4️⃣3️⃣වන කොටස

1.3K 367 88
                                    

ගූසු කදු දිහාවට බඩ ගාපු මම එහෙම්ම මගෙ වස් දන්ඩ අතට ගත්තා ...අදින් පස්සෙ සිචෙන්ට වගේම අචෙන්ට තහනමක් නැතිවම කාම සූත්‍රෙ හදාරන්න පුලුවන් .....ඒ උනත්..හදිස්සියෙ දුවපු එක නම් මහ අශිශ්ටයි .....

ම්හුක්...නින්දිත යුවලක්.....

ලන් චාන් ........

අවසානෙදි මේ හැම දෙයක්ම අමතක කරපු මම ගූසු අහස දිහා බැලුවා....ධවල පැහැ පුලුන් වගේ වලාකුලු ඒ මේ අත පාවෙනකොට මට එයාව මතක් උනා....

ලන් චාන් ...නුඹ ඇත්තෙම්ම අහසක් හා සමානයි මගෙ ලන්චාන් .....වලාකුලක් හැමදාමත් නිදහස් ......හරියටම ආශියෑන් වගේම.......ඒ නිදහස් වලාකුලට හැමතැනම පාවෙන්න ඉඩදෙන්නෙ අහසම ඇරෙන්න වෙන කවුරුත් නෑ මගෙ    ලන් චාන් .....

මට ලොකු හුස්මක් පිට උනා......

අත්වල හිර උන වස්දන්ඩ මම හිමින් මගෙ තොල්වලට ලන් කරලා ඇස්දෙක පියාගත්තා ....

මොකද...ඒල මගෙ හදවතටම දැනෙන්න ඕනා.......

ආශියෑන්  ....

මං දන්නෙ නෑ...මම පැය කීය මේ වස්දන්ඩ එක්ක එයාගෙ සින්දුවට පනදුන්නද කියන්න....මම ආයම ඇස් අරිනකොට මද්දහනත් පහුවෙලා තිබුනා......

කදු ගැට්‍ටෙන් පහලට වැටෙන වතුරවල සද්දෙ වගේම වස්දන්ඩෙ සද්දෙ එක්ක අවසානෙදි එයාගෙ කටහඩ ඇහෙනකොට  එයා දිහා බලන්න කලින් මම මගෙ ඇස් දෙක පිහදගත්තා ....

මගෙ ආශියෑන් ...නුඹ වේදනාවෙන්....

නොවෙ ලන්චාන් .....

නුඹට බෑ මට මුසා බස් දොඩන්න.....

නොවෙ ලන්චාන් ......

මම කොච්චර කදුලු පිස්සා උනත් එයා මගෙ ඇස් වල තෙත ගතිය අදුනගත්තා......ආශියෑන් ඉපදුනේම ලන් වංජි වෙනුවෙන් නම්.....මගෙ කෙස්ගහක තරම් වෙනසක් උනත් නොතේරි තියනවද ......

ලන් චාන් ..

සුයිබියෑන් අතෑරලා දාපු මම එයාගෙ බෙල්ලෙ එල්ලුනා....කවදාවත් කාටවත් ලේසියකට දකින්න බැරි....ආශියෑන් වෙනුවෙන් විතරක්ම ඉපදුන හිනාව ඒ මූනෙ තියනකොට  මන් හරි ලෝබ කමින් බලන් උන්නා.....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now