Fly to air ✈️ [Zhanyi Complet...

Por HashiHiru

193K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ Más

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 35✈

2.7K 416 54
Por HashiHiru

" ශර්ට් එකක් දාගන්න සුදු මැණික .....යමු පහළට......බොරුවට මාව කේන්තිගස්සවගෙන නිකාන් වේදනා වින්දා.... "

එයා මගේ ඔලුව පරිස්සමට අතගෑවා.....එයා ලොකූ කල්පනාවක.......

" අයියේ........ප්‍රශ්නයක් ද.....??"

" ........................"

එයා කට උල් කරල මන් දිහා බැලුවා....

" පහළට යමු.....ටැටින්න ඉතිං ......"

එයා මාව නැගිට්ටවල මගේ ඇගේ තිබ්බ එයාගෙ ඇගිලි සලකුණු දත් පාරවල් දිහා ආසාවෙන් බලන් ඉදියා...මම එයාගෙ නළලට හාදුවක් දීගෙනම නැගිටල ගිහින් නිල් පාට ටී ෂර්ට් එකක් දාගත්තා....

" හනේ හනේ...... අයියා නිදාගන්න දෙන්නෑද සුදු මැණිකට..... ටග් ගාලා ගිහින් කොලුවව ඇහැරවනව.... "

එයාගෙ අම්මා ඇවිත් එයාගෙ ඔලුවට ටොක්කක් ඇනල මගේ ඔලුව අතගෑවා.....එයා ටොක්ක කාගෙනම කිචන් එක පැත්තෙන්  එළියට ගියා....

අයියා ගියා විතරයි අම්මා මාව අතින් ඇදගෙන සාලෙ අයිනට වෙන්න තිබ්බ ලි පුටුවක වාඩි කළා..... අහ්හ්.....ඇත්තටම හරි සනීපයි වගේ..... ස්ස්.... දැවිල්ලයි....වාඩි වෙන්න බෑ යකූ....

" සුදු බබා දුකෙන්ද ඉන්නේ......අයියා බැනපු එකට...."

" අහ්......නෑ අම්මා......ඇයි....."

" පව්ල් ජිවිතයක් ගෙනියද්දි ප්‍රශ්න මත භේද ඇතිවෙනව මැණික ....ඒක සාමාන්‍යයි ...මැණික අයියා බැන්න එකට දුකෙන්ද ඉන්නේ.....මම දන්නව ඔය අයියා ගොන  බනින්න ගියාම බනින හැටි..... ඉතිං මැණික අහන්නකො.... හැමදේම ඉවසන්න කියල මම මැණිකට කියන්නෑ.....ඒත් පව්ල් ජිවිතේ ඇතුළෙ තීන බැම්ම පරිස්සම් කරගන්න ඕනේ..මම මෙහෙම කියන්නේ පුතේ අවංකවම මම දන්නව අපේ චූටි බබා එක්ක වසන්න අමාරුයි කියල .... එයා හොදට හොදයි නරකට නරකයි චරිතයක්....චූටි බබාට ඔලුව අතගාලා ප්‍රශ්න විසදගෙන කිසිම පුරුද්දක් නෑ මැණික . මම අපේ චූටි බබාට advice කරන්නම් සුදු බබා....... "

එයාගෙ අම්මා ගොඩාක් දේවල් අයියා ගැන කතා කළා....අයියගෙ කේන්තිය ගැන මට වඩා හොදට අම්මා දන්නව.... ඔව් ඉතිං ඒ අයියගෙ අම්මනේ.... මම ඒ හැමදෙයක්ම අහන් ඉදියා.....එයා කිව්වා ඉවසන්න ඕනේ තැන ඉවසන්න කියල ....මුල් ටිකේදි අයිය ගැන කතා කළත් අග ටික යද්දි අම්මයි මායි දෙන්නම එකතු වෙලා අයියට දෙහි කැපුවා....

" ඒක නම් ඇත්ත අම්මේ.... ඇදුම ගැලෙව්වම ගලවපු තැන ඔහේ දානව....සමහර වෙලාවට ශර්ට් එක හෝදන්න දාන්න ගන්න මම ඇද යට බඩගාන්න ඕනේ....."

" ඕවා හොදයි සුදු බබා.....ඉස්සර ඔය කොල්ලා ස්කෝලෙ ඇරිලා එද්දි ගෙදර දොරකඩ ඉදලම සපත්තු දෙකයි මේස් එකයි ගලව ගලව එන්නේ.....එලිපත්ත උඩ එක සපත්තුවක්...අනික් එක වාහනේ....මේස් දෙක පඩිපෙල් වැටේ....ශර්ට් එක පුටුවක් උඩ...එතකොට බෑග් එක...ඒක කොහෙද දන්නෑ...... ඒ උනාට ඔයාගෙ අයියට තීන්නෙ නම් පොර ටෝක්.... කාමරේ අස් කරල පිළිවලට තියෙන්න ඕනේ.....බිම එක වැලි කැටයක් පෑගෙන්න බෑ..... ඔයාගෙ අයියාකාරයා උදේට සිරියහන් ගබඩාවෙන් බැහැලා එද්දි මෙතන උයලා කරල මේ ගෙදර වැඩ හැම එකක්ම කරන්න ඕනේ මම ගේත් අතුගාලා තියෙන්න ඕනේ....ඉස්සර  ඔන්න හොදේ පඩිපෙළ බැහැලා එද්දි කියනෝ ' මොකද්ද මමී මේ ගේ අතුගාලාත් නෑ.....කවුරුහරි ආවොත් ලැජ්ජාවෙ බෑනේ  ' කියල ....ඒ උනාට කොස්සක් අරන් ගේ අතුගාන්න බලනවද.....අපෝ මලාට කරයි එහෙම දෙයක්.... එක දවසක් මට හොදටම මල පැනල ඉන්න වෙලාවක ඇවිත් කියපි ගේ අතුගාලා නෑ කියල .....අතේ තිබ්බේ පොල් කටු හැන්ද......දුන්නා එකෙන්ම පස්ස පැත්තට දුවනකන්ම ගැහුවා....පස්සෙ මගදි කොස්ස අහු වෙලා එකෙනුත් ගැහුවා.... ඊට පස්සෙ කියන්නෑ....සද්ද නැතුව ඇවිත් කොෆි එක අරන් සාලෙන් වාඩි වෙනව.....ඔයාගෙ අයියා ඉදියට කතාව දෝලාවෙන් ගමන පයින්..... අහුවෙන්නේ මෝල්ගහද ඒකෙන් දමල ඇරල හරි ඔය කොල්ලව හදාගෙන වැඩක් ගන්න බලන්න සුදු බබා..."

මම බක බක ගාලා හිනා උනා.... අන්තිමට පව් ජිවිතේ ගැන කතා කරන්න ආව මමයි අම්මයි අයියගෙ ගොන් වැඩ ගැන කතා කර කර අයියට බැන බැන මහ හයියෙන් හිනා උනා....එයා දන්නව නම් විනාසයි.....

" හරි හරි දැන් සුදු බබා යන් මාත් එක්ක කේක් එකක් අයිසින් දාන්න.... හිමබබා වගේ ලස්සනට අයිසින් දාමු....."

අම්මා මගේ වැලමිටට එයාගෙ අත පටලවගත්තා..අපි දෙන්නා කපල් එකක් වගේ හිනාවෙවී කිචන් එකට ගියා....

" හෝව් හෝව්.........ඔන්න හැමෝම බලාගන්න.....මේ ඉන්නේ අපේ චූටි බබාගෙ වෙන්න වයිෆියා....මගේ සුදු බබා....."

කිචන් එකට ගිය අම්මා මගේ කම්මුල් මිරිකලා එතන ඉදපු ආන්ටිලට මාව පෙන්නුවා.....

" ආවුස්.....සිරියාවන්ත කොල්ලෙක්.... ඇනාගෙ බෑණා පොඩ්ඩ නම් හරිම කියුට්....."

ආන්ටි කෙනෙක් ඇවිත් ආයෙත් මගේ කම්මුල් මිරිකුවා......

අම්මා මාවත් එක්කගෙන ස්පොන්ච් කේක් එකක් එක එක හැඩයට අයිසින් කරන්න කියල දුන්නා..... එක එක විදියේ හැඩ ගන්න හැටි වගේම අයිසින් බැටර් එක හදාගද්දි පාවිච්චි කරන්න පුලුවන් ලොකූ ට්‍රික් ගොඩක් එයා කියල දුන්නා.....

අම්මයි මමයි එක එක විදියට ස්පොන්ච් කේක් ගෙඩි හත අටක්ම අයිසින් දැම්මා වගේම අන්තිමට මම එකක් තනියෙමත් කළා...අම්මා මට කියල දුන්නා අයියා ආසම විදියට ගැටෝ කේක් එකක් ගෙදර හදන්න ....අයියා ආසම චොක්ලට් ,ගැටෝ කේක්ස් වලටලු.... අයිසින් කේක් වලට ආස නෑලු....හවස පහ විතර වෙද්දි මමයි අම්මයි sponge කේක් අයිසින් කරාට අමතරව boun අයියා ආසම විදියට walnut cake  එකකුයි පොඩි එවුන්ට Funfetti  ලොකු කේක් එකකුයි ලස්සනට හැදුවා.... genoise කේක් හදන හැටි අම්මා මට කියල දුන්න නිසා දැන් ඒ  ඕන ජාතියක් පොඩ්ඩ පොඩ්ඩ හදාගන්න මට පුලුවන් ....ඉස්සර නම් මම දන්නෑ බටර් කේක් එකක් වත් හදාගන්න.....

අම්මා අන්තිමට අයියා ආස විදියට black forest cake එකක් අම්මා වෙනද හදන විදියට ලස්සනට හදල කේක් ගෙඩිය මට දුන්නා චෙරි වලින් සරසන්න කියල ..... මම ගානට නුලට මිම්මට චෙරිස් ටික ලස්සනට කේක් ගෙඩ්ඩ වටේ තිබ්බා.....

" ආවූ......ලස්සනයි ලස්සනයි .....මේ පාර චූටි බබාගෙ ෆේවරිට් සුදු බබා අතින්...."

ඉතුරු උන අන්තිම චෙරි ගෙඩිය කටේ දාගත්ත මම ඒ කේක් එකේ ලස්සන බැලුවා......

" ඔන්න බලන්න ඔයාගෙ අයියා ඔය කේක් එකට අත වත් තියන්න දෙන්නෑ කාටවත්.....අපි බලමුකො මෙදා පාර අයියා කේක් කන හැටි.... "

මම හිනා උනා...... අම්මා ඉතුරු උන rasberry , stawberry  චෙරි ගෙඩියි පිගානක් මගේ අතට දුන්නා...

" අයියා බබාට ඕන්නෑ....මැණික තනියෙම කන්න.... අයියා ඊයේ ඔව පැකින් කඩල කන්න ඕනේ ඒව අමුවෙන්ම කාලා තීන්නෙ......"

" අපෝ........"

මම චෙරි ගෙඩියක් කටේ දාන් හිනා උනා.....

" අපෝ කියන්නේ.....එහෙම තමයි ඔයාගෙ අයියා.....ගෙදරට ගේන නෙස්ටර්මෝල්ට් පැකට් එක පරිස්සම් කරගන්න මම ඒක අල්මාරියට දාන්න ඕනේ........සුදු බබා.....තව ටිකකින් අපි දෙන්නත් එක්ක ඉස්සරහ ගෙදරට ගිහින් එන්න යමු....ම්ම්...."

" හරි අම්මේ.....කතා කරන්න මට...."

මොනව උනත් අයියට නොදී කන පුරුද්දක් මට නැති නිසා මම පළතුරු පිගානත් අරන් එයාව හොයන් ගියා....චෙෆ් ඇවිල්ලා.....එයාලා චෙෆ්ට උයන්න උදව් වෙනව.....

" ම්ම්.......කට අරින්න....."

මම ගිහින් එයාගෙ කටට rassberry ගෙඩියක් ඇල්ලුවා......

" ඔව්වා ඉතිං මගේ එකවුන්ට් එකට තමයි ඉස්සර බැර උනේ.... "

එයා එහෙම කියාගෙන මගේ ඇගිල්ලකුත් විකාගෙනම ඒ ගෙඩිය කටට දාගත්තා....ඒව හරිම අලූත් පළතුරු .....

මම චෙරි  ගෙඩියක් කටේ දාගෙන පුටුවකින් වාඩි උනා.....

" ආ.............."

එයා ආ කියාගෙන එද්දි මම ස්ට්‍රෝබෙරි ගෙඩියක් කටට දැම්මා.....

ටිකෙන් ටික කළුවර වැටීගෙන එනව.... අද මුළු ගමම එයාලගෙ ගෙදරට එකතු වෙලා වගේ....සෑහෙන්න සෙනග.... හැමෝම කඩියො වගේ වැඩ.... මම උයන චෙෆ් දිහා බලාගෙනම චෙරි ගෙඩියක් කටට දාගත්තා.... එක පාරටම හෙනයක් ගැහුවා වගේ කොහෙන්ද කඩා පාත් උන එයා මගේ තොල් අස්සෙ තිබ්බ චෙරි ගෙඩිය එයාගෙ තොල් වලට අරන් හප හප ඇහැකුත් ගහන් කොහෙද ගියා.....යකඩෝ කට්ටියත් ඉදියා.....

" සුදු බබා..........සුදු බබා.........!!!"

" එනව අම්මා........"

ඉතුරු උන ගෙඩි ඔක්කොම කටට දාගත්ත මම අම්මගෙ වැඩේට දිව්වා.... ගෙදර ෆ්‍රිජ් එකේ ඉඩ මදි නිසා මාලුයි මසුයි ඔක්කොම ඉස්සරහ පුංචි අම්මලගෙ ගෙදරින් දාලලු..... අම්මා ඒක ගන්න යන්න තමයි කතා කළේ....

අම්මා ඉස්සර වෙලා යද්දි කරුවල නිසාම මම පෝන් එකේ ටෝච් එකත් ගහන් අම්මා පිටිපස්සෙන් ගේට් එකෙන් එළියට පය තියන්න හැදුවා විතරයි ටකරන් වොයිස් එක රැව් දුන්නා.....

" බෝ..........තොට ලැජ්ජ නෑනේ.....ආ... මොන මගුලෙද  ඔය යන්න හදන්නේ......"

එයාගෙ ටකරම් වොයිස් එකට අම්මත් හැරිලා බැලුවා.....අද බඩු හරි එයාට.....මට නම් හෙන හැපී.....

" මමී........??"

අම්මා මාවත් පහු කරන් එයා ළගට යද්දි මම අත් දෙකත් බැදන් ෆීලින්ග් ඕසම් විත් නැන්දම්මා ලුක් එහෙකින් එයාට හිනා උනා......

එයාගෙ අම්මා ගිහින් එයාගෙ ඔලුව හිල්වෙන සයිස් එකට ටොක්කක් ඇන්නා....

" ආහ්හ්හ්......ඌයි මමී......!!!"

" කොයි වෙලෙත් ඒ පොඩි එකාට බැනගත්ත ගමන්මයි......"

" ඌයි..ආහ්ව්.....අනේ..... මම දන්නෑ......ආහ්හ්ව්.....ඔයා එක්ක ගියේ කියල .....ඌයි......"

මම පැත්තට වෙලා පුලුවන් තරම් පස්ස පැත්තෙනුත් එයාට හිනා උනා.....එයාගෙ අම්මා අතේ තිබ්බ යතුරෙන් එයාගෙ ඔලුවට ඇනල පිටටයි කොන්දටයි හැමතැනටම ගැහුවා....මට හරී සතුටුයි .....හොදෑඩේ .......
"ඌයී....ඇති ....අහ්හ්.....අනේහ්.....මමී........."

අන්තිමට අම්මා එයාට රවලා මන් ළගට ආවා.....

" අපු යන් පුතේ........"

මම එයාට ඇහැක් ගහල අම්මා එක්ක ගියා.....එයත් පස්සෙන් දුවන් ආවා....

" නැන්දම්මල බෑණලා .....හුහ්.....ඒක මාර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් නෙහ්......"

එයා මගේ අත අල්ලගෙන ඉස්සරහින් යන අම්මට ඇනුම් පද කිව්වා.....ඉස්සරහ ගෙදරට ගිය අම්මා ෆ්‍රීසර් එකෙන් මාලු ගලවද්දි මම ඒ ගෙදර තිබ්බ කුසලාන ගොඩ දිහා බැලුවා....

" මේ ගෙදර තමා බබා ඉන්නේ අර මගේ appartement එකේ නැවතිල ඉන්න ඉසකුඩිච්චි.... මේ ඔක්කොම එයාගෙ මිඩ්ල්..... එයාට swiming පුලුවන් ....."

" ම්ම්......."

ගෙදර හැමෝම අපේ ගෙදර නිසා ගෙදර කවුරුත් ඉදියේ නෑ..... අම්මා ෆ්‍රිජ් එක තිබ්බෙ කෑම කාමරේ නිසා එකෙ විතරක් ලයිට් දාගද්දි එයා මගේ ඉනෙන් අල්ලලා මාව ඇදල එතන කරුවල බිත්තියකට හේත්තු කරගත්තා....

" පිස්සුද......අහ්......"

" ෂ්.........."

මම අම්මා එයි කියල බයෙන් එයාගෙ පපුවට ගහද්දි එයා මගේ තොල් වලට බර උනා.... කොච්චර ඈත් වෙන්න දැගලුවත් එයා මාව තද කරගෙන කිස් කළා........

" අම්ම.....ආවනම්.....පිස්සු ඔයාට ...."

එයාව තල්ලු කරපු මම යන්න යද්දි එයා මගේ ඉනෙන් අල්ලලා මාව ආයෙත් පිටිපස්සෙන් වැළදගෙන පිස්සුවෙන් වගේ බෙල්ල සිපගන්න ගත්තා....ඔය මට විහිලුවට කොලොප්පම් කරනව....

" එයි.....අනේ....අහ්....අතාරින්න...කො. අම්මා.....එයි.....ම්ම්......ම්හ්ම්......"

එයා තොල් වලින් මගේ උරහිස සූප්පු කරල අතෑරියා.......මෝඩ ගවයා.....මම දුවල අම්මා ළගට ගියා.....

" චූටි බබා.......මේ පාර්සල් ටික ගන්න....."

එයාගෙ අතට අම්මා ලොකූ පාර්සල් දෙකක් දුන්නට පස්සෙ ඉතුරු එකක් මාත් අරගත්‍තා.....අපි ආයෙම ආපිට එන්න ආවා....

උයන තැනින් බඩු ටික තිබ්බට පස්සෙ අම්මා අපි දෙන්නවම කාමරේට යැව්වෙ කට්ටිය එන නිසා ලෑස්ති වෙන්න කියල ..... මාව යවපු අයියා ආයෙත් වැඩකට පහළට යද්දි මම උඩට ඇවිත් කාමරේ දොර වහල ඇදෙන් හාන්සි උනා... අද නම් හරිම විඩාබර දවසක්.... දුක සතුට මේ හැමදේම ගැබ් වෙච්ච සිදුවීම් ගොඩක් සිද්ධ උනා.....

මම ඇදේ හරස් අතට ඇළවෙලා කකුල් දෙක වන වන ඉදියා.... අනිද්දා අපි chengqi යනව.....ම්ම්...... එහෙ දවස් තුනක් ඉදල ආපහු පුරුදු ජීවන රටාවටම.... ෂැංහයි ....... හරිම මහන්සී මේ ජිවිතේ....ඉගෙන ගන්න කාලෙ කොච්චර සුන්දරද.... ඔලුවට බරක් දැනෙන්නෙම නැති තරම්... ඒත් වයස යන්න යන්න තමයි තෙරෙන්නේ වගකීම් ගැන.... සල්ලි වල වටිනාකම....

විනාඩි කාලක් විතර ඉදලත් අයියා තාම නැති පාර මම වොශ් එකක් දාන් ලෑස්ති වෙන්න ගත්තා.....එයාම සිලෙක්ට් කරපු නිල් පාට shinee long sleevs ශර්ට් එකේ අත් දෙක උඩට නවලා ඒකට තද කහ පාට trouser එකක් ඇදගත්තා.... එයාගෙ underwear එකේ ඉදන්ම පිළිවළට ඇද උඩින් තියපු මම කොණ්ඩෙ ජෙල් ටිකක් ගාලා උඩට හැදුවා....

" ආවුස්......ඔය ඉන්නෙ ..... කියුට් බෝලේ මගේ......."

එයා දුවන් ඇවිත් මගේ කම්මුල් වලට චොක් චොක් ගාලා හාදු තියලා කොණ්ඩෙත් නළලට වැටෙන්න අව්ස්සල දැම්මා......

" ම්ම්......සූදයි......"

බෙල්ලට හාදු තිබ්බ එයා මගේ යටි තොලත් තදින් හපාගෙන බාතෲම් එකට ගියා....

ට්‍රවල් එක වත් අරන් ගියේ නෑ..... එයාගෙ වැඩ ඔහොම තමයි .....

එයා එනකන් මම ඇදට වෙලා පෝන් එක ඔබ ඔබ ඉදියා.....

" පැටියා ට්‍රවල් එක.....??"

ඕක දන්න නිසාම මම ට්‍රවල් එක අතේ දුරින් තියන් ඉදියේ.....

මම නිල් පාට ශර්ට් එකක් අදිද්දි එයා ඇන්දෙ කලු පාට ශර්ට් එකක් ... අපි දෙන්නම ලෑස්ති වෙලා පහළට යද්දි වෙලාව හත විතර වෙලා තිබ්බා වගේම කෑම මෙසෙට කට්ටිය කෑම තියන ගමන් උන්නා.....

" බබා ඔහොම ඉන්න....මම අර පැත්ත බලලා එන්නම්....."

එයා මාව තියල එලියට යද්දි මම අයිනෙ කෙළවරේක තිබ්බ සෙටියට ගිහින් වාඩි උනා.....

එන්න එන්නම කරුවල වෙද්දි මම කම්මැලි කමට පෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කර කර ඉදියා....කට්ටිය ගොඩායි ගෙදර .... කෑම හැදුවෙත් මිනිස්සු හැත්තෑවකටද කොහෙද .....එච්චරට සෙනග....ගොඩක්ම ඉදියේ අපි වගේ තරුණ අය...උන් ඔක්කොම එන්නේ දැන් ....වයසක උන්දෙලා තමයි උදේ ඉදන් උදව්වට ඉදියේ.... හැමෝම අලුත් දිස්නෙ ගහන ඇදුම් ඇදගෙන ඇවිත් ඉද්දි අක්කත් ලස්සන නමුත් චාර්ම් ගව්මක් ඇදන් ඉන්නව මම දැක්කා.... අම්මා පේන්න නෑ......

අක්කා මන් දිහා බලලා හිනාවෙලා අත වනාගෙන ගියා...

" සුදු මැණික ....... "

අයියත් මම ළගින්ම ඇවිත් වාඩි උනා..අපි දෙන්නම හැඩවෙන නත්තල් කෑම මෙසෙ දිහා බලාගෙන උදේ ඉදන්ම වැඩ කරපු අපේ කකුල් වලට නිවාඩුවක් දුන්නා.... අපි ඉදියේ සාලෙ කෙළවරකමත් නිසා ඒ හරියෙ ලයිට් ඩිම් කරල තිබ්බ නිසාත් එයා මාව ඉන වටේ අත දාලා ළගට ඇදල අරන් තුරුල් කරගත්තා.....

" චූටි බබා......."

එයාගෙ අම්මා ලස්සන රතු අත් දිග ගව්මට අයියා අරන් දුන්න හයි හීල්ස් සෙරෙප්පු දෙකයි ඒ ජුවලර්ස් සෙට් එකයි දාගෙන කොණ්ඩෙත් කඩාදාලා අපි ළගට එද්දි එයාව වගේම මාවත් ඉබේම පුටුවෙන් නැගිට්ටුනා...


(Outfit )

" මමී.......woh......your looking so beautiful ......"

අයියා දුවන් ගිහින් අම්මගෙ කම්මුල් දෙකටම හාදු තිබ්බා......අම්මත් එයාගෙ නළලට හාද්දක් තිබ්බා....

" ලස්සනයි අම්මේ........"

මම කියද්දි අම්මා මගේ නළලටත් හාදුවක් තිබ්බා......

එයාගෙ අම්මා ලස්සනයි .....පුදුමාකාර ලස්සනක් තිබ්බේ ඒ මූණේ....නිලියො පරාදයි එයාගෙ අම්මට.......

.
.
.
.
.
.
✈ බායි.... අහ් මේ දවස් වල ඇත්තටම ඔයාලා කනේ කරේ තීන බඩු පරිස්සම් කරගන්න.....මොකද මිනිස්සුන්ට සල්ලිත් නැහැනේ...එ නිසා ඒ වගේ දේවල් වලට පෙළඹෙනව වැඩී...අපි තමයි පරිස්සම් වෙන්න ඕනේ......

Seguir leyendo

También te gustarán

892K 17.7K 83
ကောင်မလေးကိုချစ်ပါသည်။
339K 20.3K 42
သစ်လွင်သောဆူး "ဒီမှာ...ရှင် လူကြီး လူကောင်း မဟုတ်ဘူးလား...ညီမနဲ့ လက်ထပ်ထားပြီး သူ့အစ်မကို ကိုယ်အစ်မလို သဘောထားရမှာ မသိဘူးလား.." "မသိဘူး..." "ရှင်..ဘာ...
146K 17.5K 125
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...