Chapter 12

1.5K 214 97
                                    


Jimin's Pov....

මහ පාන්දර මම ඇහැරුනේ මට දැනුනු දරුණු බඩගින්නකුත් එක්ක... ඇස් ඇරලා ටේබල් ලෑම්ප් එකත් ඔන් කරපු මම දැක්කෙ මගෙ බඩ වටේට එතිලා තියන මීසුගෙ අත්දෙක... ඒක දැකලා මගෙ මූණට පුංචි හිනාවක් ආවෙ මොන දේ වුනත් මීසු මගෙ ලගින්ම මේ විදිහට හැමදාම ඉදී කියලා මට හිතුන නිසා..

එහෙම්මම මම මීසුගෙ පැත්තට හැරිලා නිදන් හිටපු මීසු දිහා බලන් හිටියා. එයා සැපට නිදි. මම එයාගෙ මූණෙ හැම ඉරියව්වක් දිහාම හොදට බලාගෙන හිටියා...

එයා දිහා බලන් ඉන්නකොට මට මතක් වුනේ අද වෙනකන්ම මීසු මගෙ පස්සෙන්ම ඉදන් මට කරලා දීපු පුංචි පුංචි වැඩ ගැන...එයා වචනෙන් නොකිව්වට ඒ හැමදේකම මහ ගොඩාක් ආදරේ හැන්ගිලා තියෙනවා කියලා මම හොදටම දන්නවා..

මගේ පුංචි දෙයක් පවා එයා ගොඩාක් හොදට හොයලා බලලා කරලා දෙන්නෙ හරියට ඔම්මා වගේ.. මට විතරක් නෙවෙයි අපෙ ඔම්මට අප්පට වගේම කුකීයි ටේයි දෙන්නටත් දැන් මීසු නැතුවම බෑ... ඒ තරමට එයා පවුලට සමීපයි...

ඔව් මම ආදරේට වෛර කලා... වචනෙන් කියාගන්න බැරි තරම් මහ ගොඩාක්.. ඒත් මීසු හම්බුනාම ඒ සිතුවිල්ල ටික ටික යටපත් උනා. තනියම ඉන්න හුරු වෙලා හිටපු මගේ ජීවිතේට මීසු ටික ටික සමීප වෙනකොට මට එයාව ප්‍රතික්ෂේප කරන්න බැරි උනා. එයා මගේ ලගින් ඉන්න හැමවෙලේම මට හිතෙනවා මම සම්පූර්ණයි කියලා. මගෙ ජීවිතේට කවුරු ආවා ගියත් මීසු මගෙ ජීවිතේ හැමදාම මේ විදිහටම ඉදියි කියලා මට හිතෙනවා . මේ මාස හයට එයා මට සමීප වුන තරමටම මගේ හිතටත් සමීප වුනා. ආදරේ කියන්නෙ ඒකට වෙන්න ඇති.. මට මේ දැනෙන හැගීමට.. මට ඒක එයාට කියන්න ඕනෙ. එකපාරක් හරි...

ඒත් ඇයි මට තාම එයාට ඒක කියාගන්න බැරි... මට ඕනෙ මීසු මාව තුරුලු කරගන්නවා වගේම එයාවත් තුරුලු කරගන්න... මීසු මගේ පපුව උඩ ඉන්නවා වගේම එකපාරක් හරි ඒ පපුව උඩත් ඔලුව තියා ගන්න...

එහෙම සිතුවිල්ලක් මගේ හිතට ආපු ගමන්ම මොකක්දෝ මන්දා හේතුවකට මම ඒදේ කරන්නෙ නැතුව නතර කරගන්නවා.. මගේ හිත ඉල්ලන දේ දෙන්න මොලේ කැමති නෑ වගේ... විශ්වාස කරනවද.. මේ මාස හයට ආසාවට කිස් එකක්වත් දීගන්න බැරිවුනා...

MR. COLDY Where stories live. Discover now