Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

193K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 32✈

2.6K 423 53
By HashiHiru

" Merry Christmas  අයියේ........"

එයා සීතල නත්තලේ පළවෙනි සුබ පැතුම මට දෙද්දි මමත් එයාව වැළදගත්තා..... එයා මගේ තොල් වලට පුංචි  butterfly kiss එකක් දුන්නා.....

" Merry christmas මමී......."

එයා ගිහින් එයාගෙ අම්මිව පපාව අයියව අක්කව තව නෑදෑයො  හැමෝවම හග් කරල නත්තලට සුභ පැතුවා.....

" Merry christmas සුදු බබා..... "

එයාගෙ මමීත් ඇවිත් මාව හග් කරල කම්මුල් කිස් කළා.....

" Merrry christmas  අම්මේ......"

එයාගෙ පව්ලෙ හැමෝම වෙනසක් නැතුව මාව හග් කළා..... එයාලා නම් හරිම ශෝක් , හැපි ෆැමිලි එකක්......

තව විනාඩි ගානක් එතන ඉදපු අපි ආයෙ එන්න ආවා..... වාහනේට නැග්ගා විතරයි මට තඩී ඈනුමක් යද්දි එයා මගේ තොල් අල්ලලා මිරිකුවා....

" ඌයිහ්හ් ......අනේ......"

"  අද ලස්සන......."

" මමද.......??"

" නැත්තන්........ පිස්සු හැදෙන්නේ මට තමයි ඉතිං ......."

එයා කියව කියවම වාහනේ පාරට දැම්මා.........පල්ලිය ඉවර උන නිසා හැමෝම පාරට බැහැලා ඉද්දි ප්‍රධාන පාරට යන්නම විනාඩි දහයක් විතර ගියා.......

" බබී එන්න බඩ්ඩක් පෙන්වන්න....."

එයා මහ පාරෙ අයිනෙ වාහනේ නවත්තලා මාවත් අඩගහන් එතන හදල තිබ්බ ලස්සන ගව මඩුවක් ළගට එක්ක ගියා.....

පිදුරි ගොඩක හරිම තාත්වික විදියට ඒක හදල තිබ්බා.....චූටි ජේසු බිලින්දයි මරියාතුමියයි ම්ම්........ ජේසු තාත්තයි.... දේවදූතයොත් ඉන්නව..... හරි ලස්සනට රූප හදලා ලස්සනට බල්බ් දාලා.... හරියට වෙසක් එකට ගහන තොරණ් වගේ......ඉස්සර හුනාන් ඉද්දි වෙසක් දා රෑට පන්සල් ගිහින් එද්දි මග දිගටම ගෙවල් වල තියෙන වෙසක් කූඩු , පහන් වැටවල් , බකට් ගස් දිහා බල බල තමයි අපි එන්නේ......පස්සෙ ගෙදර ගිහින් හය හත වෙද්දිම පාට පාට බකට් එල්ලලා මිදුලෙ තැනින් තැන ගස් වල එල්ලා හැඩ බලනවා...පාර දිගට ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා කලින් දවසෙ හදාගත්ත කෙහෙල් බඩ වල පහන් පත්තු කරනව....ඔක්කොම ඉවර වෙලා මිදුල මැදට වෙලා ඉද්දි සීතල වෙසක් හුළග ගලන් යද්දි තමයි හිතට නියම නිස්කලංක භාවය දැනෙන්නේ....තව රෑ අට නවය වෙද්දි හැමෝමත් එක්කම ලෑස්ති වෙලා ලොකු කල්ලියක් එක්ක දන්සල් කන්න යනව.....ඒක තමයි ශෝක්ම..... එක දන්සල දෙපාරක් වැදපු අවස්ථාත් නැතුවාම නොවේ..... දන්සල් කාලා දහයට දොළහට ටවුමට ගියාම පාට පාට ලයිට් පත්තු කරපු තොරණ් සෑහෙන්න බලතෑයි.....කැරකෙන පහන් කූඩු.....

( දන්සැල් සීසන් ඊස් කමින් සූන් සූන් 😎)

අපි වෙසක් වලට කරන දේවල්ම තමයි එයාලා නත්තලටත් කරන්නේ...... ලස්සනට නත්තල් ගස් හදල ගෙවල් වල ගවමඩු හදලා පාරෙ තැනින් තැන සරසලා හරිම ලස්සනයි ...... පල්ලිය කියන්නෙත් පන්සල වගේම හිත නිවන තැනක්......

" යමු නේද බබී....යතුරත් අපි ළගනේ....."

එයා මගේ අත අරගෙන සීතල වෙලා තිබ්බ මගේ අත එයාගෙ අත් වල අතුල්ලා හාදුවක් තිබ්බා.....

විනාඩි දහයකට විතර පස්සෙ අපි ගෙදරට යද්දිත් එයාලගෙ අම්මලයි අයියලයි ඊයෙ රෑ ගෙදරට ආව කට්ටියයිත් ඔක්කොම එළියෙ පුටු වල වාඩිගෙන අපි එනකන් බලන් ඉන්නව.....මම සාක්කුවෙ තිබ්බ යතුර එයාගෙ අතට දුන්නා......

" මුන් ඉතිං මග දිගට ලව් කර කර එද්දි හරි ........."

ගෙට පය ගහපු ගමන් එයාගෙ අයියා විහිළුවට ඇනුම්පදයක් කියද්දි මට නම් තවත් කට්ටියක් ඉන්න නිසා ලැජ්ජ හිතුනා.....

" නෑ හලෝ..... සුදු මැණික ගව මඩුවක් දැකලා තිබුන් නෑ......පාරෙ තිබ්බ එකක් පෙන්වන්න එක්කන් ගියා......."

එයා කතාවෙන්ම දොර අරිද්දි මමත් එයා පස්සෙන්ම ඇතුළට ගියා.....

" සුදු මැණික ඔහොම ඉන්න........මම උඩහට ගිහින් අම්මලගෙ ගිෆ්ට් ටික අරන් එන්නම්......."

" හ්න්ම්......."

සාලෙ අයිනෙ තිබ්බ නත්තල් ගහ වටේ අනිත් අයට ගත්ත තෑගි පෙට්ටි ලස්සනට ගොඩ ගහල තියෙද්දි ඒවා open කරන්නේ christmas party එකේදි කියල එයා කලින් මට කිව්වා.....

මම සාලෙ තිබ්බ ලී පුටුවක වාඩි ගද්දි එයාලගෙ ගෙදරට ඊයෙ ආව අය අතරින් වයසක ගෑණු කෙනෙක් මාත් එක්ක හිනා උනා..... ඉතිං මාත් ලාවට හිනාවෙලා බිම බලාගත්තා.....ඒ කවුද දන්නෑ......

" සුදු බබා.... සීතලයිද මැණික .....කොෆි එකක් හදල දෙන්නම්......"

" එපා අම්මේ...... ඕන්නෑ......"

" ගිහින් නිදාගන්න සුදු බබා.....ඔයාට අයියා නිදාගන්න දෙන්නෑද අනේ....ඇස් වලින් නිදිමත බෙරෙනව....."

මම ලැජ්ජාවෙන් හිනා උනා......අම්මා අහන එව්වට මට හිතෙන්නේ ඉතිං පොළව පළාගෙන වලක් හාරන් වැළලෙන්න තමයි ......

" මමී......... ඔන්න මේ පාරත් පාර්ටි එකට අදින්න ඕනේ මම දෙන ගිෆ්ට් එක......හරිද...... "

අයියා ඇවිත් කාඩ්බෝඩ් බෑග් එකක් එයාගෙ අම්මට දීලා අම්මව හග් කළා.....

" thank you චූටි බබා.......මම ඉතිං හැමදාම ඇන්දෙ චූටි බබා කියපු දෙයක් තමයිනේ ඉතිං ........"

එයාගෙ අම්මා එයා අරන් දුන්න රතු පාට ඩස්ට් වලින් දිලිසෙන ටයිට් කොට ගව්මෙ හැඩ බැලුවා.... එයාගෙ අම්මා ඒක මට පෙන්න පෙන්න ලස්සන කියද්දි මම දැක්කා ඒ අම්මගෙ ඇස් වල තිබ්බ සතුට..... මොකද එයාගෙ අම්මට ඕක කඩේට ගිහින් ගන්න බැරි කමක්ද.....නෑ....... ඒ ඇස් වල තිබ්බෙ එයාගෙ පුතා අරන් දුන්න ඇදුමෙ සතුට.....එයාලා කොහොමත් කොටට අදිනව වෙද්දි මට නම් ඒක ගානක් උනේම නෑ......අයියා එයාගෙ අම්මට දාන්න ඕනේ සෙරෙප්පු දෙකේ ඉදන්ම අරන් ඇවිත් තියෙද්දි ඒ හැමදෙයක්ම එයාට ගානට මැච් උනා....මුළු ගෙදර හැමෝටම තෑගි බෙදපු එයා අවසානෙදි මන් ළගට ඇවිත් කිස් එකක් දුන්නා.... එයාගෙ අම්මා ඉස්සරහම..... මමයි අම්මයි එයා අරන් දීපු මාලෙ ගාංචුව adjust කර කර ඉදියේ.....

" ආයි ආයි...... මේ කපල් එක නම් මාර මැචින්....... හබී......හබී........."

එයාගෙ අම්මා මාලෙ කෑල්ල මට හදන්න දීලා යද්දි මම නියපොත්ත ගැලවෙනකන්ම ඒ ලස්සන සිල්වර් පාට මාලෙ ගාංචුව සෙට් කළා.... අම්මට ඒ නෙක්ලස් එක ගානටම ලොකු කරල ඕනේ කිව්වේ....

" කෝ......ඕක මෙහෙ දෙන්න......හැපූ නැන්දම්මල බෑණලා ඔක්කොම එකයි......නෙක්ලස් එකක් දාගන්න බෑ......"

එයා ඒක හදල ගානට සෙට් කරල ගද්දි එයාගෙ අම්මා ට්‍රේ එකක් අතේ තියාගෙන ආවා වගේම එයාගෙ ගෙදර පව්ලෙ අය ඔක්කොම මායි එයයි ඉදන් ඉදපු තැන වටෙට එකතු උනා..... මම ලැජ්ජ නිසා ඉක්මනට නැගිටිද්දි අයියත් පුදුමෙන් නැගිට්ටා.....

" මේ පාර christmas එකට මගේ පුතූට මමාගෙන් පපාගෙන් අයියගෙන් අක්කගෙන් හැමෝගෙන්ම හම්බෙන ගිෆ්ට් එක...... බලන්නකො ඇවිත්......"

එයාගෙ අම්මා කියද්දි එයා අත් පිහිද පිහිද කෑමක් කනව වගේ ගිහින් එතන තිබ්බ රෙද්ද අයින් කළා.......

එයා ටිකක් ශොක් උනාද කොහෙද .....නිහඩව ට්‍රේ එක දිහා බලන් ඉදියා.....තිබ්බෙ මොනාද කියල පෙව්න් නැති නිසා මාත් පොඩ්ඩක් ඉස්සි ඉස්සි බැලුවත් මට පෙනුන් නෑ....

" oh my god......මමි...... දෙයියනේ ......ඒක හරිම ලස්සනයි ......."

එයා අත් දෙකෙන් කට වහන් පුදුමෙන් වගේ කියල මා දිහාත් බැලුවා...

" බබී.......මෙහෙ එන්නකො පණ....."

එයා මට අඩගහද්දි මමත් එයා ළගට ගියාම එයා මමා පපා අයියා ඉස්සරහම මාව ඉනෙන් ඇදල ළගට ගත්තා....

ඒ ට්‍රේ එකේ තිබ්බෙ රත්තරං මුදු දෙකක් වෙනකොට එකක ඩයමන්ඩ් වලින් X අකුර අනෙක Y අකුරයි ගහල තිබ්බා....

මමත් පුදුම උනා... ඒ දෙකම සෙන්ටිමීටර දෙකක් විතර පළල වෙද්දි මේ දෙකම ගන්න කීයක් විතර වියදම් වෙන්නැති ද කියල මගේ හිත කිව්වා.....

" අයියගෙ තමයි අයිඩියා එක..... අලුත් කපල් එකට සප්‍රායිස් එක්ක් දෙමු කිව්වේ......."

එයාගෙ පපා අපි දෙන්නගෙම ඔලුව අතගාලා කියද්දි එයා වගේම මාත් ක්ෂණිකව අයියා දිහා බැලුවා....

" ඕහෝ.......මගේ නෙමෙයි අයිඩියා එක....ඒක අක්කගෙ......අක්කට තමයි තෑන්ක් කරන්න ඕනේ......."

" තෑන්ක් ඕන්නෑ චූටිලා.....ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න..... බෝබෝ.......කවදාවත් අපේ මේ ඌරු බබාව අතාරින්න නම් එපා...ජිවිතෙ අන්තිම අඩිය වෙනකන්ම සතුටින් ඉන්න......"

" ඔව් සුදු බබා..... ඔයාලා දෙන්නා ඉක්මනට පිළිවෙළක් වෙලා මේ ගෙදරට එන්න..... ඒක තමයි ඊළගට අපිට තියෙන ලොකුම සතුට......."

" අපිට කලින් අර ගෝතයා වෙඩින් එක ගන්නෙපැයි මමී......"

" හරි හරි ......දැන් කතා ඇති .....අලුත් කපල් එක මුදු මාරු කරගමු...... "

එයාලගෙ අයියා අප්පුඩි ගහද්දි මට නම් ඇත්තටම ලැජ්ජ හිතුනා ......හරියට වෙඩින් එකක් වගේ....

එයා එකේ තිබ්බ X අකුරෙ රින්ග් එක අතට අරගෙන එයාගෙ මමා පපා දිහා බැලුවා....

" Thank you so much මමා......පපා..... හැමදාම මම වෙනුවෙන් ඉදියට ගොඩක් තැන්ක්ස්..... මේක තමයි නත්තලට මට ලැබුණ හොදම ගිෆ්ට් එක......."

එයාලගේ ගෙදර හැමෝම අත්පුඩි ගහන්න ගනිද්දි එයා මගෙන් අත ඉල්ලුවා......

වමද දකුණද.....මම දකුණ දික් කරාම එයා හිනාවෙලා මගේ වම් අත අල්ලගත්තා.......

හැමෝම අප්පුඩි ගහද්දි එයා මගේ වම් අතේ ඇගිල්ලට මුද්ද දාලා එතනට හාදුවක් තිබ්බා......මම ඉතිං රතු වෙලා ඇඹරුනා..........

එයාගෙ දකුණු අත අල්ලගත්ත මම Y මුද්ද එයාගෙ අතට දැම්මා......

එයා මාව හග් කරල හැමෝම ඉස්සරහ කම්මුල් දෙකටම හාදු තිබ්බා.......

" Merry christmas baby......."

" හා.....හා.....මෙන්න යකෝ....engage එක දවසෙ ඔයාට මතකද boun....මල්ලි කෑ ගහපු හැටි ......."

" of course .....kiss him ඌරු පැටියා......"

අයියෝ.....මට නම් බෑ.....මෙයා මොකක් හරි ටොපියක් සෙට් කරල වගේ අක්කලට......

මම මූණ ජම්බු ගෙඩිය කරන් බිම බලාගෙන ඉද්දි එයා මගේ ඉන වටේ අත යවල ළගට ඇදල අරන් තොල් වලට සමනල හාදුවක් දුන්නා.....

" යකාට ගිය රට කිව්වලු...... ඌරු පැටියෝ...... ඒක මදී......."

" ඔව් චූටි බබා......ඕක මේ පොඩි කිස් එකක්නේ..... පපා කොහෙ හරි යද්දිත් බායි සුදූ කියල  මාව ඔයිට වඩා කිස් කරනව...."

හද්දෙයියනේ ......මාව දියවෙනව වගේ......අනේ මට නම් බෑ.....

" අනේ මට ....නම් බෑ අයියේ......"

මම ඒක හෙමින් කිව්වත් අක්කට ඇහුනා.....

" බෑ නෙමෙයි සුදු බබා....පුලුවන් පුලුවන් .... අපි මේක හෙට පාර්ටි එකේදි දෙන්න ඉදලත් සුදු බබා ගැන හිතලම තමයි අද දෙන්න ඩිසයිඩ් කළේ...... "

" හනේද කියන්නේ ඉතිං .....කරන්න දෙයක් නෑලු සුදු මැණික ......"

මගේ ඉන වටේ තිබ්බ අත් තවත් තදින් හිර වෙලා මාව එයාගෙ ඇගට තද වෙද්දි එයා මගේ මූණට පාත් වෙන්න හැදුවත් වටේ පිටේ ඉදපු අම්මවයි පපාවයි දැක්කහම මට පිස්සු හැදුනා....

" අ.....නේ.....අයියේහ්......"

" ඇස් පියාගන්න......."

එයා ඇස් පියාගන්න කියද්දි මම තදින් ඇස් පියාගත්තා....ලැජ්ජයි යකෝ අම්මයි තාත්තයි ඉස්සරහ..... මට නම් ඇඩෙන්න වගේ......

එයාගෙ සීතල තොල් වල පහස මට දැනෙද්දි මම ඇස් පුලුවන් උපරිමෙන් තද කරගෙන එයාගෙ ශර්ට් එක තදින් මිරිකගත්තා......එයා හෙමීට මගේ යටි තොල උරල පොඩී කාලයක් ඇතුළත අයින් උනා.......

මම ලැජ්ජාවෙන් හැංගෙන්න තැනක් හොයද්දි එයා මගේ අත තද කරල අල්ලගත්තා.....

කී දෙනෙක් ඉස්සරහ උනත් අපි දෙන්නා අපි දෙන්නගෙ ඇස් එක්ක ලොකූ කතාවක් වෙද්දි හිතන්න වත් වෙලාවක් නොදී මාවයි එයාවයි සබන් පෙණයි දිලිසෙන කුඩුයි වලින් නෑවිලා ගියා...

" මොකද්ද අයියේ....... ශැක්......ඉවරයිනේ ඉතිං ......"

එයාලගේ අයියගෙ අතේ බේසමක් තියෙද්දි අක්කගෙ අතේ දිලිසෙන කුඩු බෝතලයක්ම තිබ්බා......

" සුදු මැණික .....ඇස් දැවිල්ලයිද....."

" ම්හ්ම්......."

එයා මගේ ඇස් පිහිදාලා මගේ මූණෙ තිබ්බ සබන් පෙණ අයින් කළා....

" අයියේ දෙන්නම් බොට....තොගෙ වෙඩින් එකත් ළගදිම එනවනේ....."

අන්තිමට කසාද නොබැදම මුදු මාරු කරගෙන සබන් පෙණ නාපු අපි දෙන්නා රූම් එකට ආවා.....

ආව ගමන් දොර වහල දාපු එයා මාව ලොකූ කලබලයකින් කිස් කරන්න ගත්තත් එයා ඒ විනාඩියෙන්ම ආයෙ ඈත් උනා.....

" තූහ්හ්හ්.....තුබ් ඉතිං ....අර පිං ගොනා... තුහ්......."

මම හිනාවෙවී ට්‍රවල් එකත් අරන් බාතෲම් එකට ගියා....

" ඇල් වතුර වලින් හෝදන්නෙපා බබා....උණු වතුර වලින් හෝදගන්න.... "

" හා.....හා.."

*
*
*
*

මම බාතෲම් එකෙන් ආවට පස්සෙ එයා ආයෙ බාතෲම් එකට යද්දි මම එයාට කොෆි එකක් හදාගෙනම ආයෙ උඩට ආවා.... දැන් වෙලාව පාන්දර තුන පහු වෙලා තියෙද්දි ගෙදර හැමෝමත් නින්දට ගිහින් ඉදියා.....

" ම්ම්........"

එයා කොණ්ඩෙ Dry කර කර ඉද්දි එතනින් කොෆි එක තියපු මම ඇද ගසන්න ගත්තා..... ගලවපු ඇදුන් ඔහේ ඇදටම දානවා.....

" කරුණාකරලා ගලවපුවා මැෂින් එකට බැරි නම් බකට් එකට වත් දාන්න අයියේ... මේ....underwear එක කොහෙදෝ  දාලා....ගලවපු බ්ලෙසර් එක ඇද යට..... කාමරේට මනුස්සයෙක් ආවොත් ආ පයින්ම හැරිලා යනව....."

"......................"

ඇද අස් කරපු මම එයාට බැන බැනම ඇදුම් ඔක්කොම රෙදි කුඩෙට දැම්මා....මන් දන්නව කොහොමත් එයා ඕව මෙ කනෙන් අහල අනිත් කනෙන් පිට කරනව කියල ....

කාමරේ නිකන් කබඩි සෙල්ලම් කරල වගේ......වැලි එකයි.....එයා තාමත් හැඩ බලද්දි මම කාමරෙත් අතුගාලා දැම්මා....

" මොකද්ද අයියේ කරන්නේ....එනවකො නිදාගන්න.....දැන් පැයක් තිස්සෙ ඔය වදුරු මූණ බලාගත්ත ගමන්.....මොනාද ඔච්චර බලන්නේ......"

" සුදු......කෙස් ගස් බබී.....බලන්න....මන් නාකි වෙලා.....සැක්....."

එයා බෙල්ල තුනට හතරට නවාගෙන පස්සත් දික් කරන්  පොඩි කතුරකින් කොණ්ඩෙ කපනව....මම ගිහින් පයින් සොට් එකත් ඒ පීච් පස්සට දුන්නා....

" බූරුවා....තව පොඩ්ඩෙන්..... කළු කෙස් ගස් ටික කැපිලා ගියා නම් තමයි මම දෙන්නේ පාර......"

එයා මන් දිහා නොබලම මට බැන බැන කොණ්ඩෙ එක්ක ලොකු ගේමක්.....

" කෝ දෙන්න......මම බලන්න......"

එයාව ලයිට් එක යටින් වාඩි කරවගත්ත මම ඉස්සරහ හරියෙ තිබ්බ පුංචි කෙස් කොට දෙක තුන කතුරෙන් කපන්න ගත්තා.....

" වයසට යද්දි ඉතිං නාකි වෙද්දි එහෙම කොණ්ඩෙ ඉදෙනව තමයි .....ඕව ස්භාව ධර්මය සුදු මහත්තයෝ......."

මම කටත් තද කරන් එයාව අවුස්සන්න කියද්දි එයා මගේ බඩ හයියෙන් විකුවා....

" ඌයි.....දගලන්නෙපා ඉතිං ..... ම්ම්.... ඔන්න හරි ..... රෑ වෙලා නාන නිසා තමයි ඔය කොණ්ඩෙ සුදු වෙලා තීන්නේ....."

මම ඇදට යද්දි එයත් ඇදුමක් දාගෙන පෝන් එක ඔබ ඔබ ඇදට ආවා.....

" wishes ගොඩක් ඇවිත්....."

පෝන් එක පැත්තකින් තියපු එයා මාව තුරුල් කරගත්තා...

" උම්ම්ම්ම්ම්ම්මා....... අද ඉතිං වැඩ අල්ලන්න බෑනේ......දැන් දොයියන්න...."

මගේ මුළු මූණටම හාදු තිබ්බ එයා අවසානෙදි තොල් දෙකත් කිස් කරල මගේ අත අල්ලගත්තා....

" මේක කවදාවත් ගලවන්න එපා බබී.... "

" හ්ම්ම්........"

එයයි මායි අත් එකට පටලවාගෙන හද එළියට පේන මුදු දිහා බලන් ඉදියා....

මම මුද්ද දිහා බලලා හිනාවෙද්දි එයා මගේ දෙතොල් සිපගන්න ගත්තා.....මමත් ඇස් පියාගෙන ඒ පහසට නතු උනා... මගේ අත් එයාගෙ කොණ්ඩෙ අස්සෙන් ගියත් එයා ඒ අත් දෙකම මගේ ඔලුව උඩට කරල අල්ලන් කිස් එක බ්‍රේක් නොකරම දකුණු අතට මොකක් හරි ගැටගැහුවා....

" බෙස්ලන්ට් එකක්....."

" හ්ම්ම්......බබී හිතුවද අපි දෙන්නගෙ පළවෙනි නත්තලේදිම මට බබීව අමතක උනා කියල  ....."

මම ක්ෂණිකව ඇදෙන් නැගිටල ලෑම්ප් එක ඔන් කළා.....

දෙයියනේ ......ඒක රත්තරන්......ඒක රත්තරන් බේස්ලන්ට්  එකක්.....

" අ...යියේ......මේක gold එකක්....."

" හ්ම්ම්....... මේක හදිසියට තියාගන්න මැණික .... මුද්ද නම් උකස් කරන්න හිතන්න වත් එපා.....එදාට මම උඹව මරල හංගල අඩ අඩ තමා හොයන්නේ....."

එයා මගේ අතට හාදු තිය තිය මාරුවෙන් මාරුවට බේස්ලන්ට් එක දාපු මැණික් කටුවයි මුද්ද දාපු ඇගිල්ලයි එයාගෙ කම්මුලට හේත්තු කරගත්තා....

" අනේ ඇයි අයියේ මෙච්චර ලොකු දේවල් මන් වෙනුවෙන් කරන්නේ..... මෙච්චර ලොකු දෙයක් තියාගන්න මම එච්චර වටින කෙනෙක් නෙමෙයි...."

මම එයාගේ බෙල්ල වටේ අතදාලා එයාගෙ තුරුලට වෙද්දි එයා මගේ පිට දිගේ අතගෑවා....මගේ හිතට දැනෙන්නේ අසාමාන්‍ය බරක් ..... මම සුදුසුද මෙහෙම දේවල් ලබන්න තරම්.....

" i love you baby......."

" love you too අයියේ....... "

ටික වෙලාවක් එයාගෙ බෙල්ල අස්සෙන් එන සුවදට ඉව අල්ලපු මාව එයා තද කරල බදාගෙනම ඇදේ හාන්සි කළා....

මම ඉක්මනට එයාගෙ ඇගට තුරුල් වෙද්දි එයා මගේ පස්සට තට්ටු කරන ගමන් ඔලුව අතගෑවා....

" නිදාගන්න සුදු මැණික ....හෙට හවස තමයි පාර්ටි එක....හෙටත් නින්දක් නැති වෙයි.. "

" හ්ම්ම්........."

මට නිදාගන්න කියල මාව එයාගෙම ඇග උඩ තියාගෙන එයා බෙඩ් ශීට් එක පෙරෙව්වා.....

එයා එයාට මිස් උන කෝල්ස් ආයෙත් අරන් නත්තලට වීශ් කරද්දි ශර්ට් එක අස්සෙන් පේන කිරි සුදු පපුවට හාදු තිබ්බ මම එයාගෙ පපුව අස්සෙ ඉදන්ම ඇස් පියාගත්තා........
.
.
.
.
.
.
.
.
✈ අදත් දුන්නා ඉතිං .......

Continue Reading

You'll Also Like

1.3M 29.2K 23
♥ 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞 ဒီ fic လေးကတော့ system အမျိုးအစားလေးပါ normalအတွဲလဲပါမယ် blအတြဲလဲပါမွာပါ😚 အများကြီးကြမ်းမှာဖြစ်လို့ warnning..ဒီဖက်ကမ္ဘာမှ fuj...
1.5M 191K 53
Title ✿ I Was Pregnant After Divorce Original Author ✿ 卷心西瓜 Eng Translator : Renlenox Status : 47 chapters + 3 extras (Co...
159K 11.8K 45
"သူ့ ကို တကယ်ကြိုက်လား..." "အင်း..ကြိုက်တယ်..." "ဘယ်လောက် ကြိုက်လဲ.." "မသေချင်တော့အောင် ကြိုက်တယ်..."