Chapter 34

950 187 35
                                    


Three Months Later...

Author's Pov...

ජිමින් ඈනුමකුත් යවන ගමන් හෙමීට ඇස් දෙක ඇරලා ඔලුව හරවලා තමන්ගෙ අත් අතරෙ සනීපෙට නිදාගෙන ඉන්න මීසු දිහා බැලුවා...

දැන් එයාලගේ බබාට මාස තුනක් විතර නිසා මීසුගෙ බණ්ඩිය ටිකක් ඉස්සරහට නෙරලා තිබුන නිසා මීසුට වෙනදා වගේ ජිමින්ගෙ පපුව උඩට නැඟලා නිදා ගන්න බැරි උනත් එයා හැමදාම පුළුවන් විදිහට ජිමින්ට ගුලි වෙලා නිදාගත්තා.... ගොඩක් වෙලාවට මීසු එක විදිහටම ජිමින්ගෙ අත උඩ රෑ එළි වෙනකන් නිදන් ඉන්න නිසා උදේට ජිමින්ගෙ අත හිරිවැටිලා වගේ තිබුනත් ජිමින් මොකුත්ම නොකියා මීසු ඇහැරෙනකන්ම අත එහෙම්මම හොලන්නෙ නැතුව තියන් ඉන්නෙ මීසුට තව ටිකක් සනීපෙට නිදාගන්න ඉඩ දීලා...

මේ මාස තුන මීසුට හිතුවට වඩා ගොඩක් අමාරු උනා... හැමතිස්සෙම වගේ මීසුට ඔළුවෙ කැක්කුමයි ඇඟට පන නැති ගතියයි දැනෙන නිසා ගොඩක් වෙලාවට එයා දවසම හිටියෙ නිදාගෙන... ඒ නිසාම මීසුට නිතරම කෑම ගන්න එක මඟෑරුනා... ජිමින් උදේට මීසුට බලෙන්ම බ්‍රෙක්ෆස්ට් එක කැව්වත් මීසු අකමැත්තෙන් කාලා ආයෙමත් ඒ ටික වොමේට් කරන නිසා ජිමිනුත් හිටියෙ මීසු ගැන බයෙන්...

මේ මාස තුනට මීසු එයාට කන්න හිතෙන ආසම දේවල් ඇරෙන්න වෙන මොකුත්ම කෑවෙම නැති තරන්... ජිමින් මේ ගැන සෝහිට කිව්වත් සෝහි කිව්වෙ ඒක සාමාන්‍ය දෙයක් කියලා... ඒ නිසාම ජිමින් මීසුට කන්න කියලා හුඟාක් බලකරන්න ගියේ නෑ... මොනා කෑවෙ නැති උනත් ඒක ජිමින් උයපු කෑමක් නම් මීසු ආසාවෙන් ඒ ඔක්කොම ටික කන්න පුරුදු වෙලා හිටියා... ඒ නිසාම ජිමින් එයාට පුළුවන් හැම දවසකම ලන්ච් බ්‍රේක් එකේ පැයට ගෙදර ඇවිල්ලා මීසුට එයා කැමති විදිහකට ලන්ච් එක හදලා දීලා මීසුට කවලා ආයෙම ඔෆිස් යනවා...

ජිමින් වෙනදා තරම් රෑ වෙන්නෙ නැතුව හවස හතර පහ වෙද්දිම ගෙදර එන්න පුරුදු උනෙත් මීසු නිසාමයි... දවස් තුන හතරක් මීසු ජිමින් ලඟදිම ෆෙයින්ට් උන නිසා ඇත්තටම ජිමින් හිටියෙ මීසු ගැන හුඟාක් බයෙන්... ජිමින් කැමතිම නෑ මීසු එයා නැති වෙලේට එහෙ මෙහෙ ඇවිදිනවට... ඒ නිසාම ජිමින් පුලුවන් හැමවෙලේම මීසු ලඟින්ම ඉන්න උත්සහ කලා...

MR. COLDY Where stories live. Discover now