Chapter 37

785 161 42
                                    


Author's Pov...

" හියොන්... මීසු... මගෙ බේබි ඇක්සිඩන්ට් වෙලා... "

ජිමින් ඇස් වල කඳුළු පුරවන් නම්ජූන් දිහා බලාගෙන කියනකොට නම්ජූන්ගෙ අතින් එයා අල්ලන් හිටපු ජිමින්ගෙ අත ඉබේම අතෑරුණා...

මීටින්ග් රූම් එකේ හිටපු අනිත් හැමෝමත් පුදුමෙන් ජිමින් දිහා බලන් ඉද්දි ජිමින් වේගෙන් මීටින් රූම් එකෙන් එළියට ගියා... නම්ජූන්ටත් මේ වෙලාවෙ ජිමින් එක්ක යන්න ඕනෙ උනත් මේ වෙලාවෙ එයත් නැති උනොත් කම්පැනි එක සම්පූර්ණයෙන්ම අවුල් වෙන නිසා නම්ජූන් යුන්ගිට කෝල් එකක් දාලා වෙච්ච දේ ඉන්ෆෝම් කරලා මීටින් එක ඉස්සරහට කරන් ගියා....

ජිමින් කලබලෙන් ෆෝත් ෆ්ලෝ එකේ ඉඳන් වේගෙන් පඩිපෙළ බැහැගෙන පහලට ආවා... ජිමින්ගෙ ඔලුව මේ වෙලාවෙ හොඳටම අවුල් වෙලා තිබුන නිසා එයාට ලිෆ්ට් එක ගැන සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනා... ජිමින් හති දාන ගමන් වේගෙන් පඩිපෙලේ පහළට බහිනකොට කම්පැනි එකේ employeesලා ඉක්මනට තමන්ගෙ පුටු වලින් නැගිටලා ජිමින්ට ආචාර කරලා පුදුමෙන් ජිමින් දිහා බලන් හිටියා...

කම්පැනි එකේ එන්ට්‍රන්ස් එක ලඟට වෙනකන්ම දුවන් ඇවිත් ජිමින් කාර් පාර්ක් එකට ගියා... කාර් එකට නඟින්න සාක්කුවට අත දාලා කී එක ගන්න හොයනකොට තමා ජිමින්ට මතක් උනේ එයා කාර් එකේ කී එක අරන් ආවෙ නෑ කියලා... කාර් කී එක ජිමින්ගෙ ඔෆිස් එකේ ටේබල් එක උඩ....

" ආයිශ්... මොන කරුමයක්ද... "

ජිමින් කාර් එකේ ටයර් එකට පයින් ගහලා තරහෙන් කෑ ගැහුවා... හොද හුස්මක් අරන් කඳුළු පිරිලා තිබුන ඇස් දෙක පිහදාගෙන ජිමින් ආයෙමත් හැරිලා කම්පැනි එක පැත්තට දුවන් යන්න හදනකොට ජිමින් දැක්කා කාර් පාර්ක් එකේ අනිත් පැත්තෙ ඉඳන් යතුර අතේ කරකව කරකව උඩ පැන පැන කම්පැනි එක පැත්තට එන කුකීව... 

ජිමින් ඒ ක්ෂණයෙන් කුකී ලඟට දුවන් ගිහින් එයාගෙ අතේ තිබුන යතුර උදුරලා අරගෙන කුකීගෙ කාර් එක ලඟට ගියා...

" යාහ්... හියොන්... කොහෙද ගාල කඩන් දුවන්නෙ... අනික ඕක මගේ කාර් එක... යාහ් කන් ඇහෙන්නෙ නැද්ද... ජිමින්ශි... "

MR. COLDY Where stories live. Discover now