Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

191K 27.6K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 21

3.1K 483 81
By HashiHiru

" සුදු මැණික.....නැගිටින්න අපි ගෙදර ආවා......."

බීච් එකේ ඉදන් කා එකට නැගපු මට වැඩි වෙලාවක් යන්නත් කලින්ම නින්ද යද්දි අපි ගෙදරටම ඇවිල්ලා තිබ්බා....

" හ්ම්ම්........."

මම ඈනුමක් ඇරල හිරි යවල සීට් එකේ කෙලින් උනා....

" මම මගදි රයිස් පාර්සලයක් ගත්තා.....දැන් උයන්න බෑනේ... ඒක කාලා නිදාගන්න......"

එයා appartement එකේ අයිනක් බලලා වාහනේ නවත්ත තියෙද්දි මට තේරුණා එයා මාවදාලා යනව කියල .....

" ඔයා යනවද අයියේ......."

මම එයාගෙ අත් ගොබේ බදාගෙන ඔලුව හේත්තු කරගද්දි එයා මගේ ඔලුව අතගෑවා.....

" හ්ම්ම්..... මම යන්නම් නේ සුදු මැණික ........"

" අනේ ඉන්නකෝ......"

" ඇයී......."

" ඉන්නකෝ......"

මම පපී ඇස් වලින් බලාගෙන කටත් අමුතු කරන් කියද්දි එයා ඔලුව වැනුවා.....

" හාද......ඉන්නවද......."

" හ්ම්න්......."

" එහෙනම් කා එක පාර්ක් එකට දාන්න....."

" හ්ම්ම්...... බටර් ගාන්න නම් කියාපු මූණ ඈ......"

එයා මගේ නිකටෙන් අල්ලලා කොනිත්තද්දි මන් හිනා උනා...කා එකත් පාර්ක් කරල බඩු ටිකත් අරන් උඩට ආවම එයා වොශ් රූම් එකට ගිය නිසා මම එයාට කඩෙන් ගෙනාව රයිස් එක බෙදලා තියලා එයාට කන්න බිත්තරයක් බදින්න ගත්තා.... එයා සාමාන්‍යයෙන් මස් මාලු නැතුව කෑම කන්න අකමැති ටයිප් එකේ එක්කෙනෙක්......

" ඔයා මටද ඔම්ලට් දැම්මේ සුදු මැණික ....."

" හ්ම්ම්..... කන්න..... "

එයාට බත් එකත් බෙදල දීලා වතුර කෝප්පෙකුත් ළං කරපු මම වොශ් රූම් ගිහින් මූණ අතපය හෝදගෙන සැහැල්ලු ඇදුමක් දාන් සාලෙට ආවා....

" මට කෑම බෙදල දීලා එයා මිසින්.... කන්නැද්ද ඔයා ......"

" කන්න කලින් පහන තියන්න ඕනේ....ඔයා කන්න....කාලා ඇදුම් චේන්ජ් කරගන්න ඇද උඩ තියල ඇති ....."

එයා ආයෙත් ටිවී එකට ඇස් දාගද්දි මම සාලෙ වීදුරු දොරවල් තුනම ඇරලා බැල්කනි එකට ගියා.... සීතල නිසා මේ Appartement එකේ බැල්කනි එකට යනකොට ඝනකම වීදුරු දොරවල් තුනක්ම දාලා තිබ්බා....සීත කාලෙට ඒක හුගක් වටිනව.....

මගේ පොඩි ඉද්ද ගහ ළගට ගිය මම මල් වට්ටියට මල් කඩන්න ගත්තා.... මම මට ඕනේ වෙන නිසාම බැල්කනි එකේ පොඩි පෝච්චි වල බට් ගස් කිහිපයක්ම හිටවල තිබ්බා....මුහුම් කරපු ඉද්ද ගහක් , පොඩි ගැට පිච්ච වැලක් වගේම උයන්න ඕන වෙන කරපිංචා පැළයක් දෙකක් පොඩි මිරිස් ගහක් මම වවලා තිබ්බා..... බැල්කනි එක උනත් ගොඩාක්මත් පොඩි නෑ.... එතන මෙසයක් එක්ක පුටු දෙකකුත් එයාලම දාලා දීලා තිබ්බා....ඒත් ඉතිං එළියට වෙලා ඉන්න තරම් මම ගෙදර රැදෙන්නෙත් නෑ එළියට ආවා කියල බලන්න දේකුත් නෑ..... කනක් ඇහෙන්න නැති මහ පාරයි අහස උසට හදපු බිල්ඩින්ග්ස්නුයි විතරයි ....

" වාව් සුදු මැණිකද මේව වැව්වේ....."

කල්පනාවක් දාන් මල් කඩ කඩ ඉදපු මම එයාගෙ කටහඩින් ගැස්සුනා.....මම හදල තියපු කොෆී එකත් බිබී එයා එතන දොරට හේත්තු වෙලා ඉදියා...

" ඇයි සුදු මැණික ..... පොඩි දේටත් ගැස්සෙනවනේ....."

එයා මගේ ඔලුව අතගාලා අහද්දි මට තේරුණා එයා බය උනා කියල ....

" නැහැ අයියෙ.... මම වෙන කල්පනාවක ඉදියේ...ඒකයි.... කාලා ඉවරද...."

" හ්ම්ම්.......සීතලයි එළියේ....."

එයා අත් දෙකත් බැදන් පොඩ්ඩක් බැල්කනි එකේ එහෙට මෙහෙට ගිහින් ඉද්ද ගහෙන් මලක් කඩලා මගේ කනට ගැහුවා.....

" මාව ගෑල්ලමේක් වගේ පේනවද....?"

මම හිනාවෙලා අහද්දි එයා මගේ කන ළගට හාදුවක් තිබ්බා.....

" ඒ තරමට ලස්සනයි .... "

" ................"

එයා එහෙම කියද්දි මට ආඩම්බර හිතුනා.... මම බිම බලාගෙනම හිනා උනා.....

" what i've dreamed of
What i hoped for
Do you know
I only wiahed for you
I want confess that
I've been waiting for you
When i shout out that
I love you everyday "

( i love you i remember you song by l.o.l ... moonlovers drama character  song english subtitles .. )

එයා සිංදුවක් ලාවට මුමුණන ගමන් මගේ බෙල්ලට සීතල හාදුවක් තිබ්බා.... ජාතික හාදුව...

" සුදු මැණික දන්නවද......සත්ත්ව ලෝකෙ ලස්සනම පිරිමි සතා....මොණරගෙන් උනත් ලස්සනට පිල් විදින්න පුලුවන් මොණරට විතරයි නේ....ඒත් මිනිස්සුන්ගෙන් ලස්සනම ගැහැණු සතා.... ඒක ඉතිං ඕනෙවටත් වඩා තහවුරුයිනේ..... මගෙ සුදු බබා නම් ඊටත් වඩා ලස්සනයි .... "

" කෙල්ලෙක්ටත් වඩා.....???"

" හ්ම්ම්..... මට නම් කාටත් වඩා .... ඒත් ලොකෙට නම් කෙල්ලෙක්ටත් වඩා...."

මම හිනාවෙවීම මල් ටික කඩල ඉවර වෙලා එයාගෙ පපුවට තුරුල් උනා.....

" කන්නැද්ද......"

" තියෙනව.....දෙකක්ම තීනව...."

" මෝඩ සුදු මැණික .....මම ඇහුවේ කෑම කන්නැද්ද කියල ......"

" කන්නම් ඉතිං ....."

" එහෙනම් ඔය පූශ් පැටියා වගේ තුරුල් වෙලා ඉන්නේ.....ම්ම්......"

මම ඇගිලිතුඩු වලින් ඉස්සිලා එයාගෙ තොල් වලට සමනල හාදුවක් තිබ්බා....

" යන්......"

දොරවලුත් වහගෙන සාලෙට ආව මම පහන පත්තු කරල මල් පූජා කරල ගිලන්පසත් තියලා ගාථා කියල පහනෙ තෙල් ටිකක් මගේ ඔලුවේ ගාගන්න ගමන් ගිහින් එයාගෙ ඔලුවෙත් ගෑවා.....එයා මුකුත් නොකියා මට ඔලුව පාත් කරලා තෙල් ගාන්න ඉඩ දුන්නා.....

එයා හැම චැනල් එකේම නිව්ස් බලන්න ගද්දි මම ඉක්මනට කෑම ටික කාලා ඉවර වෙලා කුස්සිය අස් කරලා එයා ළගින්ම වාඩි උනා......එයා මගේ ඔලුව එයාගෙ උරහිසට හිර කරගනිද්දි මම එයාට හේත්තු උනා....

" වැඩ ඉවරද....."

" හ්ම්ම්.....නිදාගමු අයියේ....."

" හ්ම්න්....."

" මට අනිද්දා ටුවර් එකක්.... "

" සදුදද....."

" හ්ම්ම්..... "

" කොහෙටද .....??"

" Norway වල oslo වලට..."

" ආවුස්..... වෙලාවට මම ඒක reject නොකළේ......."

එයා එහෙම කිව්වම මම ක්ෂණිකව ඔලුව උස්සල එයා දිහා බැලුවා....

" ඔයාට ඒක ආවද......"

" හ්ම්ම්..... මම ඒක බාරගන්නම්....."

" හා......."

මම හිනාවෙලාම එයාගෙ කම්මුලකට හාදුවක් තියද්දි එයා ආපිට මටත් හාදුවක් තියල චාර්ජ් එකට දාලා තිබ්බ එයාගෙ පෝන් එක ළගට ගියා......මමත් නැගිටල කාමරේට ගිහින් අලුත් බෙඩ් ශීට් එකකට අකුත් කොට්ට කවර ටිකක් දාලා ඇද හදල ගත්තා....

call🔚

මේක මම බලාපොරොත්තුවෙන් ඉදපු කෝල් එකක්..... අම්මා ❤

" හෙලෝ අම්මේ.........

- මොකද කරන්නේ චූටි පැටියා.....

මුකුත් නෑ අම්මා.....නිදාගන්න කියල හැදුවෙ.....

මම තාම අම්මලට අයියා ගැන මුකුත් කියල තිබ්බෙ නෑ....හදිසියේ කියල කලබල කරන්න ඕනෙත් නෑ..... පස්සෙ හෙමීට කියනව.......

-කාලද පුතේ ඉන්නේ......??

ඔව් අම්මේ..... දැන් ටිකකට කලින් නේ ගෙදර ආවේ......

- පුතා මට කෝල් කළේ නෑනේ ගෙදර ආවා කියල ......මම හිතුවා තාම ඔය ගිය තැනකද දන්නැහැයි කියල .....

ඇයි අම්මේ මම මල්ලිගෙ පෝන් එකට මැසේජ් එකක් දැම්මනේ....ඌ කිව්වෙ නැද්ද......

මම ජනෙලෙන් පේන අහස දිහා බලාගෙනම අම්මා එක්ක කතා කරද්දි ආදරණීය අත් දෙකක් මගේ බද වටේ එතුනා..... උණුසුම් පපුවක පහසක් මට දැනෙද්දි මම නිදහස් අත එයාගෙ අත උඩින් තියාගත්තා..... එයත් මගේ කෝල් එක අහගෙන තමයි ඔය ඉන්නේ.....

- නෑනේ පුතේ.......මල්ලි දැන් හරි අමුතුයි .....හනේ මන්දා පුතේ.....ස්කෝල්‍ර් ඇරිලා ආවම කරන්නේ ඇදට පැනලා නිදාගන්න එක.... කන්නෙ වත් නෑ.... ආයෙ ඇහැරෙන්නේ රෑට කන්න තමයි .....

මොකක්......ඇයි අම්මා ඒ......

- දන්නෑ පුතේ..... මහන්සී කියනව..... පොඩි මල්ලි එක්කත් සෑහෙන රණ්ඩු වෙලා ඔයාගෙ කාමරේට ගියා බඩු සේරමත් අස් කරගෙන......

ඈ........ ලොක්කට මොනව වෙලාද අම්මා.... දෙකක් දීලා හදන්න අම්මේ.... දැන් එයාලා ලොකුයිනේ..... කොල්ලො නේ.....ඕක තමයි නරකම වයස.....

- මම කොහොම කරන්නද පුතේ....මේ දණහිස් අමාරුවත් එක්ක මම උයාගන්නෙත් බොහොම අමාරුවෙන්.... මේ ළමයිට කන්න ටික හදල දෙනව ....ඒත් මුන්ගෙන් කිසි උදව්වක් නෑ......

අම්මා ඔය බනින්නේ ලොකු මල්ලිට විතරයි ද.....නැත්තන් අනිත් දෙන්නත් එහෙමද......???

- අනිත් දෙන්න නම් උන්නද මලාද නෑ පුතේ..... ලොකු එකාවම තමයි මට හදන්න බැරි .... වචනයක් කිව්වත් දැන් ගස්සගෙන පුප්පගෙන එන්නේ.....නිවාඩු දවසටත් ගෙදර නෑ...... පුතාට නොකිව්වට මොකද ....දැන් ටික දවසක ඉදන් හැසිරීම හරිම අමුතුයි .... මම අපේ පොඩ්ඩව දාලා බැලෙව්වා... ස්කෝලෙ යනව කියල ගියාට මොකද ඒ දරුවා ස්කෝලෙ පන්තියේ නැහැ පුතේ.... කොච්චර අවවාද කලත් ඌ කියන දෙයක් නාහෙට අහන්නෑ......

ඇයි අම්මා ඔයා මට දැන් මේවා කියන්නේ.....ගිය පාර ආවමත් සද්ද නොකර ඉදියා.... දැන්ද කියන්නෙ.....

-මම කොහොමද පුතේ උඹට මේවා කටක් ඇරල කියන්නේ..... උඹ නැහිලා නැහිලා එන වෙලාවට මේ ප්‍රශ්නත් උඹේ ඔලුවට දාන්න පුලුවන් ද....

කෝ දැන් මිනිහා.......දෙන්නකො පෝන් එක......

- ආන්න නිදි.....දැන් ටිකකට කලින් කෑවා....දැන් ආයෙත් නිදි......

ඇහැරවල හරි පෝන් එක දෙන්න අම්මා.....

- ලොක්කෝ.....නැගිටපන්.....ලොක්කෝ මෙන්න අයියා කතා කරනව.....නැගිටපන්......

ඊට පස්සෙ කෙදිරිගාන සද්දයක් ඇහුනට පස්සෙ පෝන් එකෙන් හෙලෝ කිව්වා.....

- හෙලෝ අයියේ......

අයියා තමයි .....මොකද්ද මල්ලි තමුසෙට වෙලා තීන්නේ......

මම එහෙම අහද්දි එයාගෙ අත් තදින් මගේ බද වටා එතුනා... එයා මගේ උරහිසට මූණ තියාගෙන මේ හැමදෙයක්ම අහන් ඉද්දි එයාගෙ පව්ලෙ සමගියයි මගේ පව්ලෙ ප්‍රශ්නයි දැක්කම අවංකවම මට ලැජ්ජ හිතුනා....

- මොකද්ද අනේ.....දැන් ඔයත් ඒ පාර කෝල් කරල මගෙ ඔලුව කන්නද හදන්නේ......

මල්ලී..... මම ඔයාගෙන් ඇහුවෙ මොකද්ද වෙලා තීන්නේ කියල විතරයි නේ......ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද......

- නැහැ අනේ.....මේ අම්මට පිස්සු......

හාකො......මටත් පේනෝ පිස්සු අම්මට කියල .....ඉදහන්කො මම නිවාඩුවට ගෙදර එනකන්... උඹේ කටින් අම්මට වචනයක් හරි කියල තිබුනොත් අන්න එදාට උඹ බලාගනින් මම කවුද කියල ....

- මොකද්ද අම්ම මගේ නින්දත් කැඩුවා......

ඌ කුනු කුනු ගාලා අම්මට බනිද්දි අම්ම්ම ආයෙත් පෝන් එක අරගත්තා....ඇත්තමයි මූව මට අහු වෙනවනම් මම බාවනවා....මම මෙච්චර මහන්සි වෙන්නේ මුන් වෙනුවෙන්....තාත්තා කෙනෙක් වගේ මුන්ට උගන්නන්න මහන්සි වෙද්දි ....මොකාක් හරි හුටපටයක් ඇති ....හොයාගන්නම්කො මම....

-චූටි පැටියෝ........

ම්ම්.......අම්මා.......මම තියන්නම්..... මම බලාගන්නම්කෝ.....බය නොවී ඉන්න.....

-හරි පුතා බුදු සරණයි....

බුදු සරණයි අම්මා.....පරිස්සමෙන් ..... මම ලබන සතියේ එන්න බලන්නම්.... "

පෝන් කෝල් එක ඉවර උනාම මම පෝන් එක කට් කරල දාලා මෙසෙ උඩට විසි කරලා එයාගෙ පපුවට ඔලුව හේත්තු කරගත්තා.....අද මමයි ගෙදර අයයි එක්ක උන සංවාදෙ එයා අහන් ඉන්න ඇති.... මගේ ගෙදර අය ගැන මොනව හිතුවද දන්නෑ..... විනාඩි ගානක් මම  එයාගෙ පපුවෙ සද්දෙ අහගෙන ඉදියේ අපි දෙන්නම නිහඩව ඉදපු නිසා ....

" සුදු මැණික ......!!!"

" හ්ම්ම්......"

" නිදාගන්න යමු..... "

එයා මගෙන් ඒ ගැන කිසි දෙයක් නාහද්දි මමත් කිසිම ප්‍රශ්නයක් අපි අතරට ඇදල ගන්නැතුව පාඩුවේ ඉදියා.... පිටත ගිනි ඇතුළට ගන්න එපා කියල විශාඛා කුමාරිකාවට විවාහ වෙන අවස්ථාවෙ දුන්න උපදෙස් විවාහය සම්බන්ධයෙන් නොවුනත් සාමාන්‍ය ජිවිතේදි වැදගත් වෙන්න පුලුවන් ........මගේ ප්‍රශ්න එයාගෙයි මගෙයි අතරට ගේන්න ඕනා නෑ.... එයාගෙ හිත නිදහසේ තියන්න ඕනේ......

මම සාලෙත් ලයිට්ස් ඕෆ් කරල ඉස්සරහ දොරත් ලොක් කරගෙන කාමරේට ඇවිත් ඒ ලයිට්ස් ඕෆ් කරල ඇදට ආවා....

" Good night  සුදු මැණික ...... ආදරෙයි .... ජේසු පිහිටයි......"

එයා මාව ඉනෙන් අල්ලලා ළගට අරන් නළලට හාදුවක් තිබ්බා.....

" දැන්ම නිදාගන්නවද අයියේ......"

" ඇයි .....මගෙ සුදු මැණිකට මොනාහරි ඕනේ වෙලාද ම්ම්......"

" මෝඩයා......මම ඇහුවේ ඔයාට නිදිමතයිද කියල ....."

මම ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාලා හිනාවෙද්දි එයාගෙ මූණත් එළිවෙලා කඩප්පුල්ලි කට එලියට ආවා....

" සුදු මැණික ........"

" හ්ම්ම්....."

" කොච්චර කල් ඉදන් මේ ජොබ් එක කරනවද.....??"

" trainning out උන දවසෙ ඉදන්...."

" ඒක මම දන්නව මෝඩයෝ..... දැන් කොච්චර කල්ද.....??"

" අවුරුදු දෙකක් ආසන්නයි....."

" හ්ම්ම්....... "

එයා මගේ නළලට ආයෙත් හාදුවක් තිබ්බා......

" එතකොට අයියා......"

" ඔයා දන්නවනේ pilot  කෙනෙක් වෙන්න නම් කොච්චර මහන්සි වෙන්න ඕනේද කියල ...... මට තාම අවුරුද්දයි.... ඒත් මම air line එකට බැදෙන්න කලින් private helicopter service  එකක වැඩ කළා....."

" අයියා එදා වොෂින්ටන් ටුවර් එක යන්න ආවම කට්ටිය කියනව ඇහුනා අපේ air line එකේ ලාබාලතම කැප්ටන් ඔයා කියල ...."

" ලාබාලතම ඉතිං එතන ඉන්න නාකි පප්පොන්ගෙන් අතරින් නම් ලාබාලතම වෙන්න පුලුවන් ...ඒත්.... සුදු මැණික මගෙ වයස දන්නවද......??"

" ම්හ්ම්ම්....."

" කීයක් කියන්න පුලුවන් ද......"

" ම්ම්.... විසි හතක්......"

එයා හිනා උනා..... හිනාවෙන ගමන් මගේ බෙල්ල අස්සෙ මූණ ඔබාගත්තා...

" තිස් දෙකයි සුදු මැණික ....."

" හෑ....... එච්චර ...... කියන්න බෑනේ අයියේ...... "

එයා තව ටිකක් හයියෙන් හිනා උනා... මම එයාගෙ පිට දිගේ අතගෑවා.....

" මම මෙහෙම නිදාගන්නම්......"

" ඔයාගෙ කැමැත්තක් අයියේ......"

එයා මගේ බෙල්ල අස්සෙ ඉදන්ම අහද්දි මම එයාගෙ කම්මුලට හාදුවක් තිබ්බා....

ටික වෙලාවක් යද්දි එයාගෙ හුස්ම සාමාන්‍ය වෙද්දි මමත් සැනසීමෙන් ඇස් පියාගත්තා.....වෙනදට තනියෙම නිදියන ඇද.....අද දෙන්නෙක්.... මගේ හිත කොච්චර සතුටකින් පිරිලද කියල දන්නේ මමම විතරක් වෙන්නැති.....

🌄🌄🌄🌄🌄

එයාගෙ ඇගට යට වෙලා ඇස් පියාගත්ත මම ආයෙත් ඇස් ඇරියේ කුස්සිය පැත්තෙන් ඇහුන සද්දෙට.... එයා නැගිටලා....

මම තව ටිකක් ඇස් තද කරල පියාගන්න හදලත් එයාට උදෙන්ම කොෆී ඕනේ කියල මතක් උනාම ඉද්ද ගැහුව වගේ නැගිට්ටා....එතකොට එයා රූම් එකට එනවා......

" ඔයා කොෆී එකක් හදාගත්තද අයියේ......."

" හ්ම්න්..... ඔයා නැගිට්ටද පැටියෝ...."

එයා කොෆී මග් එක ටේබල් එක උඩින් තියල මගේ නළලට තොල් තද කරල හාදුවක් තිබ්බා.....

" මට කතා කරන්න එපැයි... මම හදල දෙනවනේ......."

" මම හදාගත්තා.....පූස් පැටියා හොදටම දොයියන් ඉදියේ...... "

මම ඇස් පොඩි කරලා හිරි ඇරලා ඇදෙන් නැගිට්ටා .....

" වොශ් එකක් දාගන්න..... මම ඇදුමක් තියන්නම්......"

" හ්ම්ම්......මම උදේට කාලා යනව සුදු මැණික ..... අද මට හෙඩ් ඔෆිස් එකෙන් කතා කරලා......."

" ඇයි ඒ......??"

" මාව ඉල්ලලා......"

" කවුද....??"

" මෝඩ බබා..... කවුරුත් නෙමේ මැට්ටෝ .... කුවේට් එයාර් වලින්......"

අනේ.....එයා අපේ එයා ලයින් එක දාලා ඒකට යයිද..... කුවේට් එයා එකයි එමරේට එකයි ඕවා තනිකරම pilotට  වගේම Air managers ලටත් හීනයක්....

" ඔයා යනවද අයියේ......."

" ම්හ්ම්..... "

" නෑද..... "

" හ්ම්ම්..... අපිට එකට ටුවර් යන්න තීන චාන්ස් එකනේ..... පස්සෙ කාලෙක චේන්ජ් වෙනව....."

" ශුවර් ද......"

"ඔව් සුදු මැණික .....මම ගිහින් ඒක reject කරල එන්නම්......"

" අපරාදෙ අයියේ..... ඕක ලේසියෙන් කාටවත් හම්බෙන්නැති චාන්ස් එකක්නේ....."

" ....................."

එයා මොකුත් නොකියද්දි මම එයාගෙ සුදුම සුදු පපුවට තොල් තද කරල හාදුවක් තිබ්බා.....

" මොනාද උදේට කන්න හදල ඕනේ....??"

" ලේසි දෙයක් හදන්න සුදු මැණික ...."

" කිරිබත්......හාද....."

" හ්ම්ම්.....බෙරි වෙන්න හදන්නකො....කෑලි කපන්න එපා.. "

" ඔයා ආස එහෙමද සුදු අයියේ......??"

" හ්ම්ම්.... සැර ගොඩක් දාලා උම්බලකඩ කෑලිත් දාලා ලුණු මිරිසක් හදන්න.... එතකොට ඒකට දෙහි ඇඹුල් දාන්න එපා....."

" ඇයි ඒ......"

" එතකොට ලුණු මිරිසෙ රියල් ටේස්ට් එක දැනෙන්නෑ...."

මෙයා නම් කෑම විශාරද කෙනෙක්....

" හ්ම්ම්....එච්චරයි ද ඕනේ......"

" හුම්ම්....... ගෙදර මාළු තියෙනවද පැටී......"

" ම්ම්.... තලපත් වගයක් තිබ්බා.... මාළු උයන්න ද....."

" ඔයාට කරදරයිනේ.....ඒක මම හදන්නම්......"

" කරදර නෑ සුදු අයියේ.... මම හදන්නම්....."

" වොශ් එකක් දාන් එන්න.....උදේ කෑමට මට කොෆී එපා ම්ම්..... ඔයා උයනකන් මම ඔයාගෙ කොෆි මැෂින් එක සුද්ද කරන්නම්.....අපරාදෙ ඒක....යූස් කරලම නෑ....."

" හ්න්න්......"

ඉක්මනට වොශ් එකක් දාන් ඇවිත් මම සුදු හාල් හෝදලා බත් එක රයිස් එකේ ගහල තැම්බෙන්න තියලා තැම්බුනාට පස්සෙ කිරි පැකට් එකක් කඩල දාලා පොඩ්ඩක් බෙරි වෙන්න තිබ්බා.....එයා  මට Appartement  එකෙන්ම හම්බඋන කොෆී මැෂින් එක කෑලි ගලවල සුද්ද කරද්දි ඉක්මනට මාලු ටිකත් ලිපේ තියලා ගොඩක් මිරිසට තැම්බෙන්න තියපු මම ලුණු මිරිසත් කොටල පැයක් යන්නත් කලින් කෑම එක ලෑස්ති කළා.....දෙහි ඇඹුල් දාන්නත් එපාලුනේ.... කෑලි කපන්නත් එපා නිසා ලේසියි ඉතිං මට......

" අයියේ තාම ඕක ඉවර නැද්ද......"

" හරි .....පොඩ්ඩක් ඉන්න කරන්ට් එකට ගහල බලනකන්....."

එයා මැෂින් එක කරන්ට් එකට ගහල කොෆී පව්ව්ඩර් එක ඒකට දාලා ඇල් වතුර ටිකක් නිකමට දාලා මග් එක යටින් තිබ්බා.....

" හරි බබා...... ඒක වැඩ තාම......දැන් මෙකෙන් වැඩ ගන්න පුලුවන් සුදු මැණික......."

" මම කුකූව අරන් එන්නම්......"

" නොදෝකින් මූසල සතා ....."

එයා අහක බලාගෙන මුමුණද්දි මම හොදම එකෙන් රැව්වා......

" පව් අයියේ ඒ අහිංසක සතා....."

මාත් එයාට කියාගෙනම ගිහින් මගේ සූටි කුකු තඩියව උස්සන් ආවා...ඌට ඉතිං මගෙ කටහඩ ඇහුනත් සතුටුයි.... උලනවා උලනවා.. ඌ මට හරි ආදරෙයි .... මම ඌවත් පපුවට තුරුල් කරන් ගෙට යද්දි අයිය ගෙදර අයත් එක්ක කෝල් එකක ඉදියා...එයාලා කරන්නේම හිනාවෙන එක....අයියා වචන දහයක් කිව්වොත් නවයක්ම අම්මව සෙල්ලමට අරන් කියවන්නේ.....අයියගෙ කතා වලට ළග ඉන්න මටට්ග් හිනා යනකොට ඒ අම්ම හිනා නොවී ඉදීද..... එයාලගෙ පව්ලම ඉන්නෙ හුගක් සතුටින්....

එයා කෝල් එක ඉවර වෙනකන් මම කුකූව හුරතල් කෙරුවා...ඒ සතා තිරිසනෙක් උනත් පුදුම ආදරයක් අට තිබ්බේ.....මාව එක නියපොත්තකින් වත් හූරල තිබ්බෙ නෑ.... ඌ පොඩි කාලේ ඉදන්මයි මම ළග ඉදියේ....ඌ මාර හීළා සතෙක්....

" හැමදාම කියනව සුදු මැණික .... ඔය සතාව ඔඩොක්කුවට ගන්නෙපා.....මයිල් නහයට යනව....."

" හරි හරි ......"

එයාට ශේප්මන්ට් එකක් දාලා ඌව සෝපා එක උඩ තියපු මම එයාටයි මටයි කෑම බෙදන්න ගියත් එයා පාඩුවේ ඉදපු පූසව අල්ලලා ඈතට විසි කරල දානව මම ඇස් කොනින් දැක්කා..... පුදුම තරහක් ඒ පූසා එක්ක තීන්නේ....

" අයියේ එන්න.....කෑම බෙදල තීන්නේ.....??"

" හ්ම්ම්......"

එයාගෙ පිගානයි වතුර කෝප්පෙයි සෝපා ටේබල් එක උඩින් තියපු මම මට බෙදාගන්න ආයෙත් කිචන් එකට ගියා...

" අම්මපා සුදු මැණික පුදුම රහක් තීන්නේ.... "

" හොදයි ද......"

" ආයෙත් අහනව.... රෙස්ටුරන්ට් කෑම පරාදයි....."

එයා කියද්දි මගේ මූණට ආවේ ආඩම්බර හිනාවක්.....

" එහෙනම් තව ටිකක් බෙදලා ගේන්නද......"

" මේ ටික කාලා ඉවර වෙලා බෙදාගන්නම්.... සුදු මැණිකගෙ කෑම නිසා මම ඌරා වගේ මහත් වෙයිද දන්නෑ......."

" ඉතිං ශෝක්නේ....චබියෙක් වගේ...."

" මට වඩා ඔයා චබී.... මෙ බලන්න කම්මුල්..... "

එයා කෑම කකාම මගේ කම්මුල් මිරිකද්දි මමත් හිනා උනා..... මගේ සුදු මහත්තයා.....

එයා එයාගෙ රෙදි බෑග් එකේම තිබ්බ ශර්ට් එකක් අයන් කරන්න කියල වොශ් රූම් එකට යද්දි එයාගෙ සුදු ශර්ට් එක අයන් කරල අයන් බොඩ් එක උඩින්ම තියල මම කිචන් එකට ගියේ සූටි කුකූට කිරි එකක් හදල දෙන්න.....ඌ හරි ආසයි කිරි බොන්න...

" ස්ස්...ස්ස්....සූටි කුකූ.... එන්න..... අම්මෝ එන්න මගේ සූටි කොල්ලො.... අපි කුක්කු බොමූ....."

මම සීනි ටිකක් වැඩිපුර දාලා මිල්ක්මේඩ් දාපු කිරි වීදුරුවක්ම උගේ භාජනේට දැම්මහම ඌ ඔක්කොම බීගෙන බීගෙම ගියා.....

" යීබෝ .....මෙහෙ එනවා......!!!"

කිචන් එකේ ඉදපු මට එයාගෙ සද්දෙ කාමරේ ඉදන් ඇහෙද්දි මට ඒ කටහඩේ පවා වෙනසක් දැනුනා.... ' යීබෝ ' කියල නේද කිව්වේ......මම ටික්ක චකිතයකින් ඒ දිහාවට ඇවිදන් යද්දි එයා චාර්ජ් එකට ගහල තිබ්බ මගේ පෝන් එකත් ගලවල අරන් ඒකේ ලොකු දෙයක් බලනව වගේ ඉදියේ..... මූණත් හොදටම වෙනස් වෙලා....මොකද්ද උනේ....බයයිත් වගේ..

" අ...ය්....යේ........"

" මෙහාය එනවා.....මොනාද මේ අහ්...??"

එයා මට මගේ පෝන් එක දික් කරද්දි මාත් පුදුම උනා..... මැසෙන්ජර් වල චැට් එකක්.... ඒක තනිකරම මහ කුණුහරප පොටෝස් වගේම කැත විදියට සෙක්ස් වලට ආසද කියල අහලත් තිබ්බා....

" අයියේ......??"

ඒක දැකල මමත් අන්දමන්ද වෙද්දි ඔහෙන් ආව එකක්ද මගේ පෝන් එකට කොහොම ආවද කියල වත් මම දැනන් ඉදියේ නෑ.......

" තමුසෙ මේවද කරන්නේ ආ..... මොකීද මේ..... මොනාද මේ වැඩ වල තේරුම බෝ......??"

" අ....නේ.... ඔයා.... මොනාද මේ කිය......න්නේ...??"

" මමයි උබෙන් අහන්න ඕනෙ මොනාද මේ කරන්නේ කියල .....මොන කුණුහරපයක් නිසාද මෙහෙම පොටෝස් ගෙන්වගන්නෙ ආ......??"

" අ...යියේ....මේ ඇත්....තමයි.....මම දන්නෑ ඕක කො...හෙන්ද කියල ...."

" දන්නෑ...තමුසෙ බබා.... මම දැනන් ඉදියේ නෑ ඕයි තමුසෙ මේ වගේ කියල ...."

මෙච්චර ආදරේ දුන්න එයා මට එහෙම කියද්දි මට දැනුනේ මාව කරකවල අතෑරියා වගේ හැගීමක්..... එයාගෙ මූණ දිහා බලන්න බැරි තරමට ඒ මූණ නපුරු වෙලා තියෙද්දි මගේ ඇස් වලින් කදුලු වැටුනේ මේ ටික කාලෙට මම එයා එක්ක කොච්චර බැදුනද කියල ඔප්පු කරන්න වගේ....ඒත් කාටද... මටම....

ඇයි එයාට ඒ වගේ පොඩි දෙයක් වත් තේරුම් ගන්න බැරි ....මම මේකට සම්බන්ධ නෑ දෙයියනේ ..... ඇයි එයාට ඒක තේරෙන්නැත්තේ...ආදරේදි තේරුම් ගැනීම තමයි වැදගත්ම දේ....

" මේ අහ...න්න....අයි..යේ.... ඔයා ඉ...න්නෙ. වැ....රදි... අ....දහ..සක.... පොඩ්...ඩක් ඇස් ඇ....ර..ල බලන්...නකො... දෙයි...යනේ මම ඔ..හො...ම.. දෙය....ක් දන්....නේ.. නෑ......"

මම ගැහෙන කටහඩකින් කියද්දි එයා පෝන් එක ඇද උඩට විසි කරල දාලා හිනා උනා....

" ඇත්තද....උඹ හිතන් ඉන්නෙ මම ලෙසියෙන් එහෙම රැවටෙන මිනිහෙක් කියලද බෝ.....?? "

" පොඩ්ඩක්.... හිතන්...නකො.... මට අද දවසටම..... පෝන්.... එක.... බලන්න හම්බුන්නෑ....."

" කට වහගනින්....හොදටම ඇති ..... එක පාරක්....එක පාරක්  රැවටුන මම තව පාරක් කාටවත් රැවටෙන්නෑ..... උඹ මාව රූකඩයක් කරන්න හිතන් ඉන්නව නම් ඒක වැරදී......"

" ඔයාට ....මොක...ද්ද මේ වෙලා තීන්නේ.... පොඩ්....ඩක් කියන එක තේ...රුම් ගන්...නකෝ අයියේ........".

මම දිගින් දිගටම අඩද්දි එයා එයාගෙ පෝන් එකයි මගේ පෝන් එකයි කා එකේ කී එකයි අරන් මාවත් කෙයා නොකර එළියට යද්දි මම එයාගෙ අතේ එල්ලුනා....

" අ....නේ ....අයියේ.....මම කියන එක අහල යන්න..... ප්ලීස්... දෙයියනේ තේරුම්... ගන්නකෝ....මගේ....... අම්මා.... පල්ලා මම ....එහෙම පොටෝස්..... ගෙන්වගත්තේ.... නෑ...අඩුම තරමෙ මම දන්නෙවත්.... නෑ ...ඒව කොහෙන්ද කියල ......."

" ඇති....කිව්වනේ..... උඹට මාව මදි වෙන්නැති....උබ එදත් මාව දැක්කෙ කොන්ද පණ නැති එකෙක් විදියට .....අදත් මාව දකින්නේ ඒ විදියටනේ...... කතා කරපන් ඉතිං ....."

එයා මගේ උරහිස් කැඩෙන තරම් වේගෙල් අල්ලලා හොලවද්දි මට දෙගුණයක් වේගෙන් ඇඩුනා.....මොන විකාරයක්ද දෙයියනේ එයා මේ කියන්නේ....

" අහන්න.... අයියේ.....අපි.... තියෙන ප්‍රශ්නයක්... කතා... කරල.... විසදගමු... ප්ලීස්...."

" එහාට පලයන්......!!!"

මාව තල්ලු කරල දාපු එයා කේන්තියෙන් දොරත් හයියෙන් වහගෙන ගෙදරින් එළියට ගියා.....

.
.
.
.
.
.
✈නපුරු වර්ෂන් බලන්න ඕන කිව්ව අයට.......🙂

✈ හෙට එන්නම් ඈ......

Continue Reading

You'll Also Like

13.6K 2.3K 25
හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන...
3.5K 603 4
🐰- මං යීබොට තාමත් ආදරෙයී....💚❤️
4.9K 861 10
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ සහෝදරයා......
244K 34.1K 105
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...