Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

192K 27.6K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying Windy Willows ☘️

5.6K 363 233
By HashiHiru

✈ මේකත් පොඩ්ඩක් අහල ඉන්න...., ☺️

ඉතිං මුලින්ම චැප්ටර්ස් පනස් නවයක් පුරාවට මාත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි .....ඉතිං මේක තමයි කතාවෙ final episode එක...හැබැයි මම ඔයලාගෙන් පුංචි ඉල්ලිමක් කරනව මේක library එකේන් අයින් කරන්න එපා කියල .....මොකද මම පුලුවන් හැම වෙලාවෙම ඔයාලට පොඩි පොඩි update එකක් දෙන්නම්..... සමස්ථයක් වශයෙන් කතාව ඉවර උනාට මම මූලිකවම මම ඉවර කරන්නෑ. ( මොකද මට වසන්න බෑ මෙතන 😂😪)  ඔයාලගේ ඉල්ලීම නිසාම මම පොඩ්ඩක් එක්ස්ට්‍රා දෙන්නම්...හැබැයි අදින් පස්සෙ ඩේලි නෑ 😣💥 මටත් දුකයි කතාව ඉවර උනාට...මොකද මම පට්ට ආදරෙයි මේ ස්ටෝරි එකේ චරිත වලට....

මේ story එක ගත්තම මම ගොඩක්ම lovely , caring , sweet , comody , romantic විදියට තමයි ලිව්වේ..... ගොඩාක් ලොකු බාල්දියක් දාන්න ගියේ නෑ.......තව මම මේ ස්ටොරි එකට මගේ දැනුම ගොඩක් දැම්මා.....( කෑම කෑම😌 ) ඉතිං ඉස්සරහටත් මම දෙන අප්ඩේට්ස් වලින් ඔයාලට මම දන්න දේවල් ශෙයා කරගන්නම්....

කතාව මැදදි පොඩ්ඩක් හිත් රිදීමක් උනා තමයි .... ඔයාලා දන්නෑ 😉.....දැන් ඒක ගැන අපි කතා නොකර ඉමු.... ඒත් මෙහෙම හරි කතාවට ලස්සන අවසානයක් දෙන්න පුලුවන් උන එකට මට සතුටුයි...

මම ගොඩක් perfect author කෙනෙක් නෙමෙයි....ඉතිං මෙහෙම හරි ඔයාලට දෙයක් දෙන්න ලැබීම ගැන සතුටුයි ....

ඉතිං අලුත් ස්ටෝරියකින් මුණ ගැහෙමු....

Zhan yi forever ❤💚💫🌠
ZsWWSZD forever 💫❤💚💥
Little Thieves Forever ❤💚💫🌠

ඉතිං මේ කතාව ඔයාලට දැනුන හැටි විස්තර කරන්න විනාඩියක් අරන්....ඕතරී පව්නේ ☺️

A/N.........,

පොඩි දැනුම්දීමක්.....ඉතිං මම දැන් ඩේලි අප්ඩේට්ස් දෙන එකෙන් පොඩ්ඩක් ඈත් වෙනව....මොකද මට එක්සෑම් ළගයි බබාලා....ඔයාලා දන්නවනේ ඉතිං  😣.....ඒක කරගන්නත් එපැයි..... හැබැයි මම සෙනසුරාදා ඉරිදා අනිවා අප්ඩේට් එකක් දෙන්නම්....කතා ටික බෙදාගෙන අනිවාරෙන් සතියකට එකක් දෙන්න බලන්නම්.....ආයෙත් එක්සෑම් ඉවර උනාම එන්නම්..😁❤❤

☝ මම Xie yun & Ji chong ( zhanyi ) historical එකක් ටයිප් කරන් යන ගමන්.....ටයිප් කරල ඉවර උනාම පබ්ලිශ් කරන්නම්....දැනට මතක තියාගෙන ඉන්නකූ 😁

✈ forever love
✈my lover
✈ for you

ඔය තුන කම්ප්ලීට් කරන්නම් සතියට එක ගානෙ හරි ....ෆ්‍රී උනාම ඉක්මනට දෙන්නම්.....හානේ.....

Bye.......tc...... පරිස්සමෙන් ඉන්න .... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

BHMI90 මෙච්චර කාලයක් ලස්සන පද පේළි ගොඩක් ගැටගහල අමුණලා දුන්නට ගොඩක් තෑන්ස් අක්කො....ගොඩක් ස්තූතියි .....එක්සෑම් ගොඩ දාගන්ඩෝ ✈❤

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

✈දුටුවදා බුදුසමිදු අභියදි
සුදු මැණික.,
හිත මගේ ගැස්සුණා
නුඹේ වතමඩල ළඟ .,
මගේ කරගෙනෙ සදා
නොවෙනස්ව හිතමත්තෙ.,
ලුහුබැන්දෙ හැමදාම
ළඟින් ඉන්නයි නුඹගෙ.,
මුවින් නොදෙඩූ නුඹේ
ආදරේ ඇස් මත්තෙ.,
සිතුවමක් ඇන්දානෙ
ගැහෙන මගෙ හිත අස්සෙ.,
රකින්නට සෙනේහෙන්
මගේ හදවත තුරුළෙ.,
පැතුවෙ මං නුඹෙ සතුට
විතරමයි මගෙ මැණික.,
රිදුම්දෙන වේදනා
දරාගෙන මා නමින්.,
සරාගී නුඹෙ දෙතොළ්.,
සැමවිටම ඇවුළුවේ, සැනසුවේ, මගෙ හැගුම්.,
මුරණ්ඩුම මෝඩකම්
කළත් නුඹ කොයිතරම්.,
අත්හරින්නට නොවේ.,
ළගටකර ගත්තෙ මං.,
හිතුවක්කරකම්
කළත් උඹ කොයිතරම්.,
දැනුනේම තව තවත්.,
මා නමින් ඔය හදේ
බැදුණු  සෙනෙහේ තරම්.,
රකින්නම් පණ තරම්
ඇස් අස්සෙ රදවමින්.,
අවසානෙ හුස්ම මගෙ
ගිලිහෙනා පපුවෙනුත්.,
ආදරෙයි මගෙ මැණික.,
කියන්නට බැරි තරම්.....
මතු සසරෙ හැමදාම
පතන්නම් නුඹව මං....💚💚💚❤❤❤😘🥰🥰🥰

හබීගෙන්  සුදු මැණිකට...

✈ අවසානයක් නොමැති
නුඹෙ ආදරේ තරම්.,
කවුරුන්ද වෙන දන්නෙ
මගේ මේ හිත තරම්.,
ගිමහාන තනිකමේ
මුණගැහුණු  නුඹ ඉතින්.,
මටත් නොකියා මගේ
හිත තියන් නුඹ ළගින්,
මුරණ්ඩුම මගෙ සිතුම්
වැළඳගෙන ආදරෙන්.,
හුස්ම සේ මා රැක්කෙ
පපුව අස්සෙම තියන්.,
මන්මත්ව තුරුළුකර
සරාගී සුයාමෙන්.,
ගෙලපුරා ඇන්ද මේ
නුඹෙ මතක සිත්තමින්.,
කෝපයෙන් කෑගැසූ
රැවුම් ගෙරවුම් මැදින්.,
ආදරේ විතරමයි
දැනුනෙ මට රත්තරන්.....
වැටෙනකම් මේ හුස්ම
මගෙ පපුවෙ තව ඉතින්...
ආදරෙයි වැඩි වෙවී..
සදහටම මම ඉතින්......❤❤❤💚💚💚😘🥰🥰🥰

සුදු මැණිකගෙන් හබීට ආදරෙන්...

" දෙයියනේ ......!!!"

මම කදුළු පුරවන් එයා දිහා බැලුවා.... RMIT university එකේ 4 years air craft eingineering diploma එකක්..... දෙයියනේ මට පිස්සු වගේ.... ඒ letter එකේම අග සීල් එකක් ගහල තිබ්බා one year pilot school training එකකට.... අනේ දෙයියනේ මේක නම් මට හිනයක්.....

" අනේ අයියේ...."

මම ක්ෂණිකව නැගිටල එයාගෙ ඇගේ එල්ලෙද්දි එයා මගේ පස්ස යටින් අත දාලා මාව අල්ලගත්තා.... මම එයාගෙ බෙල්ලට මූණ ඔබාගත්තෙ මෙච්චර සුන්දර සතුටු හිතෙන දෙයක් වෙද්දිත් මට ඇඩෙන්න ගත්ත නිසා....එයා මාව වඩාගෙනම ඩ්‍රයිවින්ග් සීට් එකේ වාඩිගනිද්දි මම එයාගෙ බෙල්ල අස්සෙ ඉදන්ම ඉකිබින්දා....

" සුදු මැණික .....දැන් ඇති නේද....ම්ම්...."

එයා මට මුකුත්ම නොකියා මගේ පිට අතගාද්දි මම එයාගෙ මූණ දිහා බැලුවා..

" අයියෝ.....ඇස් රතු වෙලා නහය රතු වෙලා ..... අඩන්නෙපා....ම්ම්....."

එයා මගේ කදුළු පිහදාද්දි මම ඉකිය හිර කරගෙනම එයාගෙ නළලට හාදුවක් තිබ්බා....

" මේකට තමයි මට හදිසියේම ඔස්ට්‍රේලියා යන්න ඕනෙ උනේ.... ම්ම්.... දැන් ඉතිං තීන්නේ ලේසි පහසු වැඩක් නෙමේ ම්ම්.....පාඩම් කරල මහන්සි වෙන්න ඕනේ......"

" ම....ට..... හිතාගන්න...බෑ මහත්තයෝ..."

මම තවමත් අඩද්දි එයා මගේ කම්මුල් වලට හාදු තියල මාව උස්සල ස්ක්‍රීන් එක තිබ්බ දිහාවට හැරෙව්වා.....

" මට බබාට මෙන්න මේක පෙන්වන්න ඕනේ  උනේ....pilot school යනකන්ම flight එකකට නගින්න ලැබෙන්නෑ සාමාන්‍යෙන්....අනික එහෙ ගියාම මමත් අලුත් නේ...මෙහෙ ඉතිං මගේ කන්ටැක් තීනවනේ......"

එයා මගේ ඇස් වල කදුළු පිහදැම්මා....

" ඉක්මන් කරන්න ඉතිං .... අපිට හුග වෙලාවක් ඉන්න බෑ....අනික ෆ්ලයිට් එක හයට...."

එයා කියද්දි මම එයාගෙ උකුළෙ ඉදන්ම ඔළුව වැනුවා.....

" හරි ....සුදු මැණික ඔන්න බලාගන්න.... දැන් ෆ්ලයිට් එකක් start කරනව කියන්නේ සෑහෙන්න අමාරු process එකක්.... pilot කෙනෙක්ට උනත් යම් කිසි අතපසුවීමක් වෙන්න පුලුවන් ......ඉතිං ඒ නිසා හැම ෆ්ලයිට් එකකම මෙන්න මේ වගේ ප්‍ර්‍රින්ට් කරපු කාඩ් එකක් එල්ලලා තියෙනව.....මේ......"

එයා මගේ දණ හිස ළග තිබ්බ සුදු පාට කාඩ් එකක් අරගෙන මට පෙන්නුවා..

" මෙකේ කැටගරීස් තුනක් තියෙනව....මේක තියෙන්නෙ පයිලට්ට ලේසි වෙන්න..අපිට උනත් අතපසු වීම් වෙන්න පුලුවන් නේ... හරි අපි ඉක්මනට මේකේ මේ Before start කියන කැටහරි එක බලමු..... මොකද මේටික බබාට පෙන්නගත්තොත් බබා ගොඩ....."

" හ්ම්ම්......."

මම කදුළු පිහාගෙන එයා කියන දේවල් හොදට අහන් ඉදියා.....

" දැන් කියවන්න ඔය කාඩ් එකේ තීන පළවෙනි එකේ ඉදන්ම......."

" ම්ම්ම්.......parking brake - set "

එයා මගේ කකුල උස්සල වාහනේක බ්‍රේක් වගේ තිබ්බ එකක් උඩින් තිබ්බා....

" පාර්කින් බ්‍රේක් සෙට් කරන්නෙ මෙන්න මේක පාගගෙන මෙතන තියෙන මේ level එක අපේ දිහාවට අදිනව....ඉක්මනට සෙකන්ඩ් එක කියවන්න....."

" wheel chocks - Removed......"

" ඒක වැඩක් නෑ......ඊළග එක කියවන්න......"

" Fuel caps - secure ......."

" මෙන්න මේ බට්න්ස් පේලියෙන් තමයි fuel caps බලන්නෙ......මේ......."

එයා මගේ අත අරගෙන වහලෙ තිබ්බ බටන්ස් පේලියක් දිගේ අත අරගෙන ගියා.....

" overload electrical switches "

.................

" crew seats and seatbelts "

................

" STBY bus....
De - icing switches....
Cooling and heating......
Circuit breakers.............
Eps switch........................
MoR levels .....................
Battery Switches...........
NAV light........................." ( තව ගොඩක් තියේ ආ.....😣)

මම ඔක්කොම පිළිවළට කියාගෙන යද්දි එයා ඒ හැම එකකදිම මගේ ඇගිලිතුඩු වලින් ඒ බට්න්ස් ප්‍රෙස් කළා වගේම හැමදෙයක්ම මට පෙන්නුවා.....හැම එකක්ම ස්ටාර්ට් කරගෙන යද්දි ෆ්ලයිට් එකේ ෆූ සද්දෙ එන්න එන්න වැඩි වෙද්දි මගේ නම් බඩත් එක්ක රත් වෙලා අමුතු හැගීමක් දැනුනා....ඇත්තම කිව්වොත් ඒක අමුතු ගැම්මක්.....

" එච්චරයි ද......"

" හ්ම්ම්......එතකොට දැන් ....??"

මම එයාගෙ මූණ දිහා බලද්දි එයා මගේ දෙතොල් වලට සිපුමක් තියලා මට ඔන් උන ස්ක්‍රීන්  එකේ තිබ්බ කොටු බට්න්ස් පෙලියක් පෙන්නුවා.....

" Eps switches oN කලාට පස්සෙ බබා අපි මෙහෙම චෙක් කරනව.... මේ.....මුලින්ම Eps check කියන බට්න් එකට ඒක වට්ටලා මේ කොළ පාට අල්බ් එක තත්පර කිහිපයක් එක දිගට නොනිවී පත්ති උනොත් අපි ඒක Eps කියන තැඹිලි පාට බල්බ් එකට වට්ටනව.....තෙරුනාද.....??එක පාරටම Eps on කියල හිත හදාගන්නෙ නෑ....."

" ම්ම්......."

" ඊට පස්සෙ NG , ITT වගේ අගයන් අපි බලන්න ඕනෙ...ඒව බබීට තෙරෙන්නෑ..... ඒක පස්සෙ ඉගෙන ගමුකෝ..... දැන් ඒව ඔක්කොම අමතක කරන්න.... ඔක්කොම චෙක් අප් උනාට පස්සෙ ෆ්ලයිට්  එක ස්ටාර්ට් කරන්නෙ මෙන්න මේ බට්න් එකෙන්......"

එයා මගේ අත අල්ලලා ඒ බට්න් එකෙන් තියල ප්‍රෙස් කරා...

" හෙන ගහන්න වගේ එක පාරටම  starter ඔබන්නෑ....මෙන්න මේ stater interrupt තමයි ප්‍රෙස් කරන්නේ.....ඊට පස්සෙ තමයි stater .....ම්ම්....."

"" මම දැකල තියෙනව ඔයා කරනව....."

" ම්ම්...ඒකනේ......"

ඒක ප්‍රෙස් කරපු ගමන් ෆ්ලයිට් එකේ එන්ජින් එක ස්ටාර්ට් වෙද්දි මට බය හිතුනා.....ස්ක්‍රීන් ඔක්කොම රන් වෙද්දි අර සද්දෙ එන්න එන්නම වැඩි උනා වගේම මම එයාගෙ පපුවට තුරුල් උනා....

එයා මොකද්ද බට්න් වගයක් ඔබලා දාද්දි ඔක්කොම ලයිට්ස් ඕෆ් වෙලා ෆ්ලයිට් එක යථා තත්වෙටම පත් උනා......

" මතකද කරපුවා......"

" ටිකක්......"

" ඈ........!! ටිකයිද ආ......"

එයා මගේ කන අල්ලගෙන මිරිකන්න ගද්දි මම ඇඹරුනා....

" නෑ....නැ මතකයි....හුම්......"

" ඒහෙනම් ඊළග පාර අහද්දි ඔක්කොම පුළුවන් වෙන්න ඕනේ....!!"

එයා ඒක කිව්වෙ විහිළුවෙන් වත් නෙමේ....තරවටු කටහඩකින්.....මම ඔළුව වැනුවා..... එයා හිනාවෙලාම මාව නැගිට්ටවල එයත් නැගිට්ටා.....එයා දුන්න ලිව්ම මම පපුවට ගුළි කරගනිද්දි අපි දෙන්නා ආයෙත් කලින් ඉදපු තැනට ආවා.....

ඒ එද්දිත් ෆ්ලයිට් එකට නගින වෙලාව හරි .....එයා මගේ අතින් අල්ලගෙනම ෆ්ලයිට් එකට නගින්න හදද්දි  මේක් අප් දාලා ටයිට් සායක් ඇදල entrance එකේ ඉදපු  කෙල්ල  welcome කියන එක පැත්තකට දාලා මගේ අත් ගොබයක් කෙනිත්තුවෙ  එයා ඉස්සරහමයි.....

" හායි යීබෝ සර්....."

අප්පටසිරි......

" අහ්......හා.....යි....."

" ඉතිං කොහෙද අනේ සර් ඔයා මේ යන්නේ.....මෙච්චර කියුට් විදියට ඇදගෙන......."

" අහ්.....ආ......මෙ....මෙ......"

" තවුසෙ මාර එකියක්නේ ඕයි....ෆ්ලයිට් එකට නගින හැම එකාගෙන්ම අහනවද යන්නෙ කොහෙද කියල ආ...."

හරි හරි ....අද ඉවරයි...අද කෙල්ලගෙ රෙදි ගලවල තමයි නවතින්නෙ....කෙල්ලත් පුදුමෙන් මන් දිහා බලද්දි මම ඇගිලිතුඩු වලින් නළල මිරිකගත්තා...

"හැමඑකාටම අඥෙ ඔයා කියුට් අඥේ  ඔයා සෙක්සි කිය කිය යනවද ආ......"

" ඇති ඇති අයියේ...ඒ මගේ යාළුවෙක්...."

" අඥේ කියුට් තමයි ....."

" හේ......ඔයාට අද ශිෆ්ට් එකද ලුසී...යන්නම් හොදේ බායි......"

එයා මාව ඇදන් යද්දි මම එකිට බායි කියාගෙන ඉක්මනට එයාගෙ අතේ එල්ලිලා ශීට් එකට ආවෙ පැසෙන්ජර්ස්ලත් බොයිලර් කුකුළෙක් දිහා බලනව වගේ මන් දිහා බලද්දි....

" නියම කුකුළා ආ....."

"  හුම්.....ඉතිං ඒ යාළුවෙක්නේ....හුම්..."

" ඔව් ඔව් ඉතිං ....උඹට හතර වටේම හෙන කිකිළියො සෙට් එකක් ඉන්නවනේ කොහොමත්..... "

එයාගෙ විනාකිරි තමයි ඔය.... මම ජනෙලෙන් එළිය බලාගත්තා..... ෆ්ලයිට් එකේ wing එක තිබ්බෙ අපේ ශීට් එකට පේන මානෙ.... වෙනදට නම් ඕනෙ තරම් ෆ්ලයිට් වල ගිහින් තිබ්බත් අද මන් යන්නෙ එයා එක්ක....  මම එයාගෙ අත් ගොබේ බදාගෙන උරහිසට ඔළුව තියාගත්තා....මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්....මගේ එකම හීනය උනේ pilot school යන්න....මම හිතුවෙ ඒක මට හීනයක්ම විතරක් වේවි කියල ..... මගේ අයියා..... මට කියන්න වචන නෑ..... ස්වාමිපුරුෂයෙක් විදියට එයා මට කරන්න පුලුවන් හැම යුතුකමක්ම කරල ඉවරයි.....මගේ වගකීම එයාව සතුටින් තියන එක....

ටිකෙන් ටික වෙලාව ගත වෙලා ෆ්ලයිට් එක පියාසර කරන වෙලාව ළං උනා..... driving room එකේ තරම් සද්දෙ පැසෙන්ජර්ස්ලා ඉන්න කැබින් වලට ඇහෙන්නෑ.....අපි ළගම තිබ්බ wing එකේ මොනාදෝ වගයක් උඩට ඉස්සෙද්දි මම හැමදාම ඒක දැකල තිබ්බත් ඒ මොනාද , මොකද්ද ඇයි ඉස්සෙන්නේ කියල දැනගෙන ඉදියේ නෑ......

" අර මොනාද කියල බබා දන්නවද......??"

එයා flight එකේ wing එකේ කෙළවරින් උඩට එසවුණ ඒ සුදු පාට සෘජුකෝණී කෑලි ටිකට අත දික් කළා...

" ම්හ්......"

" ඒවට කියන්නේ ෆ්ලැප්ස් ( flaps ) කියල ..... "

" ෆ්ලැප්ස්......."

" හ්ම්ම්.....flaps වර්ග තුනක් තියෙනව...plain flap , slotted flap , split flap..... අපි මේ යන ෆ්ලයිට්ස් වල මොඩ්ල් එකට කියන්නෙ ඒ ත්‍රී ටුවෙන්ටි කියල( A320)  .....ඒවයෙ තියෙන්නේ slotted flaps....."

මම ඒ flaps දිහා බැලුවා.....එක උඩට එසවිලාම තියෙද්දි ෆ්ලයිට් එක පොළව දිගේ යන්න ගත්තා....

" බබා දන්නවද....pilot කෙනෙක්ට ගුවන් යානයක කරන්න තීන්නේ වැඩ දෙකයි....එකක් තමයි වේගය අඩු වැඩි කරන එක.....අනික් එක තමයි Angle of attack වෙනස් කරන එක.... angle of attack ගැන බබා යුනි එකේදි ඉගෙන ගනී.... "

" යුනි යන්න ඕන්නෑ......කියල දෙන්නකෝ....."

මම එයාගෙ මූණ දිහා බලන් කියද්දි එයා ආයෙ අර flaps දිහා බැලුවා....

" Flight එකක් යන මාර්ග පථයට අපි කියන්නේ flight path එක කියල ....flight path එක දිගේ ෆ්ලයිට් එක පියාසරනකොට හුළග කපාගෙනනේ අපි යන්නේ....එතකොට අපිට විරුද්ධ අතට වගේම අපිට සමාන්තරවත්  සුළං ධාරා හමාගෙන යනව.....අපිට විරුද්ධ සුළං ධාරා එනකොට අපි ඒ හුළග කපාගෙන තමයි යන්නේ.....ආන්න ඒ විරුද්ධ අතට එන සුළං ධාරා වලට කියන්නේ Relative wind කියල ....Relative wind එකට සාපේක්ෂව අපි ෆ්ලයිට් එකේ wings වල angle එක වෙනස් කරන්න ඕනේ.....මොකද නැත්තන් අපිට ඉස්සරහට යන්න බෑ වගේම අධික සුළං ධාරාව නිසා wings කැඩිලා ගිහින් අපි ඔක්කොම සෙත්තපෝච්චි වෙන්න පුලුවන් ..... ඉතිං ඔන්න ඔය විදියට ෆ්ලයිට් එකේ wing එක වෙනස් කරන්න කියල අපිට වාහන වල රෝද වගේ ඒක කරකවන්න බෑ..... ඒකට තමයි Hi leaf devices කියල කියන ඔය flaps තීන්නේ.... flaps මගින් තමයි  flight එකේ angle එක වෙනස් කරන්නේ....ෆ්ලයිට් එකේ wing එක කොහොමත් තනි ෆ්ලැට් එකට හදන්නෑ සුදු මැණික .....pilotගේ ප්‍රධාන කාර්‍ය තමයි ෆ්ලැප්ස් මාරු කරන එක.... ඒකට තමයි කියන්නේ changing angle of attack කියල ....."

මම එයාගෙ කඩවසම් මූණ දිහා බලාගෙනම එයා කියන ඔක්කොම අහන් ඉදියා....ඇත්තටම එයා මගේ සර් වෙනව නම් .....මම හොදටම ඉගෙන ගනී.....ඒ ලස්සන මූණ දිහා බලාගෙනම....

" Angle of attack කියන එක ගණනය කරන්න පුලුවන් .....pilot ගෙ වගකීම ඒ ඒ අවස්ථාව අනුව angle of attack ඒ අගයටම පවත්වා ගන්න එක....angle of attack අඩු උනොත් ෆ්ලයිට් එකේ වේගය අඩු වෙනව....එතකොට අපිට වැඩි බලයක් දෙන්න වෙනව....බැරි වෙලා වත් angle of attack ඉක්මවා ගියොත් ෆ්ලයිට් එක නිව්ටන් නියම තුනටයි Bernulli මූලධර්මයටයි පටහැනිව   යනව....එතකොට ෆ්ලයිට් එක stole වෙනව...... මතකද නිව්ටන් නියම......"

Credits for my papa ❤

එයා මගේ මූණ දිහා බලද්දි මම උපරිම ගොන් හිනාවක් එයාට දැම්මා....

" එකක් වත් මතක නැද්ද ඇඹලයෝ....!!"

එයා කෑ ගහගෙනම මගේ කන මිරිකලා අල්ලගනිද්දි මම එයාගෙ දරදඩු අතක් අල්ලගත්තා.....

"ඌයිහ්....  හරි හරි කෑ ගහන්නෙපා.....මතකයි පොඩ්ඩක් ......"

" හා කියනවකො බලන්න......"

එයා  මගේ කනත් අල්ලගෙනම ඉද්දි මම හතරඅතේ කල්පනා කරන්න ගත්තා... යුනි ගියා වගේ නෙමේ..මට නම් මෙයා එක්ක ලේසි වෙන්නෑ.....ගුටිත් කන්න වෙයි....

" කියනවා ඉතිං ......."

" ඉන්න මේ කල්පනා කරනව....ඔයා හිතන්නේ දිව අග තීනව කියල ද.....හුම්......"

" හා මතක් කරල කියනවකො එහෙනම්.....ම්ම්....."

" ලෑන්ඩ් කළාම කියන්නම්....හාද....."

" ඒ මොකෝ.....??"

" එතකොට කියන්න පුලුවන් ......"

" එතකොට කොහොමද මතක් වෙන්නේ දැන් අමතක ඒවා.....??"

"  නෑ එතකොට ඔයාට අමතකයිනේ......ඒකයි......"

මම කටත් තද කරන් කියද්දි එයා මගෙ කන අඹරවලා මාව ළගට ඇදල අරන් කම්මුලක් හැපුව.....

" ඌයිහ්හ්හ්......ආයියා......හුම්....."

" යම් වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් නොයෙදේ නම් එම වස්තුව නිශ්චල නැතහොත් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි........."

"......................."

" වස්තුවක් මත යම් දිශාවකට යෙදෙන අසමතුලිත බාහිර බලයේ විශාලත්වය එම දිශාව ඔස්සෙ වස්තුවේ ගම්‍යතාව වෙනස්වීමේ සීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික යි........සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් විරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත........."

අම්මො...මෙයාට ඔක්කොම මතකයිනේ.....යකෝ......

" ඔක්කොම මතකයිද අයියේ.....!!"

" ම්ම්.....engeneering කියන්නෙ ලේසි දෙයක් නෙමේ බබා..... සෑහෙන්න මහන්සි වෙන්න වෙනව...සැහෙන්න පාඩම් කරන්න වෙනව....ම්ම්......"

" ඕයා මට අත් දෙකටම අරන් දුන්න මගේ හීනෙ මම අපතෙ යන්න දෙන්නෑ මගේ අයියේ....."

මම එයාගෙ අත් දෙක සිපගත්තා....එයා මගේ කර වටේ අත දාගෙන මාව එයාගෙ පපුවට හිර කරගෙන මගේ හිස් මුදුන සිම්බා.....

බඩගින්නක් ආව නිසා එයා chicken woffle ඕඩර් කරද්දි මම චොක්ලට් woffle එකක් ඕඩර් දැම්මා.... ඒක හරිම රසයි...චොක්ලට් අයිස් ක්‍රීම් හැන්ද්ක් එක්ක ස්ට්‍රෝබෙරි ගෙඩියකුත් කපලා දාලා තිබ්බා.....

" ම්ම්..........බබා දැන් බලන් ඉන්න මේ pilot මොකද කරන්නේ කියල ...."

පසුබිමෙන් ලෑන්ඩින්ග් වලට aannouncement එකක් යද්දි එයා අඩ නින්දෙ ඉදපු මාව ඇහැරවලා මට අතින්  flaps පෙන්නුවා....

භාගෙට ඇරිලා තිබ්බ flaps ටික ෆුල් දිග ඇරෙද්දි මම එයාගෙ මූණ දිහා බැලුවා....

" එහෙම වෙන්නේ ගුවන් පථයේ දිග අඩු නිසා හරි එහෙමත් නැත්තන් pilot අතින් උන මිස්ටේක් එකක් නිසා හරි ... හරියටම ලෑන්ඩින්ග් එකක් වෙනව නම් නියම ඈන්ගල් එකට , ෆ්ලැප්ස් ෆුල් ඕෆ් කරල තියන්නේ....මන් නම් හිතන්නෑ මේ එයා පෝර්ට් එකේ ෆ්ලයිට් පාත්ස් පොඩි ඇතියි කියල .... "

" ම්ම්....... "

" බබා දන්නවද...singapore වල air port එක මාරම බිසී තැනක්..... ගිහින් තීනවද....??"

" හ්ම්ම්..... කාලෙකින් ගියේ නෑ ඒ උනාට......"

" ම්ම්...... එහෙ ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමේ එපාම කරපු වැඩක්....මොකද ඒක හරියට ටවුන් එකේ කා එකක් පාර්ක් කරනව වගේ..... නිතරම ෆ්ලයිට් එකක් එහෙට ලෑන්ඩ් කරනව....ඒ නිසා මංතීරු හරිම බිසී....ෆ්ලයිට් එක පැයක් වත් අහසෙ කැරකි කැරකි තෙල් පුච්ච පුච්ච ඉන්නව අවස්ථාව එනකන්......හැබැයි .......එක මංතීරුවක් අනිවාරෙන් එයාලා empty තියාගන්නව....ඒ මොක......."

" emergency landing වලට...."

" අන්න රයිට්..... "

  එයා මගේ ඔළුව අතගෑවා.....

👠 " excuse me sir....wha......."

" අප්පා......මේ අර ඊසි නේද......"

අපටසිරි.... ඇයි අද ඔක්කොම කිකිළියො  ටික සෙට් වෙන්නේ...... නෑ නෑ ඉතිං yizi කියන්නේ මගේ bestie ....ඒත් මෙයාට අහු උනොත් මෙයා ඒකිව මගේ වයිෆ් කරල තමයි පස්ස බලන්නේ.....

" අහ්....හායි කැප්ටන් .......යීබෝ ??"

එකි අයියට හායි කියල අතකින් මූණ වහන් ඉන්න මගේ දිහා බැලුවෙ කුණු මාළු කෑල්ලක් දිහා බලනව වගේ..... ඊයෙ අයියට කල කම් පල දුන්නට අද මට පල දෙන සීන් එකක් තීන්නේ..... මම ඒකි එක්ක රණ්ඩු උනා බොරුවට කලින් දවසක්...එදා ඉදල අපි තරහයි....

" අහ්...ආ....."

" ඊසි.....ඔයාගෙ බොඩි ගාඩ් කෝ ...වගකීම් පැහැර හරිනවද ඌ.."

අනේ මේ මනුස්සයා එක්ක බෑනේ ඉතිං ....

" අහ්.....bodyguard .....??"

" ඇයි අර පහු ගිය කාලෙ ඔයාව හොයාගෙන එයා පෝර්ට් එකේම කැරකුනේ.....??"

" කැප්ටන් .....ඔයා කියන දේ මට තෙරෙන්නෑ.....??"

" අහ් නෑ නෑ yizi ......ඔයා යන්න....මේ මෙයාට පිස්සු......."

" තමුසෙ එහෙනම් කසාදත් බැන්දා නේහ්..... ඇටි කුකුළා.... !!!"

කෙල්ල මූණටම දමල ගහල යන්න යද්දි දෙවෙනි වතාවටත් මම පැසෙන්ජර්ස්ලා ඉස්සරහ චාටර් උනා......එකි ඔය පිරිමහන්නෙ වෙඩින් එක නොකීව තරහ....

" ඒ මොකද්ද ඒ උනේ......??"

අන්ද මන්ද වෙලා වගෙ එයා මගේ මූණ දිහා බලද්දි මම ආයෙත් ජනෙලෙ බලාගත්තා....

" ඇ....ටි.....කුකුළා......???"

අයියා pronounce කරද්දි මම අහක බලාගෙනම ඉදියා....මන් නම් හිතන්නෙ අද මගේ දවස නරකයි වගේ.....

********🛬🛬🛬🛬🛬🛬🛬

පැය කිහිපයක ගමනාන්තයකීන් පස්සෙ අපි සිඩ්නි පොළවට ගොඩ බැස්සා......

" මොනාහරි කාලා යමුද සුදු මැණික ......"

" හා........"

මෙතන ඉදන් මෙල්බර්න් වලට අපි යන්න ඕනෙ උනත් අපි දෙන්නටම ලොකු බඩගින්නක් තිබ්බා...ෆ්ලයිට් එකේ කාපුවා ඒ ඩිංගට දිරලා...

අපි sydney central station එකට ඇවිත් lunch එක ගන්න රෙස්ටුරන්ට් එකකට ආවා....එයා chicken woffle දෙකක් ඕඩර් දාද්දි මම ගෙදරට කතා කරල හැමදෙයක් ගැනම වගේම මගේ හනිමූන් ගිෆ්ට් එක ගැනත් කිව්වා....අම්මට හරිම සතුටුයි.....අම්මට විතරද....මටත් සතුටුයි.....ගොඩාක්....

" ඒ ඇටි කුකුළා....මෙහෙ වරෙන්...."

මම රෙස්ටුරන්ට් එකේ ජනෙලෙ ළගට වෙලා කෝල් එක ඉවර කරල ඈතින් පේන බිල්ඩින්ග්ස් දිහා බලාගෙන කල්පනා කළේ එයා මට දුන්න සතුට ගැන වෙද්දි එයා මගේ සතුට ක්ෂණිකව කේන්තියක් බවට පත් කළා....

" කවුද කුකුළා ආ......!!!!!!!"

" වෙන කවුද ඉතිං ....තමුසෙ තමයි .... "

මම රවාගෙනම ගිහින් එයා ළගින් වාඩිගත්තා.... අපේ dish එක ලැබෙද්දි බඩගින්නටත් එක්ක අපි දෙන්නම බඩ පිරෙන්න කෑවා.....

" මේක කාලා බලන්න....."

" මොනාද.......??"

එයා මට දික් කළේ මොනාහරි පැණිරස ඩෙසට් ජාතියක්....ම්ම්ම්...ඒක හරිම රසයිනේ.....මම තව එකක් කෑවා....

" මොනාද හබී ඒ....??"

" lamingtons.....australian special dessert එකක්....."

අපි ඉදිය රෙස්ටුරන්ට් එක තිබ්බෙ උඩ තට්ටුවක ....ඉතිං මෙතනට සිඩ්නි අහස හරි ලස්සනට පෙනුනා..... දවල්ට කාලා ඉවර වෙලා අපි දෙන්නා බඩුත් එල්ලන් ලෑස්ති උනේ domestic air port එකට යන්න....එක තිබ්බෙ අපි ආව sydney kingsford smith airport එකට 5 km දුරි න්....

අයියගෙ වාහනේ ශිප් එකට දාලා තීන්නේ...ඒක එන්න මාස තුනක් වගේ යයි කිව්වා....එතකන් ඉතිං බයි බස් තමයි .....

කොහොමත් sydney ඉදන් අපි ගත්ත ගෙදර තියෙන වික්ටෝරියා වල මෙල්බර්න් වලට ඩ්‍රයිව් කරන එක ලේසි නෑ...හැමෝම රට තුළ transporting වලට use කරන්නේ domestic flights....

International flights වල වගේ දැඩි නිති රීති නැති නිසාම අපිට ඉක්මනට චෙකින් වෙලා ෆලයිට් එකට නගින්න පුලුවන් උනා.....

🛬🛬🛬🛬🛬🛬

පැය එකහමාරක පොඩි ෆ්ලයි එකකට පස්සෙ ෆ්ලයිට් එක මෙල්බර්න් සිටි එකට ගොඩ බැස්සා.....

එයා මගේ අතින් අල්ලගෙනම ලැගේජ් ඔක්කොම අතට ගත්තා... අයියා කිව්වා පුසවයි බල්ලවයි චයිනා වල අම්මලට දීලා යමු නැත්තන් ෆ්ලයිට්ස් වල අරන් යන්න කරදරයි කියල ...ඒත් මම එයා එක්ක රණ්ඩු වෙලා බැරිම තැන ඇඩුවත් එක්ක.... එයා කිව්වා මෙල්බර්න් බල්ලෙක් නෙමෙයි බැල්ලියෙක්ම  අරන් දෙන්නම් කියල ....මම ඒව ඇහුවෙම නෑ....පස්සෙ එයා මට බැන බැනම සත්තු දෙන්නවත් දාගත්තා....

එයා ලැගේජ් දෙක ගනිද්දි මම පිටේ එල්ලන බෑග් එකයි අපි දෙන්නගෙ ලැප්ටොප්ස් දෙකයි අරන් කුකූව කුඩුවෙන් නිදහස් කරල අතට වඩාගෙන බුටියට පටිය දාලා බිමීන් තියල අල්ලගත්තා...

" අයියෙ මේ......."

" ම්ම්......"

" ඔයා කිව්වා නේද මට මෙල්බර්න් වලින් බැල්ලියෙක් අරන් දෙනව කියල ......"

" ඇයි .....දැන් තොට ඒගමන තව බල්ලොත් ඕනෙ වෙලාද ආ...."

" නෑ.....නෑ.....නිකමට මතක් කළේ.....labrador වගේ නම් ගොඩක් හොදයි ....."

" මේ සුදු  මැණික මේ........!!!! මගෙ....."

" මගෙන් කුණුහරප නාහා හිටපන්....."

එයා කියන්න කලින් මම එයා කියන්න හදන ඒක සම්පූර්ණ කළා... ඕක දැන් මට අහලම පාඩම්......

අපේ අලුත් ගෙදර තිබ්බෙ Docklands වල..... මෙල්බර්න් සිටි එකේ ඉදන් විනාඩි දහයක වගේ දුර.... ඉතිං අපි ටැක්සියක් අරන් අපේ ගෙදර තියෙන georgia street එකට ආවා.....

පොටෝස් වලින් දැක්කා උනාට ඒක ඇත්තටම දකිද්දි අමුතු හැගීමක් හදවතට දැනුනා....අද ඉදන් එයයි මමයි ජීවත් වෙන සොදුරු නිවහන.....

" ඔන්න සුදූ මැණිකට පෙරලි පෙරලි ඉන්න ගෙයක් ගත්තා....."

එයා කළු පාට පුංචි ගේට්ටුව ඇරගෙන ගෙදර ආලින්දය ඉස්සරහට ගියා.....මේ ගෙදර එයාට හොයල දුන්නෙ මෙහෙ ඉන්න එයාගෙ යාළුවෙක්.... එයාට මෙහෙ සැහෙන්න හොද යාළුවො ගොඩක් ඉන්නව කියල මම දන්නේ එයාලා ඔක්කොම හෙට බෝතල් පාර්ටි දාන්න සෙට් වෙනව කිව්ව නිසා....අපිට ඉතිං මත්පැන් තහනම් නේ.....අපි කොහොමත් මතින් තොරයි .....හුම්....

ගේට්ටුව වහපු නිසා මම බල්ලවයි පූසවයි බිමින් තිබ්බා....ලොකු උද්‍යානයක් නැතත් පොඩි ඉඩකඩක් ගෙදර ඉස්සරහ තිබ්බා....යන තැනම ලස්සන දම් පාට ලැවෙන්ඩර් පදුරක්....

" සුදු මැණික එන්නකො....."

එයා පාපිස්ස යටින් යතුර අරගනිද්දි මමත්  එයා ළගට දුවන් ගියා...ලස්සන දුඹුරු පාට ලී කෑල්ලක දිලිසෙන ලෝහයකින් නමක් ගහල තිබ්බා....

Widy Willows ❤🌠

" වින්ඩි විලෝස්......."

මම ඒ නම මුමුණන ගමන් එයාගෙ මූණ දිහා බැලුවා.....

" සුළගින් පිරි විලෝ තුරු......"

එයා මගේ නළලත සිඹින ගමන් මගේ අතට යතුරු කැරැල්ල දුන්නා...

" සුදු මැණික දොර අරින්න......"

අයියා මට කියද්දි මම ඔළුව වනලා යතුරු කැරැල්ලට දාන්න හදලත් ආයෙ ක්ෂණිකව එයා දිහා බලුවා.....එයාට මාව තෙරුනා.....එයා ඉක්මනට ලැගේජ් එක අවුස්සල මගේ බුදු පිළිමෙයි එයාගෙ ජේසු පිළිමෙයි අත් දෙක උඩින් තියාගත්තා..... මම දොර ඇරලා ගෙට ගීයේ වටපිට බල බල.....

කාමර තුනක් එක්ක ලස්සන කිචන් එකක්.....

එයා මේසයක් උඩින් පිළිම  දෙක තියලා මාව වැළදගත්තා.....

" හරිම කියුට් ගෙයක් අයියේ......"

" ම්ම්......මගේ කියුට් කොල්ලට මම කියුට් ගෙයක් ගත්තා......."

දෙමහල් නිවාසයක් උනත් වැඩි ඉඩක් ගෙදර තිබ්බෙ නෑ.....හැබැයි අපි දෙන්නට ජිවත් වෙන්න නම් හොදටෝම ඇති.... මගේ ඩිග්‍රි එක ගන්න RMIT university එක තිබ්බෙත් මෙතන ඉදන් මිනිත්තු විස්සක වගේ දුරකින්..... අපි ඉදියේ victoria ප්‍රාන්තයේ melbourne නගරයේ Dockland village එකේ georgia පටු මගේ පස් වෙනි ගෙදර ...... එයා මේ ගෙදර අරන් තිබ්බෙ එයාට melbourne air port එකටයි මට යුනිවර්සිටි එකටයි ළග වෙන්න... ඉතිං අද ඉදන් අපි දෙන්නා වින්ඩි විලෝස් වල අලුත් ජිවිතේ පටන් ගන්නව....මම යුනිවර්සිටි යද්දි එයා airport යනව...

අන්තිමට එයා මගේ හීනෙ හැබෑ කළා....මගේ සතුට එයා ළග... මගේ ජිවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යක්....එදා එයාව මුණගැහුණ එක.... මගේ අයියා....

ජනෙලෙන් ඈත පේන melbourne නගරය දිහා  බලන් ඉදපු එයාව මම පිටිපස්සෙන් වැළදගත්තා..

" සුදු මැණික ......"

" මහත්තයෝ......??"

" ඇවිදින්න යමුද......."

" හා......."

ඉතිං අපි දෙන්නගෙ ජිවිතේ මෙතනින් ඉවරද....?? කොහෙත්ම නෑ.....අදින් තමයි අපි දෙන්නා ජිවිතේ විදින්න පටන් ගන්නේ.....මෙල්බර්න් අහස යට....කැන්ගරු දේශය තුළ.... 

.
.
.
.
.
.
.
.
.
✈ වින්ඩි විලෝස් වල එයාලගේ ජිවිතේ එක්තරා දවසක් එක්ක නැවත මුණ ගැහෙමු.... ❤

✈ byebye......

✈ මට කියන්න ..මේ වගේම කතාවක් කවදහරි මම ලියනව නම් 😁 ඔයාලා ආස එයාලගෙ චරිත මොන වගේ වෙනවටද.....?? මෙතන zhan pilot කෙනෙක්....yibo air hostess කෙනෙක්....ඒ වගේ......??.

Continue Reading

You'll Also Like

158K 11.7K 45
"သူ့ ကို တကယ်ကြိုက်လား..." "အင်း..ကြိုက်တယ်..." "ဘယ်လောက် ကြိုက်လဲ.." "မသေချင်တော့အောင် ကြိုက်တယ်..."
88.8K 5K 200
Đệ tử đời thứ 13 của Đại Hoa Sơn Phái, Mai Hoa Kiếm Tôn - Chong Myung, người đã liều mình cùng chết với Thiên Ma, kết thúc một thời đại đen tối của v...