4️⃣5️⃣වන කොටස.....

1.3K 348 154
                                    

මහ වැස්සෙම මම එන්න ආවා.....එයා වැස්සෙ තෙමෙනවා...මං දන්නවා එයා මගෙන් කදුලු හංගනවා......මට දුවන්න හිතුනා.....මට දුවල ගිහින් තුරුල් වෙන්න හිතුනා...මගෙ ලන් චාන් එපානෙ තෙමෙන්න කියන්න හිතුනා......

ආශියෑන් .......

මහ වැස්සෙම එයාගෙ කටහඩ ඇහෙනකොට මම ගල් කරන් ආව හිත එක මොහොතෙන් වහින වැස්ස එක්ක දියාරු වෙලා ගියා......

මගෙ ආශියෑන්  .......තව ස්වල්ප දිනකින්....නුඹට පහලවයි......

මගෙ ජන්ම දිනෙ......එයා මගෙ මගෙ ජන්ම දිනේ මතක් කෙරුවා....එයා නොකියා අහන්නෙ මං ජන්ම දිනේට එනවද කියලා .....මං දන්නෙ නෑ...මම ආයම කවදද එයිද කියන්න මමවත් දන්නෙ නෑ.......මම හිනා උනා.......වැස්ස මැදම එයාගෙ කදුලු මැද මම හිනා උනා......එයා මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා     ..... ඒ උනත්....උත්තරයක් නැති තැන හිනාවක් දෙනවා ඇරෙන්න මම වෙන මොනවා කියල නම් කරන්නද.....මම ප්‍රාර්තනා කෙරුවා සදාකාලික ජීවිතයක්.......ඒත්...මට ලැබුනෙ......සීයෙන් හතරෙන් එකක් වත් සම්පූරනම නැති ජීවිතයක් ........වෙන කෙනෙක්ට ජම්ම දිනයක් කියන්නෙම සතුටක් උනත් මට.......???? මේ ආශියෑන්ට..  ..පහලොස්විය...දාසය විය....දාහත් විය......දහ අටවන විය.....එතනින් පස්සෙ .........??? හිස්තැනක් ....ලන් චාන් මගේ දරුවන් එක්ක තනි වේවි..........මට ඉතිරි එක දෙයයි .. . විවාහයත් එක්කම දරුවෙක් හදන එක විතරයි.....දාසයවන අවුරුද්දෙ විවාහය......දාහත් වන අවුරුද්දෙ මම...අම්මෙක් වේවි...........දහ අටවන අවුරුද්දෙ මගෙ ලන්චාන් අපේ දරුවා එක්ක තනිවේවි.....

මම එයා දිහා බලන් උන්නා..ඒ උනත් එයා මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා........

ලන් චාන් .....නිසැකයෙන්ම නුඹ මා හමුවේවි ....නමුත්....දිනයක්...වෙලාවක්........බැහැ මට පොරොන්දු වෙන්න....

ආශියෑන් ......

ලන් චාන්......හමුවීම තරම් වෙන්වීම සුන්දර නොවෙ.....නමුත්.....වෙන්වීමත්.....එක්තරා ආකාරෙක.....ආලයක්...නිසකයෙන්ම මට නුඹ මතක් වෙයි........නුඹේ ඇස් මතක් වෙයි ....ඉතින්......එයම මදිද මම නුඹට තදිම්ම ආලය කරනවා කියන්න.....ලන් චාන්....මා බෙහෙවිම්ම නුඹට ආදරෙයි .......

මම හැරුනා....මම ආපිට හැරුනා.....එයා එතන ඉන්නකොට මම හැරුනා......ඉහලන් උන්න කුඩෙ වැහිවතුර එක්ක යන්න යනකොට ගූසුවෙ දෙවන තරුන ස්වාමියා අනෝරා වැස්සක තෙමෙන ගමන් උන්නා......

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now