1️⃣2️⃣ වන කොටස🐉

1.7K 396 190
                                    

වංජී...නවතින්නකො වංජි.......

අට හැවරදි උනත් වංජිගෙ සමහර සිතුවිලි වලින් පරිනත වෙනකොට නලල් පටියෙ තේරුම එයාගෙ හදවත පාරවලා තිබුනා ...

වංජි...නවතින්නකො...නැන්දට අමාරුයිනෙ.....

එයා දුවන වේගෙට මට දුවා ගන්න බැරිවෙනකොට මම අවසානෙදි මග නැවතිල කෑ ගැහුවා වගේම එයා හති අරින මා දිහා හැරිලා බැලුවා...

නවතින්න වංජී....

මම පපුවට අතකුත් තියන් හති අරින ගමන් එයා ගාවට ගියා...ඒ මූන රතු වෙලා....තේරු ගන්න අමාරු හැගීම් තිබුන ඇස් අමුතු වෙලා ......

එය අයිති මට නෙවේද......නැන්දා......නලල් පටියෙ තේරුම........එහි තේරුම....මව්පියන් හැරුනම..........

මගෙ දරුවා....වංජි........ආශියෑන් ඔයාගෙ....ඒක ස්තීරයි.......ආශියෑන්ව ඔයාගෙ නමට ලිව්වෙ....මව් කුසේ පටන් මගෙ වංජි...ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ....නැන්දගෙ වස්තුව ....මතකද......ඔයාගෙ නලල් පටිය මුලිම්ම ඇල්ලුවෙ කව්ද කියලා.....ඔයාගෙ ආශියෑන් නෙවේද ......

ම්න්......

මේ අහන්න....මගෙ වංජිට තව පුහුනු වෙන්න හුගාක් දේවල් තියනවා...අනික...ඔයා මට පොරොන්දු දුන්නා...ආශියෑන්ව හැමදාම රකිනවා කියලා.......එහෙම නේද.....නැන්දගෙ වස්තුව .....මට ඕනේ එක දෙයයි.....මගෙ වංජිගෙ යහපත විතරමයි....

රතු උන කුඩා මුහුන මම අත් පිස්නාවෙන් පිහ දැම්මා......වංජි.....හැගීම් කොයිතරම් හැංගුව උනත්.....එයා ගාව තිබුනෙම හරි ගැඹුරු ආදරයක්......සෑහෙන්න වෙලාවක් එයා දිහා බලන් උන්න මං දරුවගෙ අතින් අල්ලන් ආයම එන්න ආවා..


ආශියෑ  ......න් මෙහෙ එන්නකො කොහෙද ඔය දුවන්නෙ....


තාච්ච්චේ......!!!! තා....ච්...චා....ආවා........අම්මෙ.....ආතියෑන්ගෙ තාච්චා ආවා......

මෙච්චර වෙලම නාන බේසෙමෙ ඉදන් වතුරෙ නටපු ආශියෑන් එයාගෙ කඩදාසි බෝට්ටුව උස්සන් කාමරේ පුරාවටම දුවනකොට කිරෙන් ආවා වගේම අතේ තිබුන කඩදාසි බෝට්ටුවත් බිම දාලා එයාගෙ තාත්තා ගාවට දුවපු ආශියැන්ගෙ ඉන කඩේ ගැලවිලා බිම වැටුනා ...මගෙ කොලුවා හෙලුවෙන්....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now