Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

193K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 29✈

2.7K 435 120
By HashiHiru

✈   මුල් වරට ඔබ සතපවා මා සියලු හැගුමන් විසිරුවා...
වින්ද අපමණ සතුට පවසනු වචන මදි වී ගොළු උනා....
ඔබේ නෙතගින් වැටුනු කදුලැලි වලට මගෙ හද පෑරුනා....
ඔබ ගැයූ ඒ  සිහින් කෙදිරුම් වා තලය වෙත මුසු උනා...

සුසුම් වැල් ගත දැවෙටෙනා විට රාග ගින්නෙන් ඇවිලුනා...
කුළුදුලේ නුඹ මගෙම වී උණුසුමට තුරුලේ සැතපුනා...
නුඹේ වත මා ගෙලේ සගවා හාදු වැස්සක් තැවරුවා...
මගේ බව නුඹ සෑම දාකම සිතෙන විට නෙත් බොද උනා...

කැප්ටන්ගෙන් යීබෝට❤️

agnimihidumලස්සනයි අක්කෝ......❤❤❤❤❤❤❤

✈ පරපුරක නෑසියන්
මැද්දෙදිම ඉතින් මං...
උඹ මගේ හුස්ම බව
යලි යලිත් කියන්නම්...
හිත මගේ හෙල්ලුවේ
නුඹ තමයි තත්පරෙන්...
ඉතින් නුඹ මගේ පණ
රැකගනිමි ආදරෙන්....
නොවෙනස්ව සදාකල්
නුඹේ ළග හිදින්නම්.....

සුදු මැණිකට සුදු මහත්තයාගෙන්..❤️❤️❤️💚💚

BHMI90 ලස්සනයි අක්කෝ✈..... ❤❤❤❤❤❤❤❤❤❤
*
*
*
*
*
*

එයාගෙ බල කිරිල්ලට වගේම ඒ එයාගෙ අම්මා නිසාම මම හිනාවෙද්දි එයා මන් දිහා බලලා රැව්වා.....දාහට දහදාහක්ම ශුවර් දැන් මට ඕකටත් බැනුම් අහන්න වෙනව......අයියා කියන්නේ ගොඩක් ආදරණීය චරිතයක් උනත් බනින්න ගියාම එයා තරම් නපුරෙක් මම air line එකේ වත් දැකලා නෑ......

" අනේ දෙයියනේ ........ පුංචි දේවදූතයෙක් වගේ......."

එයාගෙ අම්මා අත් දෙකෙන් මූණ වහන් කෑ ගැහුව.....මට වෙලාවකට පුදුමත් හිතුනා...... ඒ එයාගෙ අම්මා උනත් තාම කෙල්ලෙක් වගේ.....ඇදන් ඉදියෙත් කොට ටයිට් සායක්......ඒක එයාලගේ culture එක....ඒකට මට මොකුත් කියන්න බෑ....මොකද මම උනත් රටින් රටට ගිහින් තියෙන කෙනෙක් ..එහෙම වෙලත් මම වෙන අය වගේ සාම්ප්‍රදායික විදියට හිතන්නෑ.....ඒත් මට පුදුමයි....

එයා බැන්න එක නිසාම මගේ ඇස් වල කදුලු පිරෙද්දි උගුර මොනාහරි හිර වෙලා වගේ ගතියක් දැනුනත් එයාගෙ අම්මගෙ කෝලම් දැක්කම මට ඒ ඔක්කොම අමතක උනා.....

" ගෙට යන්න දෙන්න මමී...... "

එයාගෙ අම්මා ගේට් එකෙන් අයින් වෙද්දි එයා සුදු පාට Hi Leaf එකක් වගේම මෙරුන් පාට vezel එකක් පිටිපස්සෙ වාහනේ නතර කළා.....

" අඩන්න තියාගන්නෙපා සුදු මැණික .....මම මේ බොහොම හොදින් කියන්නේ......උඹ ඔය ඔලුව පුරවන් ඉන්නේ විකාර ගොඩකින්....මට ඕනේ උඹව මිසක් උඹේ ඉලව් තත්වයක් නෙමෙයි..... එකක් මතක තියාගනින්....අම්මල ඉස්සරහ ඔය මගුල් ඇදගෙන අඩන්න ගත්තොත් අම්මපා මම එවෙලෙම කන පැලෙන්න ගහනව ආයෙ දෙකක් නෑ........."

එයාට හොදටම කේන්ති ගිහින් තියෙද්දි එයා වාහනේ නවත්තලා ආයෙත් ඇගිලි පටලවන් ඇස් බොද කරන් බිම බලන් ඉන්න මන් දිහා බැලුවා.....

" දැන් මොන හු##$ද උඹ කියන්නේ ආ.... ආපහු යන් කියලද කියන්නේ.....??"

" ම්හ්ම්........."

එයා ආයෙත් වාහනේ ස්ටාර්ට් කරද්දි මම ඉක්මනට ශීට් බෙල්ට් එකත් ගලවන් කදුලු පිහදාන් දොර ඇරල එළියට බැස්සා......පස්සෙ එයත් වාහනේ නතර කරනව ඇහෙද්දි එයාගෙ අම්මා ඇවිත් මගේ කම්මුල් දෙකම දෝතට ගත්තා....

" අනේහ් සුදු බබා.....මේක නම් මට හීනයක් වගේ....... කොහොමද පැටියෝ...... එන්න ගෙට......."

ගේ දිහා බලන්නත් කලින් එයාලගේ අම්මා මාව අතින් ඇදගෙන දිව්වා..... දෙයියනේ එයා කෙල්ලෙක් වගේ......

" හබී.....මෙන්න චූටි බබාගෙ සුදු බබා ඇවිත්......"

අයියා වාහනේ දැම්මේ ගෙදර side එකට වෙන්න වෙනකොට ගෙදර ඉස්සරහ පැත්තට යද්දි අම්මට වඩා ටිකක් වයස උනත් ගොඩක්ම අව්ල් නැති කණනාඩි දෙකක් දාපු උස පිරිමි කෙනෙක් එතන පුටුවක වාඩිගෙන ඉදියා...... නිල් පාට ටයිට් අත් කපපු ගව්මක් ඇදන් ඉදපු ලස්සන අක්කෙකුත් දොරට හේත්තු වෙලා බලන් ඉදියා......අනේ අයියා කෝ......මම තනියෙම වගේනේ.....

අයියගෙ පපා වෙන්නැති ඒ..... කෝකටත් කියල මම එයා ළගට ගිහින් දණ ගහල වැදලා කොන්දත් නමලා ආචාර කළා......

" කොහොමද පුතේ.......එන්න ඇතුළට ....."

එයා මගේ උරහිසට තට්ටු කරද්දි මම බයෙන් උනත් හිනා උනා.....

" එන්න සුදු බබා.....ඔයාලා එනකන් අපි උදේ ඉදලම බලන් ඉදියා........"

එතන ඉදපු අක්කා කියද්දි මම එයාටත් ආචාර කළා.....

" හපොයි........!!! මේ හොල්මනත් මෙහෙද මමී......."

" ආ........මේ එන්නේ ආත බුතස්...... හැටි විතරක් ......දඩෝරියා වගේ.....හරියම ඌරෙක් වගේ.....නේ මමි......"

ඒ අක්කා එයාට ආත බූතස් කියද්දි මට හිනා ගියා......

" අනේ මේ අක්කේ....තවුසෙට අයිය ලස්සන උනාට මගෙ කොල්ලට මාව ලස්සනයි ....."

එයා ඇවිත් මගේ කර වටේ අත දාගද්දි ඇත්තටම මේ නෑදෑකම් වලට මට පුදුම හිතුනා..... ඒ එයාගෙම අක්කා නොවෙලත් එයා නෑනා එක්ක උනත් ඉන්න සිස්ටම් එක....තමන්ගෙම අක්කා වගේ....... ඇත්තටම ඒක නියම සහෝදරකමක්......

" යන් යන්.....චූටි බබා .....යන් ඇතුලට ......."

ලස්සනට මල් වවල තනකොළ වවලා එක එක ජාතියේ විසිතුරු පිළිම තියල ලස්සනට හදපු වත්තක්.....ගේට් එකේ ඉදන් රතු පාටයි සුදු පාටයි ගල් අල්ලලා පාර වගේ ලස්සනට හදල තිබ්බා..... ගෙදර ආලිදේ තැනින් තැන ඉන ගාවට උස පොට්ස් වල ගානට රව්මට කපපු පොඩි සුදු පාට මලක් පිපෙන වතුසුද්ද වගේ මල් පිපෙන ගස් ඉන්නදල තියෙද්දි වතුර දාපු පොට්ස් වල නෙළුම් මල් පවා පිපිලා තිබ්බා.... ගෙදර අනිත් සයිඩ් එකට වෙන්න ස්වීම් පූල් එකක බාගයක් පෙනෙද්දි ගේට්ටුවට එහෑයින් සුදු පාට ඔංචිල්ලාවක් වගෙම වටේට තියපු පුටු ටිකක් දකින්න හම්බුනා.....වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අංග සම්පූර්ණ මිදුලක්.....ගෙයක් ලස්සන වෙන්නේ මිදුලෙන් කියනවනේ....

එයා මගේ අතින් ඇදගෙන ගේ ඇතුළට ගියා......

දෙයියනේ ...............!!!! යන තැනම තිබ්බේ එයාලා තුන් දෙනාම pilot uniform එකෙන් ගත්ත ලොකූ පොටෝ එකක්.......එකේ මැද අයියගෙ පපා ඉද්දි දෙපැත්තේ එයාගෙ අයියයි එයයි හිටන් ඉදියා...... හරිම ලස්සනයි කියනවටත් වඩා ගාම්භීරයි.....

එයාලගේ සාලේ ලොකුයි වෙඩින් හෝල් එකක් වගේ..... එක එක ජාතියේ ලී බඩු , සෝපා වලින් හැඩ උන සාලෙ ඊටත් වඩා ලස්සන කැටයම් දාලා හදපු පඩිපෙල ලොකු ලස්සනක් ගෙනාවා....... එයාලගෙ ගෙදර ටිවී එකම මීටර් එකක් විතර දිග වෙද්දි එයා මගේ අතින් අල්ලගෙන ගිහින් බිත්තිය ලග තිබ්බ ලී පුටුවකින් වාඩි උනා.......මාත් එයාගෙ එහා පැත්තෙන්ම වාඩි ගත්තා....

" එහෙන් කීයටද ආවෙ චූටි බබා...."

" ම්ම්ම්.....එක කිට්ටු උනා මමී.....මගේ කාමරේ අස් කළාද......"

" ඔව් ඔව්.....ඔක්කොම අස් කරල ඇත්තේ......ඉන්නකො මම බොන්න මොනාහරි ගේන්නම්......."

එයාගෙ මමී ආයෙත් ඇවිත් මගේ කම්මුලක් තදට මිරිකගෙන යන්න යද්දි මම ශේප් එකේ එයාගෙ අම්මි මිරිකපු කම්මුල අතගෑවා.....රිදුනනේ......අම්මල පුතාලා ඔක්කොම එකයි වගේ.....

එයාගෙ අක්කත් ඒ පස්සෙන් යද්දි සාලෙ ඉතුරු උනේ එයයි මමයි පපයි විතරයි .....

" පුතාගෙ ගෙවල් කොහෙද පුතේ......??"

" අහ්.....මම chenqi වල......."

" ඕහෝ.......ළගයිනේ..... "

මම හිනා උනා........

" දෙන්නා දෙමහල්ලො කතා කරගෙන නම් ඉන්නේ ඉතිං ඒ වැඩෙත් ඉක්මනට ඉවරයක් කරල දාමු චූටි බබා ...... මට නම් මේ කොලු පැංචගෙ වැරැද්දක් පේන්නෙ නෑ......කලින් කරගහගත්තා වගේ නගර අංගනාවක් නම් නෙමේ......"

අනේහ්......මම කොලු පැංචෙක් නෙමෙයි අංකල්..... කොල්ලෙක් ......කොල්ලෙක්.. ගමේ හැදුන කොල්ලෙක්....

" හීහ්......මොනාද පපා ......ඔයා මේ මෙයත් ඉද්දි කියන්නේ......"

එයා බටර් හිනාවක් එයාගෙ පපාට දාද්දි එයාගෙ මූණ දැක්ක මට හිනා ගියා......

" මේ දරුවගේ දෙමව්පියෝ මේ සම්බන්ධෙට කැමති ද......."

" නැහැ පපා...... සුදු මැණික තාම අම්මට කියල නෑ........"

එයා මට සුදු මැණික කියද්දි මම එයාගෙ අතට ගැහුවා.......

" ම්ම්...... එයාලවත් දැනුවත් කරගන්න ඉතිං ..... අපේ නම් මේකට අකමැත්තක් නෑ......මම බයේ ඉදියේ අපේ එකා කලින් පාර වගේ චිංචිමාණවිකාවක් කරගහගනී කියල .... ඒත් කොලු පැංච්ව දැක්ක ගමන් කියන්න පුලුවන් හොදට හැදුන විනීත නිහතමානී කොලු පැටියෙක් කියල .... කොහොමත් අපි අපේ පුතාලා කාටවත් කසාදෙ ගැන එහෙමට ලොකුවට බල කරන්නෑ.....හොයල නොබලන්නෙත් නෑ ..... "

මොකද්ද මන්දාඅනේ.....මම කොල්ලෙක් අංකල් ........කොලු පැටියෙක් නෙමෙයි.....

" දැන් ආව ගමන් ඕවා කතා කරන්න එපා හබී...... චුටියෝ දෙන්නට හුස්මක් වත් ගන්න දෙන්න......"

එයාගෙ අම්මා ඇවිත් අපි දෙන්නා ඉස්සරහින් චොක්ලට් පාට බීම විදුරු දෙකක් එක්ක macaroon plate එකක් තිබ්බා......

" බොන්න සුදු බබා......"

ට්‍රේ එක තියපු එයාගෙ අම්මා ආයෙත් මගේ එක කම්මුලක් පොල් මිරිකනව වගේ මිරිකුවා...... රිදෙනවා අප්පා.....

" අයියා හෙටද එනව කිව්වේ මමී....."

" ඔව් චූටි බබා..... හෙට එහෙන් උදේ දහයටලු ෆ්ලයිට් එක......"

" දැන් මේ පාර christmas එකට මොකද්ද ප්ලෑන් එක මමී......ස්පෙෂල් මොනාහරි තියෙනවද.....??"

" ඔක්කොම රෙඩි කරල තියෙන්නේ චූටි බබා..... එදා හවසට කෑම ටික ලෑස්ති කරගන්න විතරයි තියෙන්නේ....."

" කේටරින් එකකට දෙමු මමී......ඔයාට මහන්සීනේ ගොඩ දෙනෙක්ට කෑම හදන්න......."

" ඕන්නෑ ...... ලොකු අම්මලවත් අඩගහගත්තම හරි ...... කෝ සුදු බබා ඕකෙ කූල් එක යන්න කලින් බොන්න.. "

එයාගෙ අම්මා ඇවිත් මගේ අතට චොක්ලට් විදුරුව දුන්නා...... අයියා මගේ අතට රෝස පාට macaroon රව්මක් දෙද්දි මම ඒක හපන්න ගත්තා....

" මේ පාර අක්කගෙ ෆැමිලි එකේ කවුරුත් එන්නේ නැද්ද අක්කේ....??"

එයා එතනම පුටුවක වාඩි වෙලා ඉදපු ලස්සන අක්කගෙන් ඇහුවා...

" නෑ මල්ලි..... එයාලා ඉතිං කැනඩා ඉදන් ආපහු ඇවිත් ආපහු යන්නත් එපැයි..... ලබන පාර එන්නම් කිව්වා...දැන් නන්ගිට එක්සෑම් නිසා එයාලා කොහෙවත් යන්නෑ වැඩිය......"

" ඒක නෙමෙයි.....කියන්නකො චුටි බබාට කොහොමද මේ සුදු බබාව සෙට් උනේ...... මුල ඉදන් ඇත්ත ඇතිසැටියෙන් කියන්න ඕනේ හරිද....."

" අන්න ඒකයි මමී මාත් මේ අහන්න තමයි ඉදියේ......"

එයාගෙ නෑනත් උල්පන්දම් දෙද්දි මම නම් ලැජ්ජාවටම බිම බලාගෙන බීම එක බිව්වා..... ලැජ්ජයි අප්පා.....

" එහෙනම් ඉතිං අම්මලා ලේලිලා බෑණලා ඕනි දෙයක් කරගන්නකො.....මම යනව ලොකු මාමව හම්බෙන්න....."

එයගෙ පපා නැගිටල එළියට යද්දි මට ලොකු හුස්මක් අතෑරුනා....එයා සැර පාටයි....ඒත් ඉතිං මට නම් බැන්නේ නෑ....

" කියන්නකො මල්ලි......"

" මෙහෙමයි ඉතිං ..... මම හැමදාම උදේට දකිනව මෙයා අන්තිම මොහොතේ ලැගේජ් එක උස්සන් දුවගෙන එනව පස්ස ගිනිගත්තා වගේ..... පස්සෙ හෙමීට හොර පූසා වගේ ඔඩිට් එකෙන් චෙක් කරද්දි එතනට රිංගනව.....අන්තිම මොහොතෙ තමයි air port එකට එන්නේ හැමදාම ......"

" අනේ අයියේ.....ඒ එදා විතරයි නේ......"

මම නළලත් රැළි කරන් කියද්දි එයාලා තුන් දෙනාම මට හිනා උනා......මදි පාඩුවට අම්මා කම්මුලකුත් මිරිකුවා.... මගේ කම්මුල් ලෙෆ්ට්.....

අයියත් හිනාවෙන ගමන් මගේ කට පිහිදැම්මා.....හරිනේ ඉතිං .....බීපු චොක්ලට් කට වටේ.....

" හරි හරි ......ඔයාලා හැමෝම එකතු වෙලා මගේ සුදු කොල්ලව චාටර් කරනව......".

එයාගෙ අම්මා ඇවිත් මගෙ ඔලුව අතගෑවා.....එයා හරි හොදයි ....ජොලියේ ඉන්නේ.....කෙල්ල වගේ........ තව පැයක් විතර එයාලා එක්ක කතා කර කර ඉදපු අපි දෙන්නා වොශ් දාගන්න එයාගෙ රූම් එකට ආවා.....

වොඃ.......හොටෙල් රූම් එකක් වගේ..... හරිම ලස්සනයි ...... හරිම පිළිවලයි.... ඇද උඩ ලොකුවට එයා හිනාවෙලා ඉන්න ලස්සන පොටෝ එකක් ගහල තිබ්බා......


මම මේ ගෙදරට පය තිබ්බත් හරි එයාගෙ මූණ දිහා බැලුවෙම නෑ.....මම තරායි.....හුම්ම්.....මට බැනපු විදිය.... පොඩ්ඩක් උනත් ඇති යකා ආවේශ වෙන්න....

එයා ඉදිය උනත් මම ඇද උඩින් රෙදි බෑග් එක තියල මගේ පෝන් එක හොයාගෙන එකෙන් ගෙදරට ඇසේජ් එකකුත් දාලා ටවල් එක ගන්න බෑග් එක ඇවිස්සුවා.....එයාත් එහෙට කැරකෙනව මෙහෙට කැරකෙනව....මන් දන්නව ඔය මාව යාලු කරගන්න තමයි ....

"ලොවේ නෑ.....වෙන කවුරුත් උන්නේ...... නුඹ වාගේ.... මැව්නේ.... මට නම් කිසි දවසේ...... සිහිනයකි..... නුඹ හැමදාමත් ....හිත සැනසූ... තුරුලේ ....දැවටී......මා .....නැළවූ.....පුදුමයකි ..මට....කවදාවත්......නොරිදවපූ.......නුඹගේ....හිත ඇයි......දැන් අමුතූ....... "

එයා ලාවට සිංදුවක් මුමුණන්න ගත්තා....මං දන්නව ඔය බොරුවට කවි කියනව මාව දැළේ දාගන්න.....හුහ්.....අහු වෙයි....නරක මිනිහා.....මට බැනපු හැටි..... ' උඹ මොන හුයන්නක්ද ඇහුවා දැන් කියන්නේ........'...ෆක් යූ.....හුහ්

මම එයා දිහා නොබලම බාතෲම් එකට ගියා.....මම ඇස් කොනින් දැක්කා එයා මන් දිහාම බලන් ඉන්නව......මෙදා පාර නම් යාලුවෙයන් මගේ නැට්ට එක්ක....

" බූරු පුතා......."

බාතෲම් එකට ආව මම දොර වහගෙන ඉක්මනට ඇග සෝදගත්තා....

බාතෲම් එකේ ඉදන් සාලුව පටලවන් එළියට ආව මම බෑග් එක අවුස්සල එකේන් ඇදුමක් හොයද්දි මගේම පෝන් එක ඔබ ඔබ ඉදපු එයා පෝන් එක ඇද උඩ දාලා ඇවිත් මාව පිටිපස්සෙන් වැළදගත්තා.... මම කෝකටත් කියල එක අතකින් ටවල් එක අල්ලගෙන මගේ වැඩේ කරගෙන ගියා....මිනිහා හෝ ගාලා මගේ පිට දිගේ තොල් අතුල්ල අතුල්ල කිස් කරනව.....මම දැනෙන්නෑ වගේ ඉදියා.....

" i need......somebody ......who.....can love me......at ......my wrost.....No...i'm not ......perfect ......but i hope you...see my worth.....cause it's .....only you.... , nobody......new....,i put....you first and for you.....boy.....i swear i ' ll do the....worst......."

" අයින් වෙන්න අයියේ.....මට ඇදුමක් ඇදගන්න ඕනේ......."

මම කිව්වත් එයා අයින් නොවීම සිංදුවක් මුමුණ මුමුණ ඉදියා......

" තරහද පැටියා......."

" ඔව් තරහයි.... අයින් වෙන්න....."

" අනේ.....ඇයි ඒ......."

" ......................."

" කියන්නකෝ ඉතිං ......පැටියා ඇයි තලා වෙලා ඉන්නේ........."

" ........................."

" අහන්නකො බබා......."

" මට මුකුත් අහන්න ඕන්නෑ......අයින් වෙන්න අයියෙ......"

එයාව අයින් කරපු මම ඇදුමත් අරන් බාතෲම් එකට යන්න හැදුවත් එයා මාවත් පටලවාගෙන ඇද උඩට වැටිලා මගේ ඇග උඩට නැග්ගා....මගේ ටවල් එකත් ලිහෙද්දි මම ඉක්මනට ඒක ගැටගහගත්‍තා....

" ඉන්න දෙන්නකො වදේ......ම්හ්ම්. "

මම එයාගෙ අත් යට ඉදන්ම අහක බලාගත්තා...... මම තරහයි......

එයා මගේ බෙල්ල දිගේ බේරිලා යන වතුර බිංදු දිවෙන් බොන්න ගනිද්දි මහේ පපුවෙ තාමත් එයාගෙ තොල් වල සලකුණු පිහිටල තිබ්බා....

ඕනි මගුලක් කරගන්නෙයි කියල මම එයාව එක දශමෙකින් වත් අලන්නැතුව ඔහේ ඉදියා...... ටික වෙලාවකට පස්සෙ එයා මගේ මූණ මට්ටමට ඉස්සුනා....

" සුදු මැණික ........"

"................."

මම රවල අහක බලාගත්තා....එයාගෙ මූණ නම් මැලවිලා......

" හනේ වස්තුව........"

"...................."

මම අහක බලාගෙන ඉද්දිම එයා මගේ තොල් ළගට පාත් වෙලා මගේ තොල් ඈත් කරල එයාගෙ කබර දිව මගේ තොල් ඇතුළට දාලා මගේ ඇස් දිහා බලන් දිව එහෙ මෙහෙ කළා...... මම ඔහේ උන්නා.... මම අහු වෙයි ඔය මායම් වලට......

මගෙන් කිසිම රියැක්ෂන් එකක් නැති පාර එයා මගේ ඉන කොනිත්තන්න ගත්තා......

" ම්හ්ම්......අනේ..... තලාද තාම....."

" ඔව්......අයින් වෙන්න......"

" සොරි හලෝ ඉතිං .......මට කේන්ති ගියා........"

" හා........"

" ඉතිං සමාව භාජනයකට දාන්නකො...."

" බෑ........."

" අනේ සුදු මැණික ........"

"......................."

" මොකද්ද අනේහ්......"

" බෑ.........."

.
.
.
.
.
.
.
.

✈ උඩ පද පේළි දෙකටම කමෙන්ට් එකක් දාන් යන්න බබීලා..... ඒව හරිම ලස්සනට හැටගහපු පද පේළි.... මුලින්ම දැම්මේ පෙන්න ඕනේ නිසා....hikzz 🙂

Continue Reading

You'll Also Like

474K 87.8K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...
531K 45.9K 200
အတိတ်၌ ပြန်လည်မွေးဖွားခြင်း
147K 17.7K 125
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...