Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

192K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 47✈

2.1K 372 89
By HashiHiru

" අනේ මේ කියන තැනකට වදින්නම් මල්ලි එක්ක රණ්ඩු වෙන්න තියාගන්න එපා අයියේ ම්ම්......."

" ආයිශ්ශ් බෝ.......ඔයා ඕක කියන්නේ කිවෙනි වතාවටද ආ......??"

" කීවෙනි වතාවටද අහන්නේ....නොකියා බෑනේ.....මම දන්නවනෙ ඔයාගෙ හැටි..ඔයාට හොස්ස ළගින් මැස්ස යන්න බෑ එහෙන්.... අනිත් එකා දෙවෙනි..ඌට ඊටත් වඩා මූලග්ගින්න..... "

එයා මට රවල අහක බලාගනිද්දි මම ඉක්මනට මගේ බ්ලේසර් එකේ අතේ බොත්තම් දෙක දාගෙන කොණ්ඩෙ ජෙල් කළා...

" ඔච්චර ලස්සන වෙන්නෙපා ඉතිං ...."

" ඒක මගේ ජොබ් එකනේ සුදු මහත්තයෝ.... air hostess කෙනෙක් උනාම....දැකුම්කළු ප්‍ර්‍රියමනාප වෙන්න ඕනේ......"

" ඔයා ඉස්සර ඉදන්ම හිතන් ඉදියේ air hostess කෙනෙක් වෙන්නද සුදු මැණික ...."

කණ්ණාඩිය ඉස්සරහින් හිටගෙන කොණ්ඩෙ හදපු මාව එයා ඇදෙන් වාඩි කරවල එයාට ඕනෙ විදියට කොණ්ඩෙ හදන්න ගත්තා...

" ම්ම්හ්......"

" එහෙනම්......??"

එයා එහෙම ඇහුවෙ පුදුමයෙන්....

" pilot කෙනෙක් වෙන්න හීනයක් දැක්කා..... ඒත් අප්පච්චිගෙ මරණෙන් පස්සේ මට ඒ හීනේ පස්සෙ යන්න බැරි උනා.....අහස අල්ලන්න බැරි උන එකේ මම වහල හරි අල්ලනව කියල තමයි මේ ජොබ් එකට ආවෙ....ඒකට මාව හොදට මැච් වෙනවනේ... "

" හැමදේම වෙන්නේ හොදට සුදු මැණික ... ජිවිතෙ කියන්නේ සල්ලි නෙමෙයි කියල මිනිස්සු කියනව අහල තියෙනවද......හැබැයි සුදු මැණික මම නම් ඒක විශ්වාස කරන්නෑ....සල්ලි නැතුව ජිවත්වෙන්න තියා එක වේලක් යැපෙන්න වත් මිනිස්සුන්ට බෑ..... ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි කියල කියන එකාම කරන්නේ ඌරගෙ මාළු ඌරගෙ ඇගේම තියල කපන එකනේ... ඒ වාක්‍යේ ගැඹුරු අරුතක් තියෙනව සුදු මැණික .....මම නෑ කියන්නෑ.....ඒත් සල්ලි නැතුව මේ සමාජෙ ජීවත් වෙන්න බෑ....අතපය හතරම තියන් හිගාකන මිනිස්සු මේ ලෝකෙ ඕනෑ තරම් ඉන්නව... "

එයා හරිම ලස්සනට මගේ කොණ්ඩෙ ජෙල් ගාලා උඩට උස්සල නළලට වැටෙන්න හැදුවා...

" සමහරු කියනව සුදු මැණික ' මම ආදරේ කරන්නේ මූණට නෙමේ හදවතට ' කියල ....මම ඒ වාක්‍යත් විශ්වාස කරන්නෙම නෑ සුදු මැණික ... ඒ කියන මනුස්සය එහෙම කියන්නේ එවෙලෙත් තැඹිලි ගෙඩියක් වගේ කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව ඉස්සරහ තියන්.... මිනිස්සු මුහුණ දැකලයි හදවත දකින්නේ....හදවත දැකල මුහුණ දකින අය අඩුයි.... ඒත් සුදු මැණික හැමදේකින්ම පරිපූර්ණ වෙන්න මටවත් ඔයාට වත් බෑ...මොකද අපි කවුරුත් දේවයන් වහන්සේ වත් බුදු සාධුවත් නෙමෙයි....."

මගේ කොණ්ඩෙ හදපු එයා අවසානෙදි මගේ නළලට ගැඹුරු හාදුවක් තිබ්බා....

" පරිස්සමෙන් ගිහින් එන්න... "

මගේ කම්මුල් වක තිබ්බ එයාගෙ දෑත් දෝතට ගත්ත මම ඒ රළු අල්ලට හාදු තිබ්බා.....

" කෑම හදල තියෙන්නේ.....රෑට කාලා නිදාගන්න.....උදේට මොනාහරි පොඩි දෙයක් හදාගන්න.....ඒ බැරි නම් ඕඩර් එකක් දාගන්න......."

" ම්ම්ම්.....ඔයා හිතන් ඉන්නේ හස්බන්ඩ්ට උයාගන්න වත් බෑ කියලද.....ම්ම්......."

" පුලුවන් නම් ලොකු දෙයක් හැබැයි ..... "

මම හිනා උනා.....එයා මගේ කම්මුලක් මිරිකලා මගේ නළලට තොල් තද කළා.....

" කිකිළියො එක්ක සිරික්කිය පාන්න ගිහින් අහුවෙන්නෑ ආ......."

" මේ පාර ගිහින් brazil කැල්ලක් ටෝක් කරගන්නෝනේ......"

මම උවමනාවෙන්ම කණ්ණාඩි මෙසෙ උඩ තිබ්බ හැම පර්ෆියුම් එකම නෑවා...

" brazil කෑල්ලක් ටෝක් කරන් උඹ වරෙන්කො චීනෙට....."

" එනෝ තමයි ......"

මම ලැගේක් එකේ ශිප් එක වහලා ඔක්කොම ලෑස්ති කරන් ID එකයි පෝන් එකයි සාක්කුවට දාගෙන ඇදේ වාඩිගෙන ඉදපු එයා ළගට ගිහින් එයාගෙ උකුළෙන් වාඩිවෙලා එයාගෙ මූණම දෝතට ගත්තා....

" පරිස්සමෙන් ඉන්න හබී..... "

" හ්ම්ම්...... "

එයා එහෙන්මම මගේ තොල් අල්ලගද්දි විනාඩි ගානක දිග හාදුවක් රස වින්දට පස්සෙ අකමැත්තෙන් උනත් මම එයාගෙ උකුළෙන් නැගිටල දණ ගහල එයාට වැන්දා......

" ජේසු පිහිටයි.....බුදු සරණයි...... "

එයා මගේ ඔළුව අතගාද්දි මම නැගිටලා ආයෙත් පාරක් එයාගෙ බඩ වටේ අත යවල එයාව බදාගත්තා.... ලෝබයි මේ උණුහුම එක දවසකට හරි ඈත් කරන්න .....

බුදු පහනටත් වැදපු මම නිදන් ඉන්න  මල්ලි ළගට ගිහින් ඔළුව අතගාලා නළල ඉඹලා අයියා එක්ක පහළට බැස්සා....එයා මාව air port එකෙන් ඩ්‍රොප් කරන්න බාරගත්තා....

Appartement එකේ ඉදන් එයා පෝර්ට් එකට යනකන්ම අපේ අත් එකට පටලැවිලා තියෙද්දි මම සැරෙන් සැරේම එයාගෙ අත සිපගත්තා.....

අවසානෙදි අපි ඇවිත් ඉන්දැද්දි මම අසරණව එයාගෙ ඇස් දිහා බලලා එයාගෙ නළලට හාදුවක් තිබ්බා..

පරිස්සමෙන් මගේ පණ.....

" දැන් යන්න සුදු මැණික ...නැත්තන් බැනුම් අහන්න වෙයි......."

" හ්ම්ම්..... "

එයා මගේ මුළු මූණටම හාදු තියලා මගේ බෙල්ලෙන් හම පදාසයක්ම දත් වලින් අල්ලගෙන ඉරෙව්වා.... මදුරුව කන ගමන් දැන් ....

එයාම තියපු හයිකි එකේ ලස්සන බලපු එයා මගේ ඔළුව අතගෑවා....

" මම යන්නම් අයියේ....Good night .."

" Good night ......"

මම ලැගේජ් එකත් අරන් වාහනෙන් බැහැලා නොපෙනී යනකන්ම එයාගෙ වාහනේ ගියේ නෑ......

*******

✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

පැය ගානක ගමනකින් පස්සෙ ෆ්ලයිට් එක reo the janeiro නගරය උඩින් ගමන් කළා.... yizi ඇවිත් මාව ඇහැරවද්දි මම නින්දෙන්ම බිමට වැටිලා තිබ්බ පෝන් එක අරගෙන මැසේජ් බැලුවා....මෙච්චර වෙලාම අපි ඉදියේ මැසෙජ් කර කර වගේම එයා විනාඩියක් දෙකක් නිහඩව ඉද්දි මට ඉබේම නින්ද ගිහින් තිබ්බා....

ඒ  ඩිංගට එයාගෙ මැසේජ් වලින් පෝන් එක පිරිලා තියෙද්දි මට ඒ ආදරේ ඒ සෙනහස කොයිතරම්ද කියල දැනුනා... ඒ ආදරේට මම හැමදාමත් ලෝබයි.... අහම්බෙන් හම්බෙච්ච ආදරයක් නිසා මම අද ජිවිතේ උපරිම සතුටෙන් විදින හැටි මටත් පුදුමයි.....

📤" නින්ද ගියා මහත්තයෝ......"

📥 " කොහෙද ඉන්නේ සුදු මැණික .....??"

📤 " ලෑන්ඩ් කරන්න ළගයි....රෑට කන්න මොනාහරි ඕඩර් දැම්මද....??"

📥" හ්ම්ම්....dont worry baby...අයියා ඉන්නවනේ....මම මල්ලිව බලාගන්නම්... "

මට තියෙන වෙරි එක දෙන්නා මරාගනීද කියල ......මන් ළගත් නෑ......

ලෑන්ඩ් කරන්න ලං උන නිසා මම මූන පොඩ්ඩක් හෝදගෙන ලෑස්ති උනා..... මෙහෙට එද්දිත් වෙලාව දවල් තුනයි කාලයි.... ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ මම රූම් එක හොයාගෙන යද්දි හතරහමාරත් පහු උනා....රූම් එකට ගියපු මම දොරවල් ලොක් කරල වොශ් එකක් දාන් ඇවිත් ඇදට ආවා....

" හෙලෝ සුදු මහත්තයා....දොයිද....

- ම්හ්ම්... ඇදට ආවා විතරයි .....

කෑවද දෙන්නම....

- හ්ම්ම්......සුදු මැණික කෑවද.....??

නෑ මහත්තයෝ..... මම වොශ් එකක් දාන් ආවාවිතරයි  ...................................................................................................."

එයා පුරා පැයක්ම මාත් එක්ක කියවද්දි මටත් පාළු හිතුන් නෑ...එයා හරිම ආදරණීය කෙනෙක්....වෙලාවට දගයෙක්..වෙලාවට ඇම්ඩෙක්...තව වෙලාවකට මට තාත්තෙක්...තව වෙලාවකට ඒ හැමදේටත් වඩා මට යාළුවෙක්....

Knock 💥 .......

එයා ගැන හිත හිත ඉදපු මට එකපාරටම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙද්දි මහා මූසලකමකින් මුළු ඇගම වෙවලලා ගියා... මොළේ දොර අරින්න එපා කිව්වත් හදවත කොහොමද එහෙම නොකර ඉන්නේ....

තුන් හතර වතාවක්ම තට්ටු කළායින් පස්සෙ සද්දෙ නැති වෙලා ගියා....

තිබ්බ නොසන්සුන් කමට අතෙ නියපොතු කටට යද්දි පෝන් එක රින් උනා.....

Unknown number.....

අමුතු බියකින් මුළු ගතම සලිත වෙලා යද්දි මම පෝන් එක කට් කරල ඕනි දෙයක් වෙද්දෙන් කියල දොර හැරියා...

" ක....වු......"

එසැණින් මාව ගිහින් බිත්තියට හේත්තු වෙද්දි එදා ඒ කිනිස්සම අදත් මගේ උගුරු දණ්ඩ උඩ රැදුනා....

" උඹ කාගෙ පවර්ස් අරන්ද මිනිහෝ කෝල් ආන්ස්වර් නොකරන්නේ....උඹට ඕනේ අරූව පාරක් අයිනේ බල්ලෙක් ගානට මැරිලා ඉන්නව බලන්නද ආ......."

"  මම මොකද්ද කරන්න ඕනේ....??"

...............................................................👀

🕛🕧🕒🕑🕓🕝🕠

වෙලාව ගත වෙලා ආයෙත් ෂැංහයි වලට පියාසරන වෙලාව උදා උනා.... අද මට තිබ්බෙ පොඩි ෆ්ලයි එකක්... ඒ නිසා දවස් දෙකක් වගේ තමයි ටුවර් එකට ගියේ....

" හෙලෝ....මම කියපු තැන ඉන්නේ..... හ්ම්ම්........"

ලැගේජ් එකත් අරන් වොශ් රූම් එක ඇතුළට ආව මම කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන ඉදියේ ලොකු බයකින්....කවදාවත් මෙහෙම දේකට ෆේස් කරල නැති මාව ගැහෙන්න වගේ ගනිද්දි සුපුරුදු විදියටම මාව ගිහින් බිත්තියට හේත්තු උනා වගේම මගේ ඇස් කළු පටියකින් වැහිලා ගියා.....එයාලට තිබ්බ බය නිසාම මම ඔහේ උන්නා... මොකද මම මෙතන කලබල කළා කියල තේරුමක් නෑ......මම කලබල කරොත් වෙන්නේ මගේ රත්තරන් අයියගෙ ජිවිතේ කරදරේ වැටෙන එක... තමන්ග්‍ර් ජිවිතේ බේරගන්න බැරි තරම් මගේ අයියා ළපටි නැති උනත් උන් මැරයො... පස් හය දෙනෙක් ඇවිත් ....මගේ අයියට කරදරයක් කළොත් මම මොනව කියල කරන්නද දෙයියනේ ......

" කරන්න ඕනේ දේ දන්නවනේ....."

"ම්ම්....."

" එහෙට ගියාම පෝන් එක චෙක් කරන්න ....අදාළ කෙනා එතන ඉදී... first of all ....parcel එක තියල එහෙ මෙහෙ කැරකෙන්න හදන්නෙපා.. තමුසෙ දන්නවනේ තමුසෙගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ජිවිතේ තීන්නේ අපි අතේ කියල .... "

" ම්ම්......"

" පාරෙ ඕනි තරම් වාහන හැ......."

" ගෙනාපු දේ තියල යනව මනුස්සයො... !!!!"

මම කෑ ගැහුවෙ ආවේගයට...ඔය කතාව තමයි එදා ගෙදරට ආව අර කළු කෝට්කාරයත් කිව්වේ....ඔය කතාව අහන්න මට අප්පිරියයි ....මගේ පපුව කීරි ගැහෙනව ....

" හ්ම්ම්....Good.... බොරුවක් කරන්න හිතන්න වත් එපා ම්ම්.... ඊළග දවසෙ මුණගැහෙමු එහෙනම්....."

" මට බැහැ......"

" what....??"

" තමුසෙ මාව සල්ලි වලට ගන්නද ඉන්නෙ ආ....හැමදාම මේක කරන්න මට බෑ.... තමුසෙලට ගැළපෙන එකෙක් හොයාගන්නවා....."

" ඔයා විතරයි baby මේකට ගැළපෙන්නේ..."

" ඇයි තමුසෙලා මාවම මේකට ගත්තෙ ආ.... වෙන එකෙක් ඉදියෙම නැද්ද.... "

" කතා ඇති .....!!! අපි ඇටෑක් කරන්නේ weak babies ලට.... හරියට ඔයා වගේ....."

" තමුසෙලා මන් ගැන හිතන් ඉන්න විදිය වැරදී.... "

" ම්හ්....දෙයක් කරන්න කලිම් හිතන්න lio.... ම්ම්.... තමුන්ගෙ එක සිතිවිල්ලක් ඇති තමුසෙ කුරු ගණන් කර කර හිරේ ළගින්නයි.... අරූ ඉස්පිරිතාලෙ පණ අදින්නයි....ම්ම්...."

" තමුසෙලට බෑ මෙහෙම හැමදාම මාව යූස් කරන්න ....."

" අපි try කරල බලමු නෙහ්.... see you soon.....mr.lio....."

වොශ් රූම් එකේ දොර වැහෙද්දි මම ඇස් බැදල තිබ්බ කළු පටිය ගලවගත්තා... ලැගේජ් එක උඩින් කළු පාට කවරයක තදට ඔතපු පාර්සල් එකක් තියෙද්දි මට මගේ ජිවිතේ ගැන කලකිරුනා..

උපන් දා ඉදන් මට සැනසීමක් නැද්ද දෙයියනේ ..... මේක ලේසි පහසු දෙයක්ද.... නිකමට වත් air port security එකට මාව නෝට් උනොත්.....customs ( රේගු ) එකට අහු උනොත්... දෙයියනේ .... ඔක්කොටමත් වඩා අයියා දැනගත්තොත් ..මාව නොමර මරයි...

මට මෙවෙලෙ වෙන කරන්න දෙයක් ඇත්තෙත් නැහැ...මොනා කරන්නද කියල මට තෙරෙන්නෑ.....මට දැනුමක් නෑ....

මේල ජාලයක් තනිකරම....මම යාන්තමින් හරි කොනක ගෑවුනොත් මට ගැලවීමක් නෑ..මම මොකද්ද කරන්නේ මේකට... ම්ම්ම්....මං ළගම තමයි මගේ ප්‍රශ්නෙට විසදුමක් තීන්නේ.....

" ශැක්....වෙලාවත් කිට්ටුයි......."

මම ඔරලෝසුවෙන් වෙලාව බැලුවා....ෆ්ලයි කරන්න පැයක් තිබ්බත් මම දැන් ෆ්ලයිට් එකට යන්න ඕනේ...

" මම මොකද්ද කරන්නේ අප්පච්චී .....ප්ලීස් මට කියල දෙන්න.....අනේ මට බෑ අප්පච්චී ....මගේ අයියගෙ ජිවිතේ අනතුරේ දාන්න මට බැහැ.... ඉන්න තැනක ඉදන් මට උදවු කරන්න අප්පච්චී ....."

.................................................

No p.o.v.

ජාන් සහ prem( දෙවෙනි ) ඩොක්ටර් ඩෑන් හමුවීමෙන් පසු නැවත නිවසට පැමිණියේ රාත්‍රිය ගතවූවත් පසුවය...

" ෆ්‍රිජ් එකේ ඇති පෙති පාන් ..... රෑට කන්න සැන්ඩ්විච්  හදන්න....."

ජාන් එහෙම කිව්වෙ ශර්ට් එකේ බොත්තම් තුන හතරක් ගලවාගෙන සෝපා එකේ හාන්සි වෙන අතරතුරයි....

" මොකක් මම......??"

ඔහු එකවර ඇසූ සැනින් ජාන් විසින් රෞද්‍ර බැල්මක් ඔහුට පා කර හැරියා....

" ඇයි....තමුන්ට පුලුවන් අගුපිල් ගානෙ රිංගල කුඩු ගහන්න විතරද....??"

ජාන්ගේ ගැඹුරු කටහඩ හමුවේ කවදත් දෙවෙනි අවනතයි..... හුළං ගිය බැලුනයක් මෙන් බිම බලාගෙන කුස්සියට ගිය දෙවෙනි ජාන් සමග තරහට මෙන් ෆ්‍රිජ් එකේ දොර වෙගෙන් හැර වෙගෙන් වසා දැමුවා.....

" තමුසෙ හිතන් ඉන්නේ තමුසෙගෙ දේපළක් කියලද ඔය ආ......තමුසෙ ඔය හදන්නේ මට කියල කන රත් කරගන්න තමයි ......"

' නාකි මයිනා....මූගෙ කටට හෙන ගහන්න ඕනි.......'

හිතුවත් මුකුත් කියන්න නොගිය  ඔහු නිහඩවම බටර් ගෑ පාන් පෙති කිහිපය ජාන් ඉදියෙන් තිබ්බා.. ...

" තමුන්ට නම් අයියා තරන් වත් දෙයක් කරගන්න බෑනේ ආ.... අයියා වෙනුවෙට තමුසෙට ෂැංහයි එන්න උනා නන් තමුසෙට තේරුම් ගන්න තිබ්බා ජිවිතෙ ගැන....තමුසෙගෙත් කට විතරයි ...මෙහෙ එනවා....."

ශර්ට් එකේ අත් උඩට නමාගත් ජාන් කිචන් එකට ගිහින් ලෝහ වලල්ල තියල බිත්තර දෙකක් බැදලා පිළිවලට සලාද කොළත් එක්ක පොඩි සැන්ඩ්විච් එකක් හදන හැටි දෙවෙනිට කියල දුන්නා....දෙවෙනි උනත් ජාන් සමග උපන් වෛරයෙන්ම සියල්ල අහන් ඉදියා...

දෙවෙනිට කවදත් ජාන් දෙන උපදෙස් රිසි වූයෙ නැහැ...ඔහු හිතුවක්කාරයි....මුරණ්ඩුයි...ජාන්ට ඇති බිය නිසාවෙන් නිහඩව ඉදියත් ඔහුගෙ හිතේ ජාන් පිළිබද තිබූ සිතුවිල්ල නම් අන්තිම නරකයි....

" ම්ම්.....දැන් කන්න.... බටර් ගාලා පාන් කන්නේ පොඩි එවුන්....අනික එහෙම හොදයි tea time වලට...හෙට ඉදන් සැන්ඩ්විච් එකක් හදල ඉල්ලුවම මෙ විදියට හදන්න තමුසෙට පුලුවන් කම තියෙන්න ඕනේ....ම්ම්...."

තමන් විසින්ම හදපු සැන්ඩ්විච් පාන් පෙති කිහිපය ආහාරයට ගත්ත ජාන් එක්වර කල්පනා වූ දෙයක් නිසා බුදු පහන දිහා බැලුවා...

" arghhhh.....මට අමතකුනා නේ සුදු මැණික ..."

ඉක්මනට පුටුවෙන් නැගිට්ට ජාන් මල් වට්ටිය අරන් එළියෙ බැල්කනි එකට දුවන් ගිහින් පර මල් විසි කරලා සුදු පාර සුවද හමන ගැට පිච්ච මල් පිළිවළට වට්ටියට එකතු කළා...

කියන්න ඕනෙ මොනාද කියල නොතේරුනත් පහන පත්තු කරලා මල් පූජා කරපු ජාන් , ක්‍රිස්තුස් වහන්සේ නමදින අයුරින්ම අත් එකට බැදලා යාක්ඥා කරලා සුවද කූරක් දල්වලා ගෙදර දොර ලොක් කරල ලයිට්ස් සේරම ඕෆ් කරගෙනම රූම් එකට ගියා.....

*****

" සුදු මැණික .......

- ම්ම්........

මොකද කරන්නේ........

- මුකුත් නෑ.....

කෑවද ....ම්ම්......

- මෙ වෙලාවෙ කන්න ඔයා හිතුවෙ මම පැසෙන්ජර් කෙනෙක් කියලද අයියේ.....??

යීබෝගෙ ඒ වදන් හමුවේ ජාන්ට ඇති උනේ කේන්තියක්......

සුදු මැණික ......!!!!??

- ආහ්.....ඇයි ඉතිං .....

මොකද්ද වෙලා තීන්නේ ආ...

- මොනා වෙන්නද අනේ.... ඇයි ....??

මොකද්ද තමුසෙගෙන් මන් ඇහුවේ.....කෑවද කියල .....ම්ම්.... ඇයි වෙනදට තමුසෙ පොඩි හරි දෙයක් ෆ්ලයිට් එකේදි ගන්නැද්ද ආ...

- හරි හරි ඉතිං ....සොරි...අයියේ....මට එ...ක ...පාරටම......

ඇති ........!!!

- හෙලෝ....මේ පෝන් එක නම් තියන්න එපා අයියේ....හුම්.... පොඩි දේටත් කේන්ති ගන්නවා.....නපුරා....

..................

- මොනාහරි කියන්නකො සුදු මහත්තයෝ ඉතිං .....

...................

- තලාද අනේ....අයියූ.....මම ඒක ජෝක් එකට කිව්වේ....සුදු මහත්තයෝ ....අහන්නකෝ වශ්තුවේ....

අහන් ඉන්නේ....කියනෝ ඉතිං ....

- තරහා ගියාද....??

..............

- කියන්නකො ඉතිං ........

හ්ම්........

- කොච්චරක්ද......ආ....

අනෙ  මේ රෙද්දක් අහන්නැතුව ඉන්නවා...මෙහෙට එද්දි කීය වෙයිද ආ...

- ඇවිත් කෝල් කරන්නම් පණ....මම දැන් වැඩක්.... පස්සෙ මැසේජ් එකක් දාන්නම් ..ම්ම්

..................

- හා කියන්නකො සුදු මහත්තයෝ...

හා හා......"

" පිස්සු කෝලම......"

පෝන් එක ටේබල් එක උඩින් තිබ්බ ජාන් කොෆි කෝප්පේ රස විදින්න ගත්තා...නමුත් ජාන්ට හිතුනෙම යීබෝ අතින් හදන කොෆී උගුර මීට වඩා දස ගුණයක් රස බවක්.....යීබෝ කෝල් කරනකන්ම ගන්න යන වාහනේ පිළිබද විස්තර බල බල ඉදපු ජාන් යීබෝ ඇමතුව සැනින් වොලට් එකයි යතුරයි අරන් air port එකට යන්න ලෑස්ති උනා.....

ජාන් යද්දි airport එකේ ඉස්සරහ කණුවක් අසල ලැගේජ් එකත් තියාගෙන
කලබලෙන් පෝන් එක ඔබන xiumin  දැක්කා...

" බබාගෙ අයියාකාරයා මොකද මෙතන .....??"

ජාන් වාහනේ ඔහු ළගට කිට්ටු කරල ශටර් එක ඇරියා....

" xiumin .....ඇයි මෙතන....??"

" අහ්.....කැප්ටන් ..... බෝබෝ ගන්නද ආවෙ....."

" ඔව්....."

" කැබ් එකක් දැම්මා තාම නෑ කැප්ටන් ...මගේ uber ඇප් එකේ අව්ලක්ද කොහෙද .... දැන් පැයක් විතර වෙනවනේ...."

" පැයක්.....??"

" ඔව් කැප්ටන් ....කැප්ටන් අද පරක්කුයිනේ....යීබෝ බලන් ඇති ...."

" ම්ම්....එහෙනම් මම ගියා.... ඕන්නම් ඩ්‍රොප් කරන් යන්නම් ඉතිං ...."

" ඕන්නෑ කැප්ටන් ..මට යන්න පුලුවන් ...."

" ම්ම්........"

ශටර් එක වැහිලා යද්දි ජාන් වේගෙන් රථය වෙනදා යීබෝ ඔහු එනකන් බලන් ඉන්න තැනට අරන් ගියේ දෙගිඩියාවෙන්....

ජාන් යද්දිත් යීබෝ එතන ජාන් එනකන් බලන් ඉදියා... ජාන්ව දැක්ක ගමන් යීබෝගෙ මූණේ ඇදුනු හිනාවට ජාන්ගේ පපුවම පිරිලා ගියා...

" ගොඩක් වෙලා බලන් ඉදියද සුදු මැණික .....??"

" නෑ අයියේ....දැන් නේ ආවෙ....."

" ම්ම්...... "

ජාන් මුකුත් නොකියා වාහනේ පාරට අරන් ගියා......

" මොනාහරි කාලා යන්.....දැන් බබාට ගියාම සැන්ඩ්විච් කන්න බෑනේ....."

" හ්ම්ම්......"

ජාන් දික් වෙලා යීබෝගෙ කම්මුලට හාද්දක් තිබ්බා.....

" පාළුවෙන් ඉදියේ මම......."

ජාන් නිදහස් අතින් යීබෝගෙ අත පටලවගෙන  ඒ අත ජියර් එක උඩින් තියාගත්තා...

" මාත් පාළුවෙන් තමයි අයියේ ඉදියේ.... ඩොක්ටර් ඩෑන් මොකද කිව්වේ....??"

" ඔක්කොම සෙට්ල්...ඒ ගැන බය වෙන්න එපා....ඩොක්ටර් ඩෑන් මල්ලිට උපදෙස් ගොඩක් දුන්නා බබා... මල්ලිටත් එකෙන් මිදෙන්න ඕනෙකම තීන නිසාම මල්ලි ඩෑන්ගෙ උපදෙස් පිළිගනී...ඒත් මල්ලිගෙ ඒ උනන්දුව නැති උනොත් අපිට හුගක් අමාරු වෙයි......"

Wang yibo p.o.v.

" ම්ම්....ඔයාලා දෙන්නා රණ්ඩු උනේ එහෙම නෑනේ අයියේ....."

මම මෙච්චර වෙලා හිතේ කැකෑරෙමින් තිබ්බ ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා...

" අපොයි නෑනෑ......"

එයා දෙපැත්තට ඔළුව වනපු විදියට මට හිනා ගියා.....එහෙම වෙන්න එපෑය...මම මගින් මගට කියලමයි ගියේ දෙන්නටම....

එයා රෙස්ටුරන්ට් එකක් ළග වාහනේ නතර කරද්දි මම බෙල්ලෙ තිබ්බ ID එක ගලවල දාලා වාහනෙන් බැස්සා...

" මොනාද සුදු මැණික කන්නේ... මන නම් සැන්ඩ්විච් පෙත්තක් කෑවා රෑට..."

" ආ.....මොනාහරි ඕඩර් කරගන්නෙපැයි අයියේ....අනික දෙවෙනි සැන්ඩ්විච් කෑවද.....??"

" ඔයා දන්නවනේ බබා ඉතිං ....ඔයාහෙ දෙවෙනි තෙවෙනි මට සැලෙන්ඩර් කියල .....??"

" ඒක නම් ඇත්ත අයියේ...ඌ මන් කියන දේට වඩා ඔයා කියන දේ අහනව...."

අපි දෙන්නා එකට අත් පටලවගෙනම ගිහින් ටේබල් එකක වාඩි උනා....

" මොනාද කන්නේ....සුදු මැණික කැමති දෙයක් ඕඩර් කරන්න...බඩ පිරෙන දෙයක් ගන්න...."

" ම්ම්ම්.....chicken spegatti .....හොදයිද...."

" හ්ම්ම්....කොෆී එකකුත් දාන්න... mocha එකක් දාන්න....."

" දැන් .......???"

" ඔව් ඉතිං ....."

" අයියේ ඔයා ගෙදරදිත් බොන්නැති ආ... ඔය විදියට බීලා කොයි වෙලේ හරි ලෙ............."

" හැච හැච හැච......"

" අනේ අයියේ මේ...ඔයාට හැමතිස්සෙම මම කියන දේවල් විහි.........."

" හැච හැච හැච හැච......."

මම එයාට රවල අත් දෙක බැදන් අහක බලාගත්තා....වේටර් ආවම එයා ඕඩර් එක දාද්දි මම රවාගත්ත අතම බලන් ඉදියා.....

" ආවුස්.....සුදු මැණික ....රැව්වත් ලස්සනයි ......."

" අනේ මේ....."

මම එයාට ඔරවල අහක බලාගද්දි එයා මගේ නිකටින් අල්ලලා මාව එයාගෙ පැත්තට හරව ගත්තත් මම ඒ අතට ගහල දායෙත් අහක බලාගත්තා...

" කෝ ඉතිං ......."

" මොකද.......හුම්ම්......"

" ආයි ආයි.....කේන්ති ගියාම තමයි කියුට්ම......"

" මම කියුට් නෑ හරිද....."

" එහෙනම්.....sexxy ද....."

එයා මන් ළගට ළං වෙලා කියද්දි මම හොදම එකෙන් ආයෙත් රැව්වා....

" හරි හරි .....දැන් මට කියන්නකො ....මොනාද උන ස්පෙෂල් දේවල්....කොක්කක් වත් දාගත්තෙ නැද්ද....."

" අම්බෝ....ඉන්න කොක්ක හොදටම ඇති ......තව නම් එපා....මල වදේ...."

" අනේ අනේ උඹ ....මට නේද වදේ කිව්වේ ආ......??"

" මෙහෙමයි අයියේ....තොප්පිය හරි නම් දාගන්න.....හරි නැත්තම් ඉතිං .....ම්ම්හ්......"

" පිස්සා........"

අපේ spegatti plate දෙක එද්දි ඒක රසවින්ද අපි දෙන්නා ආයෙත් ගෙදර එන්න ආවා....මනසට වගේම ශරීරයටත් හුගාක් මහන්සි දැනෙද්දි මම එයාගෙ බාහුවකට හේත්තු වෙලා හාදුවක් තිබ්බා....

...................

" වොඃ......අයියේ........ඔයා රෙදි සේරම හේදුවද අනේ........"

වොශ් එකක් දාහත්ත මම කිලිටි රෙදි ටික මැෂින් එකට දාන්න යද්දි එතන තිබ්බ රෙදි බකට් එක හිස් තිබ්බා...

" හ්ම්ම්........."

එයා පෝන් එක ඔබ ඔබ ඇදට වෙලා ඉද්දි මම ට්‍රවල් එක පිටින්ම ගිහින් එයාගෙ උකුළෙන් වාඩි උනා...

" ඔයා ශෝයිනේ සුදු මහත්තයෝ..... "

" ඇයි ඒ.....සුදු මැණික හිතුවෙ මට රෙද්දක් වත් හෝදගන්න බැරි මිනිහෙක් කියලද......??"

" ම්ම්හු.... මගේ කියුට් හස්බන්ඩ්....රෙදි හතරගාතෙ දාපු විදියට මම නම් හිතුවෙම නෑ........"

" ඒක පොඩි කාළෙ ඉදන් පුරුද්ද සුදු බබා... ඔහේ ගලව ගලව එනව ඉස්සරහ දොරළග ඉදන්... දැන් අඩුයි ඔය..."

එයා පෝන් එක පැත්තකින් තියල මගේ මූණ දෝතට අරගෙන මුළු මූණටම අතොරක් නැතුව හාදු තිබ්බා....

" මගේ කියුට් පූශ් පැට්ටා.... "

" සුදු මහත්තයෝ......"

එයා මාව තුරුල් කරගද්දි මම ඒ විසල් පපුවට තුරුල් උනා.....මේ පපුවෙ රස්නෙට ඉතිං හැමදේම අමතක වෙලා යනව...හිතේ ප්‍රශ්න දාහක් තිබ්බත් , මේ පපුවට තුරුල් උනාම දැනෙන්නේ අසීමිත සහනයක්... ලොකු ආරක්ෂාවක්...

" නිදාගමු සුදු මැණික ...ම්ම්....."

" හුම්ම්...... "

" ඕක පිටින්ම එන්න ඉතිං ....කොහොමත් ඉතිං ඇදේදි රෙදි ගැළවෙන එකනේ වෙන්නේ....අද නම් ටූ රවුන්ඩ්ස් හරිය..."

" අනේ මේ....හුහ්.."

" අඥේ ඥේ කියන්නේ.... ඇත්තනෙ බන් කිව්වේ......."

" මම දෙවෙනිව බලලා එන්නම්......"

" ආ....එහෙනම් ඇදුමක් දාන් යනව.... ඕක පිටින් යන්නැතුව......"

" හ්ම්ම්......"

එයාගෙම ලොකු ටී ෂර්ට් එකක් ඇදගත්ත මම ඒක දිග නිසා ට්‍රවල් එක ගලවලා දාලා මල්ලිව බලන්න ගියා...මම යද්දි ඌ හතරගාතෙ දාගෙනම බුදි...

අතපය ටික එක්කහු කරල ඇද උඩින් හරියට තියපු මම මල්ලිව වැහෙන්න බ්ලැන්කට් එකක් දාලා නළලට ගැඹුරු හාදුවක් තියල දොරත් වහන් නැගිට්ටා.....

" හෙට වැඩක් තියේද සුදු මැණික ....."

" ම්ම්හ්..... "

මම ලැගේජ් එක අවුස්සලා brazil වලින් ගත්‍ත ලස්සන රෝස මල් පදුර හෙව්වා... යමින් ගමන් දැක්ක නිසා මටඒක ගන්න ආස හිතුනා....පැය ගානක් ඒක ලැගේජ් එකේ තැම්බි තෑම්බි තියෙන්නැත්‍තේ...

" ආහ්හ්...... මොකද ආ....."

" ඔහොම නැවෙනකොට ශූටි කම්මුල් ඔක්කොම එළියේ....."

එයා මගේ පිටිපස්සෙන් වැළදගෙන හෙමි හෙමිහිට මගේ පිරිපුන් තට්ටම් මිරිකුවා... මහ වල් පාත්තයෙක් මේකා.....

" මට මේ වැඩේ කරගන්න දෙනවකො මිනිහෝ.... ඊට පස්සෙ ඕන එකක් මිරිකගන්නකො...."

" ඈ...... ඊහික්....මොනාද මේ සුදු මැණික කියන්නේ ඈ....."

මම එයාගෙ අත ගසල දාලා රෝස පැළේ අරන් ගිහින් බැල්කනි එකෙන් තිබ්බා....එයා තෑගි දුන්න ස්ට්‍රෝබෙරි පැළේ ගෙඩි පහ හයක්ම හැදිලා තියෙද්දි මම එකක් කටට දාගත්තා....අනේ ඒක හරිම පැණි රසයි.....තව ගෙඩියක් කඩාගත්ත මම පැලය පරිස්සමෙන් තියල රූම් එකට ගිහින් දොර වහගත්තා...

" ම්ම්........"

හිතේ කපටි අදහසක් තියන් එයාගෙ කටට ස්ට්‍රෝබෙරි ගෙඩිය දික් කළාම එයත් කිඹුලා වගේ ඒකට කට අරිද්දි ඒක එයාගෙ තොල් අතර තිබ්බ මම එයා  හිතන්නත් කළින් ඒක මගේ කටට කරන් හපල හපල ගිලලා දැම්නේ එයා ඇස් ලොකූ කරන් බලන් ඉද්දි....

" සුදු මැණික ......."

"ම්ම්හු.....මොකෝ....."

" දීපිට ස්ට්‍රෝබෙරි ගෙඩිය....."

එයා මාව ඇදට පෙරළගනිද්දි මම කට තද කරගත්තා...

" තෝ නම් මහ පෙරේතයා...ස්වාමි බුක්තිය බිංදුවයි.....මෙහෙ දීපිය මහේ ස්ට්‍රෝබෙරි ගෙඩිය.... "

" සුවාමි බුක්තිය නිසා තමයි එකක් කටට දැම්මේ...හුම්....."

" කෝලම.... පාළුවෙන් ඉදියේ මේ විකාර නැතුව....."

එයා මගේ නළලට හාදුවක් තිබ්බා....

මම එයාගෙ කම්මුල් දෙකටම හාදු තියල මගේ නළල එයාගෙ නළලට හේත්තු කරගත්තා...

" ආදරෙයි මහත්තයෝ.......!!"

" හ්ම්ම්.....ආදරෙයි සුදු මැණික .... මගේ පණ......."

නළලින් පටන් ගත්ත හාදුව වෙනද වගේම මගේ උකුළ් දක්වාම දුවන් යද්දි අදත් දෙවතාවක්ම එයාගෙ උන මම නිරුවතින්ම එයාට තුරුලු වෙද්දි එයාගෙ පපුව උඩ උණුහුමේ සැනසීමෙන් මම ඇස් පියාගත්තා......

.
.
.
.
.
.
.

✈mr.lio කියන්නේ එයාලා  යීබෝට දාපු නේම් එක....මන් දන්නෑ එයාලා කියන්නේ කවුත කියල 😌 අහන්නෙපෝ....👀

✈ මුලින්ම කියන්න ඕනේ ටොප් කියන්නේ ටොප්ට.....බොටම් කියන්නේ බොටම්ට....අපිට ටොප්ගෙන් බොටම් දකින්න බෑ වගේම බොටම්ගෙන් ටොප් දකින්නත් බෑ.....පොඩි හරි ගැප් එකක් එයාලා අතර තියේ...එහෙම තියෙන්නත් ඕනි...නැත්තම් කතාව ටිකක් අව්ල් වගේනෙ.....ඉතිං දැනගෙන කියවන්න.....😌

✈ යීබෝ කියන්නේ intelligent  කෙනෙක් ..ඉතිං ඉවසමු.....

✈ ඉවසමු අපි ඉවසමූ......😂

✈ හෙට එන්නම්......ඉක්මනට මේක කම්ප්ලීට් කරන්න අදහසක් තියේ... ඔයාලා මොකද කියන්නේ....තව චැපි දහයක් වගේ තමයි ඉතිං ....( කියන්න බෑ මට මැනේජ් කරගන්නත් ඕනේ සිද්ධි ටික......) ☺️

Continue Reading

You'll Also Like

892K 17.7K 83
ကောင်မလေးကိုချစ်ပါသည်။
338K 20.1K 42
သစ်လွင်သောဆူး "ဒီမှာ...ရှင် လူကြီး လူကောင်း မဟုတ်ဘူးလား...ညီမနဲ့ လက်ထပ်ထားပြီး သူ့အစ်မကို ကိုယ်အစ်မလို သဘောထားရမှာ မသိဘူးလား.." "မသိဘူး..." "ရှင်..ဘာ...
251K 34.5K 107
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...