Fly to air ✈️ [Zhanyi Complet...

Por HashiHiru

189K 27.5K 5K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ Mais

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 12✈

3.8K 513 110
Por HashiHiru

" කොහෙද යන්නේ.....ආව වෙලේ ඉදන් යන්න යන්න..... "

" ඉතිං මට යන්න ඕනනේ කැප්ටන් .... මම වැඩ බලන්න ඕනේ..දැනටමත් කට්ටිය මාව හොයනව ඇති ......"

" හරි ඉතිං තව විනාඩි පහක් ඉදල යන්න.....ම්ම්......."

" හ්ම්ම්......කියන්න ඉතිං ......"

" ආදරෙයිද කියන්නකො මට......"

" ඇයි අනේ කැප්ටන් ...මම කලිනුත් කිව්වෙ..... !!!"

" එහෙම නෙමෙයි මැට්ටෝ......."

එයා ආයෙත් මගේ කන දත් වලින් හැපුවා....එයාගෙත් මාර විකාර තමයි තීන්නේ......

" කියන්නකෝ සුදු මැණික ......."

" අහ්......?? මොකද්ද......??"

" ආදරෙයි ද බන්......??"

ආදරෙයි වෙන්නැති කැප්ටන් .....ඒත් ......හිත ඒක පිළිගන්න කැමති නෑ..... මොකද අපි ගැළපෙන්නෑ පොඩ්ඩක් වත්......

මම කැප්ටන්ගෙ අත් දෙක ලිහිල් කරන් එයාගෙ උකුළෙන් නැගිට්ටා......

" මම ඔය ගැන කතා කරන්න කැමති නෑ කැප්ටන් ..... මොකද තේරුමක් නැති දෙයක් නිසා ..... අපි දෙන්නම ගැළපෙන්නෑ..... සමහර විට මේ ටුවර් එකෙන් පස්සෙ අපි මුණ ගැහෙන එකක්ම නැති වෙයි.....ඒ නිසා .........."

මම බිම බලලා ආයෙත් එයාගෙ මූණ දිහා බැලුවා......

" ඒ නිසා මොකද්ද ඉතිං ......?? දැන් පණ්ඩිතය වගේ කියවන් ගියේ....ඉතුරු ටිකත් කියන්නකො බලන්න මම අහගෙන ඉන්න...... "

කේන්ති ගිහින්ද.....නෑ හැබැයි එහෙන්මමත් නෑ.....

" කැප්ටන් ........"

" ම්ම්......කැප්ටන් තමයි ......."

" .................."

" මෙහෙ එන්නකො පැටියා......"

එයා මගේ අතින් ඇදන් ඇවිත් මාව පුටුවෙ වාඩි කරවල එයාගෙ පෝන් එක අතට ගත්තා.....එයා පෝන් එක කනේ තියාගත්‍තා....එයා කාට හරි කෝල් කරනව වගේ......

" කාටද ඔයා කතා කරන්නේ.....??"

" ෂූ.......🤫"

එයා කටට ඇගිල්ල තියල කෑ ගහන්න එපා කිව්වම මම ඔලුව වනල බිම බලාගත්තා.....

" හෙලෝ මමී මේ ඔයා මෙ වෙලේ මොන වැඩේ කරත් කමන්නෑ මම කියන එක හොදට අහගන්න ඔන්න..............

මොකක් එයා අම්මටද කතා කරල තීන්නේ......දෙයියනේ මේ කැප්ටන් මොන මගුලක්ද කරන්න හදන්නේ....

කැප්ටන් මන් ළගට ඇවිත් පෝන් එකේ ස්පීකර් ඔන් කරල මට එහා පැත්තෙ පුටුවෙන් වාඩි වෙලා මගේ කර වටේ අත දාන් මාව ළගට කරගත්තා.....

" මමී.........ඔයාගෙ පුතා කෙනෙක්ට ආදරේ කරනව.....එයා අහිංසක ගමේ හැදුණ වැඩුන කෙල්ලෙක් නෙමේ  කොල්ලෙක් .......එයා මම වැඩ කරන air line එකේම male air hostess  කෙනෙක්.......ඔයාලා මේ කසාදෙට කැමතිද නැද්ද............???"

" කැප්ටන් .......???"

එයා ආයෙත් මට අතින් නිහඩ වෙන්න කියල කිව්වා......අයියෝ කැප්ටන්ගේ අම්මා උනත් මම ගැන මොනව හිතයිද දන්නෑ.....මෙයාට නම් හොදටම පිස්සු.......

" - ඔය ඇත්තක්ද චුටි බබා............

ස නේම් එකෙන් අමතන්න එපා අම්මා ලැජ්ජයි....එයත් අහන් ඉන්නේ....අහපු එකට උත්තරේ කියන්නකෝ.....

- චුටි බබා ඔයා ඔය කියන්නේ ඇත්තක් නම් .....මට දුකයි.....මට පට්ට දුකයි... .. ඔයාලගේ ග්‍රෑන්ඩ් ෆාදර් පල්ලා මට දුකයි..... වෙන කවුරුත් ගැන නෙමේ ඒ අහිංසක කොල්ලා ගැන.......ඔහ් ගෝඩ් ඒ කොල්ලට වෙන්නේ මොන්ඩිසෝරි..............

අපෝ ඇති ......ඔය හොදටම ඇති මම තිබ්බා..........ජේසු පිහිටයි....."

එයා කෝල් එක කට් කරල මා දිහා බැලුවා..... දෙයියනේ මේ වගේ එකෙක්....

" දැක්කනේ සුදු මැණික .....no problem ....!!"

" ඔයාට පිස්සුද කැප්ටන් .....මොකද්ද ඒ අහපු විදියෙ කැත.... අම්මා මොනා හිතුවද දන්නෑ......"

" අම්මා හිතපු දේ තේරුණාද ආ.... ඒත් තෙරෙන්නැත්තන් මම උස්සන් ගිහින් කේක් ගෙඩ්ඩ වගේ අපේ ගෙදර පුටුවක් උඩින් තියල ඔයා ඉස්සරහම මමීගෙන් විස්තරේ අහනව ඔන්න........"

" කැප්ටන් ........!!!"

" ඔහ්.....ඉන්නෝ ගියේ නෑ තාම....යන්නෙත් නෑ ලේසියෙන්....."

එයා මාව ළගට ඇදගෙන මගේ කන තොල් වලින් හප හප කියවද්දි මම අහක බලාගෙන බැන්නා....

" මොන පිස්සෙක්ද මන්දා......"

" මට ඇහුනා බබා හොදේ......"

" ඇහෙන්න තමයි කිව්වේ.....හුම්...."

" මම යනව ......."

මම යන්න නැගිට්ටත් එයා මාව ඇදල අරන් ආයෙත් ඔඩොක්කුවෙන් වාඩි කරවගත්තා....

" අනේ කැප්ටන් ....පරක්කුයි......යන්න දෙන්නකෝ......"

" කෝ මගේ ප්‍රශ්නෙට උත්තරයක්...."

" ................."

එයා මාව එයාගේ උරහිසට හේත්තු කරන් මගේ බෙල්ලට හාදුවක් තිබ්බා....

" ම්ම්.......කියන්න ඉතිං ......."

" මගේ හිතට හරි නෑ කැප්ටන් ........ මට තේරෙන්නෑ මන් මොනා කරන්නද කියල ........"

" අනේ පැටියො......හරි මට මේක කියන්න .....පැටිය මට කැමති ද නැද්ද....."

" ඒත් කැප්ටන් .........."

" මම ඇහුවෙ පැටී කැමති ද නැද්ද කියල විතරයි ........??"

මම බෙල්ල හරවල එයා දිහා බැලුවා.... එයා මගේ උත්තරයක් බලාපොරොත්තුවෙන් මන් දිහා බලන් ඉදියා...... මට උත්තර නෑ කැප්ටන් ....

මම එයාගෙ අත ලිහිල් කරන්න හැදුවත් එයා තදින් මාව අල්ලන් ඉදිය....මම එයාගෙ මූණ දිහා බලද්දි එයා බෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.....

" කැප්ටන් .........??"

" මම ප්‍රශ්නයක් ඇහුව බබී...... අහන දේට උත්තර දෙන්න පුරුදු වෙන්න...... "

එයා ඒක කිව්වෙ හුගක් සැරෙන්.....

" ඔයා මට බනිනවද.......??"

" නෑ පැටියා.......මම බයින හැටි ඔයා දැකල නෑ...... මම මගේ පැටීට මම  කොහොමත් එහෙම බනින්නෑ...."

" කැප්ටන් .......ම......ම...... ඔයාට කැමති ........"

මම කියපු දේත් එක්ක එයාගෙ මූණට හිනා රැල්ලක් ආවා......

" ඇයි එහෙනම් කැමති කියන්නැත්තේ..... "

" ...................."

" ඔන්න ඉතිං ආයෙත් සද්ද නෑ....... "

" මට බයයි......."

" ඇයි......??"

" කැප්ටන්ට මාව අතාරින්න උනොත්......මට ඒක දරාගන්න බැරි වෙයි......."

" ෂ්.......මොඩයා....මෝඩ කතා කියනව....."

එයා මගේ කම්මුල් දෙක තදට මිරිකුවා......

" ආහ්.....රිදෙනවා ......."

මගේ කම්මුල් රතු වෙලා....අපෝ දැවිල්ලයි......

" ඔයාව මම කවදාවත් දාලා යන්නෑ සුදු මැණික ..... "

" කවුරුත් මුලින් කියන්නේ ඕම තමයිලු....හුම්....."

මම ඔරවගෙන වගේ කියද්දි එයා මගේ නහය මිරිකුවා.....අයියූහ්....පිස්සුද කොහෙද ......නහයත් ලේ ගදයි.....

" කවු.....රුත්.....ම්ම්.....ඒ කියන්නේ මගේ කියුට් කොල්ලට මීට කලින් තව කෙනෙක් ඉදල තීනව නේ......"

" අනේ ......මට ඉදපු මගුලක් නෑ......"

" එහෙනම් කවුරුත් කියල කිව්වේ.....??"

" නිකන් කිව්වේ......!!!කිව්වෙ මොනා උනත් ඇත්තනේ......"

කැප්ටන් මාව නැගිට්ටවල එයා නැගිටල මාව පුටුවෙන් වාඩි කරවල මගේ මූණට එබුනා..... හුස්මක් වදින තරම්  දුරටම.....

" මගේ පැටියො...... මම ඔයාට හුගාක් ආදරෙයි රත්තරනේ..... මාව විශ්වාස කරන්න බැරි තරමට ඔයාට මාව සැකද...."

" නැ....හැ......කැප්ටන් එහෙම දෙය......"

" ෂ්...... මම දන්නෙ මෙච්චරයි පැටී......මම ඔයාට හුගාක් ආදරෙයි ....."

එයා මගේ නළලට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ලක් අල්ලලා කන පිටිපස්සට කරලා මගේ ඔලුව අතගෑවා... මම බිම බලාගෙන ලොකු කල්පනාවක ඉදියේ......

කැප්ටන් මගේ අව්ල් උන බ්ලේසර් එකත් හදල කොහෙදෝ ගිහින් ඉදපු ID එක අරන් හරි මැදට කළා.....

" දැන් යන්න......පරක්කු වෙනවනේ.... මොස්කව් වලදි හම්බෙමු.....පරිස්සමෙන් වස්තුව.... ආදරෙයි කැප්ටන් හොදේ....."

සුපුරුදු විදියටම ශර්‍ය් එක එහෙට මෙහෙට කරල බෙල්ලට කිස් එකක් තියපු එයා යන්න හදද්දි මම ක්ෂණිකව නැගිටල එයාව බදාගත්තා....

" කැ....ප්ට....න්......."

මට ඇඩෙන්න වගේ....බයයි......මම අද මගේ ජිවිතේ ගැන ලොකු තීරණයක් ගන්නේ....අනේ ඒක වරදින්න නම් එපා.....පටන් ගත්ත තැනම මට වරද්දන්න එපා..... මාවයි එයාවයි වෙන් කරන්න නම් එපා දෙයියනේ ...... මේ මගේ පළවෙනි වගේම අන්තිම ආදරේ කරන්න....

මම එයාගෙ පපුවට ඔලුව තියාගද්දි එයා මාව තද කරල බදාගත්තා....

" කැ....ප්....ට....න්...... "

" කියන්න පැටී.....අඩන්නේ ඇයි .......??"

" කැප්ටන් .....මම..... ම..ම ආදරෙයි ...... මම ඔයාට ආදරෙයි ......"

මට ඇහුනා කැප්ටන් හිනාවෙනව.....එයා මගේ ඔලුව අතගාද්දි මම එයාගෙ ඉන වටේ තිබ්බ අත් දෙක තවත් තද කරන් එයාට තුරුල් උනා.....අනේ එයා රස්නෙයි.....හරිම උණුසුම්......

" ඇහුන්නෑ.....හයියෙන් කියන්නකෝ....."

" අ....නේ.....කැප්ටන් ......!!"

ඕකනේ බැරි .....සීරියස් වෙලාවකත් මූඩ් එක ලෙප්ට් කරනවනේ.....

" ඇහුන්නෑ බබෝ....ඔයා මට මොකක් හරි කිව්වද  .......සිරාවටම මම අහන්නේ....."

ඇත්තටම එයාට ඇහිල නෑද......වෙන්න බෑනේ......මම හයියෙන් කිව්වේ.....

" කියන්න ඉතිං .......ආයෙ පාරක්..... අහන්න ආසයි......"

එයා මාව පපුවෙන් ඈත් කරල ඇස් වල තිබ්බ කදුලු පිහිදල මගේ මූණම එයාගෙ අත් වලට ගත්තා.... මට එයා දිහා බලන්න මොකද්ද වගේ.....මම ඇස් බිමට හරවන් ඉදිද්දි එයා මගේ නළලට හාදුවක් දුන්නා.....

" හ්ම්ම්......දැන් කියන්න ...... ආයෙත් අහන්න ආසයි මට....."

" කැ....ප්....ට....න්......"

මම එයාගෙ අත් උඩින් අත් දෙක තියන් එයාගෙ මූණ දිහා බැලුවා.....

" ම්ම්.....කියන්න .......??"

" ආදරෙයි ........!!"

" කවුද.....??"

ඕකනේ බැරි .....හුහ්.....

" මම......."

" කාටද.......???"

" අනේ......!!!"

" කාටද ඉතිං ආදරේ ......!!"

මේ යකාට ආදරේ කියනවට වඩා හොදයි බුරුවෙක්ට ජපන් උගන්නනෝ...

" ................"

" කාටද පැට්ටා ආදරේ කරන්නේ......"

" ඔයාට ........!!!"

" මටද....."

"................"

" ශුවර්ද......."

" අනේ කැප්ටන් .............!!!!!"

" මෝඩ පැටී.....  I love you too baby...."

එයා මාව ආයෙත් පපුවට තුරුල් කරගත්තා.....

" ඕක කියනකන් දවස් කීයක් බලන් ඉදියද......මගේ පැටී දන්නවද මම පැටී දිහා කොච්චර කල් බලන් ඉදල තීනවද කියල ......"

මම එයාගෙ පපුවෙන් එන රස්නෙ වගේන එයාගෙ සුවද මුලු ආත්මයෙන්ම විදගන්න ගමන් එයා කියන කතාවට කන දැම්මා.....

" ම්හ්ම්......කියන්නකො ඉතිං ....."

" ගොඩක් දවස් වලට මම pilot room එකේ ඉදන් ෆ්ලයිට් එකට යන්න කලින් එතන වීදුරු ජනේලේ ළග ඉදන් කොෆී එකක් බොනව.....ඔයා දන්නවනේ කොෆී කියන්නේ මට ආගමක් කියල ....හුගක් දවස් වලට මම දකිනව ඔයා යුනිෆෝම් එකෙන් ලැගේජ් එකත් තල්ලු කරන් එනව....දවස් ගානක් මම ඔයා එන දිහා බලන් ඉන්නැති...හේතුවක් නැතුවම..... මන් දන්නෙත් නෑ මම ආදරෙයි කියල .... ඒත් එදා මම ඔෆිස් එකට එද්දි ටිකක් පරක්කු උනා......මම දැක්කා air hostessල පේලියට හිටන් ඉන්නව....odit එකෙන් එයාලව චෙක් කරනව.... එතකොට මම දැක්කා කියුට් පූස් පැට්ටෙක් හොරෙන් ගිහින් ඉස්සරහ හිටගන්නව.....පස්සෙ බලද්දි ඒ ඔයා.... හ්ම්ම්..... ඉතිං මම දැනගත්තා මම අද යන ෆ්ලයිට් එකේ ඔයා  air hostess  කෙනෙක් කියල ... ඔයා බුදු පිළිමෙ ළගට යද්දි මම දැනගත්තා ඔයා බුද්ධාගම කියල .... ඔයා ගැන ඕනෙවටත් වඩා දේවල් හොයාගන්න මට පුලුවන්කම තිබ්බා පැටී.....ඒත් මම ඔයාගෙන් ඒ හැමදෙයක්ම ඊටත් වඩා හොදට දැනගත්තා.... දැක්කනේ එදා නම අහපු විදිය......"

" ම්ම්....එවෙලෙ නම් මට හිතුනා .....ඒත් මම කැප්ටන්නේ කියල හිත හදාගත්තා.. පස්සෙ බලද්දි කැප්ටන් මහ මනමාලය නේ....."

" මොකද්ද කිව්වේ.....අහ් මමද දැන් මනමාලයා......"

මම එයාගෙ පපුවෙ අස්සෙ ඉදන් හිනාවෙද්දි එයා මගේ කනක් මිරිකුවා...

" දැන් යන්න පැටී....වෙලාව ළගයි... පැය එකොළහක ෆ්ලයි එකක්.... මට හුගක් මහන්සී වෙන්න වෙනව සුදු බබා
..... සුදු බබත් දැන් යන්න.....අපි මොස්කව් වලදි හම්බෙලා ෆස්ට් කිස් එක ගමු....."

එයා එහෙම කිව්වහම මාව රතු උනා..... එයා මාව කෙලින් කරල මගේ කම්මුල් දෙකටම හාදු තිබ්බා.....

" දැන් නම් ඇති වෙනකන්ම.....මේ කම්මුල් දිය වෙනකන්ම කිස් දෙන්න පුලුවන් ඔන්න...... චබී කම්මුල්.... අර අංගනාවො කිව්ව කතාව ඇත්ත හැබැයි ......"

එයා මගේ කම්මුලක් තොල් වලින් හැපුවා.....නොරිදෙන්න......

" පරිස්සමෙන් බබී.....ඔයා තමයි දැන් මගෙ වයිෆියා ඔන්න.....මට මේක ඉතිං හීනයක් වගේ......"

" අපි පරිස්සම් වෙන්න ඕනේ කැප්ටන් .... ඔයා දන්නවනේ නීති රීති......"

" හ්ම්ම්...... මම ඒ ගැන හොදට දන්නව බබා......බය වෙන්නෙපා.....මම මැණිකට මුකුත් වෙන්න තියන්නෑ.... "

" හ්ම්ම්......මම යන්නම් කැප්ටන් ......පරිස්සමෙන් ....."

මම එහෙම කියද්දි එයා එයාගෙ කම්මුලට ඇගිල්ලකින් තට්ටු කරල පෙන්නුවා.... ලැජ්ජයිත් වගෙ.... හනෙ  මන්දා හැබැයි .....

මම ඇගිලිතුඩු වලින් ඉස්සිලා එයාගෙ කම්මුල් වලට හාදුවක් තිබ්බා......

" මේ පැත්තටත් ඕනි......"

මම එයාගෙ වම් කම්මුලටත් හාදුවක් දුන්නා..... එයා ලස්සනට හිනා උනා... එයාට සතුටු ඇති .....මටත් සතුටුයි ඉතිං ......

" ආදරෙයි පැටී........"

එයා ක්ෂණිකවම නැමිලා මගේ ලිප්ස් වලට සමනල හාදුවක් තිබ්බා....

මම අහක බලන් හිනාඋනා....

" අප්පෝ ලැජ්ජාව.... මොස්කව් වලදි බලාගමුකෝ....."

මම එයාට පොඩ්ඩක් කියුට් විදියට රවල  දොරත් ඇරන් එන්න ආවා.....

හුටා.......ෆ්ලයිට් එකට කට්ටියවත් නග්ගෙන.....අව්ලක් නෑ තාම එකොළහ වෙලා නෑ......එකොළහට තමයි යන්න තීන්නේ...... එහෙට යද්දි රෑ දහය පහු වෙයි.... නිදාගද්දි කීය වෙයිද දන්නෑ.... නරක දවස්ක්.....ෂික්....එහෙම කියන්න බෑ.....හුහ්....අද තමයි හොදම දවස....එයාගෙයි මගෙයි ටංට ටාං දවස....ඉහික්.....

" කැප්ටන් බැන්න්ද බෝබෝ.... අනේ මොකද උනේ......"

මම staff zone එකට ආවත් හරි අයියා මාව අල්ලගත්තා....කට්ටියත් වට වෙලා....හැමෝම බය වෙලා වගේ..... මට උන දේවල් දන්නේ මන්නේ.....

" අහ්.....ඒත් මේ.....කට්ටියම...."

" යීබෝ සර් කැප්ටන් ඔයාට බැන්නද....?"

" අහ් නෑ නෑ අනේ....."

" මොනව බෝබෝ එතකොට කැප්ටන් මෙච්චර වෙලා මොනාද කිව්වේ...."

" අහ්....නෑ කැප්ටන් බැන්නා... ඒත් හුහක් බැන්නේ නෑ...... මට නිකන් කිව්වා ආයෙ එහෙම කරන්න එපා අනන් මනන් කියල ......අව්ලක් නෑ.....ඇයි මේ ඔයාලා බය වෙලා......"

" ඔහ් ගෝඩ්......අපි හිතුවා අපි නිසා කැප්ටන් හොදටම බැන්නා කියල ......"

" නෑහැ කෙල්ලනේ.....දැන් යන්න....ඔයාලගෙ වැඩ කරගන්න.... අයියෙ ඔයත් යන්න... මම හොදින්...."

කට්ටියම යන්න යද්දි මට තනියෙම හිනා ගියා.....මට ඇත්තටම උන දේ මුන් දන්නව නම් දිව හපාගෙන මැරෙන්නේ....

S.F.O මාවයි අයියවයි අඩගහගෙන driving room එකට ආවා.....කැප්ටන් ලොකු වැඩක් වගේ.....තීන හැම බට්න් එකක්ම කරකවනව....මාව දැක්කෙත් නෑ තාම........

එයා වෙනද වගේම පපුවෙ කුරුසයක් ඇදගෙන අනිත් කැප්ටන් දිහාවට හැරුනා......මට සැජ්ජයි වගේ.... එයා දිහා බලන්නත් ලැජ්ජයි.....

" හරි මිස්ටර් ලියැන්ග් announcement  එක දෙන්න......."

එයා දැනුයි මාව දැක්කේ.... ලොක්කා යන්න යද්දි මම අයියගෙ පිටිපස්සට උනා.... මූණ දෙන්න ලැජ්ජයි වගේ......

" Good luck all......"

එයා මගේ මූණ දිහා බලන් හිනා උනා..... අපි දෙන්නත් එයාට ආචාර කරල දොරත් වහල එන්න ආවා... එයා දොර වහනකන්ම මම දිහා හොරෙන් බලාගෙන ඉදියා.....කපටි කැප්ටන් .....

..............................

✈️✈️✈️✈️✈️✈️✈️

පැය එකොළහමාරක ගමනකින් පස්සෙ ෆ්ලයිට් එක moscow පොළවට ගොඩබැස්සා.....මට ඉවසිල්ලක් නෑ එයාව බලනකන්.... එයාට තුරුල් වෙන්න ඕනේ වගේ.... ඇයිද දන්නෑ එහෙම හිතෙන්නේ..... කොහොමහරි මට එයාව මේ දැන්ම බලන්න ඕනේ වගේ...ඒත් එයා පේන මානෙක නෑ....

මම පැසෙන්ජර්ස්ලට ආචාර කරල කට්ටියත් එක්කම ෆ්ලයිට් එකට ආවා.....

මගේ ලැගේජ් එකත් අරන් පහළට ආව මම පඩිපෙළ ළගට වෙලා අයියා එක්කද යන්නේ කැප්ටන් එක්කද යන්නේ කියල කල්පනාවක් දාන් බලන් ඉදියා.....

" Good night  යීබෝ සර්..... "

" Good night ......."

කෙල්ලො ටික අගර දදා යද්දි මම වෙලාව බැලුවා....රෑ දොළහටත් ළගයි....

" යන් බෝබෝ......"

" අයියේ මේ .....මේ මට කැප්ටන් එනකන් ඉන්න වෙනව අයියේ....."

" අහ්....ඒ ඇයි.....ප්‍රශ්නයක් ද "

" නැහැ නැහැ.... මට මේ කැප්ටන් ඉන්න කිව්වා......"

" ඇයිද දන්නෑ.... බෝබෝ ඔයාට බයිනවද කැප්ටන් උදේ උන එකට......"

" නැහැ අයියේ......අර මේ එයාගෙ ලොකු වැඩක්.....මම ඔයාට පස්සෙ කියන්නම්....දැන් යන්නකෝ....ම්ම්....."

" හ්ම්ම්......එහෙනම් රූම් එකට යන්න බෝබෝ.....පරිස්සම් වෙන්න.....කරුවලයිනේ.....කැප්ටන් එක්කම එන්න තනියෙම එන්න එපා...."

" හරි හරි අයියේ....ඔයා යන්නකො...."

මම අයිය යන දිහා බලලා එයාට අත වැනුවා.....ටික වෙලාවකට පස්සෙ කැප්ටලා දෙන්නම එකට බැහැගෙන ආවා.....එයාලා දෙන්නම ලොකු කතාවක්...මොනව උනත් assistant captain  ටිකක් වැඩිමල් මගේ කැප්ටන්ට වඩා.... හුම්ම්.....මගේ කැප්ටන් ......

" මේ ඉන්නේ........"

කැප්ටන් වට පිට බලලා මගේ ඉනෙන් අල්ලලා මාව එයාගෙ ළගට ගත්තා.....මම දගලලා දගලලා අයින් උනා.....දෙයියනේ මෙයා මේ අනිත් කැප්ටන්ටනේ මාව පෙන්නුවේ....

" ඔහ්......කියුට් කොල්ලනේ.....මට හිතුනා කැප්ටන් ඔයා කතාවට යද්දිම.....මම දන්නවනේ කැප්ටන් එහෙම ලේසියෙන් කතාවට යන්නෑ කියල .......එහෙනම් congratulations  දෙන්නයම......පරිස්සම් වෙන්න කැප්ටන් ... දන්නවනේ rules ......"

" තැන්ක් යූ xien .... ඔයා යන්න මම මෙයා එක්ක එන්නම්.....see you tomorrow ......"

කැප්ටන් මාව පෙන්නල කියද්දි ඇසිස්ටන්ට් කැප්ටන් මාත් එක්ක හිනාවෙලා කැප්ටන්ට ඔලුව නවල යන්න ගියා.....

" ඇයි කැප්ටන් ඔයා එයාට එහෙ......"

කැප්ටන් මම එයා දිහා බලනකොටම චොක් ගාලා සමනල හාදුවක් මගේ තොල් වලට තිබ්බා.... මම අහක බලාගත්තා....කියන්න ගිය එක කියන්න දුන්නෙත් නෑ...

" අපෝ ඇති ඇති .....කරච්චලේ.... යමු එළියෙ සීතලයි......"

එයා එහෙම කියල මගේ අතකිනුත් අල්ලගත්තා..... මට ඒ අතින් ලොකු ආරක්ෂාවක් වගේම උණුසුමකුත් දැනුනා...

" කැප්ටන් කවුරුහරි දැක්කොත්....."

" මේ ටික කරුවලයි බබී......."

" හුම්ම්......"

" මට නම් බඩගිනී...... පැටී මේ.....".

" ම්ම්......."

" අද මාත් එක්ක දොයියමු..... සත්තයි මම මගේ පැටීට අ............"

එයාට ඉතුරු ටික කියන්න නොදි මම එයාගෙ ලිප්ස් වලට ඇගිල්ල තිබ්බා....

" මන් දන්නව........"

" මොකද්ද....."

එයා එහෙම ඇහුවෙ මගෙ අත අරන් පිට අල්ලට හාදුවක් තියන ගමන්....

" කැප්ටන්ව විශ්වාසයි .....හ්ම්ම්......"

" හ්න් හ්ම්ම්....යන්කෝ....."

Entrance  එක ළං වෙද්දි එයා මගේ අත අතෑරියා.....එයයි මායි කැප්ටනුයි air hostessයි විදියට ඇවිදන් ගියා.... ID පෙන්නල ඇතුළට යද්දිම departure turminal  එක මැදට වෙන්න ලොකු නත්තල් ගහක් හදල තිබ්බා......කලින් පාර තිබ්බෙ නෑනේ.....අනේ ඒක ලස්සනයි .....

" බබා අර........."

කැප්ටන් මට ඒක පෙන්වද්දි මම දැනටමත් දැකල ඉවරයි.....ඒක ලස්සනයි .....

" කැප්ටන් අපි ඒක ළගට ගිහින් යන්ද....."

" හ්ම්ම්........."

මුලු air port එකම නත්තලට හැඩ වෙලා.... හෙටින් උදාවෙන මාසෙ නත්තල් මාසෙ.....

" ඒක ලස්සනයි නේද කැප්ටන් .......අහ් ඔයා christian කිව්වා නේද....ඔයත් නත්තල සමරනවනේ....."

මම ලොකූ නත්තල් ගහ දිහා බලන් කැප්ටන් එක්ක කතා කළා.....හැබැයි ටිකක් දුරෙන් ඉදන් .........කැප්ටනුයි air hostessයි කියන සම්බන්ධතාවය තියාගෙන....

" පැටී.....ඔයා එනව නේද අපේ ගෙදර  christmas party එකට යන්න....."

" මම එන එක හරිද කැප්ටන් ....."

" ඇයි මොකද්ද වැරැද්ද....."

මම නත්තල් ගහ දිහා බලන්ම එය දිහා හැරුනා.....

" මම වෙන ආගමක කෙනෙක්.....අනික ඔයාලගේ පව්ලෙ අය ......ඔයා ගැන මොනව හිතයිද......"

" හයියෝ........!!! ඔය මෝඩ මොළේ.... ඇත්තමයි පැටී මට ඔයාගෙ brain wash කරල ගන්න වෙනව මුලින්ම....."

මම එයාට රවල අහක බලාගත්තා....

" අපි යන්ද..... මෙතන වැඩි වෙලා ඉදියොත් අව්ල් වෙයි....."

" හ්ම්ම්..... "

" මගේ රුම් එකට....හා නේ....."

" හ්ම්ම්......"

🏘️🏘️........

" පැටී.......වොශ් එකක් දාන් එන්න ගිහින්......."

" මට කමක් නෑ කැප්ටන් .....ඔයා මුලින් ගිහින් එන්න......මම අම්මලට කෝල් එකක් ගන්න ඕනේ......"

" හ්ම්.....මන් යන්නම් එහෙනම්....."

එයා ලැගේජ් එක අවුස්සල ට්‍රවල් එක අරන් බාතෲම් එකට යද්දි මම බ්ලෙසර් එක ගලවල පුටුවකින් වාඩි උනා......

" හෙලෝ අම්මා..........ඔව් මම ආවා .........  හෙට ෂැංහයි යනව.....හ්ම්ම්......................................................................................................................................................................................................"

මම අම්මත් එක්ක කතා කර කර ඉද්දිම කැප්ටන් ට්‍රවල් එකත් පටලවන් බාතෲම් එකෙන් ආවා.....අපෝ මගේ කනේ ඉදන් සතු උනාද කොහෙද ..... එයාගෙ Abs වොඃ.......

" හරි අම්මා........මම හෙට ගන්නම් දැන් වොශ් එකක් දාන් නිදාගන්න ඕනේ..........හරි බුදු සරණයි......."

මම පෝන් එක කට් කරල එයා දිහා බැලුවා......

" මම කෑම ඕඩර් එකක් දාන්නම්.....වොශ් එකක් දාන් එන්න පැටී......."

" හ්ම්ම්......."

මම ලැගේජ් එක අවුස්සල ට්‍රවල් එක අරන් බාතෲම් එකට යද්දි එයා අතේ තියන් ඉදපු මම දුන්න cufflinks  මට පෙන්නලා හිනා උනා.....

" මම කිව්වනේ.....මට මේක හුගක් වටිනව......."

" පිස්සු කැප්ටන් ......."

මම හිනාවෙලා බාතෲම් එකේ දොර වහගනිද්දි එයා කෑ ගහනව මට ඇහුනා.....පිස්සා........

මම නාගෙන එද්දි එයා රව්ම් මෙසෙට වෙලා පෝන් එක ඔබ ඔබ බලන් ඉදියා...

" ඔයා දන්නව පැටී........මමා මට කතා කරල කියනෝ උදේ කිව්වෙ ඇත්තක් නම් ඒ බෝයිව පෙන්නන්නලු....."

" අහ් මාවද.......??"

" හ්ම්ම්...... "

" මමා මාව පිළිගනීද කැප්ටන් ......??"

" අනිවාරෙන් පැටියො.....අපේ මමාට කියුට් කොල්ලෙක් පෙන්න බෑ......මෙන්න මේ වගේ කම්මුල් මිරිකනව...... "

" ආහ්....ආවූ අනේ...."

" මමී ඔයාට කැමති ...එන්න අපි කමු.... බඩගිනි හොදටම .....මට මහන්සී පැටී.....ඇස් හුගාක් රිදෙනවා ......."

" හ්ම්ම්......බත්ද අද.....??"

" හ්ම්ම්......beef stroganoff ....beef වලින් හදන dish එකක්....එක ප්ලේට් එකයි තීන්නේ..... ඉතිං එන්න පැටී මම ඔයාට කවන්නම්....."

එයා පෝන් එක පැත්තක තියල පිගාන අරන් මන් ළගට ලන් උනා....

" පැටීට කටයි මට කටයි ඔන්න.....හැබැයි මේක හුගක් සැරයි.....මම ගොඩක් සැර දාලා කැව්වොත් මට කියන්න ඔන්න හොදේ....."

අනේ .....තාත්තා නැති මට එයාව දැනෙන්නේ තාත්තා වගේ....ඇයි කැප්ටන් මට මෙච්චර ලෙංගතු..... වෙන කෙනෙක් උනා නම් දැනටමත් ඇදට පෙරළගෙන නේද....

" කට අරින්න බබෝ......කොහෙද අතරමං උනේ........"

මම කට ඇරියා..... රසයි....එයා කවන නිසා තවත් රසයි..... එයාගෙ කටවල් තමයි ලොකු වැඩි.....කට වටේම ගෑවෙනව....කට දැවිල්ල ගනීද දන්නෑ....

" කැප්ටන් කටවල් ලොකු වැඩීනෙහ්... පොඩ්ඩක් කවන්නකො අනේ....."

" හරි පැටී......."

අවසානෙදි එයාගෙයි මගෙයි දෙන්නගෙම බඩවල් පිරෙද්දි කෑමත් ඉතුරු උනා....

" මට නම් ඇති කැප්ටන් ......"

මම වතුර බෝතලෙන් බාගයක් බීගෙන ගියා....කෑම එක රසයි වගේ තමයි පට්ට සැරයි.......

" ආ.....මෙකෙන් බාගයක් බීලා දෙන්න......එතකොට සැර අඩු වෙයි....."

එයා මග කොෆී කෝප්පෙ දික් කරද්දි මම ඔලුව වැනුවා...

" මට ඔයාට වගෙ කොෆි පිස්සුවක් නෑ කැප්ටන් ...ඔයා ඕක බොන්න.... මම චොකලට් කැල්ලක් කන්නම්.... මට දැන් කොෆි බොන්න බෑ......"

" හාකො හාකො.......ඒකත් හොදයි .... එතකොට මටත් චොක්ලට් රස බලන්න පුලුවන් .....මතක ඇතුව කාලා ඉවර වෙලා වතුර නම් බොන්නෙපා මැණික ...."

එයා වක්‍රාකාරව කිව්ව දේ තේරිලා මාව රතු උනා......මම ගස්සගෙනම වගේ අහක බලාගත්තේ රතු වෙලා....

.
.
.
.
.
දුරස්වන්නට ඉතින්
මටත් නෑ හිතෙන්නෙම...
ඇදී ඇදී නුඹ ළගයි මගෙ හිතත් රැදෙන්නෙම...
නුඹේ උණුහුම ළගින් හිතක් නෑ මිදෙන්නම...
කිමද නුඹ මට කළේ නුඹට හිත වෙලෙන්නම....
දගකාරකම් නුඹේ ආසයිනෙ විදින්නම..
හිතුවක්කාර නුඹ කියන්නෙම නුඹෙයි මම...
හිතක් නෑ මට වුණත් එය නොවෙයි කියන්නම...
සත්තමයි මගෙ හිතත් ආදරෙයි පිරෙන්නම.......💚❤️💚❤️💚❤️😍😍

බෝ මැණිකගෙන් කැප්ටන්ට

BHMI90ලස්සනයි අක්කෝ....... අක්කිගෙ ලස්සන පද පේළියට අදහසක් දාන් යන්න බබාලා.....

✈හෙට එන්නම් ඈ.............

Continuar a ler

Também vai Gostar

476K 65.3K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
241K 33.5K 105
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...
100K 17.6K 50
මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼
129K 16K 117
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...