූණට ලන් වෙන ගමන්...

" යාහ්.. එහාට යනවා මෝඩයා... අනික ඔයා ඇත්තටම නිදාගන්නෙ නැද්ද ආ.... මන් කතා කරන කොයි වෙලෙත් බලන් ගියාම ඔයා ඇහැරිලනෙ... "

මීසු ජිමින්ව පැත්තකට දාන ගමන් කිව්වෙ කතාව වෙනස් කරන්න හිතාගෙන....

" නිදාගෙනනම් තමා හිටියෙ... ඒත් කොහෙද මේ ඔයාගෙ එලාම් එක මගේ නින්ද කැඩුවනෙ බේබි... "

ජිමින් පොඩි එකෙක් වගේ එලාම් එක පෙන්නලා කියලා බ්ලැන්කට් එක මුලු ඇගේම ඔතාගෙන මීසුගෙ කොට්ටෙත් අරන් තුරුලු කරගත්තෙ ආයෙම නිදාගන්න හිතාගෙන...

MR. COLDY Donde viven las historias. Descúbrelo ahora