1️⃣7️⃣වන කොටස🐉

Depuis le début
                                    

උඩබෙලි අතට උන්න මම මගෙ අඩු හතර  උස්සන් එක කකුලක අරන් කටේ දාගත්තා ....ආයම අත් දෙකම කටේ ඔබා ගත්තා ....වලිගෙ කොනක් වනන ගමන් ඉදලා වල්ගෙ අල්ලන් කටේ දාගන්න හැදුවා ...දගලන වල්ගෙ කෙරවලට අතින්  ගැහුවා ......

අවසානෙදි දගලලා දගලලා තෙහෙට්ටු උන මට අඩු බඩු හතර උස්සන් නින්ද යාගන ආවා වගේම  නිදිමතටම ඈනුමකුත් ගියා...ඉස්සරහට අත් දෙකෙන් පූසෙක් මූන හෝදනවා හා සමානව මූන අතුල්ල ගත්තු මං එක අතක් කටෙ ගහන් උරවන්න ගත්තා ....දස හැවරදි උනත් බිළිඳු වියෙ තිබුන සමහර හුරු පුරුදු තවමත් තියෙද්දි මං එක අතක ඇගිල්ලක් උරවන ගමන් මගෙ වල්ගෙ කකුල් අස්සෙ ගහන් නිදාගන්න හැදුවා...

ම්ම්ම්හුක්....කෲ...ක්ක්ක්ක්ක්....කෲක්....

ආශියෑන්ට දොයිය මත ඇවිත්....!!!!











ආශියෑන් ..නුඹ කොහෙද ආශියෑන් .......!!!

ආශියෑන් .....නුඹ කොහෙද ආශියෑන් .....

ආශියෑන් ....නුඹ කොහේද ආශියෑන් ......

කුඩා ආශියෑන් .....

වෙලාව කීයද ඉන්නෙ කොහෙද කියන්න නොදන්න මං ඇගිල්ලකුත් උරවන ගනන් මගෙම අත්තටු දෙකෙනුත් පොරවගන හොදට නිදා ගත්තා වගෙම ආශියෑන් ආශියෑන් ගාන සද්දෙ එක්ක ආයම මට ඇස් ඇරුනා ..

කෲ....ක්ක්...ම්ම්හුක්...කෲක්ක්......

මටත් නොදැනිම පැය ගානක් නිදා ගත්තු මං ඇස් අරිනකොට  ඉරත් ගූසුවෙන් යන්නත් ගිහින් හදත් පායන් ඇවිත් තිබුනා....

ආශියෑන් ........නුඹ කොහෙද ආශියෑන් ......

කහපාට ලන්තෑරුම් එලි ගොඩාරියක් සීතල පොකුණ පුරාවටම එහා මෙහා යනකොට  තවමත් නිදා වැටෙන මං ඈනුමක් ඇරලා වැහෙන ඇහිපියන් හරි අමාරුවෙන් ඇරගන අඩු බඩු ටික ගසාගන අමාරුවෙන් නැකිටන් උන පදුරකට හේත්තු උනා...

ආශියෑන් .....

කෲක්........ක්ක්ක්...

ආශියෑන් නුඹ කොහේද....

කෲ......ක්ක්ක්..........

ආශියෑන් .....අම්මගෙ වස්තුව ...ඔයා කොහෙද ආශියැන් ......

ම්හුක්....ම්හුක්....කෲක්....කෲක්....

උන පදුරු අස්සෙ ඉදන් රවුමට පායපු  හද දිහා මං මගෙ නිල්පාට  ඇස් දෙක බෝල කරලා හද දිහා බලලා ඈනුමක් අරින ගමන් ආශියෑන් කියන වාරයක් ගානෙ හොරා වගේ කෙදිරි ගෑවා.....

JADE    DRAGONS 🐉🐉(completed )Où les histoires vivent. Découvrez maintenant