1️⃣4️⃣වන කොටස🐉

1.6K 412 186
                                    

Lan wuxian pov(Axian/shenrong)

ආශියැ.....න්......අම්මව බැනුම් අස්සවන්න එපා....නැකිටින්නකො.....

ම්ම්ම්ම්..හුක්......

මාව සිය පාරක් විතර හොලවපු අම්මා රටේම නැති කතා කිය කිය අදත් හයේ කනිසම වදිනකොටම මාව ඇවිත් ඇහැරෙව්වා.........තවමත් අතකුයි කකුලකුයි ඇදෙන් පහලට එල්ලන් උන්න මම එහෙම්ම නිදිමතේම අම්මගෙ පැත්තට හැරිලා බැලුවා වගේම මම දැක්කා  එයා ඉන්නවා.....

ඇත්තෙම්ම අම්මා කියනවා වගේම ලන් චාන් ජේඩ් මානික්‍යක් ...සුදු නෙළුමක් හා සමාන උනා...

පිලිවලක් නෑ....





මුනින් අතට තිබුන මගෙ සුදු සපත්තු දෙක...ඇත්තටම කිව්ව්වොත් ඒක දැන් දුඹුරු පැහැයට හැරිලා....ධවල පැහැ ලෝගුව...උඩ කය යට ඇදුම.....බාගෙට පිටපත් කරපු නීති පිටපත......ගඩා ගෙඩි....වලිකුකුල් පෙද.....අවංකවම මගෙ කුටිය අමු සොහොනක් හා සමාන වෙනකොට එයා එක අතක් පිටිපස්සට බැදගන අනිත් අතින් බීචනෙ හිර කරන් හැගීම් හොයන්න අමාරු ඇසුත් හීනි කරන් මුමුනනවා දැක දැක මම එයා.දිහා බලලා විරිත්තුවා....

ලන්....චා....න්.....ම්හුක්....එන්නකො.....

..................

වංජි.......

.....

එයාව එක්ක යන්න.....මට අදත් .ඔයාගෙ මාමගෙන් බැනුම් අහන්නවා නිසැකෙම්ම....මට තේරෙන්නෙ නෑ ඇයි මේ දරුවා මෙච්චර චන්ඩ කියලා...

ම්න්..

ආශියෑන් .....අම්මගෙ වස්තුව ........අකීකරු කම් නොකර  ඉන්න.....නැතිනම් තා

මම කොච්චර හොදට උන්නත් මට හැමදාම.බනිනවා...මං යනවා යන්න ජිජියෙලේ....එහෙ විතරයි මට කවුරුත් බනින් නැත්තෙ.....ම්හුක්.....

අම්මා ආයමත් මගෙ ගැන කේලමක් එයාට කියලා මගෙ ඔලුව අතගාන ගමන් කීකරු වෙන්න කියනකොට මම ආයම මුනින් අතට පෙරලිලා පස්සත් උඩ දාගත්තා වගේම කුඩා අවදිය හා සමානවම සිජියෙ නොකියා ජිජියෙලේ යනවා කිව්වා.......

ආශියෑන් .....

මං තරහයි....

මුරන්ඩු කම් නොකර නැකිටින්න.....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now