Chapter 02

1.2K 237 38
                                    


Next Day Morning...
@ Park House

Jimin's Pov...

" යා..... කොටෝ නැගිටිනවා... තමුසෙ පස්සට එලිය වැටෙනකන් නිදියනවා කියලා සෝහි ඉමෝ මට කිව්වෙ නෑනෙ 😒 "

කන් බීරි වෙන සද්දයක් එක්ක මට ලාවට ඇහැරුනා. ඇහැරිලා ඇස් ඇරපු ගමන් දැකපු දෙයක් නිසා මගේ මුලු ඇගම හිරිවැටිලා හියා කිව්වොත් මම හරි.

"ඒයී.... කුකී මොකක්ද ඔය කරන්න හදන්නෙ හොද ඉතින් ඕක ගන්නවා අහකට..."

"ආ... මෙන්න මහත්තයා නැගිටලා. හොද වෙලාවට නැගිට්ටේ තමුසෙ. තව ටිකක් පරක්කු උනානම් අනිවාර්යයෙන්ම මේ වතුර ජොග්ගුවේ බාගයක් තමුසෙගෙ ඇගේ... ඉතුරු බාගෙ මෙට්ටෙ "

" ඉරිදටවත් හොද හිතින් මට නිදාගන්න දීලා කාමරෙන් එලියට යනවා... මොන වදයක්ද මේ... තාම මේ මහ පාන්දර "

"ශික් කොටෝ තමුසෙ මට වඩා වැඩිමල් නේද. ලැජ්ජ නැද්ද ඔහොම නිදියන්න. අනික මහ පාන්දර කොහෙද දැන් 10ත් පැනලා. වෙනදට 6 වෙනකොට නැගිටලා ඉක්මනට office යන එකා නේද මේ තාම ඇදේ පැල් රකින්නෙ. සැක් අපෙ අම්මටත් මේවා පෙන්නෙ නෑ. මේව පෙනුනනම් හීනෙන් වත් මට කියන්නෙ නෑ තමුසෙ වගේ කොටෙක්ව ආදර්ශයට ගන්න කියලා. "

" ඒයි කට වහගන්නවා. වක්කඩේ ඇරියා වගේ කියවන්නෙ තමුසෙ. අද ඉරිදා . අද විතරයි මට නිදියන්න තියෙන්නෙ. ඒ නිසා 10 නෙවෙයි හවස 5 උනත් මට නැගිටින්න හිතෙනකන් මේ පාන්දර තමා. අනික මේ හදිස්සියෙම තමුසෙ මොකෝ මෙහෙ ආවේ... ? "

"ඇයි මට මගේ සමොච්චන්ගෙ ගෙදරට එන්න තමුසෙගෙ අවසර ඕනෙද ආ..... මටත් වෙන වැඩ නෑනෙ මේ කුණු කතා අහන් උදව් කරන්න එන්න. සෝහි ඉමෝ කිව්ව නිසා ඉවසනවා. ඇරත් මට බලාගන්න ඕනෙ තමුසෙ වගේ යකෙක් marry කරන්න ඉදිරිපත් උන ඒ අවාසනාවන්ත නූනා කවුද කියලා. මට හොදටම සුවර්. අනිවාර්යයෙන් මම වගේ අහිම්සක ලස්සන කෙනෙක් වෙන්න ඇති😌"

" අනේ තමුසෙයි තමුසෙගෙ නූනයි. දැන් යන්න එලියට ඉක්මනට...."

"බෑ බෑ නැගිටිනවා ඉක්මනට... නැගිටලා ලෑස්ති වෙනවා හොද හිතින්. නූනව ඇදුම් ගන්න එක්කන් යන්න කියලා සෝහි ඉමෝ කිව්වා. "

" මොකක් . මට බෑ.... මම මොකටද එක්කන් යන්නෙ. තමුසෙට ඕනෙනම් එක්කන් යනවා."

MR. COLDY Where stories live. Discover now