Chapter 01

2.6K 269 30
                                    

At Park House...

Jimin's Pov

" නෑ ඔම්මා... ඔයාලට බෑ මට මෙහෙම කරන්න. පොඩි කාලෙ ඉදන්ම වැඩ කලේ ඔයාලට ඕනෙ විදිහට. දැන් ඔයාලා කියන්නේ මගේ marriage එකත් ඔයාලට ඕනෙ විදිහට කරන්න කියලද...? "

" Plz තේරුම් ගන්න jimin. ඔයාට මේක කරන්නම වෙනවා . දන්නවනෙ ඔයාගෙ අප්පා ගත්ත තීරණයක් කවදාවත්ම වෙනස් කරන්නෙ නෑ කියලා. Mr. Kim කියන්නේ අප්පාගෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාළුවා. අප්පා කවදාවත් ඔයාට වරදක් කරන්නෙ නෑ.

අනික Prak Group එක දැන් පහලටම වැටිලා තියෙන්නෙ. ඒක ආයෙම තිබුන තත්වෙට අනිවාර්යයෙන්ම ඔයාට ගේන්න වෙනවා. මේ marriage එක කලොත් අපේ Park group එක වගේම Kim group එකත් එකතු කරලා අපිට අපේ business එක තිබුනු තැනටම පුලුවන්..."

" මටත් ඕනෙ මේ group එක තිබුන තැනට ගේන්න. අනික දැන් අපේ group එක තිබුනට වැඩිය ගොඩාක් හොද තැනක තියෙනවනෙ ඔම්මා. මට පුළුවන් තව ටික දවසකින් අනිවාර්යයෙන්ම Group එක උඩට ගේන්න.

ඔයා හොදටම දන්නවා college එකෙන් out උන දවසෙ ඉදන් අද වෙනකන්ම මම අපේ group එක වෙනුවෙන් මහන්සි උනා කියලා. එහෙමයි කියලා මේ group එක වෙනුවෙන් මගෙ ජීවිතේ විනාස කරගන්න බෑ ඔම්මා . ඔයාට බෑ කොහෙවත් ඉන්න කෙල්ලෙක්ව මගෙ ජීවිතේට ගෙනල්ලා අතෑරලා business එක බේරගන්න කියන්න...."

" ඔම්මයි අප්පයි කවදාවත් ඔයාට වරදක් කරන්නෙ නෑ ජිමින්. අනික මීසු කියන්නෙ හොද වැදගත් ගෑණු ලමයෙක්. අපි දන්නවා ඔයා business එක වෙනුවෙන් රැයක් දවාලක් නොබලා වැඩ කරනවා කියලා. අපිට ඕනෙ ඔයාට උදව්කරන්න හොද බිරිදක් හොයලා දෙන්න. මම දන්නවා අනිවාර්යයෙන්ම මීසු දුවට ඒක කරන්න පුළුවන්.... "

" ඒත් ඔම්...."

" ඇති ජිමින් නවත්තගන්න.ඔයා මේ marriage එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ එච්චරයි . යන්න ගිහින් wash දාගෙන කන්න එන්න. ඔයා දවල්ට කෑවෙත් නෑ කියලා මට ජූන් call කරලා කිව්වා. දැන්ම යන්න ඉක්මනට..."

" ඔයාලා කන්න ඔම්මා. මම පස්සෙ කන්න එන්නම්. meeting එකට ඕනෙ කරන files වගයකට සයින් කරන්න තියෙනවා. ඒ ටික චෙක් කරලා එන්නම්..."

" ඒත් ජිමි-..."

" හරි හරි මම ඉක්මනට ඒ ටික බලලා එන්නම්..."

MR. COLDY Where stories live. Discover now