Chapter 24

1K 206 75
                                    


Author's Pov...

ජිමින්ට උදේම ඇහැරුනේ ඇඳ උඩ තිබුන එයාගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනුන නිසා... හෙමීට ඇස් අරින ගමන් රූම් එකට වැටිලා තිබුන ඉර එළියට ඇස් හුරු කරගත්ත ජිමින් ෆෝන් එක අතට ගත්තා.... වෙලාව උදේ දහයයි ගානකට කිට්ටුවෙලා තිබුන නිසා නම්ජූන් ජිමින්ට මැසේජ් එකක් දාලා තිබුනේ එයා ඔෆිස් එකට එන නොයන එක හරියටම දැනගන්න....

නම්ජූන්ට එයා අද ඔෆිස් එන්නෙ නෑ කියලා දන්වපු ජිමින් ෆෝන් එක ඕෆ් කරලා නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බා.... තමන්ගෙ පපුවට දැනුන බර ගතියයි පපුව පුරාවට වදින උණුසුම් හුස්මයි නිසා ඒත් එක්කම ජිමින්ගෙ අවධානය යොමු උනේ තමන්ගෙ පපුව උඩ සැප පහසුවට නිදන් ඉන්න මීසු දිහාට....

තාමත් බෙඩ් ශීට් එකකින් විතරක් ආවරණය වෙලා තිබුන මීසුගෙ උණුසුම් සිරුර ජිමින්ගෙ නිරුවත් ඇඟට දැනෙනකොට ජිමින්ට දැනුනේ මීසුව තමන්ගෙ ඇඟෙන් එහාට කරන්න බැරි තරමට ලෝබ කමක්...

හෙමීට මීසුව උඩට උස්සලා තමන්ගෙ එක සයිඩ් එකකින් තියපු ජිමින් මීසුගෙ ඔලුව තමන්ගෙ එක අතක් උඩින් තියලා එයත් ඒ පැත්තටම හැරිලා මීසු දිහා බලන් හිටියා....

ටික වෙලාවක් මීසුගෙ මූණ දිහා හරිම ආදරෙන් බලන් ඉඳලා ඒ මූණෙ හැම තැනකටම ජිමින් පුංචි පුංචි හාදු ගොඩාක් තැවරුවේ මූණට දැනෙන කිතිය නිසා මීසු හෙමීට ඇස් අරිද්දි....

" යාහ්... චිම්... "

තමන් ඇස් ඇරියත් ජිමින් එක දිගටම නවත්තන්නෙ නැතුව මූණ පුරාවට එයාගෙ උණුසුම් තොල් තියන නිසා ජිමින්ගෙ පපුවට නොරිදෙන්න එකක් ගහපු මීසු ඇස් දෙක පොඩි කරලා ජිමින්ට රැව්වා....

" ඇයි දැන් ඔය මට රවන්නෙ... "

ජිමින් ඇහුවේ මූණ ඇද කරගෙන තමන් දිහා බලන් ඉන්න මීසුගෙ ඉණෙන් අල්ලලා තමන්ගෙ ඇඟට හේත්තු කරගන්න ගමන්...

" ඔයා මාව ඇහැරෙව්වා.... "

මීසු ඇස් රෝල් කරලා අහක බලාගෙන කියනකොට ජිමින් හයියෙන් හිනාවෙලා උල් වෙලා තිබුන මීසුගෙ ලිප්ස් උඩින් පෙක් එකක් තිබ්බා....

" දන්නවද දැන් වෙලාව... ? "

" කීයද...? "

" නවයයි හතලිස් පහයි..."

MR. COLDY Where stories live. Discover now