Fly to air ✈️ [Zhanyi Complet...

De HashiHiru

192K 27.6K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ Mai multe

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 22✈

2.8K 459 83
De HashiHiru

මාව බිමට තල්ලු කරල දාලා එයා යන්න යද්දි මම කිසිම දෙයක් හිතාගන්න බැරි හැගීමකින් ටයිල් පොලවෙම වාඩි උනා.... මට තේරෙන්නෑ මොකද්ද එයාට උනේ කියල ..... ඇයි එයාට තේරෙන්නැත්තේ ඒකට මම සම්බන්ධ නැහෑයි කියල .....අඩුම තරමෙ මම ඔය කියන කෙනාට රිප්ලයි එකක් වත් දාලා නැහැනේ.....

මට කමක් නෑ එයා ඒ ගැන කියල කොච්චර බැන්නත්...මොකද්ද ඒ අන්තිමට කිය්පු කතාවෙ තේරුම...එදත් ඕක කියල මට බැන්නා.... අනික එයාගෙ කලින් කෙනා එයාව රැවැට්ටුවට මම පළිද..... ඇයි දෙයියනේ මම මෙච්චර එයාට ආදරේ කරලත් එයා එහෙම හිතන්නේ..... මගේ පපුව පැලෙන්න වගේ.... මම අඩන්නෑ.....මට අඩන්න හේතුවක් නෑ...මොකද මම වැරැද්දක් කරල නෑ.....ඒත් හදවත බරයි... එයා ඒ වගේ හැසිරෙයි කියල ජිවිතේට හිතුවෙ නෑ..... ජිවිතේට ප්‍රශ්නයක් ආවම ඔහොම කලබලකාරී විදියට හැසිරිලා උත්තර හොයන්න බෑ.....එයාට තිබ්බ මාත් එක්ක කතා කරල ඒ ප්‍රශ්නේ විසදගන්න.....මොකද්ද උනේ කියල හොයන්න මට මගේ පෝන් එක වත් නෑනේ......

එයාගෙ වචන වලට ඇස් වලට ආව කදුලු පිහදාන් මම සීතල ටයිල් පොළවෙන් නැගිට්ටා....එයා මාව දාලා ගියා...අයෙ එයිද... පොඩි හරි බලාපොරොත්තුවක් තීනව එයා දවල් වෙලා හරි එයි කියල මාව බලන්න.....

" ආදරෙයි අයියේ.....ගොඩාක්.... පරිස්සමෙන් ගිහින් එන්න කියනකන් වත් ඔයා ඉදියේ නෑ......."

එයාගෙ ගලවල දාපු ටී ෂර්ට් එක පපුවට ගුලි කරන් මම ඇදේ හාන්සි උනේ ප්‍රශ්න ගොඩක් අස්සෙ අතරමන් වෙලා..... හැම ප්‍රශ්නයකටම වඩා මට තීන්නේ එයා එච්චරටම ආදරේ කරපු මට එහෙම කතා කරන්නේ කොහොමද කියල .... පපුව පුරවලා ආදරේ දුන්න එයා වචනයක් කියද්දි මට මෙච්චර දුකයි නම් .....කවදහරි එයාම මාව අතරමං කරල දාලා ගිය දාක ....මට මගේ ජිවිතෙත් එපා වෙයි අයියේ..... මම ඔයාට කිව්වා....මට ළං වෙද්දිම .., මාව අතරමං කරල යන එපා කියල ..... මට තියෙන්නේ අහිංසක හදවතක් අයියෙ....සමහර වෙලාවට මම මටම වෛර කරගන්නව ඇයි මෙච්චර ළාමක කියල .... ඔයා ඔහොම කරද්දි මගේ හදවත කෑලි වලට කැඩිලා යනව...

අඩන්න ඕනේ නැති උනත් එයාගෙ දරුණු වචන මතක් වෙන වාරයක් පාසා මගේ ඇස් වලට කදුලු ඉනුවා.... එයාගෙ ෂර්ට් එක පපුවට තුරුල් කරන් ඇස් පියාගත්ත මම නැගිටිද්දි වෙලාව දවල් එක විතර වෙලා තිබ්බා.....දරන්න බැරි ඔලුවෙ කැක්කුමක් එක්ක ඇස් ඇරපු මම දුවල ගිහින් සාලෙ බැලුවේ එයා ඇවිත්ද කියල .....එයා කීයට හරි එයි කියල හිතල මම දොර ලොක් කළෙත් නෑ.... ඒත් එයා ආවා කියල සලකුණක් වත් නෑ...... ඒ කියන්නේ එයා තාම ඇවිත් නෑ.......

ෆ්‍රිජ් එකෙන් Apple juice ඩ්‍රින්ක් එකක ගත්ත මම ඒකත් අරන් ඔලුව අතගගා සෝපා එකට හේත්තු උනා....එයාගෙ සුවද තාමත් ගෙදර තියෙනව... ඒ සුවද නහයට දැනෙද්දි මම කොහොම එයාව අමතක කරන්නද.....

සෝපා එකේ වාඩි උන ගමන් කුකූ මගේ ඔඩොක්කුවට පනිද්දි ඌගේ ඔලුවත් ලාවට අතගගා මම ඇපල් ජූස් එක බිව්වා....දවල්ට කන්න හිතක් නෑ.... උයන්නත් කම්මැලි.... හෙට ටුවර් එකට ලැගේජ් ලෑස්ති කරන්නත් ඕනේ.... දවස් තුනක විතර පොඩි ටුවර් එකක්....

ආයෙත් රූම් එකට ගිය මම එයාගෙයි මගෙයි ට්‍රිප් එකට ඇදන් ගිය කිලිටි රෙදි ඔක්කොම මැෂින් එකට දාලා හේදෙනකන් මගේ රෙදි අයන් කරන්න ගත්තා.... පළවෙනි දවසෙ අදින්න එකයි දෙවෙනි දවසෙ අදින්න එකයි trouser  දෙකකට ෂර්ට් දෙකයි එක බ්ලෙසර් එකයි විතරක් ගත්ත මම ඒ ටික අයන් කරන්න ගත්තා....

ඔක්කොම ඇදුම් අයන් කරල ඉවර වෙද්දි මැෂින් එකෙත් රෙදි සේදිලා ඉවර වෙලා තිබ්බා...ඒ ටිකත් බැල්කනි එකේ වනලා දාලා ලැගේජ් එකට බඩු ඔක්කොම අඩුක් කරපු මම සපත්තු දෙකත් මූණ බලන්න පුලුවන් තරමට පොලිෂ් කළා.....

ඔක්කොම වැඩ ඉවර වෙද්දි නිකන්ම  හවස් වෙලා තිබ්බා වගේම තවමත් එයාගෙන් කිසි බලාපොරොත්තුවක් වත් මට තිබ්බෙ නෑ...... කොහේ ඉන්නවද මොනව කරනවද අඩුම තරමෙ දවල්ට කෑවද කියල වත් මම දන්නේ නෑ....

කිචන් එකට ගිය මම පාන් පෙත්තකට බටර් ටිකක් ගාලා රෑට ශේප්මන්ට් එකක් හදාගෙන වෙලාසන ඇදට ගියා....ඔක්කොමත් හරි ඒලාම් තියන්න පෝන් එකත් නෑ අම්මල බය වෙයිද දන්නෙත් නෑ..... හෙට හය වෙද්දි air port එකේ ඉන්නත් ඕනේ......

මම ආයෙත් ඇදෙන් නැගිටල ගිහින් ගෙදර තිබ්බ පොඩි ඒලාම් බට්ටා අරන් ඇවිත් පහට ඒලාම් එක තියල ඇස් පියාගත්තා...එයා රෑ වෙලා හරි එයිද කියන සිතුවිල්ල  මගෙ හිතේ තියෙද්දි එහෙන්මම මට නින්ද ගියා......

🌄🌄🌄 ⏰ ⏰

අද දවසෙම මහන්සි වෙන්න ඕනේ නිසා බතකට පොඩි වෑංජනයක් හදාගත්ත මම ඒකත් කාලා ඉවර වෙලා පහයි හතලිස් පහට විතර Appartement  එකෙන් එළියට ආවෙ Air port එකේ වාහනේ මාව ගෙනියන්න එන නිසා.. .....

තාම අවට කරුවලයි...  ඒ උනත් ලයිට්ස් නම් දහස් ගණනින් පත්තු වෙලා තිබුණා.... පාරෙත් වැඩිය වාහන නොයද්දි පාර අවට තැන තැන නත්තල වෙනුවෙන් ලස්සන වෙලා තිබ්බා...... Appartement building  එක ඉස්සරම තිබ්බෙ ලස්සනට මල් වවල රව්මට වාඩි වෙන්න හදපු බංකු ටිකක්....ඒක තිබ්බෙ ප්‍රධාන පාරට මුහුණලා... මම වාහනෙත්   තාම නැති නිසා බංකුවෙන් වාඩි වෙලා පාර දිහා බලන් ඉදියා... ඈත ලයිට්ස් ඕෆ් කරපු සුදු පාට ප්‍රාඩෝ එකක් නවත්තල තියෙනව කලින් දැක්කත් ආයෙත් ඒ දිහා බලපු මට හිනා ගියා...

එයා ඇවිත්..... එයා හිතන් ඉන්නේ මට එයාව අදුරගන්න බෑ කියල .....

නොදැක්ක වගේම අහක බලාගත්තත් මගේ හිතට ආවෙ වේදනාවක්..... එයා මාත් එක්ක තාම තරහයිද..... මම වැරැද්දක් නොකළත්.....

සපත්තුව දිහා බලන් ඉදිය මන් ළගට පොඩි බෝල බලු පැටියෙක් අගලක් වත් නැති නගුට වන වන පෙරළි පෙරළි ආවා....

" චබී........"

Labrador  බලු පැටියෙක්... බෙල්ලෙ පටියකුත් ගහල තිබ්බා....අවට ගෙදර කාගෙ හරි වෙන්නැති.....

මම ඌව ඔඩොක්කුවට ගන්න බැරි කමට බිම ඉද්දි ඔලුව අතගෑවා...ඌ මාර හුරතල්.... ඌ නැට්ට වන වන වටෙ කැරකෙනව..... labrador  කියන්නේ ගෙදරට හොරා පැන්නත් ඌ එක්කත් හුරතල් වෙන බලු ජාතියක්.... ඒ උනාට උන් මහ සද්ධන්තයි.... ඒත් හුරතල්.... මෙයා නම් පොඩි පැටියෙක්....

" ඔයාගෙ ගෙදර කොහෙද පැටියෝ....."

ඌව පොඩ්ඩක් හුරතල් කරපු මම උගේ ඔලුව අතගෑවා..... ශෝක්  දෙයියනේ .....හරිම හුරතල්....යුනිෆෝම් එක පිටින් නොහිටියා නම් මම ඔඩොක්කුවට අරන් හුරතල් කරනව අරයට පේන්නම..... දැනුත් පුපුර පුපුර ඇති .....

බලු පැටියත් එක්ක හුරතල් වෙවි ඉදපු මට බස් එකේ හෝන් එක ඇහෙද්දි ලැගේජ් එකත් අරන් මම උගේ ඔලුව අතගාලා ඒකට නැග්ගා.....

" Good morning yibo sir......"

" ගුඩ් මෝනින් ගයිස්....."

කෙල්ලො දෙතුන් දෙනෙක් මට ග්‍රීට් කරද්දි  මම අයිනකටම ගිහින් වාඩි උනා......

විනාඩි දහයක් විතර යද්දි Air port ආව මම ඔෆිස් එකටත් ගිහින් එතන වැඩ ටිකත් කරල අපේ ෆ්ලයිට් එක ළගට ගියා..... අද මට මොකද්ද වගේ එයාගෙ අතට රිපෝට් එක දෙන්නත්.... එයා එතනත් මට බනීද ..... නපුරුයිනේ....

ටිකෙන් ටික එළිය වැටීගෙන එද්දි මම අටට පැය භාගයක් තියල ආයෙත් turminal hall එකට ගියේ කොළ වගයක් භාරදීලා අත්සන් ගන්න..... අපේ ඔෆිස් ඒරියා එකට යද්දි මම ඈතින් සන්ග්ලාස් දෙකකුත් දාන් එන එයාව දැක්කා...... එයා මාවත් දකින්නැති .... මම දොර ඇරගෙන ඔෆිස් එක ඇතුළට ගිහින් මගේ වැඩ ටිකත් කරගෙන එළියට ආවා....මම හිතුවා එයා මම එනකන් බලන් ඉදී කියල ....ඒත්  එයා පේන තෙක් මානෙක නැති උනාම මට දැනුනෙ කියාගන්න බැරි දුකක්.....

අඩුම තරමෙ එයා මගෙන් කෑවද කියල වත් ඇහුවෙ නෑ.......

ආයෙත් ඔෆිස් එක ඇතුළට ගිය මම telephone  එකක් ළගට ගිහින් ගෙදරට කෝල් එකක් ගත්තා....

" හෙලෝ අම්මා............ නෑ නෑ අනේ පෝන් එක  මේ මට දාපු තැන හොයාගන්න නෑ............ හරි හරි  මම ෆ්ලයි කරන්න හදන්නේ පරිස්සමෙන් ඉන්න ............ හරි අම්මා බුදු සරණයි......"

ඉක්මනටම බුදු පිළිමෙ ළගටත් ගිය මම පහනක් පත්තු කරල පූජා කරල තිබ්බ මල් වලට අත ගහලා ප්‍රාර්ථනාවක් කරලා බුදුන් වැදලා ආයෙත් ෆ්ලයිට් එකට ගියා..අටට තමයි ෆ්ලයිට් එක ෆ්ලයි කරන්නේ........

මම කොළේ අරන් පහළට වෙලා ඉද්දි එයා ඈතින් ලැගේජ් එකත් අරගෙන එනවා මම දැක්කා....එයා කඩවසම්..... හුලගට එයාගෙ කලු පාට කොණ්ඩෙ එහාට මෙහාට වැනෙද්දි මම භාවනාවකට සම වැදිලා වගේ එයා දිහා බලන් ඉදියා...... එයා මගේ ළගටම ආවම මම මුකුත් නොකියා කොළේ දික් කරද්දි එයත් මුකුත්ම නොකියා අඩුම තරමෙ මන් දිහා ආසාවට වත් නොබලා කොළේ අතට ගත්තම මගේ ඇස් වලට ක්ෂණිකව කදුලු පිරුනා.....

එයා මගෙන් වෙනද අහන ප්‍රශ්නයක් වත් අද නාහද්දි මගේ ඇස් බලන්න බැරි තරමට බොද වෙලා ගියා..... එහෙන්මම අනික් පැත්ත හැරිලා ෆ්ලයිට් එකට නැගපු මම zhong අයියව හොයාගෙන ගියා......

" අයියේ......."

" බෝබෝ....... ඔයා ......මොකද මේ මූඩ් ගහල......."

" ම්හ්ම්..... මොනාහරි කරන්න නෑනේ වෙන......."

" කැප්ටන්ට රිපෝට් එක දුන්නද....??"

" හ්ම්ම්......."

" අද අපේ ස්ටාෆ් එකේ එක්කෙනෙක් නෑ.....දැන් එද්දි අසනීප වෙලා....එයා වෙනුවට කෙනෙක්ව තාම එවල නෑ...... බැලුවෙ මොකද කරන්නෙ කියල ....දැන් අටටත් ළගයි......"

" අයියෝ.... තාම එවල නැද්ද......"

" නෑනේ බෝබෝ......"

" ඉන්න මම කතා කරල බලන්නම්...."

" හරි ඔයා ඒ වැඩේ පුලුවන් ඉක්මනට බලන්න......මම ලොකු සර් එක්ක driving room එකට යනව...... ඉක්මනට එන්න ඔයාගෙ fingle ප්‍රින්ට්ස් නැතුව දොර වහන්න බෑනේ......."

" හරි ......"

අයියා යද්දි මම ඉක්මනට ඔෆිස් එකට කතා කරල ඒ වැඩේ ගැන බලලා දොර වහන්න මිනිත්තුවක් තියෙද්දි කෙල්ලෙක්ව ගෙන්වගත්තා.....පස්සෙ driving room එකට යද්දි එයාලා ඒකේ දොරවල් වහනව....ඒකත් හොදයි .... මම වාඩි වෙලා ඉන්න එයා දිහා බලද්දි එයා මාව නොදැකද මන්දා අහක බලාගෙන ඉදියා..... ගලක් එල්ලලා වගේ මගේ හදවත මටම බර වෙද්දි දොර ලොක් කරන්න උදව් කරල ස්ටාෆ් කැබින් එකට ගිය මම ජනෙලෙට ඔලුව තියන් එළිය බලාගත්තා..... කොහොමද දෙයියනේ එයා මට මෙච්චර දුකක් දෙන්නේ..... ඇයි මන් දිහා බලලා මට ගුඩ් මෝනින් කියන්න වත් එයාට බැරි උනේ..... එච්චර ලොකු වැරැද්දක් මගේ අතින් උනාද......

මගේ ඇස් වලින් කදුලු කැට පහළට ගලන් යද්දි ඇස් පියාගෙන නිහඩවම ඇඩුවා.....හැම දේකදිම මාත් එක්ක ඉන්නව කිව්ව එයා පටන් ගන්නත් කලින් මාව දාලා ඈතට ගිහින්......

ෆ්ලයිට් එක වේගයෙන් ඉහළ අහසට ඇදිලා යද්දි එයා ගැන හිත හිතම ඉදපු මම වැඩ ගොඩක හිර උනා......එහෙන් ඔලුවත් රිදෙනවා ...... කොච්චර අඩන්න එපා කියල හිතට තහංචි දාගත්තත් මට ඇඩෙනව .....ඇඩුනම ඔලුව කැක්කුම අල්ලද්දි හෙන සනීපයි....

" yizi....... "

" ඕ......."

" පෙනඩෝ දෙකක් ඕනේ......"

" කාටද.......??"

" මට..... ඔයා ළග තිනව නෙහ්....."

" හ්ම්....ඉන්නකො....."

කෙල්ල යන්න යද්දි මම එතනම තිබ්බ උලුවස්සට හේත්තු උනා..... අද වැඩ ගොඩයි..... කෙලින් ඉන්නත් අමාරුයි ....ඔක්කොටම වඩා හිතට අමාරුයි.....

" මොකද යීබෝ ......මේ උඹව රස්නෙයි....."

Yizi මගේ ඔලුවට අත තියල කියද්දි මාත් පොඩ්ඩක් කලබල උනා.....

" ඔලුව කැක්කුමයි බන්.....AC නිසා තවත් අමාරුයි ..... "

" මේක බීපන්කෝ....බිව්වම අඩු වෙයි...ආ......."

කෙල්ල මට වතුර දෙද්දි මම ඒ පෙති දෙකම බීලා දාලා vip side එකට ගියා......

හත්තිලව්වයි මේකේ එක cabin crew කෙනෙක් වත් නෑනේ.......කෝ මු..න්...

" tyara......tyara ....... මේ kang ඔයා  tyra දැක්කද......."

" එයා කිචන් එකේ ලොකු වැඩක්....."

" ඔයා දැන් මොකද කරන්නේ.....වැඩක්ද......"

" නැහැ සර් .....මේ කොෆී කෝප්ප තියන්න ආවෙ......"

" එහෙනම් යන්න vip cabin එකට....එකේ කවුරුත් නෑ.....බැනුම් අහන්න වෙයි......."

" අහ් හරි සර්.....මෙන්න මේ ටික සර් එහෙනම් කොහෙන් හරි තියාගෙන යන්නකෝ....."

කෙල්ලගෙ අතේ තිබ්බ කොෆී මග් ටික කිචන් එකෙන් තියපු මම ආයෙත් zhoung අයියව හොයන් ගියා.....හැමෝම අද වැඩ....අද හුගක් බිසී දවසක්.....christmas  එක ලබන සතියෙ නිසා පැසෙන්ජර්ස්ලත් වැඩී....

" බෝබෝ මට මේ පාස්පෝර්ට් ටික සෙට්ල් කරන්න උදව් කරන්න ....."

" හාම්......"

✈️✈️✈️✈️✈️

පැය පහකට විතර පස්සෙ එයාගෙ අතින් ගෙනියන ෆ්ලයිට් එක මොස්කව් අහසට උඩින් පියාඹන්න ගත්තා..... එයාට මහන්සි ඇති..... මම දැක්කා අද එයා හුගක් කලබලෙන් ඉදියේ..... අද කාලගුණෙත් එච්චර හොද නෑ.....

අන්තිම විනාඩියේදි ශීට් එකට ආව මම පොඩ්ඩක් හාන්සි වෙලා මහන්සි ඇරියා.... අද නම් හුගක් මහන්සි දවසක්.....මට වගේම මගේ හදවතටත්...එයා මාව මෙහෙම ප්‍රතික්ෂේප කරනව නම්..... වැරැද්ද නොකරපු මාත් මොකටද වැදගෙන ඉනේ.... එයා මගෙන් සමාව ගන්න ඕනේ.....මොකද එයයි වැරදී...හුම්.....

ටික ටික පහත් උන ෆ්ලයිට් එක පොඩි ගැස්මක් එක්ක ලෑන්ඩ් එකට ලෑස්ති වෙද්දි මමත් නැගිටල එළියට ගියා.....අද එයා මට ශීට් බෙල්ට් එක දාගන්න කියල වත් කිව්වෙ නෑ කියල මතක් උනාම පපුවට දැනුනේ පුදුමාකාර වේදනාවක්....

දොර ඇරගන්න හෙන ගේමක් දෙන කෙල්ලො ටික දැකක මම ගිහින් එයාලට දොර අරින්න උදව් කලා.... ඒ දොර අරින වහන එක  මහ අමාරු රාජකාරියක්.....

පැය භාගයක් විතර යද්දි පැසෙන්ජර්ස්ලත් ඔක්කොම බැහැලා යද්දි මම ෆ්ලයිට් එකේ නොපෙනෙන කොණකට වෙලා එයා එනකන් බලන් ඉදියා.....මොකද මට එයාගෙ ඒ නපුරු මූණ එක පාරක් හරි බලන්න ඕනේ..... එයාට මාව නයාට අදුකොළ වගේ උනාට කමන්නෑ......මට මගෙ සුදු මහත්තයව දකින්න ඕනේ......

" Hi sweety....what are you doing here....."

තට්ටෙ තිබ්බ නාකි සුද්දෙක් මගේ කන පිටිපස්සෙන් එක පාරටම කතා කරද්දි මම ගැස්සුනා..... එයා කොහොමද මෙතන.....ඔක්කොම පැසෙන්ජර්ස්ලා බැස්සනේ.....

" what are you doing here sir... how can i help you....."

" can you come with .....mee...!!"

මේ මිනිහ නම් එන්නේ හොදකට නෙමේ.......

" For what.....?"

ඌ මොකුත් නොකියා මහ කැත විදියට හිනා උනා.......

" your so pretty baby..... take this.... call me later......"

ඒ මිනිහ මගෙ අත අල්ලලා නම්බර් එකක් ලියපු කොළයක් අත උඩින් තියද්දි මට නේද මුගේ තට්ටෙ පලලා පොල් හිටවන්න හිතුනා.....

" no thanks sir..... "

මෙතනින් යන එක නුවණට හුරු නිසා මම හැරිලා යන්න යද්දි ඒ මනුසය මාව ඇදල ගන්න හැදුවත් මම ඉක්මනට අත ඇදල ගත්තා.....

යන්න හදද්දිම ඈතින් මන් දිහා බලන් ඉදපු එයා මූණ දෙක කරන් යන්න යද්දි මම දුවල ගිහින් එයාගෙ අතේ එල්ලුනා...

" අ...නේ අයි...යේ........!!"

මම අඩන්න වගේ කියද්දි එයා මගේ අත ගසල දාලා යන්න ගියා..... එයාට තේරෙන්නැද්ද මගේ හදවතට දැනෙන හැගීම......මම කොච්චර විදවනවද දෙයියනේ ..... එයා කවද වෙනකන් මට මෙහෙම කරයිද....

ආයෙත් පැය තුනකින් අපි oslo වලට ෆ්ලයි කරන නිසා අපිට රූන්ස් ලැබුන් නෑ.... හැමෝටම එක හෝල් එකක් ලැබෙද්දි මම අඩන ඇස් වල කදුලු පිහදාන් හිත දෙගුණයක් ශක්තිමත් කරන් එකට ගියා...... අම්මට කෝල් එකක් දෙන්න වත් මගේ හිත සන්සුන් නෑ... කොච්චර දුකක් හිත ඇතුළෙ හිර වෙලා තීනවද කියල දන්නේ මමම විතරයි ..... දැන් අර නාකි මනුස්සයවත් අල්ලන් ඒකටත් රණ්ඩු වෙයිද දන්නෑ.....

වොශ් රූම් එකට ගිහින් මූණ හෝදගත්ත මම බ්ලෙසර් එකත් ගලවලා දාලා ශර්ට් එකේ බොත්තම් තුන හතරක්ම ගලවගෙන zhoung අයියා ළගින්ම වාඩි උනේ අයිස් කොෆී එකක් බිබී......

" බෝබෝ......ඔයා අව්ලෙන්ද......."

" හ්ම්ම්......"

" මොකද්ද උනේ......."

" කැප්ටන් මාත් එක්ක රණ්ඩු උනා....."

" කවද්ද......??"

" ඊයේ......."

" තාමත් තරහද....."

" හ්ම්ම්..මුණ වත් බලන්නෑ....."

" හිතන්නෙපා බෝබෝ..... එයා යාලුවෙයි ඉක්මනට ..... දැන් රෙස්ට් කරන්න ....ප්‍රශ්න ඔලුවට දාන් දගලන්නේ..... ??"

අයියා සැර කරද්දි මම ඉක්මනට ඇස් පියාගෙන එයාගෙ උරහිසට ඔලුව තියාගත්තා.... අම්මගෙ උකුළ ,තාත්තගෙ උරහිස , එයාගෙ පපුව වගේ තමයි .....සහෝදරයෙක් වගේ අයිය්ගේ උරහිසත් මට මගේ හිත නිදහස් කරගන්න හොදම තැනක්..... අයියත් ලාවට මගේ ඔලුව අතගාද්දි මගේ සුදු මහත්තයා ගැන හිත හිත ඉදපු මට ඉබෙම නින්ද ගියා.....

😴😴.......

නිදාගත්ත මම ඇහැරුණේ ඔලුවට දැනුන උණුසුම් හාදුවක් එක්ක වෙනකොට සුපුරුදු පහසක් දැනෙද්දි සැනසීමෙන් ඇස් පියාගත්ත මම අකුණක් වැදුනා වගේ වේගෙන් හිත අවදි කළා..... මොකක්....zhoung අයියා නෙමෙයි මේ.....සීයට දාහක් ශුවර්....

මම ඇස් අරින්නැතුව කල්පනා කරද්දි ආයෙත් මගේ නළලට උණුසුම් හාදුවක් හම්බුනා වගේම මගේ කම්මුල් අතගෑවා.....

වටේ පිටේ සද්ද වලට කන යවපු මට තේරුණේ අවට කවුරුත් නෑ කියල .....ඉන්නේ කලින් හිටපු  හෝල් එකේමද කියල නිනව්වක් නැතත් ඉන්නෙ සෝපා එකේ වාඩි වෙලා කියල තේරෙද්දි අපි තාමත් එතන කියල මට දැනුනා.....

ඔක්කොටමත් වඩා .....දෙයියනේ එයා ඇවිත්...... එයා ඉවරයක් නැතුවම තප්පරෙන් තප්පරේට මගේ නළලට හාදුවක් තිබ්බා..... එයා මට ආදරෙයි නේද.....මාත් එක්ක තරහ නෑනේද....මට අහන්න ආසයි....ඒත්.......

" මගේ සුදු මැණික ......"

මගේ නිදහස් අතේ එයාගෙ එක අතක් කිටි කිටියෙ පටලැවිලා තිබ්බා.. එයා ඒ අත තවත් තද කරන් ම මගේ කම්මුලකට හාදුවක් තිබ්බා.....

බොරු සෝබනේ.....හුම්ම්..... ඊයෙ බැනපු හැටි......

.
.

✈හිතගාව නැවතිලා
නුඹේ දගකාරකම්...
මිදෙන්නට බෑ නුඹෙන්
හිත නුඹට බැදි පෙමින්...
ඉවසන්න බෑ හැගුම්
ණුඹ ළඟදි මේ තරම්....
සිපගන්න හිතයි මට
උඹව පපුවට තියන්...
ළඟින් හිද බලාගමි
ආදරේ තව දෙමින්..
තිබෙන තුරු මගෙ හුස්ම
උඹට බැදි මේ පෙමින්...

කැප්ටන්ගෙන් බෝ පැටීට...

BHMI90 ගොඩාක් ස්තූතියි අක්කේ ....හරිම ලස්සන පද පේළි ටික....

.
.
.
.
.

✈ ඉල්ලපු නිසා කලින්ම දුනන......

✈ සීසන් බාල්දි ඊස් කමින් සූන් සූන් ඉතිං 🙂

✈ හවසට එන්නම් ඈ........

Continuă lectura

O să-ți placă și

604K 46.8K 61
ကျုပ်က လူတစ်ယောက်ကို သတ်ပစ်ချင်လောက်အောင် ချစ်တယ်...။ သိပ်ပြီး အရာရာပြည့်စုံတဲ့ ကျောင်းသားခေါင်းဆောင် ခင်ဗျားကိုပေါ့။ School / unilife/Age gap/countr...
417K 16.1K 24
My priority /property/privacy
472K 87.5K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...