Chapter 27

839 194 49
                                    


Author's Pov...

" යාහ්... පර්ක් ජිමින්... "

ජිමින්ගෙ ටේබල් එකේ ඉස්සරහින් තිබුන පුටුවෙන් ඉඳගෙන ෆයිල් එකක් චෙක් කරන ගමන් හිටපු මීසු එකපාරම කෑ ගැහුවෙ ලැප් එකේ සිහියෙන් හිටපු ජිමින් ගැස්සිලා ගිහින් මීසු දිහා බලද්දි...

" දෙයියනේ බේබි මන් ඉන්නෙ ඔයාගෙ ඉස්සරහ... පොඩ්ඩක් හෙමීට කතා කරනවකො... "

මීසුගෙ කටේ සද්දෙ නිසා ජිමින්ගෙ කන දෝන්කාර දෙනවා වගේ දැනුනම ජිමින් තමන්ගෙ කනට සුළගිල්ල දාලා ගස්සන ගමන් මූණත් ඇද කරලා මීසුට කිව්වා...

ටික වෙලාවක් රවාගෙන ජිමින්ගෙ ඕවර් ඇක්ටින් එක දිහා බලන් ඉඳපු මිසු තමන්ගෙ මූණට වැටිලා තිබුන කොණ්ඩ කෑලි ටිකට කටින් පිඹින ගමන් එයා බලමින් හිටපු ෆයිල් එක ජිමින් ඉස්සරහින් තිබ්බා....

" එදා අපි ශොපින් කරන්න ගියපු මෝල් එක ඔයාගෙ කියලා ඔයා මට කිව්වෙ නෑනෙ.... "

" ඉතින් ඔයා ඇහුවෙ නෑනෙ.... "

" යාහ්... ඔයාගෙ වයිෆ් විදිහට මට ඔයා මේවා කලින් කියලා තියන්න ඕනෙ කියලා දන්නෙ නැද්ද ආ.... අපරාදෙ ඔයාගෙ කියලා දන්නවනම් මන් තව ඇඳුම් ටිකක් ගන්නවනෙ.... "

මීසු ජිමින්ට රවන ගමන් කියනකොට මීසුගෙ මූණ දිහා ටිකක් වෙලා බලන් හිටපු ජිමින් මීසු දිහාට ගොන් හිනාවක් දාලා ආයෙම ලැප් එකේ තිබුන තමන්ගෙ ප්‍රසන්ටේශන් එකට අවධානෙ දුන්නා...

" තව මොනාද park group එකට තියෙන්නෙ ආ... අයි මීන් මන් දැනන් හිටියෙ අපි පාට්නර් ශිප්ස් තියන් ඉන්න කම්පැනීස් ගැන විතරනෙ.... "

මීසු තමන් චෙක් කරන ගමන් හිටපු ෆයිල් එකට ආයෙම අවධානෙ දෙන ගමන් කියනකොට ලැප් එක දිහා බලන් හිටපු ජිමින් ඔලුව ඇල කරලා මීසු දිහා බැලුවා....

" ඔයාට දැනගන්න ඕනෙද.... "

" ඔව් නැතුව... දෙයියනේ මිස්ට පර්ක්... ඔයා කොහොමද  අමතක කලේ මන් මිසිස් පර්ක් කියලා.... "

මීසු dramatic විදිහට කියලා ජිමින්ට ගස්සනකොට මීසුගෙ විකාර වැඩ වලට හිනා උන ජිමින් ලාච්චුවේ තිබුන ෆයිල් එකක් අරන් මීසු ඉස්සරහින් තිබ්බා....

MR. COLDY Where stories live. Discover now