Chapter 20

1.2K 235 157
                                    


Author's Pov...
@ Lee Company

" ලෝගන්... පාටි එකේ වැඩ සේරම රෙඩිද... "

ලී ඇහුවෙ තමන්ට ඉස්සරහින් ඉදගෙන ඉන්න ලෝගන්ගෙන්...

" ඔව් සර්... ඔක්කොම බැලුවා... කල් තියලම ඔක්කොටම ඉන්වයිට් කරපු නිසා ලේසියි.. "

" ම්ම්ම්... චෝයි ලගෙ ඩීල් එකත් මේකෙන්ම සෙලිබ්‍රේට් කරමු... "

" අනිවාර්යෙන්ම සර්... මිස්ට ජිමින් එයිද පාටි එකට... "

" එදා මන් කෝල් කලාමනම් මිනිහා අදි මදි කලා... බට් එයාට අනිවාර්යෙන්ම එන්න වෙනවා... මොකද මේකට සෝල් බූසාන් හැම කම්පැනි owner කෙනෙක්ම එනවා... එයා ආවෙ නැත්නම් පර්ක් කම්පැනි එකට ප්‍රශ්නයක් වෙයි..."

( A/N - දන්නවනෙ ඔයාලා ලමයි...සාමාන්‍යයෙන් පාටි එකකට ඉන්වයිට් කරන්නෙ අඩුම තරමෙ සති දෙක තුනකටවත් කලින්... එදා ජිමින්ට ලී කෝල් කරලා කියපු පාටි එක ගැන මේ කියන්නෙ (chapter 11)... )

" පවු හැබැයි නේද සර්... එයාගෙම ප්‍රොජෙක්ට් වෙනුවෙන් අපි සෙලිබ්‍රේට් කරන පාටි එකට ඇවිල්ලා එයා ඉන්න විදිහ මට මැවිලා පේනවා... "

ලෝගන් ලී දිහා බලාගෙන කිව්වෙ එයාගෙ හිනාව පාලනය කරගන්න අසාර්ථක උත්සහයක යෙදෙන ගමන්... ඒ කියපු එක ඇහුන ගමන් ලීගෙ මූණෙත් ඇඳුනෙ කපටි හිනාවක්...

" මටත් ඕනෙ එදාට මිනිහගෙ මූණ බලන්න... "

ටේබල් එක උඩ තිබුන කෝපි එක අතට ගන්න ගමන් ලෝගන්ට කියපු ලී තමන්ගෙ පුටුවෙන් නැගිටලා වින්ඩෝ එක ලගට ගියා....

" දැන් අපේ ප්ලෑන් එකට බහින්න කාලෙ හරි ලෝගන්.... මේ දෙකයි පනහෙ ප්‍රොජෙක්ට් වලට වඩා ඒක වටිනවා..හීජින්ට කියන්න මන් කියපු වැඩේ ඉක්මනට බලලා කරන්න කියලා.... "

" හරි සර්... මන් කියන්නම්.."

" ම්ම්ම්... ආයෙම ප්‍රොජෙක්ට් ගන්න මහන්සි වෙන්න ඕනෙ නෑ කියන්න.... කුණාටුවකට කලින් නිස්කලංක පරිසරයකුත් අනිවාර්යයෙන්ම තියෙන්න එපැයි... "

අතේ තියන කෝපි එක රසවිඳින ගමන්ම කට කොනෙන් හිනාවෙලා ලී තමන්ගෙ පිටිපස්සෙන් ඉන්න ලෝගන්ට කිව්වෙ ග්ලාස් වින්ඩෝ එකෙන් පේන සෝල් දිහා බලාගෙන...

MR. COLDY Where stories live. Discover now