Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

192K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 05✈

3.9K 563 92
By HashiHiru

" අ...යියා එනකන් ඉදියේ......කැප්ටන් යන්න..........මෙන්න පෝන් එක.........."

මම එයාට මගේ සාක්කුවේ තිබ්බ පෝන් එක දුන්නා......එයා මගේ අතත් අල්ලගෙනම ඒක අරගත්තා.......ඔව් ඉතිං කරුවලයි නේ......මාව රේප් කරත් මොකෙක්ට වත් පේන්නෑ...........

" ඔයත් එන්න බබා මාත් එක්කම යන්......."

" කැප්ටන් ......මට ඔයා එක්ක කතා කරන්න ඕනේ......."

මම එහෙම කිව්වෙ ටිකක් බයෙන් වගේ බිමත් බලාගෙන......මෙයා මට බනීද....

" කියන්න පැටියෝ......"

" මට පැටියෝ කියන්න එපා......!!"

කොයි වෙලෙත් පැටියො ගානව.....ඇයි අනේ.... මම ලොකු කොල්ලෙක්....පැටියෙක් වගේද පේන්නේ......

" අපෝ අපෝ .....කෝ බලන්න කේන්ති ගිහින්ද කියල ......."

එයා මගේ මූණටම එබෙද්දි මම අහක බලාගත්තා....

" හරි හරි දැන් මොකද්ද කතා කරන්න ඕනේ.....ම්ම්"

" කැ......ප්ට.....න්......"

මම ටිකක් චකිතයකින් එයාගෙ මූණ දිහා බැලුව....ඈත පත්තු වෙලා තියෙන සුදු පාට ලයිට් එළිය එයාගෙ මූණට වැටිලා තිබ්බා... දැන් ෆ්ලයිට් එකේ ගෙනාව බඩු බාන නිසා ඒ හරියේ තිබ්බ ලයිට්ස් ඕෆ් කරල තිබ්බේ... අපිට ටිකක් එහා හරියකින් පත්තු උන ලයිට් එකා විතරක් අවට එළිය කළා... අවට කවුරුත්ම ඉදියේ නෑ...දැන් හුගක් කරුවලයි...මෙයා මට බැන්නත් අවුලක් නෑ......

" කියන්න ඉතිං ........"

" මම කෙලින්ම අහන්නේ....කැප්ටන්ට මගෙන් මොනාද ඕනේ වෙලා තීන්නේ...ඇයි මෙහෙම කරන්නේ....කැප්ටන් .....ට ...... මගෙන් one night එකක් ඕනි වෙලාද....?? "

මම ඒ ඔක්කොම මගෙ සපත්තුව දිහා බලන් කියල ඔලුව යාන්තමට ඉස්සුවා... එයා මුකුත් නොකියා මන් දිහා බලන් ඉදියේ පට්ටම නපුරු බැල්මකින්....අයියෝ මට බයයි වගේ දැන් ..... මාව ගහලම මරයිද දන්නෑ.....තාමත් මන් දිහා බලන් ඉන්නව කන්න වගේ.....හරිනේ හරිනේ...තව ටිකක් කල් ඉදල ශේප් එකේ අහන්න තිබ්බේ.....පව් හැබැයි එයා දැන් ෆ්ලයිට් එකෙන් බැස්සා විතරයි ....

එයා මන් දිහා බලන් ඉදපු විනාඩි ගානට මගේ මොළේට මේ ලෝකේ තිබ්බ හැමදෙයක්ම හිතෙන්නැති.... අපරාදෙ මම ගොන් වැඩක් කරගත්තේ....ඒක ශේප් එකේ පස්සෙ වෙලාවක අහන්න තිබ්බේ.....

මම ආයෙත් එයාගෙ ඇස් දිහා බැලුවා... බලන්න බෑ දෙයියනේ රතු වෙලා .....

විනාඩි දෙකක් විතර මම එයා උත්තර දෙනකන් බලන් ඉදියා...... කෝ නෑනේ.....මට මොකෝ.....මම යනව යන්න.......

මම හැරුණා....එතන තිබ්බ මගේ ලැගේජ් එක ගන්න හැදුව විතරයි කැප්ටන් මාව ඇදල අරන් කකුල පටලවල බිමට වැට්ටුවා....

" ආහ්....අනේ.... කැ.....ප්.....ට...න්...."

ඒත් එයා මාව පොළවෙ වදිද්දිම මගේ ඔලුව පිටිපස්සට අත තිබ්බා...එයත් මගෙ ඇග උඩ... .තව පොඩ්ඩෙන් වැටුන වැටිල්ලට ඔලුව හිල් වෙනව...ඇයි ඉතිං බිම කොන්ක්‍රිට් නේ....

කැප්ටන් මගේ ඇස් දිහාම බලන් ඉන්නව කියල ඇයි මට හිතෙන්නේ.....ආහ් අයියෝ...... help දෙවියනේ........

" කැ...ප්...ටන්....මොකද්ද කරන්නේ.....??"

" යී.....බෝ......"

එයාගෙ කටහඩ ටිකක් බිදිලා....එයා අඩනවද කොහෙද ......මම අඩන්න දෙයක් කිව්වද ඈ......

" කැ.....ප්..ටන් මට යන්න ඕනේ......."

මම එයාගෙ පපුවෙන් අල්ලලා තල්ලු කළා......අනෙ මේ මනුස්සයව මට හොලවන්න වත් බෑ..... ආයිශ්.....දැන් මොකද කරන්නේ.....

" කැ....ප්...ට....න්..... ඔයා මොකද කරන්නේ..... අනෙ මට යන්න දෙන්න......."

" කි....ය....න්න....බෝ ඔයාට මාව පේන්නේ ඒ වගේ එකෙක් විදියටද...අහ්..... කියනවා ඉතිං ....."

මෙයා කෑ ගහන විදියට මාව ගැස්සිලා ගියා.....හොදටම කේන්ති ගිහින්ද කොහෙද ..... මම අහපු එකට දුක හිතෙන්නැති....දැන් නම් 100%ක්ම පැහැදිළි මෙයාට මගෙන් එහෙම දෙයක් නම් ඕනේ වෙලා නෑ.....

" අ..නේ...කැප්ටන් මට යන්න දෙන්න.....කවුරුහරි දකී..... "

මම එයාගේ අත් යට ඉදන් දැගලුවා....එයාගෙ අතත් රිදෙනවා ඇති මගේ ඔලුව පිටිපස්සෙ වැලි වලට හිටලා...... අනික මෙහෙම ඉන්නව ලොක්කා දැක්කොත්....ලොක්කා ඕන් නෑ වෙන එකෙක් දැක්කොත් ....මම ඉන්නෙත් යුනිෆෝම්....එයත් එහෙමයි...

" කියනවා ඉතිං ...තමුසෙ මන් ගැන හිතන් ඉදියේ එහෙමද....ආ........."

' තමුසෙ.....' ඇයි එයා මට තමුසෙ කිව්වම මගේ පපුව මෙච්චරටම රිදෙන්නේ......

" අනේ....කැප්ටන් .....අයින් වෙන්නකෝ......"

මට දැන් ඇඩෙන්න වගේ....අනේ...කවුරුහරි දකී....මම එයාගෙ පපුවෙන් අල්ලා තල්ලු කළා...ඒත් එයා හෙල්ලුනෑ.....

" අ...නේ කැප්....ටන් කවු...රුහරි දැක්...කොත්...ප්ලීස් අයින් වෙ...න්නකෝ....අනේ......."

මම වෙව්ල වෙව්ල කියද්දි මෙච්චර වෙලා රතු වෙලා තිබ්බ එයාගෙ ඇස් ආයෙ බෝලා උනා.... එයා කට කොනින් හිනා උනා..... මගේ අත් තිබ්බෙත් එයාගෙ පපුව උඩ...එයාගෙ හාට් බීට් එකත් හොදටම දැනෙනව....ඒ මදිවට එයා පිටකරන හුස්මත් වදින්නෙ මගේ තොල් වලට... මට මෙතන ඉන්න බෑ තවදුරටත්....ම්හ්ම්ම්.....

" මම අහපු දේට උත්තර දුන්නොත් මම අයින් වෙන්නම් ඔන්න.....කියන්න දැන් ....සොරි සොරි ඔය ඇස් වල කදුලු පුරවන් ඉන්නේ මම සැර කරපු නිසාද ම්ම්....."

ඔන්න විකාර කියනව දැන් .....අයියෝ...

" අ...නේ.....කැප්....."

" ෂ්.....ෂ්..... කියන්න මට..... තාමත් මාව එහෙම එකෙක් වගේ පේනවද.....?"

" කොහොමද ........"

" දකින දකින එකා එක්ක බුදියන එකෙක් වගේ.....ම්ම්....."

" මම එහෙ...ම....කි..ව්වෙ නෑ...නේ...."

" එහෙම තමයි දැන් ඔයා කිව්වේ.... "

" අනේ කැප්ටන් මට යන්න දෙන්න.... අපි දෙන්නව කවුරුහරි දැක්කොත් අපි දෙන්නටම ප්‍රශ්නයක් වෙයි..... "

" හරි හරි පැට්ටෝ දැන් කියල ඉන්නකෝ මාව තාමත් පේන්නේ එහෙමද කියල ......"

දැන් නම් කැප්ටන් ඉන්නෙ කේන්තිය නිමිලා.... මම හිතුවෙ ඊටත් වඩා දෙයක් වෙයි කියල ...ඒත් මෙ විදියටම තව ටිකක් වෙලා ඉදියොත් ඊටත් ඊටත් ඊටත් වඩා දෙයක් වෙයි කියල නම් ශුවර්...අනික මෙයා දැන් ඉන්නේ පැට්ටො වර්ෂන් එකෙන්......

" කියන්න ඉතිං ....මොනාද ඔය මන් දිහා බල බල කල්පනා කරන්නේ....ම්ම්....."

" එ..හෙ...ම නෑ.....ම...ට...සමාවෙන්න කැප්ටන් ......"

" ම්ම්ම්..... ඔයා දන්නවද සුදු බෝලේ ඔයා තමයි මගේ හිත හොල්ලපු පළවෙනි boy.....මම කිස් කරනව කියල හිතන් බලලා හරි තීන්නේ ඔයාගෙ ලිප්ස් දිහා විතරයි ..... මට මීට කලින් ගර්ල් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා...ඒත් ඒක ඇත්තෙත් නැති නැත්තෙත් නැති එකක් ....ඒක ති..බ්...බා.....දැන් ඒවා ඉවරයි .... තේරුණාද.... ඔය මෝඩ මොළේට මේකත් දාගන්න මැට්ටෝ....මම ඔයාට ආදරෙයි ....දැක්ක වෙලාවෙ ඉදන්ම...මේ මොහොත වෙනකන්ම..... ම්ම්..... දැන් යන්න.....ඔයාට වගේම මටත් හුගක් මහන්සී .....ඇස් ,ඔලුව ඔක්කොම රිදෙනවා .... ඔයා කියපු කතාව නිසා පපුවත් රිදෙන්න ගත්තා.... Good night ... sweet dreams .... "

එයා මගේ ඇගෙන් නැගිටින්න හදල ආයෙත් මන් දිහාවට නැමුනා......

" තව දෙයක් සුදු බබා....ඔයා මගේ ......මගේම විතරයි ....හරිද.... ඒකත් ඔය බූරු මොළේට දාගන්න ......"

එයා එතනින් නැගිටල අතින් ඇදල මාවත් නැගිට්ටෙව්වා.....අයියෝ මගේ පස්ස පැත්තෙත් වැලි.... මම බ්ලෙසර් එකේ ඇමිණිලා තිබ්බ ගල් වැලි ගසලා එයාට නොපෙනෙන්න ශේප් එකේ පස්සත් පිහාගත්තා....ඒත් එයා දකින්නැති....අහක බලන් හිනා උනා.... මට මොකෝ....

" දැන් අර ඔයාගෙ අයියා එනකන් ඉන්නවද........??"

" ඔව්......"

" හ්ම්.....එහෙනම් මම යනව....මට මහන්සී බබා..... පරිස්සමෙන් ......"

" හ්ම්ම්....."

එයා යන්න යද්දි මම නිකමට අවට වටපිටාව බැලුවා...වාසනාවට මනුෂ්‍ය පරාණයක් අවට වටපිටාවෙ හොයාගන්න නෑ.....එකක් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරල තිබ්බෙ කොනකට වෙන්න.... අනික දැන් හුගාක් රෑ වෙලා...

" කැප්ටන්ට නම් හොදටම පිස්සු......"

මම තනියෙම මුමුණන ගමන් ආයෙත් ෆ්ලයිට් එකට නැගල I.Mව හෙව්වා.....

" අයියේ....ඔයා එන්නැද්ද දැන්ම....."

" යන් යන්....ඔයා මෙච්චර වෙලා මන් එනකන්ද ඉදියේ බෝබෝ......."

" හ්ම්ම්......"

එහෙමවත් කියමුකෝ....මම යන්න ඉදියේ ඉතිං ...

ID එක පෙන්නල ඇතුළට ගියාට පස්සෙ අපිට රූම්ස් පේළියක්ම පෙන්නුවා...මම හිතුවේ අපිට air port එකෙන් පිට වෙනම රූම්ස් හම්බෙයි කියල ..මේක ඇතුළෙන්ම හම්බුන එක හොදයි ..මට නම් හුගක්ම මහන්සී...අයිෆල් කුළුණ බලන්න ආසයි....කලින් ආපු හැම සැරයකම අපි ලෑන්ඩ් කරේ වෙන වෙන air portes වලට..ඒත් අද අපි ලෑන්ඩ් කරපු Charles de Guulle කියන Air port එක තිබ්බෙ paris වලමයි....මෙතන ඉදන් කුළුණට තිබ්බෙ 23 kmක් කියල මම එද්දි ස්ක්‍රීන් එකක දැක්කා... රෑ නිසා ඈතින් පොඩියට හරි පෙනෙයිද දන්නෑ...පෙව්නත් තීන්නෙ මොන පැත්තෙද කියල වත් දන්නෑනේ....දැන් ඕව හොය හොය ඉන්න බෑ නිදිමතයි නිදාගන්න ඕනේ....

මම රූම් එකේ දොර ඇරන් ඇතුළට ගිහින් දොර හොදට ලොක් කරගත්තා... පුංචි රූම් එකක්....වැටිලා නිදාගන්න හොදටම ඇති .....

බ්ලෙසර් එකයි ශර්ට් එකයි trouser එකයි ගලවල එතන තිබ්බ යකඩ පුටුව උඩට දාලා සාලුව ඉනේ ගැටගහන් මම බාතෲම් එකට ගියා....දැන් රෙදි හෝදන්නත් බෑ.... තව සූට් එකක් ලැගේජ් එකේ ඇති ...දැන් නම් කන්නත් බෑ වගේ.... මම නිදාගන්නව.....

විනාඩි කාලක් විතර හොදට නාගත්ත මම කොට බොටම් ශෝටට හූඩියක් දාගත්තා....රෑ නිසාදත් මන්දා පට්ට සීතලයි....

පෝන් එක අතට ගත්තමයි දැක්කෙ අම්මගෙන් මිස් කෝල් නමයයි.... zhong අයියත් ( I.M ) කෝල් දෙකක් අරන්...ඔන්න මමා දහවෙනි කෝල් එකත් ගන්නව......කැප්ටන්ගෙ වැඩ නිසා එයාට මැසේජ් එකක් වත් දාන්න බැරි උනා....අම්මා කොහොමත් මම ෆ්ලයි කරන වෙලාවෙ ඉදල් ලෑන්ඩ් කරන වෙලාවට වෙනකන් වෙලාව ගණන් කරල තියන් ලෑන්ඩ් කරල විනාඩියක් පරක්කු වෙද්දි කෝල් ගහනව හිටු කියල .....අම්මගෙ ආදරේ එහෙම තමයි ..... දුරින් ඉදියත් අපි දුරස් වෙලා නෑ කවදාවත් ....

" හෙලෝ හෙලෝ බය උනාද ....මම බාතෲම් එකේ ඉදියේ අම්මා.......

- චූටි පැටියො....මම බය උනා දරුවො ... ඇයි අඩුම මැසේජ් එකක් වත් නොදැම්මේ ...ආ.......??

බැරි උනා මමා..... දැන් වෙලාව කීයද මොකද කරන්නේ කට්ටිය......

- මල්ලිලා දෙන්නම පිට්ටනියට ගියා ඔන්න......මම මේ නන්ගිට දෙහි බීම එකක් හදල දෙන්න දෙහි ටිකක් කඩන්න කියල වත්තට යන්න ගිහින් මේ ආයෙත් ආවෙ මොකද පරක්කු කියල බලන්න.....පුතා කාලද ඉන්නේ......

ඔව් අම්මා....ආව ගමන්ම කෑවා ....

- හරි හරි පුතා එහෙනම් නිදාගන්න...මහන්සී නේ...

හරි අම්මා.....අර දෙන්නටත් කියන්න හතර වටේ ඇවිදින්නැතුව ගෙදරට වෙලා පොතක් පතක් බලාගන්න කියල ....ලොකු මල්ලිට එක්සෑම්නෙ අම්මා....ටිකක් තදින් ඉන්නකෝ.....

- කිව්වට අහන එකක් ඈ.....

මම තියනව....මට නිදිමතයි අම්මි....බායි ....පරිස්සමෙන් බුදු සරණයි....

- බුදු සරණයි පුතා.....පරිස්සමෙන් ......"

අයියා ඇයිද දන්නෑ කෝල් කළේ....මම එහෙන්මම ඇදේ හාන්සි වෙන ගමන් අයියටත් කෝල් එකක් අරගත්තා.....

" අයියේ ඇයි කතා කළේ.........අහ් මට කන්න බෑ අයියේ......... ඕන්නෑ වගේ හරි කමක් නෑ එහෙනම් ගේන්නකො......හ්ම් හ්ම්ම්........"

මම බාතෲම් එකේ ඉන්න වෙලේ අපේ dinner එක ඇවිත්.....අයියා මගේ කෑම එකත් අරන්......එයා ඉන්න නිසාම මට හොදයි ...... කන්නත් බෑ....කෑම එක ලස්සන උනොත් කනව....French මොනාහරි ඇත්තේ........

ඒ ටික වෙලාවකින්ම අයියා ඇවිත් මට පිගානකින් වහපු ප්ලේට් එකක් එක්ක බීම බෝතලයක් දුන්නා......අයියා යන්න යද්දි මම දොර්ත් වහන් ඇදෙන් හාන්සි උනා......

කෑම එක නම් පට්ට සුවදයි....සුවදට බඩගිනි වෙනව......

Croque monsieur

මම පේලේට් එක ඇරල බැලුවා......සැන්ඩ්විච් එකක් වගේ....පාන් පෙතිත් නෙමෙයි හැබැයි .....අමුතුයි වගේ.... Boile කරපු ham එක්ක චීස් කියන්න පුලුවන් දියරයක් උඩින් දාලා තිබ්බා..... කන්න පුලුවන්ද දන්නෑ.... air line එකෙන් අපිට සිලෙක්ට් කරන්නෙම අපේ chinese tasty එකත් එක්ක යන කෑම ජාතිම තමයි ....ඇත්තටම මට ආහාර ගැන කිසි දැනුමක් නෑ.... රටින් රටට යනව වෙලත්....මම මීට වඩා කෑම ගැන දැනගෙන ඉන්න ඕනේ...ප්‍රමෝෂන් එකකට ඇප්ලයි කරද්දි තමයි ඔන්න තරු පේන්නේ..... මට අයියා කිව්වා කෑම වර්ග ගැන හොද touch එකක ඉන්න කියල .... මේ කෑම එක ගැන නම් දැනගන්න ආසයි......

මම ඒකෙන් කෑල්ලක් කඩල කටට දාගත්තා...ඒක උසයි.... එක කටට කන්න අමාරුයි......ම්ම්ම්.....ඒක රසයි අප්පා. නම දැනගන්න ආසයි ඒ උනාට..... දන්නෑනේ ඉතිං ....දන්නැති විදියට ඉමු එක්කෝ.......කැප්ටන් නම් දන්නව ඇති ...එයා ඉතිං නොදන්නේ මොනාද.. ..අනික මේ නම් මතක හිටින්නෙත් නෑ.....අමුතු අමුතු නම්......

මම ඉක්මනට සැන්ඩ්විච් වගේ එක කෑවා.....බඩගින්නක් තිබ්බා....ඒත් ඊටත් වඩා මහන්සියි......මගේ ඉන බෙල්ට් එකට තද උන නිසා කැපිලද කොහෙද....දැවිල්ලයි.... ඒ මදිවට ඔලුවත් රිදෙනවා ..... දවසෙම AC එකේනේ......

😴😴😴😴😴😴😴

ඇදට පැනපු මට ඇහැරුණේ පෝන් එක කොහේද ඉදන් රින් වෙනව ඇහුන නිසා .....මම ඇස් පියාගෙනම පොඩ්ඩක් ඇද අතපත ගෑවා.....අනේ ඇදෙ නෑ.....මට කම්මැලි නැගිටින්න......මම ඇස් තදින් පියන් නිදාගත්තා......

කොහෙද ........ආයෙත් රින් වෙනව....මොකාද මේ උදේ පාන්දර කෝල් කරන්නේ.... මගුල.....නිදාගන්න නෑනේ....මහන්සි වෙලා මහන්සි වෙලා ඇදට වැටෙන්නේ නිදහසෙ නිදාගන්න එක වත් කරන්න ....ඒත් මොකාද කෝල් කරන්නේ...වෙලාව කීයද.....කිසි අදහසක් නෑ අප්පා.......ඇස් අරින්නෙපැයි අදහස් එන්න......

මම තව ටිකක් ඔලුව ඔබාගත්තා..... විනාඩි ගානක් ගිහින් ආයෙත් පෝන් එක රින් උනා....

" ආයිෂ්ෂ්ෂ්ෂ් මොන හු&%$ද අප්පා......"

මම ඇස් පියාගෙනම පෝන් එක හොයන්න නැගිට්ටා...සද්දෙ ඇහෙන පැත්තට ගියාට පස්සෙ ටේබල් එක උඩින් පෝන් එක හම්බුනා......

අයියා........ඇයි මේ පාන්දරම .......

" හෙ.....ලෝ......මොක...ද...අනේ.....අපි නිදාගන්න ඕන් නැද්ද......

- බෝබෝ.....මා....ත් නිදි අනේ.....අන්න අපේ කැප්ටන් ඔයාට එන්නලු....

අයියෝ ඔන්න පටන් ගත්තා උදේ පාන්දර.......

හරි හරි ....ඔයා නිදාගන්න අයියේ......."

අනේ මට නිදිමතයිනේ.....මම ආයෙත් ඇදට පැන්නා.....දැන් මම යන්න ඕනෙද.....එපා වෙනව අප්පා.... මදැයි ටිකක් නිදාගන්න ඉදියා.......

මම අකමැත්තෙන් උනත් ඇදෙන් බැහැලා මූණ හෝදන් ලුස් trouser එකකට ටී ෂර්ට් එකක් උඩින් දාගත්තා.....

"මේ මගුලෙත් එකේත් බැට්‍රි කොයි වෙලාවෙ බැලුවත් ලව් කරනව.....බැට්‍ර් ලව් බැට්‍රි ලව්....."

ඒක චාජ් එකට ගහල මම ස්ලිපර්ස් දෙකත් දාගෙන දොරේ යතුර මාරු කරා...දැන් මම කැප්ටනව හොයන්නේ මොන ලෝකෙන්ද....ආහ්....අනේ මට නම් තේරෙන්නෑ......

දොර ආයෙ ලොක් කරල යන්න හැරුණා විතරයි කැප්ටන් අන්න ඉන්නව.....මම ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් ඉදියා......

" ඔ...යා...මෙතන......??"

" මට ඔයාගෙ රූම් එක හොයාගන්න බැරි උනා සුදු බබා.....මේක තමයි රූම් එක නේද....ම්ම්......"

එයා ඇදන් ඉදියේ cassual ඇදුමක්....එයා ඒකටත් ලස්සනයිද මන්දා......අනෙ මන් දන්නෑ.....

" කවුරුහරි එන්න කලින් අපි යමු පැට්ටෝ....."

" කො....හෙ.....ද යන්නේ......"

" මගේ ක්වාටස් එකට......"

එයා මාවත් එක්කන් එයාට හම්බෙලා තිබ්බ රූම් එකට ගියා.....මේක නම් මගේ රූම් එක වගේ දෙගුණයක් විසාලයි.....

" මෙතනින් වාඩි වෙන්න බබා......"

එයා මට රව්ම් මෙසෙ පෙවද්දි මම වාඩි උනා.......

" ඔයා නිදාගෙන නේද ඉදියේ.......ම්ම් ඇස් වලින් නිදිමත බේරෙනව....."

එයත් මම ඉස්සරහ වාඩි වෙලා කියද්දි මම ඔලුව විතරක් වැනුවා....නිදන් ඉද්දිනේ කුදලන් ආවෙ......

" දැන් වෙලාව නම් දහයටත් ළගයි...... ඔයා උදේට කන්න නැගිට්ටෙත් නෑනේ.... ඔයාගෙ අයියා කිව්ව ඔයා නිදාගන්න ගියාම කන්නෙ නෑ ඊයෙ රෑත් බලෙන් කෑම දුන්නේ කියල ....."

" කැප්ටන් .........??"

" ඇයි....... ?"

" එයාගෙන් එහෙම අහන්න යන්නෙපා....මටයි ප්‍රශ්න ඇති වෙන්නේ...."

" හරි හරි මගේ බොස් බේබි.....කේන්ති ගියාද.....ම්ම්......"

එයා මගේ මූණට එබෙද්දි මම අහක බලාගත්තා....මෙයාට නම් පිස්සු......

" සුදු බබා.... ඊයෙ රෑට කෑවෙ නැද්ද ම්ම්......?"

" කෑවා......"

" මොනාද කෑවෙ......"

" නම දන්නෑ......"

මම නම් වටපිට බල බල කතා කරද්දි එයාගෙ ඇස් තිබ්බෙම මගෙ මූණෙ....එයා එක විනාඩියකට වත් අහක බැලුවෙ නෑ......

" මොන වගේද.......??"

" මම කෑවා කැප්ටන් ..... "

" අම්බො සද්දේ....හරි හරි ඉතිං මට කෑවා කියල confirm කරගන්න ඕනේ උනේ .....මොකද මේ අද උදේ ඉදන් ආච්චි වැහිලා....ම්ම් .... මම නින්ද කඩපු නිසාද......"

" ම්හ්ම්......."

ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දයක් ආවා.....එයා නැගිටල ගිහින් දොර අරිද්දි මන් දිහා බැලුවා.....

මම නැගිටල ගිහින් එතන තිබ්බ බිත්තියට මුවා උනා..... ඇත්ත තමයි එයාට හැමදෙයක්ම විහිළුවක් උනාට මෙහෙම දෙයක් උනොත් ඒක අපි දෙන්නටම ප්‍රශ්නයක් ......

එයා ට්‍රේ එකක් අතේ තියන් එද්දි මම ඇවිත් කලින් තැනින්ම වාඩි උනා....

" ඇයි මට එන්න කිව්වේ......."

" මාත් එක්ක කෑම ගන්න..... "

" මම......??"

" නෑ ඔයා........"

මම ආයෙත් මූණ බෙරි කරන් අහක බලාගත්තා....

" මේ ඇත්තමයි පැටියෝ....ඔයා ඔහොම ඉද්දි නම් අල්ලලා ඉඹින්න හිතෙනව..."

හිතේ ඇති......හුහ්.......

" බලන්න ඔයා මේව අදුරනවද කියල ......"

එයා ට්‍රේ එකේ තිබ්බ ලොකු භාජනේ අයින් කරල පීසා එකක් වගේ එකක් පෙන්නුවා......

" pizza ද......."

" නෑ මගේ මැට්ටෝ......."

" ටෝෆු......."

" නෑ බබා.....ඇත්තටම ඔයා air hostess කෙනෙක්ද....."

" ඇයි......?? "

" කලින් දවසෙ ඇහුවමත් russian meals ගැන කිසි දැනුමක් නෑ..... දැනුත් දන්නෑ නේ......."

" මම දන්නෑ ඉතිං ......."

" එහෙම බෑ....air hostess කෙනෙක් උනාම කෑම ගැන හොද දැනුමක් තීන්න ඕනේ......."

එයා pizza වගේ රවුම් මෙවෙකෙ කෑලි කපල ලොකු කෑල්ලක් එතන තිබ්බ ප්ලේට් එකට දාලා මගේ ඉස්සරහින් තිබ්බා......

" ඔන්න මතක තියාගන්න......මේ තීන්නේ ප්‍රංශ ටාට් වර්ගයක්...නම තමයි Quiche lorraine........කියන්න බලන්න....ඕව මතක හිටින්න ඕනේ...."

" Quiche lorraine......."

" ම්ම්ම්.....pizza වගේ තමයි ...ඒත් රසෙන් පවා ඊට වඩා වෙනස්.....කස්ටඩ් , චීස් , මස් ,sea dishes ආ තව එළවළු වගේ දේවල් වලින් තමයි මේක හදන්නේ......කාලා බලන්න......."

එයා මට ගෑරුප්පුවක් දුන්නා......අද නම් ගෑරුප්පු දෙකක් තීනව......

" මේක බබා කප් කේක් වගේ පොඩියටත් හදනව......"

එයා කියවද්දි මම ඒකෙන් කෑල්ලක් කෑවා.....ම්ම් ඇත්ත තමයි ඒක හරිම සොෆ්ට්......රසයි..... එළවළු රොටි වගේ......

" රසද........"

" හ්ම්ම්......"

මම කෑල්ලක් කඩල කෙලින්ම කටට දාගත්තා....මොකටද ගෑරුප්පු......

එයා මගේ කම්මුලට ඇගිල්ලෙන් ඇන්නා......

" කැප්....ටන්.....??"

" ශෝයි බබා....කියූඌඌඌඌඋට්...."

විකාර......මම කියුට් වෙන්න ගෑල් ලමේක්ද........

" කැ...ප්ටන්......."

" ම්ම්......."

එයත් කෑම කනව....අම්බෝ එයාගෙ කට ලොකුයි.....ලොකු කෑලි කන්නේ....

" ආයෙ මට කන්න කතා කරන්න එපා.....කවුරුහරි දැක්කොත් අපිට ප්‍රශ්නයක් වෙයි......."

" කවුරුත් දකින්නෑ......."

" දැක්කොත්......"

" මමනේ කියන්නේ.....ම්ම්......."

එයා කියද්දි මම බිම බලාගෙනම කන්න ගත්තා......මගෙ බඩගින්න නම් නිව්නා.... දැන් නම් කන්න බෑ....ඒත් මෙයා මට තව කෑල්ලක් බෙදුවනේ.....

" කන්න බෑ.........."

" හොදට කන්න බබා...... දැන් ආයෙත් යන්න එපැයි......ම්ම්......"

" මට ඇති ........"

එයා තොල් දෙකත් පිටට පෙරළන් බබෙක් වගේ මන් දිහා බැලුවා....

" ඇයී.....??"

" රෑට කෑවෙත් නෑනේ....ඔය කෑලි දෙකක් කාලා ඇතිද....."

" ඇති ....අනික මම රෑට කෑවා....."

මම ඔරවගෙන කියල දැම්මා....දැන් නම් මෙයා හොදටම වැඩී.....

" අම්බෝ...... දැන් දැන් කටේ සද්දෙ වැඩි වෙලා නේද..... හුම් හුම් හුම්ම්....ඔහොම යන්කෝ ....."

" එහෙම නෑ......."

" එහෙම තමයි ඉතිං ....දැන් මම පිට කෙනෙක් නෙමේනේ... හබීනේ.... ම්ම්....."

අනේ සෙද්ද....එයාට නම් හොදටම පිස්සු....තමන්ටම හබී කියාගන්නව.....

" හරි බබා....මේ මොනාද කියල කියන්න බලන්න......ඒත් දන්නෑද......"

එයා ඒ ගමන තව dessert ප්ලේට් එකක් මට දික් කලා....දැන් ඕකත් මටම ගිල්ලවයි.....අයියෝ.....

" ම්හ්ම්......."

" ආහ්......අනේ බෝ...... අනිනව හොද ටොක්කක්......"

අනී කියල තමයි බය.....

" කී පාරක් France ඇවිත් තීනවද....."

" ඊයෙත් එක්ක පස් පාරයි..."

" ම්ම්......දැන් මට කියන්න French Traditional Food type එකක්.....??"

අනේහ් ඉතිං .......මම දන්නෑනේ....අයියෝ..... මාව කනවනේ මෙයා.......

" French rice...... "

" මැට්ටා.....ඒක නැති තැනක් කෝ....??"

" මම දන්නැ අනෙ...."

" අනේ.......??"

" සොරි.....කැප්ටන් ......"

මම ආයෙත් බිම බලාගත්තා...වදේ හුහ්....

" හරි හරි.....මේ තීන්නේ ප්‍රොෆිට්‍රෝල්ස්... මේකේ orgin එක France....දැන් නම් මේක නැති තැනක් නෑ......."

" ඩෝ නට් කියල හිතුවෙ....."

" නැහැ සුදු බබා....chocolate profitroles...."

එයා එතන තිබ්බ කේක් ගෙඩි වගේ තුනෙන් එකක් අරන් දෙකට කඩල මගේ කටට ළං කලා....

මම ඒක ගන්න අත දික් කරාට එයා ඒක දුන්නෑ....එයා දැන් කියන්නේ එයා කවද්දි කන්න කියලද.....

" කෝ.........?? කන්න ඉතිං ......"

එයා ඒක අල්ලන් ඉද්දි මම කට ඇරියා....එයා ඒක මගේ කටට එබුවා....

" රසද බලන්න......."

ඇත්තටම ඇයි මෙයා මෙහෙම....බබෙක් වගේ වෙලාවකට.....

" හ්ම්ම්......"

ඒක රසයි ඉතිං ....ඒකට දාලා තිබ්බ චොක්ලට් උනත් අමුතුම රහයි.... ක්‍ර්‍රීම් පෆ් උනත් පැණිරසට වඩා අමුතු රසක්....

මම ඒක ගිලිනකන් බලන් ඉදපු එයා ඒකේ ඉතුරු කෑල්ලත් මගේ කටට ළං කළා....මට අත් දෙකක්ම තීනව කැප්ටන් ......ම්හ්හ්...

මම කනකන් ඉදල එයා එකෙ තිබ්බ අනිත් එක කාලා අනිත් එක මට දික් කලා.ඒකේ ඔය කියන රෝල් තුනක් තිබ්බා.....

" මට ඇති ....."

" මම ඕව හැමදාම කනව බබා....ඔයා කන්න..."

අයියෝ මෙයා තාත්තා වගේ අනේ......

එයා දික් කරපු අනිත් රෝල් එකත් මම කෑල්ලෙන් කෑල්ල කටට දාගත්තා .....එයා මන් කන දිහා බලන් ඉන්නෙ හරි ආසාවෙන්.... හරියට නිකන් තාත්තා කෙනෙක් ළමයි දිහා බලන් ඉන්නව වගේ.....

මම නැගිටල එයාගෙ බාතෲම් එකට ගිහින් සින්ක් එකෙන් අත් හෝදගත්තා....අම්මෝ බඩ නම් හොල්ලගන්න බෑ..... එයාගෙ වැඩේම මට කවන එක.....

" පැට්ටෝ........."

" ම්ම්......."

" මගෙ ඔලුව රිදෙනවා අනේ..... ඊයෙ රෑ වෙනකන්ම අර ස්ක්‍ර්‍රීන්ස් දිහා බලන් ඉදියනේ......."

" කැප්ටන් නිදාගන්න.....මම යන්නම්..... "

" සුදු බබා........මොකද්ද අනේ......"

" ඇයි .....??"

" ඇත්තමයි බබා....බබාට අකමැත්තෙන් මම බබාගෙ ඇගට නරක හිතකින් අතක් වත් තියන්නෑ .... අනේ ප්ලීස් මගේ ඔලුව මසාජ් කරන්නකූ........"

පුදුම හුරතලයක්නේ මේක..... කැප්ටන්ගෙ වයර් මාරුවෙනවද මන්දා හිටපු ගමන්....මෙච්චර වෙලා මට උගුරට පිරෙනකන්ම කෑම කැව්වා.... මම දැන් මොකද්ද කරන්න ඕනේ....දෙයියනේ මම කරන්නේ වැරැද්දක්.....මම නිසා කැප්ටන් බොරු බලාපොරොත්තු තියාගනීද දන්නෑ.....

" හ්ම්ම්....."

අන්තිමට මම හ්ම් කිව්වම එයාගෙ මූණෙ මලක් පිපුනා..... එයා මට ඇද පෙන්වද්දි මම ටිකක් කන්ෆියුස් උනත් මම ගිහින් ඇදෙන් වාඩි උනා.... එයාව විශ්වාස කරන්න පුලුවන් කියල හිතෙනව.....

එයා ඇදේ අනිත් පැත්තෙන් නැගල මගේ අතට මොකක් හරි බෝතලයක් දුන්නා....

" මේ මොකද්ද......??"

" ඔලුව රිදෙනවා බබා .....ඕක ඔලුවෙ ගාලා මසාජ් කරන්නකෝ....."

එයා මගේ ඔඩොක්කුවෙන් හිතන්නෙ බලන්නෙ වත් නැතුව ඔලුව තියාගත්තා.... මෙයා හිතන් ඉන්නෙ මම එයාගෙ දේපළක් කියලද දන්නෑ.......

" බබා.........?? මොනාද කල්පනා කරන්නේ........??"

මම අතේ තිබ්බ බෝතලේ ඇරියා.....තෙල් වගයක්.....made in india.... සමහර විට එයාට නිතරම ඔලුවෙ කැක්කුම ඇති .....

" කැප්ටන් ......."

මම එයාගෙ ඔලුවට තෙල් දාලා හෙමීට පිරිමැද්දා......

" ම්ම්......"

එයා ඇස් පියාගෙන ඉදියේ......

" මම දෙයක් කියන්නද......."

" හ්ම්ම්......."

" ඊයෙ වගේ බනින්න එපා......"

" ඇයි....බයද......"

" ම්හ්ම්....."

" කියන්න කියන්න ......."

" කැප්ටන් ........අපි මේ කරන වැඩේ වැරදි........."

" අපි.......??? අපි දැන් මොනාද කළේ.....ම්ම්..... අපි නරක වැඩක් තාම කරලත් නෑනේ......."

" කැප්ටන්න්න්.....!!!"

" ඔය කියන්න හදන්නේ අපි ගැළපෙන්නෑ කියලනේ........"

" හ්ම්ම්..... "

" මට ගැලපෙනවනේ බෝ....."

" කැප්ටන්.....මම ඔයාට කැමති නෑ......."

"..............."

" ඔයා මට කැමති උනාට...."

මම එහෙම කිව්වෙ ටිකක් සද්දෙ අඩු කරල....මට එහෙම කියද්දි එයා ගැන දුක හිතුනා.....

" කැප්ටන් ........"

" මම නිදි....මට ඔයා කියන කිසි දෙයක් ඇහෙන්නෑ බබී......"

" කැප්ටන් ........!!"

මොකෙක්ද මන්දා..... ඇහිලත් ඇහෙන්නෑලු.......පිස්සෙක්ද කොහෙද ..... දැන් නම් හොදටම පිස්සු එයාට.....

එයා මගෙ ඔඩොක්කුවේම ඇස් පියාගනිද්දි ඔලුව අතගගා ඉදපු මටත් ඇදේ වට්ටමට හේත්තු වෙලා නින්ද ගියා...

😴.....

කොච්චර වෙලා නින්ද ගියාද කියල දන්නෙ නැති මම ඇහැරුණේ දොරට ගහන සද්දෙත් එක්ක...... යාන්තමට ඇස් ඇරල බලදි එයා තාමත් මගෙ උකුළෙ නිදි.... ඒත් මගෙ බෙල්ලට කොට්ටයක් හේත්තු කරලා.....එයා නැගිටල එහෙනම්.....ඒත් එක්කම ආයෙත් දොරට තට්ටු කළා....

" කැ....ප්ටන්.......කැප්ටන් නැගිටින්න....."

මම එයාව හෙල්ලුවා.....එයා හිරි ඇර ඇර මන් දිහා බැලුව.....

"කැප්ටන් කවුරුහරි ඇවිත්....ගිහින් බලන්න...."

" අහ්....මන් කොෆී එකක් ඉල්ලුවා....ඒක ඇවිත් ඇති ...."

එයා ඇදෙන් පැනලා දොර ළගට ගියා....ඇද තිබ්බ තැනට දොර හරිය වැඩිය පෙව්නෙත් නෑ.....අනික එයා දොර බාගෙට ඇරන් කතා කළේ...ඒ නිසා මම කකුල් බිමට ආලා ඇදේ වාඩි උනා....

" බලන්න සුදු බබා මම කොෆී දෙකක් ඉල්ලුවේ ....එකයි එවල තීන්නේ.....පිස්සො අප්පා ඉන්නේ....."

මෙයා කොෆී පෙරේතයෙක්ද කොහෙද ..... කාලා අනිත් පැත්තට කොෆී බොන ඩයල් එකක් කියන්නේ අනිව කොෆී පෙරේතයෙක් තමයි .....

එයා අරන් ආව මග් එක මට දුන්නා.....

" බාගයක් බීලා දෙන්න......."

" මට එපා කැප්ටන් ....ඔයා බොන්න......"

" බාගයක් බොන්න ළමයො......"

" මට එපා කැප්ටන් ......"

" සුදු බබා.........!!! හපනව හොදේ......දන්නවනේ......ඇදේ පෙරළගෙන හපන්නේ....මේ.....දත් දෙකකුත් තීනව මට......"

මල සමයන් කිව්වලු....... මම රබර් ග්‍රිප් එක අයින් කරල කොෆී එක දිහා බැලුවා....දුඹුරු පාට කොෆී එක උඩින් සුදු පාර මෙව්ව එකක් ඇදල....ඕක european countries වල ප්‍රසිද්ධයි කියල නම් දන්නව.....

මම ඒක බලලා එයා දිහා බැලුවා.....

" ඕක නම් දන්නෑ කියන්න එපා බබා....."

" නම මොකද්ද.....??"

මම එහෙම ඇහුවෙ අහක බලාගෙන.....ඇත්තටම ලැජ්ජයි ඉතිං .... මට දැනුමක් නෑනේ.....

" අම්මපා air hostess කෙනෙක් උනාම කොෆී ගැන දැනුමක් තීන්න ඕනේමයි.... අහ්.....?? "

" මම food reserve කරන්නෑ ෆ්ලයිට් එකේදි........."

" එහෙම කියල රටින් රටට යනව වෙලත් කොෆී ගැන දැනුමක් නෑ....ඔන්න මාත් එක්ක ඉන්නව නම් කොෆී හදන්න ඉගෙන ගන්න ඕනේ....හැම ජාතියක්ම .....දැන් මට කියන්න බලන්න ඔයා දන්න කොෆී වර්ග....කෝ ඕක බොන ගමන් කියන්න ......."

එයා කියද්දි මම කොෆී එකෙන් පොඩ්ඩක් තොල ගෑවා...... ඒක කිරි රහයි....මගේ හොස්සෙ අර කිරි පාට ආර්ට් එක ගෑවුනා.....එයා මහපට ඇගිල්ලෙන් මම හිතන්නත් කලින් ඒක පිහිදුවා.....

" කෝ කියන්න පැටියෝ.....දන්න කොෆී වර්ග....."

" cappuccino ( කැපචීනෝ)
Amenicano ( ඇමෙනිකානෝ....ස්පෙලින් ශුවර් නෑ....) "

" එච්චරයි ද.....??"

" හ්ම්ම්......"

" අයියෝ...... "

" මම දන්නෑ ඉතිං ......."

මම කොෆි කෝප්පෙන් තව උගුරක් බීලා එයාට දුන්නා.....එයා ඒක දිහා බලලා මටම ආයෙ දුන්නා.......මම ඉතිං ආයෙත් උගුරක් බොන්න ගත්තා....

" කොෆී වර්ග ගොඩක් තීනව බබා........
Epnesso ( එක්ප්නෙසෝ)
Double Epnesso
Mocha(මෝකා )
Macchiato( මකියාතෝ..)
Coffee Latte ( ලතේ )
Latte Macchiato (ලතේ මකියාතෝ ..)
Epnesso Macchiato
Nitho ( නයිතෝ / නයිට්‍රෝ / නයිට්නෝ )

එතකොට ඔය තීන්නේ Flat white Coffee එකක්..... ඕක උඩින් මලක් වගේ එකක් ඇදල තීනවනේ....ඒකට කියන්නේ ලතේ ආර්ට් එකක් කියල ......ඔය Flat white coffee එක western එකක්......."

" ඒත් මම හිතුවේ මේක යුරෝපා වලට ආවේණිකයි කියල ......"

" european තමයි ...ඒත් ඕක orgin එක australia "

.
.
.
✈ කොෆී වර්ග ගැන දැනගන්න ආසද ??

Continue Reading

You'll Also Like

151K 25.9K 114
နဂါးကျွန်း ဆိုတဲ့ app ကို ဒေါင်းလုခ် လုပ်ပြီး သားပေါက်လေးတွေကို အရူးအမူး ပျိုးထောင် ပေးပြီးတဲ့နောက် ထိုဂိမ်းထဲက သားပေါက်လေးတွေ ဆီ ကူးပြောင်းရောက်ရှိသ...
339K 20.3K 42
သစ်လွင်သောဆူး "ဒီမှာ...ရှင် လူကြီး လူကောင်း မဟုတ်ဘူးလား...ညီမနဲ့ လက်ထပ်ထားပြီး သူ့အစ်မကို ကိုယ်အစ်မလို သဘောထားရမှာ မသိဘူးလား.." "မသိဘူး..." "ရှင်..ဘာ...
145K 17.5K 125
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...