Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

192K 27.6K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 51✈

2K 360 33
By HashiHiru

උදේ හතට විතර නැගිටලා සැන්ඩ්විච් පෙත්තක් උදේට කාපු අපි දෙන්නා අටහමාරෙ පූජාවට පල්ලි ගිහින් එද්දි වෙලාව දවල් දොළහට කිට්ටු උනා... අද මල්ලිගෙ ක්ලිනික් දවස වෙද්දි අයියා කතා කර දිපු කැබ් එකකින් මල්ලි හොස්පිටල් ගිහින් තිබ්බා....

" සුදු මැණික ......මන් වොශ් එකක් දාන් එන්නම්....අද මමනේ උයන්නේ...පුලුවන් නම් මට කොෆී එකක් විතරක් හදන්න...."

" හ්ම්ම්......"

එයා බාතෲම් එකට යද්දි සාලෙ පොඩ්ඩක් අස් පස් කරල දාපු මම බැලකනි එකේ දොරවල් ඇරලා දාලා හුළං ගේ ඇතුළට එන්න සැලස්සුවා....දැන්  Autumn season එක.... ගස් වල කොළ හැලෙන කාලේ....පාර දිගේ තියෙන හැම ගහක්ම රතු පාට වෙලා.... හරි ලස්සනයි ......

සාලෙ අතුගාලා දාලා ඉවර වෙනවත් එක්කම මෙන්න මේ මිහිහා නාගෙනත් එනව.....යකූ වෙනදට නාන්න පැයක් වත් යනව....එයා එන්න පරක්කු වෙන නිසාමයි මම ගේ අස් කරන්න ගත්තේ....

" කෝ කොෆි එක.....??"

" අද ඇදේ අනික් පැත්තෙන්ද නැගිට්ටෙ මහත්තයෝ......මෙච්චර ඉක්මනට නෑවෙ.....??"

එයා කොටම කොට ශෝටකට ආර්ම් කට් බැනියමක් ඇදන් ඉද්දි එයා එහෙම ඉන්නකොට ශෝක් කියල මට හිතුනා...හැමදාම ඔහොම ඉන්නව නම් මම ආසයි....එයා පට්ට සෙස්සි එතකොට ....

" අනේ මේ සුදු මැණික .....ඔයාට මම මොනව කරත් වැරදී....යන්න යන්න ගිහින් වොශ් එකක් දාගෙන එන්න....."

එයා මාව පිටිපස්සෙන් අල්ලා කාමරේට යවද්දි බ්ලෙසර් එක ගලවලා දාපු මමත් ඉක්මනට වොශ් එකක් දාගත්තා... කොහොමත් මගේ ජාතික ඇදුම කොට ශොටට දිග ටී ෂර්ට් එක වෙද්දි කොටින්ම කිව්වොත් ඒක ඇන්දහම ටී ෂර්ට් එක විතරයි යට හෙලුවෙන් වගේ.... නොකිව්වට එයා ආසයි මම එහෙම අදිනවට....ඉතිං එයාගෙ ආසාව මගේ කැමැත්තනේ... ඉතිං ඒ නිසා මම අදින්නේ එයාට ඕනෙ විදියට....ඒක එක්තරා විදියක යටත් වීමක් කියල කියන්න පුලුවන් ඒත් මම ඒක කරන්නේ ආසාවෙන් නම් ඒක යටත් වීමක් වෙන්න බෑනි.....

" කෝ දෙන්න මම සුද්ද කරන්න ....කොෆි එකක් හදාගත්තද....??"

එයා සින්ක් එකට දාගෙන අල වගේකුයි කැරට් වගේකුයි සුද්ද කරද්දි මම එයගෙන් ඒක ඉල්ලගත්තා....

" ම්ම්....මම බිව්වා.......බබා ඕක ටිකක් ලොකුවට කෑලි කපන්න.....බොයිල් කරද්දි කපනව වගේ....කැරට් ලියන්න එපා...."

" හ්ම්........"

මම අල ටික සුද්ද කරද්දි එයා ඊයෙ ගෙනාව pork nuckle එක සෝදලා අරන් ලුණු , ගම්මිරිස් , මිරිස් දාලා ඒක හොදට අතගෑවා....( කෑලි කපන්නෑ.....)

පස්සෙ ඒක තෙල් කඩදාසියක් තියපු අවන් තැටියක තියලා මම සුද්ද කරල කපල දුන්න අලයි කැරටුයි ඒක වටේට තිබ්බා....

" දෙහි නැද්ද ගෙදර ....."

" ෆ්‍රිජ් එකේ ඇති ......"

පෙති කපපු දෙහි බෑයවල් කිහිපයකුත් වටේට තියපු එයා එළවළු වලටත් ලුණු , ගම්මිරිස් ඉහගත්තා.....

මම එයාගෙ ඉන වටේ අත් දෙක දාගෙන එයාගෙ පිටට හේත්තු උනා.....මම උයද්දි එයා මගේ පිටට හේත්තු වෙලා උරහිසට  නිකට තියාගෙන මම උයන හැටි බලන් ඉන්නව...ඒත් මට ඒ වගේ බලන් ඉන්න බෑනේ...එයාගෙ උරහිසට නිකට තියන්න මම අඩි දහයක් වත් ඉස්සෙන්න ඕනේ....

එයා එහෙට යද්දි එයාගෙ ඇගේ එල්ලිලා එහෙට ගිය මම එයා මෙහෙට එද්දි එයාගෙ ඇගේ එල්ලිලා මෙහට ආවා....එයාගෙ පිට සෝයි අප්පා...චීස් කුට්ටි වගේ... ආර්ම් කට් එකෙන් බාගයක්ම එළියේ....මම සැරින් සැරේ ඒ චීස් කුට්ටි වලට හාදු තිය තිය දත් වලින් හැපුවා....

බැරිම තැන මම එයාගෙ අතක් අස්සෙන් ඔළුව දැම්මා.... එයා අර pork nuckle එක පැත්තකින් තියලා දිසියක් අරන් garlic paste එකෙන් හැදි දෙකක් , Dijon mosturd හැන්දක් දාලා ඒකට මී පැණි හැන්දකුයි දාලා කලවම් කළා.....

" එහාට පලයන්කෝ....."

එයා මාව තල්ලු කළත් මම ආයෙත් එයාගෙ ඇගේ ඇලුනා....

" මොකද්ද අනේ.....මට පේන්නෑ නේ හුම්......"

ඒ පේස්ට් එකටම තව White wine vinager හැදි දෙකක් වගේ මික්ස් කරපු එයා ඒක හොදට කලවම් කරලා බ්‍රශ් එකකින් අර pork nuckle එක උඩ වටේට ගෑවා.....

" ඇත්තමයි මං උඹට ගහනව හොදේ....එහාට පලයන් ......"

" අනෙහ් ඉතිං ......."

" අනේ ඉතිං කියන්නේ....බූවල්ලා වගේ එල්ලිලා ඉද්දි මම කොහොමද මේක කරන්නේ ආ......"

" ඇයි යකූ.....වෙනදට මන් උයද්දි මාව පිඹුරා වගේ වෙලාගෙන ඉන්නේ.....මම මොනවත් කියනවද..ආ.....හුම්බ්....."

එයා බැන්නත් මම එයාගෙන් ඈත් උන් නෑ...... හදපු pork nuckle එක අවන් එකෙන් දාපු එයා හීට් එක වැඩි කරලා එද්දි මම ආයෙත් බූවල්ලා වගේ එයාගෙ පිට බදාගත්තා...

හප්පොච්චියේ .........!!!!

මෙයාගේ පීච් ගෙඩි දෙක....යකූ දැන් නේ මම දැක්කේ.....ආවුස්.....මගේ හස්බන්ඩ් මාර සෙක්ශි......කාටද ඉතිං ආඩම්බර....

මම හෙමීට එයාගෙ පිරිපුන් තට්ටම් මිරිකන්න ගත්තා.... දැක්කම අල්ලලා පොඩී කරන්න හිතෙනව අප්පෝ....🍑

" සුදු මැණික ......!!! අවසාන වතාවට කියන්නේ හොදේ...."

ඈ යකූ.....මම උය උය ඉද්දි මට කරන අතවර හොදයි ..මම කළොත් තමයි ....එයාට කරන්න හොදයි ....හුහ්....

අවසානම වෝර්නින් එකත් මම මේ කනෙන් අහලා පිට කරද්දි එයාට ඇත්තටම තද උනා.....

" මෙහෙට වර......"

එයා මාව පොළේ ගහන්න බැරිකමකටද කොහෙද මාව උස්සල පැන්ට්‍රිය උඩින් තිබ්බා.....

" ඔතනින් බැස්සොත් අම්මපා ගහනෝ......"

" අනෙ.....ඉතිං මට....එහෙම ඉන්න.....ඔනේනේ.........ඌයිහ්....මෝඩයා.....මහ නරකයි...."

මම ආයෙත් එතනින් බිමට පැන්නත් එයා මගේ පොල් කටු හැන්දක් අරන් හීනි දිග මිට පැත්තෙන් මගේ කකුල් වලට ගහද්දි මම ඔරවගෙනම ආයෙ පැන්ට්‍රිය උඩින් ඉදගත්ත.....

" ඔය වෝල්නට් ටික පොඩ්ඩක් බැදල ගන්න....හැබැයි බිමට බහින්නෑ ආ....."

" ඉතිං වෝල්නට් ටික ගන්න මම බිමට බහින්නෙපැයි....."

මම බිමට පයින්න හැදුවත් එයා මගේ අතට ඔක්කොම බඩු ටික දීලා දබර ඇගිල්ල දික් කළා.... ගෑස් ලිප තිබ්බෙ මගේ ළග වෙද්දි මට බිමට බහින්න තහනම් කරපු නිසා මම පැන්ට්‍රිය උඩ ඉදන්ම වොල්නට් ට්ක පොඩ්ඩක් බැදල ගත්තා.....

Broccoli එක ටිකක් ලොකු කෑලි වලට කපපු එයා ඒක පැත්තකින් තියල වෙනම භාජනේකට යෝගට් ටික දාගෙන එකෙන් හැදක් මට කැව්වා.....ඒකට caster sugar ,Apple cider ,  බැදපු වෝල්නට් , sultana , ආමන්ඩ් ඔක්කොම එකට දාලා මික්ස් කරලා ඒ හදාගත්ත පේස්ට් එකට අර broccoli එක දාලා කලවම් කළා.... එයා විනාඩි දහයෙන් දහය වගේ අර pork roast එක එළියට අරන් ඒක උඩින් කලින් හදාගත්ත පේස්ට් එක ගෑවා....

ඒක බේක් වෙන්න විනාඩි පනහක් විතර යද්දි දවල් දෙක කිට්ටු වෙද්දි ලන්ච් එක රෙඩි උනා....

" හරිද මහත්තයෝ....මම බහින්නද දැන් ......."

" ම්ම්........"

එයා මගේ පොඩි කෑම මෙසේ ස්ට්‍රෝබෙරි පැළෙ අයින් කරලා ඒක මැදින් ලස්සනට බැදුන pork roast එක තියලා broccoli salad එකත් එතනින්ම තියල අර easter bunny , eggs ටික ටිකක් එහෑන් තිබ්බා......

" ඔක්කොමත් හරි සුදු මහත්තයෝ....ඔයාට තිබ්බේ ගෙදර තියෙන ජේසු පිළෙමෙ මෙහෙ ගේන්න....එතකොට ඒකටත් පහනක් පත්තු කරන්න තිබ්බා......"

මම එයාගෙ කරෙන් අත දාගෙන easter lunch table එක දිහා බලලා කියද්දි එයා මාව ඉනෙන් ඇදල ළගට අරන් කම්මුලට කිස් එකක් දුන්නා.....

" කමක් නෑ.....අපි හෙට අර මෑන් එක්ක appartement එකක් බලන්න යමු.... අනිද්දා මට ටුවර් එකක් නේ....."

" හුම්ම්......"

අපි උය උය ඉද්දි දෙවෙනි  ගෙදර ආවා වෙද්දි වොශ් එකක් දාන් එයා සාලෙට එද්දි අයියා මගේ ඉන අතෑරලා පුටුවෙන් වාඩි උනා.....

" දැන් ලොකූ ඔයා බැන්දට පස්සෙ ආගම වෙනස් කරනවද.....??"

ඔන්න ඇහුවා ගොන් ප්‍රශ්නයක් .....අනේ මූට කට වහන් ඉන්න බෑනේ....ඇහුවොත් අහන්නෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් දෙයක්...

" දෙවෙ......"

" මෙහෙමයි මල්ලි.....මම ඔයාගෙ අයියට කිසිම බලපෑමක් කරන්නෙ නෑ කිසිම දෙයක් ගැන....එයාට කැමති නම් ඕනි ආගමක් අදහන්නත් පුලුවන් නැත්තන් නිකන් ඉන්නත් පුලුවන් .....ඒක මට ප්‍රශ්නයක් නෙමේ.....මොකද මම ආදරේ කරන්නෙ එයාට මිසක් එයා අදහන ආගමට නෙමේ..... මං හිතනව ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නැති කියල ..."

" හරි ඉතිං ....මම දැනගන්න ඇහුවේ....."

" අපි දෙන්නා ආගම් දෙකක උනාට අපි දෙන්නා කවදාවත් එකිනෙකාට කියාගෙන නෑ ඔය ආගම අදහන එක නවත්තන්න කියල ....ඒ වෙනුවට අපි දෙන්නම අපේ ජිවිත බෙදාගත්තා.... ඔයාගෙ අයියා මාත් එක්ක නත්තල වගේම අද පාස්කුව සමරනව..... මම ඔයාගෙ අයියා එක්ක පන්සලකට පවා ගිහින් තියෙනව....ඔයා කියන්නකො බලන්න අන්තිමට පන්සල් ගියේ කවද්ද කියල ......??"

මල්ලිට කට උත්තර නැති වෙද්දි අයියා රවාගෙනම ගිහින් පිහියක් අරන් ඇවිත් අර pork nuckle එක පෙති පෙති කැපුවා......

මම ඒක ඒ දෙන්නගේ ප්ලේට් එකට දාලා broccoli salad එක ඒකට උඩින් බෙදුවා.... අන්තිමට මමත් බෙදාගෙන කන්න වාඩිගද්දි එයා අලුත කඩපු red wine එකක් ග්ලාස් තුනකට දැම්මා....

" ම්ම්.......ඇත්තටම රසයි ඔයාගෙ meal එක නම්....."

මම එහෙම කියල එයාගෙ කම්මුලකට හාද්දක් දෙද්දි එයා හිනාවෙලා කාලා බැලුවා....

" මීට වඩා රසට මමී හදනව බබා.....ඊළග පාර ඊස්ටර් එකට වත් අපි ගෙදර යන්......"

" හුම්ම්......."

එයා කෑවට වඩා කළේ මට කවපු එක වෙද්දි එයාගෙ අතින් රසම රස  කෑමක් කාපු මම එයාට කොෆි එකක් හදන් ආයෙ සාලෙට ආවා......මේ මිනිහට වයින් බිව්වත් කොෆී ඕනේ......

" ම්ම්.."

මගෙන් කොෆි එක ගත්ත එයා කාලා ඉවර වෙලා කට පිහිද පිහිද ආව මල්ලිට chocolate egg එකකින් දමල ගැහුවා....ඒක රිදෙන්නැති හැබැයි .....ඔලුවටම වැදුනා.....

" මොන හු##ක්ද යකෝ....."

" ආ......ආ.......මොකද කට ඒ....??කම්මුල් පාරෙ රහ අමතක වෙලා වත්ද.....??"

" රෙද්ද......."

මල්ලි කාමරේට යද්දි මම එයාගෙ ඔළුවට ටොක්කක් ඇන්නා.....

" පව් ඒ කොල්ලා...."

" හරි හරි ඉතිං .....ඌව දැක්කම ආතල් එකට ගන්නමයි හිතෙන්නේ සුදු මැණික ..... "

එයා කොළේ ගළවපු easter bunny ගෙ කන් දෙකෙන් කෑල්ලක් කඩාගෙන මට ඒ හාව සම්පුර්ණයෙන් දෙද්දි කෑල්ලක් කාපු මම ඒක ෆ්‍රිජ් එකට දාලා මගේ බව් කොව්වව වඩාගත්තා....

" කෝමද බූටියාහ්.......අපි ලන්ච් ගමු.....හාද....ම්ම්........"

කුක්කටම ගත්ත කෑම උරේ cereals ටික දිය කරලා උගේ කප් එකට දාපු මම පූසට දාන කෑම එක අරන් කාමරේට ගියා....බව්වා ආව වෙලේ ඉදන් ඌ කාමරේ ....බයයි.....කොහොම උනත් මුන් දෙන්නට කන්න දෙන්න මට මාසෙ පඩියත් මදි වෙයි වගේ....පූස කෙසේවෙතත් බල්ලට වැඩි අවධානය යොමු කරන්න වෙනව..... එළියට ගෙනියනකොට ගාන්න ජෙල් වර්ග පවා අයියා ගෙනත් දුන්නා....මොකද උන්ව ඉක්මනට ආසාදනය වෙන්න පුලුවන් ලු..... උගේ මයින් ශෝක් අප්පා....මම චූටි රෝස පාට බූල් දෙකක් දාලා කොණ්ඩ දෙකක් බැන්දා....නැත්තන් ඌට ඇස් පේන්නෑ......

කොණ්ඩයක් කිව්වහම මතක් උනේ.... අරයගෙ කොණ්ඩෙත් බදින්න ඕනේ....එතකොට හරි හැඩයි එයා....

ඉක්මනට අත් සෝදගත්ත මම බූටිට හෙයා බූල් ගන්න යද්දි එයාටත් ගත්ත කළුපාට කොණ්ඩ බූල අරන් සෝපා එකේ ඉදපු එයා ළගට ගිහින් ඔඩොක්කුවෙන් වාඩිගත්තා....එයා නිහඩවම ටිවි එකට පේ වෙලා ඉද්දි සිනිදු කොණ්ඩෙ අල්ලලා ගැටයක් දාපු මම බූල දාලා හැඩ බැලුවා... ආවුස් ඉතිං .....මගේනේ......

.
.
.
.
.
.
.
.
.
.
✈ you tube එකේ ඇත්තටම දැක්ක රෙසිපි එකක්....

✈ බායි.......✈️

Continue Reading

You'll Also Like

250K 34.5K 107
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...
1.4M 70.2K 34
အပျော်သဘောဖြင့် ရေးထားခြင်း ဖြစ်ပါသည်။
1.3M 29.2K 23
♥ 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞 ဒီ fic လေးကတော့ system အမျိုးအစားလေးပါ normalအတွဲလဲပါမယ် blအတြဲလဲပါမွာပါ😚 အများကြီးကြမ်းမှာဖြစ်လို့ warnning..ဒီဖက်ကမ္ဘာမှ fuj...