2️⃣1️⃣වන කොටස🐉

1.4K 384 132
                                    

ම්හුක්...ල්න්...චා......න්න්න්.........එය තදයිනෙ...මදක් බුරුල් කරන්නකො........ම්හුක්......මගෙ හිස පුපුරාවිනෙ.....

වෙන කාටහරි කියලා ගැටගහගත්තට කමක් නැද්ද අහපු නිසාමද කොහෙද එයා නලල් පටිය ආය කවදාවත් ගලවගන්න බැරි විදිහට තද කෙරුවා...ඒ කරලා මා දිහා රවාගන බලන් උන්නා...

නුඹ මහ වදකයෙක්...නාහට නාහන කුඩා කපටියෙක් ....

ලන්....චාන්......එපානෙ.....

.............

කුඩා දරුවට කපටියා කියන්න එපානෙ....පුංචි ළමයි මල් වගේනෙ......හිතේ කහටක් කොනකවත් නෑනෙ....එහෙමනෙ අම්මා කියල දීලා තියෙන්නෙ....

නුඹ......

ම්හුක්....මා යුන්මෙන් ගිය විට නුඹට මා නැති අඩුව දැනේවි.....එහෙම නේද ලන්චාන්.....

කොහෙත්ම නෑ....

කම් නොවෙ ලන් චාන්...ඇරත් මා වගෙ කුඩා දරුවෙක්ගෙන් ගූසුවට ඇති පලෙ කුමක්ද.....ගූසුව කියන්නම හරි නිහඩ තැනක්....

ඒ නුඹගෙ උපතට පෙරාතුව....

ම්හුක්........නුඹ නම් මහ ....නපුරිච්චෙක් ....ඇත්තෙම්ම...ලන්චාන්..නුඹට කුඩා දරුවෙක් හා කතා බස් කිරීමට වත් වැටහෙන් නෑනෙ.......

......................

ලන් චාන්......

...............

ම්හුක්.....

.......................

ලන්.....චා......න්....

ම්හුක්.....ඕකනෙ බැරි.....කුඩා දේකට උනත් අමනාප වෙනවනෙ.....මං යනවා කෝම්පිට්ටු හදන්න.....ජින්ශියෙන් පටන් අරන් හංශියට වෙනකම්ම මම පොල්කටු තලනවා.......හැබැයි...රෑට කන්න ඉදීයන් කියලා නම් කියන් නෑ...දැම්ම කන්න ඉදීයන් කියනවා...මමත් යුන්මෙන් ගියහම රෑට ඔව්වා කන්න කව්ද ඉතිරි වෙන්නේ....

විකාර....

හා.....විකාර තමයි....නින්දිතයි ලන්චාන්....කුඩා දරුවටනෙ මේ කවට කම් කරන්නෙ....

එයා ගල් පිලිමයක් වගේ තවමත් මට රවාගන ඉන්නකොට මම මගෙ ලෝගුවත් අත් දෙකෙන් උස්සන් ගස්සගන වගේ එන්න ආවා....මට ඕන ලන් චනෙක් නෑ...ම්හුක්.....මං යනවා කෝම්පිට්ටු තලන්න....අද බැරි උනත් කවදා හරි ඉදෙයිනෙ......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now