1️⃣1️⃣වන කොටස🐉

1.6K 421 156
                                    

ස්වල්පයක් ඇතිද මගෙ ශිශියෑන්ට...

ම්ම්...ඕ....තුවල්පයක්...අති....එහෙම නේත අම්මෙ....තුවල්පයක් නේ අම්මෙ...අති කිව්වෙ.....

අම්මගෙ වස්තුව ....දැන් ඕක කන්නකො.....

සුප් බදුන කෙටි මේසෙ උඩ නොතියා එයා ඉස්සරහට දිග ඇරන්  උන්න කකුල් දෙක උඩ තියන්  ඔලුවත් පහත් කරන් කන්න ගත්තා සමහර කැබලි ලමයගෙ කටටත් වඩා ලොකු වෙනකොට මං බලාගන පුංචි එකා පුලුවන් උපරීමේටම කට ඇරියා උනත් කට ඇතුලට ඔබා ගන්න බැරි වෙනකොට ඒක ආයම බදුනට දාලා කුඩා කැබලි තෝරන ගමන් මොන මොනවදෝ කියවනවා...

ලොකුයිනෙ....මේවා හරි...ලොකුයිනෙ...ආතියෑන්ටත් වඩා මේවා හරී...ලොකුයිනෙ...අප්පා....

අම්මගෙ වස්තුව ....රසයිද....

ම්ම්ම්ම්....ඔව්නෙ....සසයිනේත අම්මෙ ...ම්ම්ම්....ඔව්නේ...ජිජියේ සසයිනේ....

මගෙ කුඩා ආශියෑන් ....මම කියන්නෙ මොනවද ආපස්සට ඒකම ආය කිව්වා...කකුලෙ තුවාල වේදනාව සුප් බදුනෙ රසත් එක්ක අමතක වෙලා යනකොට දවල් වරුම නිදාගන්න රෑ වරුම ඇහැරිලා ඉන්න මගෙ චන්ඩ කොලුවට නිදිමත අල්ලගෙන එනකොට මම ඉක්මනට ලමයව අරන් යෑන්ලි එක්ක ආයම  ළමයි නඩේ පැත්තට ගියා...

මගේ විවාහයත් ලගදිම සිද්ද කරාවි....

මග දුරක් වෙනකන් ආශියෑන්ව හුරතල් කර කර උන්න යෑන්ලි ඈතින් ඉන්න මොනරා දිහා  බලාගන එයාගෙ විවාහයත් ලගදිම වෙයි කියනකොට මම එයාගෙ මූනෙ තියෙන්නෙ සතුටක්ද දුකක්ද නැතිනම් මොකක්ද කියන්න තේරුම් ගන්න උත්සහ කෙරුවා ...

යෑන්ලි .......මේක ඔයාගෙ පලවෙනි ආදරේ.....අනිත් එක....මේක දෙමව්පියො තීන්දු කරපු දේකුත් නෙවෙයි..........ඒත්.......

ඒත්..... ...එයා ආඩම්බරයි....එහෙමයි නේද....

ම්ම්ම්......ඔයා වගේ සියුමැලි කෙනෙක්ට හරියන්නෙ  හරිම ශාන්ත කෙනෙක්.....ගින්දරයි පුලුනුයි පෑහෙන්නෙ නෑ ඒත්......ඔයාගෙ හදවත කියන්නෙ එයා තමයි හොදම කෙනා කියලා නම්.......අනිවාර්යයෙන්ම එයා එක්ක විවාහ වෙන්න....සතුටින් ඉන්න...දරුවො හදන්න...අම්ම කෙනෙක් වෙන්න.........ඔයාගෙ සතුට ඔයාගෙ ලෝකෙ තියෙන්නෙ ඔයාගෙ පවුල ගාව........යෑන්ලි සමහර වෙලවට......සමහර දේවල් විවාහයත් එක්ක වෙනස් වෙන්න පුලුවන් ....හැල හැප්පීම් එන්න පුලුවන් ......දරුවෙක් ආවම ඒ හැම දේමත් තවත් අසීරු වෙන්න පුලුවන් ....ඒ උනත්.....හැම වෙලේම ඉවසන්න.....කතා බහ කරලා හැම දේම විසදගන්න...මොන ප්‍රශ්නෙ තිබුනත්....නිදි ඇදේදි ප්‍රශ්න එක්ක නිදා ගන්න එපා......එයා ආඩම්බර කෙනෙක්....ඒත්....මං හිතනව එයා ගාව හොද හදවතක් ඇති කියලා....මං හැමදාමත් ඔයාගෙ සතුට ප්‍රාර්තනා කරනවා යෑන්ලි.....

JADE    DRAGONS 🐉🐉(completed )Where stories live. Discover now