🍂10 Chapter 🍂

Start from the beginning
                                    

කුකී.. වෙලාව....

🐰 8.40යි..

🐣 මොනවා එච්චර වෙලා ගිහින්ද?
මන් ඉක්මනට නැගිටින්න හදනකොට හියුන් මාව තවත් තද කර ගත්තා.

🐰 මොකද හදිස්සිය ආහ්. කොහෙ යන්නද?

🐣 ඇත්තනෙ. මන් කොහෙ යන්නද? මන් දැන් ඉස්කෝලෙ යන්නෙ නෑනෙ.
මන් ආයෙම කුකීගෙ පපුවෙන් ඔලුව තියා ගත්තා. එයගෙ හාදවත එකම තාලෙට ගැහෙනවා..

🐰 වොශ් එකක් දාගමු චිමි. උදේට කන්නත් ඕනිනෙ. මේ දැනටමත් බඩෙ පනුවො බඩ ඇතුලෙ උද්ඝෝෂණ කරනවා.. ඔය ඔය බලන්නකො සද්දෙ.. 😂
මන් විහිලු කරනකොට චිමී හයියෙන් හිනා වෙනවා. එයා හිනා වචනෙන් කියලා නිම කරන්න බැරි තරම්ම ලස්සනයි.

🐣 හියුන් උදේ පාන්දර විහිලු කරනවා එක එක ඒවා කර කර.. මට හිනාව වාව ගන්න බෑ..😂😂😂😂

හරි හරි කුකී මේ මගේ බඩේ පනුවොත් ඔයාගෙ බඩේ පනුවන්ට හවුල් වෙනවා වගෙ..

🐰 හ්ම් ඒක තමා. චිමී වොශ් එකක් දාන් එන්නකො අපි යමු කෑම ගන්න..

🐣 හා කුකී.
කුකී මායි දෙන්නම වොශ් එකක් දාන් උදේට කෑම කන්න හොටෙල් එකේ පල්ලෙහාට ගියා. උදේ නිසා වෙන්න ඇති ගොඩක් කට්ටිය හිටියෙ නෑ.

මට බඩගිනී.. කුකී එක එක ජාති ඕඩර් කරන්න ලෑස්තිය. ඒත් මට එව්ව කන්න පුලුවන් යෑ. ඇත්තටම මට ගොඩක් ඝන ආහාර ගන්න බෑ. මස් උනත් හොදට මෙලෙකට හදල තිබ්බොත් විතරයි කන්න පුලුවන් . මට කෑම දිරවන්නෙ නෑ. සමහරවිට ඒ මං අවුරුදු ගානක් තිස්සෙ ගොඩක් වෙලාවට නෑ ,හැමදාම වගෙ එක කැමවේලක් ගන්න නිසා වෙන්න ඇති එහෙමත් නැත්තන් ගෑස්ටික් හින්ද වෙන්න ඇති. නෑ මන් දන්නෑ ඇයි කියල . බලෙන් හරි කෑවොත් එක්කො ආපිටට කාපු ඔක්කොම යයි . අනික ගොඩක් කන්නත් බෑ තව කෙනෙක් එක වේලට කන දේවල් මට වේල් තුනකට ඇති.

කුකීගෙන් බේරෙන්න මන් එක එක බොරු කීවා. මොකෝ මන් ඇත්ත කියන්නයැ. මට හැමදේම කියන්න ඕනි. හැබැයි දැන් නෙමෙ මට ඕනි නෑ කුකිත් එක්ක ගෙවන මේ මොහොතෙ ඒ දේවල් මතක් කරල හිත රිදව ගන්න. මන් වෙලාව ආවම කියන්නම්. දැන්ම ඒකට කල් වැඩී.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now