Chapter 28

911 202 103
                                    


Author's Pov...

මීසු කිචන් එකට වෙලා හිටියෙ එයාටයි ජිමින්ටයි කන්න සැන්විච් වගයක් හදන ගමන්...

මීසු කම්පැනි එකට ගිය දවසට පස්සෙ දවසෙ ඉඳන් අද වෙනකන් මේ සතිය පුරාවටම ජිමින් කම්පැනි එකේම හිටියෙ සමහරදාට මීසු එක්ක වචන දෙක තුනක් විතරක් කතා කරන තරමටම බිසී වෙලා.... අද ඉරිදා නිවාඩු දවසෙ ජිමින් ටිකක් දවල් වෙනකන්ම නිදාගන්නකොට මීසු උදෙන්ම නැගිටලා ගේ අස් කරලා ක්ලීන් කලා... ඊට පස්සෙ දවල්ට උයලා ජිමින්ට ඇහරවලා ජිමින් එක්කම ලන්ච් එකත් අරගත්තා...

කාලා ඉවර උන ගමන් මීසු ජිමින් එක්ක ෆිල්ම් එකක් බලන්න ලෑස්ති උනත් ජිමින් එයාට වැදගත් වැඩක් තියෙනවා කියලා ඔෆිස් එක ඇතුළට රිංග ගත්ත නිසා මිසු කම්මැලිකමේ ජිමින් එනකන් රූම් එකට ගිහින් ඇඳෙන් හාන්සි උනා...

ටික වෙලාවකින් මීසු කොට්ටෙකුත් තුරුල් කරන්ම නින්දට වැටෙනකොට එයාට ආපහු ඇහැරුනේ හවස හතරට විතර... නින්දෙන්ම මීසු ඇඳේ එහා පැත්ත අත ගාලා බැලුවෙ ජිමින් ඉඳී කියලා හිතාගෙන උනත් තමන්ට එහා පැත්ත හිස් නිසා කට උල් කරගත්ත මීසු ජිමින්ට හිතින් බැන බැනම ඇඳෙන් නැගිටලා රූම් එකෙන් එළියට ගියා...

මීසු පහළට ආවත් කොහෙවත් ජිමින් පේන්න හිටපු නැති නිසා එයා ජිමින්ගෙ ඔෆිස් එකට ඔලුව දාලා බැලුවා.... පැය තුන හතරක් තිස්සෙ ජිමින් තාමත් බරටම ෆයිල් වගයක් අස්සෙ හිරවෙලා ඉන්නවා දැකලා ඇස් රෝල් කරලා ජිමින්ට රවපු මීසු ආයෙම කිචන් එකට ගියේ කරන්න වැඩකුත් නැති නිසා මොනව හරි හදන්න හිතාගෙන...

විනාඩි ගානකින් සැන්විච් ටික හදලා ඉවර කරලා මීසු ප්ලේට් එකක් අරන් ජිමින්ගෙ සැන්විච් ටිකයි හදපු අයිස් කොෆී දෙකෙන් එකකුයි ඒකෙන් තියලා ජිමින්ගෙ ඔෆිස් එකට ආවා...

තමන් ලඟට ආපු මීසු ගැන ගානක් නැතුව තාමත් ලැප් එක දිහයි ෆයිල් එක දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන් ලොකු දෙයක් කල්පනා කර කර හිටපු ජිමින් එකපාරම ගැස්සිලා ගියේ මීසු ජිමින් ඉස්සරහින් කෑම ප්ලේට් තියනකොට...

" ඕ.. බේබි ඔයා නැගිට්ටද.... "

ජිමින් මීසු දිහා බලලා හිනා වෙනගමන් කියලා තමන් කනේ ගහගෙන හිටපු එයාර් පොඩ්ස් දෙක ගලවලා මේසෙ කොනකින් තියනකොට මීසු මොකුත් නොකියම රූම් එකෙන් එළියට ගියා....

MR. COLDY Where stories live. Discover now