Chapter 11

1.1K 210 61
                                    


Author's Pov...

පෙම්වතුන් වෙනුවෙන්ම හදලා තිබුනු බෙන්ච් එකක කොනෙන්ම වාඩි වෙලා අනෙත් කෙලවරේ මාකට් ගිහින් ගත්ත බඩු ටිකත් තියලා මීසු බලන් හිටියෙ නිසොල්මනේ ඔහේ ගලන හං ගග දිහා. සරත් ඍතුවේ විටින් විට හමාගෙන යන මද සුලන් රැල්ලට අහුවුන මීසුගෙ කොන්ඩ කෑලි මූණ පුරා දග කරනකොට ඒ ගැන ගානක්වත් නොවුන මීසු හිටියෙ වෙනමම ලෝකෙක ගිලිලා..

අදට හරියටම මාස හයයි. මීසු ජිමින්ගෙ වයිෆ් විදිහට ඒ ගෙදරට ඇවිල්ලා මාස හයක් ගෙවිලා ගිහින් ඉවරයි. ඒත් හැමදේම කලින් තිබුන විදිහමයි. වෙනසකට කියලා වෙලා තියෙන්නේ මීසුගෙ හිතේ ජිමින් ගැන මහා ලොකු ආදරයක් ඇති වෙලා තියන එක විතරයි.

මීසු ජිමින්ට ආදරෙයිද ? මාස හයකට කලින් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන විදිහ ගැන මීසුට තේරුමක් නොතිබුනට දැන් ඒ ප්‍රශ්නෙට උත්තරේ ' ඔව් ' කියලා මීසු හොදටම දන්නවා..

ජිමින්ගෙ තියන නපුරු කමට, ජිමින් මීසු දිහා බලන විදිහට, වෙන කාත් එක්ක කොහොම නපුරු විදිහට හිටියත් මීසු ඉස්සරහ ජිමින් පාලනය වෙලා ඉන්න එකට, මීසු කියන හැම දෙයක්ම වගේ කැමත්තෙන් හෝ අකමැත්තෙන් ජිමින් කරන එකට, තාමත් මීසුගෙ අතින්වත් අල්ලලා නැතුව ජිමින් මේ මාස හයේ මීසු එක්ක හිටපු විදිහට, මීසු එක්ක දවසකට අඩුම වචන දහයක්වත් කතා නොකරන එක වගේ මේ හැමදේකින්ම ජිමින් ගැන මීසුගෙ හිතේ තියන ආදරේ තව තව වැඩි වුනේ ඇයි කියලා එයාවත් හරියට තාම දන්නෙ නෑ...

මීසුගෙ ආදරේ ඒකපාර්ශ්විකයි... ජිමින් තමන්ට කැමති නෑ කියලා වචනෙන් නොකිව්වට ඒක ඔප්පු කරන්න ඕන තරම් සාක්ශි දවස පුරාම එකතු වෙද්දිත් මීසු ඒවා නොදැක්කා වගේ ජිමින්ගෙ පස්සෙන්ම වැටිලා හිටියේ ඒ හිතෙත් තමන් වෙනුවෙන් පුංචිම හරි ආදරයක් ඇති වෙයි කියන බලාපොරොත්තුවෙන්...

දින සති මාස ගෙවීගෙන ගිහින් අදට මාස 6ක් මීසු ජිමින්ගෙ පස්සෙන්ම හිටියත් ඒ ගලක් වගේ හිත මීසු දිහාට පොඩ්ඩක්වත් මෙලෙක් උනේ නැති එකනම් මීසුට ලොකූ දුකක් වගේම උත්තරයක් නැති තවත් එක ප්‍රශ්නයක් උනා...

එහෙමයි කියලා ජිමින්ව අතෑරලා දාල යන්න තරම් මීසු පරාර්ථකාමී නොවුනෙ මීසු ගැන වගේම ජිමින් ගැනත් හිතලා...

MR. COLDY Where stories live. Discover now