6️⃣5️⃣අවසන් කොටස....💙❤️🐉

2.7K 481 273
                                    

ආ..ශියෑන්......!!!

මගෙ සර්වාංගෙම හිරි වැටිලා ගියා අවුල් වෙච්ච කොන්ඩයක් එක්ක රවුම් ඇස් දෙක.....

දෙවියනේ ඒ මගෙ ආශියෑන් නේද....

එයා බය උනා....බය වෙච්ච පාරට එයා තනකොල පදුරු අස්සෙ වැටි වැටි දුවන්න ගත්තා වගේම මං එයාගෙ පස්සෙ පැන්නුවා...

ආශියෑන් .....නවතින්න ආශියෑන් .....

මම කෑ ගැහුවා...ඒත් එයා නෙවෙ නැවතුනේ.....පොඩියට වගේ උන්නට ඒකට කගවේනෙකු හා සමානව දුවන්න පුලුවන් වෙනකොට මම ඒ පස්සෙ දිව්වා........

ආශියෑන් ........

ආශියෑන් ......

තාත්තා ....තාත්තා ....

තාත්තා ....ඇයි.....

ජින්ග්‍යි....කිසිත් නොවෙ...කිසිත් නොවෙ ......

මට මග ඇරුනා....මම තනකොල පදුරෙන් මතු උනමගෙ ආශියෑන් පස්සෙ දුවනකොට කඩවීදි පුරාවටම ඇවිදපු මගෙ දරුවො දෙන්නා එයාගෙ පස්සෙ දුවන මාව දැකලා කෑ ගැහුවා.....

මට බය හිතුනා....මට කලින් ඒ දෙන්නා මොකක් හරි කරයි කියලා ....මූනෙ හැඩ රුව අනුව මම ආශියෑන් කිව්වොත් මගෙ පුංචි උන් බලාපොරොත්තු පොදි බදීවි කියලා .....ඇතින් ඈතට පේන තනකොල පදුරු ඉවරයක්නැතිවම හෙලවෙකොට මගෙ ඇස් ඒ දිහා බලන් ඉදලා එන්න හැරුනා වගේම ජින්ග්‍යි වගේම සිචුවෙයි මගෙ ගාවට දුවන් ආවා...

තාත්තා ....තාත්තා ...කියන්න...කියන්න.........ඇයි...ඇයි....තාත්තට මොකෙක් හරි කරදර කරන්න ආවද........ඇත්තමයි ගහනවා එකක් පිට පුපුරන්න.......

ජින්ග්‍යි ...

දන්නවා..දන්නවා...මගෙ කට සද්දෙයි කියලා...ඒ උනාට...අචෙන් අම්මා කිව්වනෙ ...

මම ඇස් දෙක හීනි කරගත්තා .....සිචුවෙයි හැමදාම සන්සුන් වෙනකොට නාහට නාහන ජින්ග්‍යි වෙලාවකට මගෙ ආශියෑන් උනා....රන්ඩු දබරෙකදි එයාගෙ අචෙන් අම්මා උනා........

අචෙන්.........අවුරුදු ගානක් පහු උනා.....මම ගූසුවෙන් ඇවිදින් අවුරුදු ගානක් උනා....මගෙ දරුවො දැන් වැඩිලා උන්නා......වෙච්ච වරදට තමන්ට සමාව දෙන්න බැරිම නිසාමද කොහෙද යෑන්ලිට අයිති වෙන්න ඕනා සිඩියෑන් එක මගෙ ජින්ග්‍යි ට දීලා තිබුනා...ඒ විතරක් නම් කමක් නෑ.....කොයි වෙලාවෙත් පුපුරන ගති පවා දීලා තිබුනා...."ගහන්නෙ පිට පුපුරන්න .....ගහන්නෙ පිට පුපුරන්න......." අවුරුදු ගානක් ඔයම වචනෙ මගෙ ආශියෑන්ට කියපු අචෙන් ලෝභ කමක් නැතිවම මගෙ ජින්ග්‍යිට දිලා තිබුනා ....

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now