Chapter 10

1.6K 213 109
                                    


Next Day Morning
Mi Su's Pov....

එලාම් එක දෙපාරක් තුන්පාරක් වැදෙනවත් එක්කම මම ගැස්සිලා ඇහැරුනා. වෙලාව පාන්දර 6යි. එහෙම්මම ඉක්මනට නැගිටලා එලාම් එක ඕෆ් කලේ ජිමින් තාම නිදි නිසා. බුරුල් වෙලා තිබුනු කොන්ඩ බූලත් ගලවලා ආයෙම කොන්ඩෙ ගැටයක් ගහන් ටේබල් ලෑම්ප් එකත් ඔන් කරලා මම බැලුවේ ජිමින් දිහා.

එයා තාම සැපට නිදි. මුලු දවසම මහන්සි වෙලා වැඩ කරන නිසා ඒ ඇගටත් තෙහෙට්ටු ඇති. මම ආයෙමත් පහත් වෙලා කලින් හිටපු විදිහටම ජිමින්ගෙ පපුවෙන් ඔලුව තියාගත්තෙ ඒ උනුහුමෙන් ඈත් වෙන්න තිබුනු ලෝබකම නිසාමයි. එයා ගාව හුගක් රස්නෙයි. මේ දවස්වල එළිය සීතල නිසා ඒ රස්නෙ හරි සනීපයි. එයාගෙ හාට් එක හරිම ලස්සනට තාලෙට ගැහෙනවා. ඊයෙ පළවෙනි වතාවට අහපු ඒ හද ගැස්ම මගේ මුලු ජීවිත කාලෙම අහන්නයි මට ඕනෙ උනේ.

මම ජිමින්ට ආදරෙයිද.. මම ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න දන්නෙ නෑ.. ඒත් දැන් මන් එයාගෙ වයිෆ්. මට ඕනෙ ජිමින්ට හොද බිරිදක් වෙන්න. මට ඕනෙ එයාගෙ ලගින්ම හැමවෙලේම ඉන්න... එයාට මට පුළුවන් විදිහකට උදව් කරන්න...එකපාරක් හරි ඒ මූණ පුරා ඇදෙන ලස්සන හිනාවක් දකින්න.... එයා හැමතිස්සෙම මාව හොයනවා දකින්න.... මාව ආරක්ෂා කරනවා දකින්න. ඒත් එහෙම වෙයිද. මට වගේම ජිමින්ටත් එහෙම්මම දැනෙනවා ඇතිද ..?

නපුරුයි වගේ පෙන්නුවට ජිමින් ඇත්තටම නපුරු නෑ... එයා හරිම අහිංසකයි. හැබැයි අයිස් වගේ සීතලයි. එයා හැසිරෙන්නෙ හැගීම් දැනීම් කියලා ජාතියක් එයාට නෑ වගේ. ඒත් මන් දන්නවා.. මේ පපුව ඇතුලෙ තියන හදවතටත් හරිම ලස්සනට හැගීම් දැනෙනවා කියලා.

ජිමින් හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නෙ තනියම ඉන්න. ඒත් මට ඕනෙ එයා ගාවටම වෙලා එයාව තනි නොකර ඉන්න. වැඩිය කතා නොකෙරුවට එයාටත් කියන්න ගොඩාක් දේවල් ඇති. ඒත් එයා ඒවා හිතා මතාම පපුව අස්සෙ හිර කරගෙන. මට ඕනෙ ගිරවෙක් වගේ මගේ ලගට වෙලා හැමතිස්සෙම කියවන ජිමින් කෙනෙක්ව..

මම ජිමින්ගෙ පපුව උඩ විනාඩි 10ක් 15ක් ඉදලම එයාගෙන් ඈත් වුනා. ඒ මූණ පුරාම මන් මගෙ ඇගිලි අරන් ගිහින් එයාගෙ කම්මුලකුත් මිරිකලා ශීට් එකත් උඩටම යනකන් පෙරෙව්වෙ එලිය තාමත් සීතල නිසා. එහෙම්මම නැවිලා හුරතල් විදිහට නිදන් ඉන්න ජිමින්ගෙ කම්මුලකින් කිස් එකක් තියලා මම නැගිට්ටෙ වොශ් දාන්න යන්න.

MR. COLDY Wo Geschichten leben. Entdecke jetzt