Fly to air ✈️ [Zhanyi Complet...

Od HashiHiru

192K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ Více

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 04✈

4K 603 70
Od HashiHiru

මම ෆ්ලයිට් එක යටට වෙලා උඩ බලන් කල්පනා කළා..... මට තියෙන ප්‍රශ්න ගොඩ.....ඇත්තටම මට තාම 23යි....එහෙම වෙලත් මම වයසටත් වඩා ලොකු වගකීම් ගොඩක් ඔලුව උඩ තියන් ඉන්නව...... මගේ තාත්තා ඉදිය නම් සමහර විට මටත් මගේ හීනෙට යන්න තිබ්බා....

" සර් ඉදගන්න....තව ටික වෙලාවක් යයි ක්ලීනින් එකට........."

" තැන්ක් යූ ......."

අපේ air line එකේම කම්කරු ඇදුමක් ඇදන් ඉදපු කොල්ලෙක් මට පුටුවක් ගෙනත් දෙද්දි මම ඒකෙන් වාඩි උනා.... දැන් නම් දණහිසේ අමාරුව පොඩ්ඩක් වත් නෑ..... ඒත් එයා කොහොමද දන්නේ මගේ දණහිස එහෙම උනා කියල ..... එයානෙ ඉතිං කැප්ටන්....එයා නොදන්නේ මොනාද..... අම්බෝ දැන් මෙතනටත් කඩාපාත් වෙයිද දන්නෑ....ඉක්මනට ෆ්ලයිට් එක ඇතුළට රිංග ගන්න ඕනේ.....තාම මේ මගුල ඉවර නෑනේ ඉතිං ......ආහ් අනේ අද ඊළග ලෑන්ඩ් එක තීන්නේ France වලට.....එහෙදිත් මාව කන්න හදයිද දන්නෑ......අයියෝ......

" යීබෝ ...........යි .....බො........"

මම කල්පනා ලෝකෙ ඉද්දි entrance එකේ ඉදන් Yi Zi කෑ ගහගෙන දුවන් ආවා...ඕකි කොයි වෙලේ හරි වැටෙනව ඔය කොට සාය ඇදන් අඩි දහයක් උස සෙරෙප්පුවත් දාන් දුවන්න ගිහින්......

" ඇයි බන් ලතෝනි දෙන්නේ......."

" S.F.O උබව හොයනව...... පෝන් එකත් දාලා කොහෙද යන්නේ හලෝ....."

" අහ්......ඇයි ඒ......හරි හරි මන් යන්නම්......"

" දැන්ම යන්න......"

" අහ් .....මේ දැන් හැමෝම ඇවිද්දා ඇති ඔක්කොම ලලනාවො ටික එකතු කරන් ඇවිත් ඇතුළෙ බොට්ල්ස් වල වතුර පුරවන්න....ගිහින් ඒක බලන්න.....යන්න....."

" අපෝ තවුසෙව දැක්කොත් වැඩක්...."

ඒකි මට රව රව මාත් එක්කම airport එකට ඇවිදන් ගියා.....

" සර් ඇයි මට එන්න කිව්වේ......"

මම S.F.O ළගට ගිහින් කතා කළා... මගේ හිතේ පොඩි චකිතයක් තිබ්බා කලින් උන දේ නිසා මොකක් හරි අව්ලක් එහෙම වෙලාදෝ කියල ...ඒත් මෑන්ගෙ මූඩ් හොදයි වගේ......

" කැප්ටන්ට ඔයා අතේ කොෆී එකක් එවන්න කියල කිව්වා යීබෝ ....දැන් විනාඩි විස්සක් විතර වෙනව....ඉක්මනට යන්න....."

අනේ............ මෙතනදිත් එයාට මගේ අතින්ම කොෆී ඕනේද.....මගුල .....රෙද්ද....

" සර් මටම ද එන්න කිව්වේ.....??"

" ඔව් ඔව්..... අද කැප්ටන්ට දෙන්න රිපෝට් එක හැදුව්ද .ඒකත් අරන් යන්න....."

" හදන ගමන් ඉදියේ....මම එහෙනම් යන්නම් සර්......"

අනේ දෙයියනේ .....ඇයි අනේ මටම මෙහෙම වද දෙන්නේ..... ශැක්......

මම ඉක්මනට අපේ air line එකේ agentල ඉන්න තැනට ගිහින් කැප්ටන්ට උණු කොෆී එකක් හදාගෙන ඒක රබර් කප් එකකින් වහගෙන එයාලා දුන්න රුසියන් මොනාද මන්දන්නෑ sweets ජාතියත් කාඩ්බෝඩ් බෑග් එකට දාන් කැප්ටන් ඉන්න රූම් එකට ගියා....

ආයිශ් මට යන්න බයයි වගේ.....අනෙහ් මට යන්න බෑ අයියෝ...........!!!!!!

හදවත කොච්චර විලාප තිබ්බත් මම දොරට තට්ටු කළා.......ම්හ්ම්......මන් තව පාරක් තට්ටු කළා......

Knock .......knock 💥

නෑනේ......එයා නැද්ද ඇතුළෙ..... මම ආයෙත් පාරක් තට්ටු කළා....

අනේ එයා නෑ මම යනව යන්න........ මම මග දුරක් ගිහිල්ලත් ආයෙ හැරිලා ආවා....මොනා උනත් පව් ඒ මනුස්සය....කන දෙයක්නේ ඉල්ලුවේ ... බඩගිනිද දන්නෑනේ....ඔන්නෝහෙ යනව.....

මම ආයෙත් පාරක් දොරට තට්ටු කරල නැති පාර දොර ඇරල බෙල්ල විතරක් දැම්මා......එයා නෑනේ...... මම දොර ඇරගෙන රූම් එකට ඇවිත් දොර වහල දැම්මා...... බාතෲම් එකේද දන්නෑ.....ඒත් වතුර සද්දයක් නෑ.... අනේ මට මොකෝ.....මම මේක තියල යනව යන්න.......

මම එයාගෙ ඇද ළගට ගිහින් ටේබල් එක උඩින් මම ගෙනාපු කාඩ්බෝඩ් බෑග් එක තිබ්බා....ඇද අව්ල් වෙලා...ඒ කියන්නෙ එයා නිදාගෙන.... පව් ඉතිං ...pilot කෙනෙක් කොච්චර මහන්සි වෙන්න ඕනේද ....පාරෙ වාහනයක් ගෙනියව වගේ නෙමෙයිනේ.... අනික දැන් එයා අනිත් පැත්තට යන්නත් එපැයි....

මම අනිත් පැත්ත හැරිය අනිත් පැත්තට යන්න ගියා විතරයි එයා බාතෲම් එකේ ඉදන් ඔලුව පිහීද පිහිද ආවා....අයියෝ මෙයා මෙකෙ ඉදල තීන්නේ....දැන් ඉවරයි.....දැන් මාව කයි විකාර කතා කිය කිය.....

" ආනේ.....පැට්ටෝ ඔයා ඇවිත් නේ..... "

එයා මාව දැකල පුදුම උනාද කොහෙද .... ඉන්න හැටි.....ඉනට ට්‍රවල් එක විතරයි ....ඕක ගලවන් වැටුනොත් මට දුවන්න පාර මදී.......

" කැ....ප්ටන් මෙන්න කොෆී එක ඇතුළෙ......මම යන්නම්....."

මම දොරළගට දුවන්න හැදුව් විතරයි එයා අත දික් කරල මාව නැවැත්තුවා....

" ඕකනේ බැරි .....හැමතිස්සෙම දුවන්න බලාගෙන ඉන්නේ....කොහෙද දැන් ඔය යන්න හැදුවේ......"

" වැ.....ඩ.....තිනව....."

" ෆ්ලයි කරන්න තව පැයක් තීනවනේ ළමයො...... පොඩ්ඩක් ඉන්න මම ඇදුම දාගෙන එන්නම්..... දැන් ඉතිං කොහොමත් යන්න ඕනේ එකේ යුනීෆෝම් එකම ඇදගන්නව......"

එයා කියව කියව ගිහින් එතන තිබ්බ අල්මාරිය ඇරලා එයාගෙ ශර්ට් එකයි trouser එකයි ගත්තා.....

" වාඩි වෙලා ඉන්න බබා......"

බබා.......!! කවුද දන්නෑ බබා.....ම්හ්ම්....

මම ගිහින් කලින් වාඩි උන සෝපා එකෙන්ම වාඩි උනේ අත් දෙකත් පුටුවටම අලවල තියාගෙන... එයා ඇදුම් චේන්ජ් කරන්නෙත් මෙතනද දන්නෑ නේද......

" ඔයා වොශ් එකක් දාගන්නැද්ද පැටියෝ....."

" ම්හ්ම්......"

" ඉතිං යන්න.....මම ඔයාට ට්‍රවල් එකක් දෙන්නම්......."

එයා මට බාතෲම් එක පෙන්නල කියද්දි මම ඔලුව වැනුවා....

" එපා........"

" ඉතිං දැන් France වලට යද්දි රෑ වෙනවනේ..... හරියටම දවසක් වගේ ඔයා ඔය ඇදුම ඇදගෙන...ම්ම්....."

" අව්ලක් නෑ......"

එයා ඇදුම් වගයක් අරන් බාතෲම් එකට යද්දි මම හිර කරන් ඉදපු හුස්ම පිට කළා......අම්මෝ එයාගෙ බැල්ම.....ඒ මදිවට උඩට මොකුත් නැතුව හරිම අමුතු පාටයි......අමුතුමත් නෙමේ ඉතිං සෙක්ශි පාටයි.....එයා ජිම් යනවද කොහෙද ....ඒ නිසා හොදට abs එහෙම තිබ්බා......

විනාඩි පහකට විතර පස්සෙ එයා pilot uniform එක ඇදගෙන ශර්ට් එකත් යට කරකර ආවා.....දැන් ඇයි මෙයා මාව නවත්තන් ඉන්නේ.......?? මම බිම බලාගෙනම ඉදියා.....

" බෝ මේක දාන්නකෝ......"

එයා මගේ ළගට ඇවිත් මගේ මූණ ඉස්සරහට අත දික් කළා.....අතේ ශර්‍ය් එකේ බොත්තම් දෙක දාන්න කියන්න වෙන්නැති....වෙනදට කාට කියලද දන්නෑ දාගන්නේ......

මම ඉතිං ඒ අතේ බොත්තම් දෙකම දැන්මට පස්සෙ එයා අනිත් අතත් දික් කරා....මම ඒ අතෙත් බොත්තම් දෙක දාලා ආයෙ බිම බලාගත්තා....

ඔක්කොමත් හරි මේ මනුස්සය කන්න වගේ මන් දිහා බලන් ඉන්න එක තමයි අල්ලන්නෙම නැත්තේ......

" තැන්ක් යූ පැටියෝ....."

" ම්ම්......"

" ඔයා මට කොෆී එකක් ගෙනාවද බබා....??"

" හ්ම්ම්....."

එයා මෙසෙ උඩ තිබ්බ බෑග් එකට එබිලා කොෆී එක අතට ගත්තා......

" ආ .....තව මොනාද තීන්නේ.....ඔයා මට මොනාහරි ගෙනාවද පැටියෝ......"

මෙ මනුස්සයට මාව පේන්නේ පැටියෙක් වගේද අප්පා.....

" air line එකේ අය දුන්නේ....."

" අහ්....ම්ම්......."

එයා ඒකට එබිලා ඒ දෙකම අරන් මන් ළගින් වාඩි උනා.....

" ඔයා කාලද ඉන්නේ බබා.....??"

" හ්ම්ම්......"

" මොනාද .......??"

එයා එයාට දුන්න ස්වීට් බොක්ස් එක ඕපන් කරන ගමන් මන් දිහා බලලා කතා කළා.....

" නම දන්නෑ......."

එයාට හිනා ගියා....මම හිනාවෙන්න දෙයක් කිව්වද......

" ඕහෝ......මොන වගේද......??"

" සොසේජස් බන් එකක් වගේ ...... "

" රුසියන් කෑමක්ද.....??"

මම ඔලුව වැනුවා.....

" piroshki........."

එයා මන් දිහා බලලා කිව්වා ..මම මොකුත් නොකියා බිම බලාගත්තා....

" ඒක කාලා ඇතිද බබා....."

" ඇති ....."

" ආ......මෙකෙන් ටිකක් බීලා දෙන්න...."

එයා මගෙ ඇස් දෙකට ඉස්සරහින්ම කොෆී කෝප්පෙ දික් කරා.... දැන් මට එන්න කිව්වෙ කොෆී පොවන්නද.... අයියොහ් අනේ.......

" ම......ම.....ට...එපා කැප්ටන් ....ඔයා බොන්න......."

" ඔන්න ළමයො ඉතිං ....බොන්නකෝ.... මට තනියෙම බොන්න බෑනේ....."

" එහෙනම් මම යන්නම් කැප්ටන්...මහේ වැඩෙත් ඉවරයිනේ....."

මම නැගිටින්න හදද්දි කැප්ටන් ආයෙත් මාව ඇදල සෝපාවට දැම්මා....මගුල...

" මෙකෙන් බාගයක් බීලා දෙන්නකෝ පැට්ටෝ.......ආ.........."

" මට.....එපා කැප්ටන්......"

" ඒකත් එහෙමද......"

එයා කොෆී මග් එක එතන තිබ්බ වීදුරු ටේබල් එක උඩින් තියල මගෙ දිහාවට හැරුනා.....

" කැ.....ප්....ටන්.....මො..කද්ද කරන්නේ....??"

" ෂ්....ෂ්......"

එයා මගේ ඇගටම එද්දි මාව ඉබේම සෝපා එකේ ඇන්දට හේත්තු උනා..අනෙ මේ මනුස්සය මාව කිස් කරන්නද යන්නේ.....මගේ හුස්මත් හිර වෙන්න වගේ.....

" ඔයා කොෆී එකෙන් භාගයක් නොබිව්වොත් මම ඔය රෝස පාට ලිප්ස් රතු වෙනකන්ම හපල හපල කිස් කරනව ඔන්න ....හාද.... ම්ම්ම්"

එයා ඉදියේ මගේ මූණට හොදටම ළං වෙලා....එයාගෙ ඇස් තිබ්බෙත් මගේ තොල් වල...

" ම්ම්...... බොනවද......"

මම තව ටිකක් පස්සට යද්දි එයා එයාගෙ තොල් දිවෙන් පිහිද පිහිද මගේ මූණට තවත් පාත් උනා.....

" මම බොන්නම්.......!!!"

මම හිතන්නෙ මම මහ හයියෙන් කෑ ගැහන්නැති....මගේ තොල් වල ඇස් තියන් ඉදපු එයා ගැස්සිලා හිනාවෙලා මගෙ ඇස් දිහා බැලුවා....

" your wish......."

එයා ආයෙ කෙලින් වෙද්දි මම මෙසෙ උඩ තිබ්බ කප් එකෙන් බාගයක්ම බිගෙන ගියා....ගෙනාවෙ උණු උණු කොෆී එකක් උනත් දැන් නිමිලා....ඇයි ඉතිං මෙයා විකාරනේ කරන්නේ....

මම කොෆී එකෙන් බාගෙකටත් වඩා බිව්වද කොහෙද ......පපුව තාමත් ඩොග් ඩොග් ගානව.....

මම එයාගෙ අතට කොෆී කප් එක දුන්නා.....අහක බලාගෙනම..... මට ලැජ්ජයි...ම්හුම්.....

" ඔය තියෙන්නේ.... ඔය වගේ ඉන්නකෝ පැටියෝ........"

එයා මග් එක අරන් මම බීපු තැනින්ම තොල් තියල බිව්වා.... පුදුම පිස්සුවක් මේක....අනේ මට මේ ගුබ්බෑයමේ ඉන්න බෑ..... යන්නෝනෙනේ.....

ඒ ගමන මොකද කරන්නේ....එයා අර හම්බ උන ස්වීට් ජාතියේ කොලේ දිගෑරියා.....ඒක කේක් ගෙඩ්ඩක්ද මන්දා....නෑ ඒත් ඒ වගේ....අමුතුයි ...එයා ඒකෙන් ලොකු කෑල්ලක් කපලා පේපර් ප්ලේට් එකකට දාලා ඒකෙම එවපු ගෑරුප්පුවත් එක්ක මගේ අතට දුන්නා....මට කන්න බෑ අනේ....

" ම...ට එපා කැප්ටන් ......."

" ඔය හදන්නේ ඉතිං මට කියල ඔය තොල් රතු වෙනකන් හපාගන්න තමයි ඔන්න... අහසෙ වාහනයක් ගෙනියන මට ඕක කරන්න බැරි නෑනේ පැට්ටෝ....ම්ම්..."

මම දෑත බදල පේපර් ප්ලේට් එක අතට අරන් ගෑරුප්පුවෙන් පොඩ්ඩ පොඩ්ඩ කන්න ගත්තා....එයා තනියෙම හිනා උනා.....

මට කන්නත් පුලුවන් එයා මන් දිහා බලන් ඉන්නෙ මාව කන්න වගේනේ....

" කොහොමද ......එක රසයිද ම්ම්..."

මම ඔලුව වැනුව.....ඒක රසයි...සොෆ්ට් ..ඒකෙ කජු කෑලිත් හැපුනා....පැණි රසක්මත් නෙමේ... අහ් හරි පැණි...මී පැණි දාලා හදල තීන්නේ....කේක් වගේමයි...ඒත් අයිසින් නෑ.....

" ඕකෙ නම දන්නවද බෝ??"

මම ඔලුව දෙපැත්තට වැනුවා....

" ඕක Russian traditional dessert එකක්.....නම තමයි Medovik .....ඒක හරිම රසයි...... "

මෙයා නොදන්න කෑමක් නෑනේ.... හැමදෙයක්ම දන්නව....සියල්ල දත් සීයා කෙනෙක්..... මහ වල්....හුහ්.....

මම එයා කපල දුන්න තඩි කෑල්ලම කාලා ඉවර වෙලා ප්ලේට් එක ගෑරුප්පුවත් එක්ක ටේබල් එකෙන් තිබ්බා...

" තව කෑල්ලක් කන්නකෝ බබා....."

" එපා...බඩ පිරිලා......"

" ම්ම්.....එහෙනම් ඉතිං මක් කරන්නද නේද........"

අනේ.....මෙයාගෙ ඔලුව වැදුනද කොහේ හරි ....... මම කාපු ගෑරුප්පුවෙන්ම ඒ ප්ලේට් එකටම කෑල්ලක් බෙදාගෙන එයත් කනවා.... අයියෝ....මෙයා නිසා මට පිස්සු හැදෙනව.....

" ම්ම්ම්.......මේක නම් රසයි.... යනකොට ගෙදර අරන් යන්න ගන්න ඕනේ......ම්ම්ම්.......ඔයා ශොපින් ගියේ නැද්ද බෝ......."

අපෝ දැන් මාවත් ඇදන් යයිද දන්නෑ....

" ගියා......."

" ගියා.......?? බොරු කියන්නෙපා බබා...."

" ඇත්ත ......."

" හාකො හාකො...... ඔයාට වැඩක් තීනව කිව්වා නේද......"

" හ්ම්ම්......."

" එහෙනම් යන්න දැන් .......ෆ්ලයි කරන්න කලින් අනිවාරෙන් මට ඔය සුදු මූණ පෙන්නල ඉන්න ඕනේ...අහ් කොහොමත් ඔයා එනවනේ මට රිපෝට් එක දෙන්න....හරි හරි ....දැන් යන්න....පරිස්සමෙන් ......."

මම නැගිටල දොරත් වහන් එළියට ආවා..... අපෝ බඩ පිරුනා....අර කෑම එක පට්ට පැණිරසයි.....දැන් නම් හොදටම ශුවර් කැප්ටන් එන පොට හොද නෑ..... පුලුවන් තරම් ඇග බේරන් ඉන්න ඕනේ....එයාලට නම් මොකද එයාලා ලොක්කො නේ.....අපේ තමයි බෙල්ල ගහල යන්නේ.....

මම ආයෙත් ෆ්ලයිට් එක ළගට ගිහිල්ලා වැඩ බලලා pilotට දෙන්න ඕනේ රිපෝට් එක හැදුවා....ඒ යකා බලන්නේ ඕක නෙමේ මගෙ මුණනේ...එක අතකට වැඩකුත් නෑ මේක හදලා.... මම රිපෝට් එක හදල ඉවරවෙද්දි පැසෙන්ජර්ස්ලව නග්ගන්න වෙලාවත් ඇවිත්....මගේ ලැගේජ් එක තාම අර හෝල් එකේ..... වොශ් රූම් එකටත් යන්න ඕනේ...

" Yi Zi මෙතන මට කොහොමත් වැඩක් නෑ....අව්ලක් උනොත් කෝල් එකක් දෙන්න....මම අර හෝල් එකට ගිහින් එන්නම් ..ම්ම්...."

" හරි සර් යන්න........"

මම ලියපු වාර්තාවත් අරගෙන පෑනත් සාක්කුවේ දාන් එන්න ආවා.....අර හෝල් එකේ කවුරුත් නැතුව ඇති දැන් ...හැමෝම ඉදියේ ෆ්ලයිට් එකේ....I.M අයියා පවා.... මගේ ජීවිතේට දැන් තර්ජන වැඩී අප්පා....කැප්ටන් කොහේ හරි ඉදන් මතු වෙයිද ......??

මම පොඩ්ඩක් හෙමින් හෙමින් ඇවිදන් හෝල් එකට ගියා....හරියට නිකන් පොඩි උන් හැංගිමුත්තම් කරනව වගේ.....කියන්න බෑනේ අර මනුස්සය කොහෙන් එයිද දන්නෑ....

හිත හිතා යද්දිම එයා එක පාරට කාත් එක්කද මන්දා කතා කර කර ලැගේජ් එකත් අරන් මම ඉන්න පැත්තට ආවා... මම ඉදපු තැන හොදයි .... මම එතනම තිබ්බ කණුවකට මුවා උනා.....එයා කයියෙ සිහියෙන්ම මාවත් පාස් කරන් ගියා.....


" he is hot......"

මන් දන්නෑ ඇයි මට එහෙම කිය වුනේ කියල ....මම ඉක්මනට හෝල් එකට ඇවිත් බාතෲම් එකට ගිහින් අත්‍යාවශ්‍ය දේවලුත් කරගෙන කොණ්ඩෙත් ජෙල් ගාලා හදාගෙන ලිප් බාම් එකත් පොඩ්ඩක් උඩින් උලාගත්තා....

" දාඩිය ගදයිද මන්දා........"

ඇයි ඉතිං උදේ ඉදන්ම මේ ඇදුමෙන්නේ.....මෙහෙට නම් වෙලාව දවල් දොළහයි....ඒත් එහෙ ඉදන් ආව වෙලාව ගත්තම දවසක් ගානට සෙට් වෙනව....

ලැගේජ් එක අවුස්සලා blue diamond perfume එක හොයාගත්ත මම ඒක හොදටම නාලා නාලා ඇදුමත් පිලිවෙළට හදාගෙන චාජ් එකට ගහපු පෝන් එකත් ගලවන් එළියට ආවා......

මම යද්දි පැසෙන්ජර්ස්ලා නගින ගමන්....ලොක්කා දැක්කොත් බැනුම් අහන්න වෙනව.... ඒත් දකින්න කලින් පැනගන්නත් ඕනේ....

" excuse me give me space please ........."

මම එහෙම කියාගෙනම ෆ්ලයිට් එකට නැගලා staff zone එකට දිව්වා....කාටවත් අහු උන් නෑ වෙලාවට....අනේ මන්දා කැප්ටන් නිසා මගෙ වැඩත් පරක්කු උනා.....

" නැනී....ඕනේ ඒව ගත්තද කියල ආපහු බලනවා....පස්සෙ මෙතන ඕව පත්තු උනාම අපි ඔක්කොටමයි කෙල වෙන්නේ......"

මම නැනීට කෑ ගහද්ද් එයා කරබාගෙනම ආයෙත් මුල ඉදන් හැමදේම චෙක් කරන්න පටන් ගත්තා....

ම්ම්ම් මගෙ වැඩ ඉවරයි....මේක කැප්ටන්ට දෙන්න ඕනේ....ඒක තමයි අමාරුම වැඩේ.....

මම ෆ්ලයිට් එකෙන් බැහැලා පහළට වෙලා බලන් ඉදියා කැප්ටන් එනකන්...එයා තාම ඇවිත් නෑ......

මට එයාව මතක් කරද්දිත් බඩෙ සමනල්ලු පියෑඹුවා....අයියෝ එයා එවෙලෙ මාව කිස් කළා නම්.. මගෙ පළවෙනි කිස් එක හැබැයි .....

" සුදු බබා....ඔයා මම එනකන්ද ඉදියේ....."

කැප්ටන් ළගට එනකන්ම මම දැක්කේ නෑ..... මම ඉදියේ ෆ්ලයිට් එකේ ලොකු හුළං පෙත්තක් දිහා බලන් ලොකු කල්පනාවක....

" කැප්ටන්......."

මම එයාගෙ අතට රිපෝට් එක දුන්නා....

" ඔක්කොම පැසෙන්ජර්ස්ලා කීයද බබා.....??"

" 384"

" ස්ටාෆ් එක......??"

" 28"

" මායි ඇසිස්ටන්ට් කැප්ටන් ඇර ඔක්කොම ගාන....."

මෙදා පාර නම් මම ඒ හැම ඉලක්කමක්ම කට පාඩම් කරල පෑනෙන් අතෙත් ලියාගත්තා.......

" 412 "

එයා ඔලුව උස්සල මන් දිහා බැලුවා....ආයෙත් කට කොනින් හිනා උනා....පිස්සු හිනාවක් ඒක නම්...මම අහක බලාගෙනම ඉදියා....මම එයා දිහා බැලුවෙම එයා වෙන කොහේ හරි බලන් ඉන්න වෙලාවක විතරයි ...එය එක්ක කතා කළේම එක්කො මගේ සපත්තුව දිහා බලන් නැත්තන් අහස දිහා බලන්....

" ම්ම්.....5289 ධන 4231 කීයද බබා....??"

මම ඇහුන් නෑ වගේ ඉදියා...ඔච්චර ලොකු ගානක් කොහොමද රිපෝට් එකට වැටුනේ.....

" බබෝ.......?? "

" ................"

අනේ මම ඕක එකතු කරන්න ඕනේද....කොළයකුයි පෑනකුයි ඕනෙනේ.....

" මම ප්‍රශ්නයක් ඇහුවා.....!!"

" හරි ඉතිං මම එකතු කරන ගමන්....."

නවයයි එකයි දහයයි එතකොට බිංදුව ලියල එක ගෙනියනව එහා පැත්තට.....අටයි තුනයි ......අටයි තු....න...යි ඔන්න දැන් තමයි ඇගිලි ඕනේ වෙන්නේ.....අටයි නමයයි දහයයි එකොළහයි...ඕ එකොළහයි කලින් එකයි දොළහයි.....එතකොට කලින්.....අයියෝ පටලැවුනානේ.....එයා මගේ මූණ දිහම බලන් ඉන්නව.....

" ඊළග වතාවෙ මුණ ගැහෙද්දි හදල උත්තරේ කියන්නකො එහෙනම්...."

එයා හිනාවෙවී කියද්දි මට පොළව පලාගෙන යන්න හිතුනා.....ලැජ්ජාවෙ පණ යනව අප්පා.......

" හරි බබා.....මම දැන් යන්න ඕනේ.....පරිස්සමෙන් හරිද..... ලෑන්ඩ් කරද්දියි ෆ්ලයි කරද්දි අනිවාරෙන් සීට් බෙල්ට් එක දාගන්න....පණ්ඩිතය වගේ හිටගෙන ඉන්න එපා....ම්ම්....අනික පාස් පෝර්ට් ඇල්ලුවට පස්සෙ අත් sanitizer කරගන්න....කොහෙන් කොහෙන් එන මිනිස්සුද මොන ලෙඩ තීනවද දන්නෑ නේ....."

"............"

" හ්ම්ම් කියන්න ඉතිං ....නැත්තන් මම ඔය කට හපනවා....."

මගුල..........

" හ්ම්ම්ම්ම්......."

එයා යන්න ගිහින් ආයෙත් හැරුනා....

" අමතක උනානේ........"

එයා ලැගේජ් එක ඇවිස්සුවා....ඒ ගමන මොනාද හොයන්නේ..... උඩින්ම අහු උනේ එයාගෙ පෝන් එක....

" මේක අල්ලගන්න සුදු බබා......"

සුදු බබා.......?? ඒ ගමන අලුත් මගුලක් අල්ලන්.......මම එයාගෙ පෝන් එක අල්ලගත්තා......

" ආහ්...මේ තීන්නේ......."

එයා toblerdo ලොකු චොක්ලට් බාර් තුන හතරක්ම එකතු කරල ටේප් ගහල තිබ්බ සිලින්ඩරයක් වගේ එකක් මට දික් කළා.....මේක මටද......??? මෙච්චර ගොඩක්.....අනික මෙක පට්ට ගණන්......මම ඇස් දෙක ලොකු කරන් ඉදියා.....

" ගන්න සුදු බබා......"

" කැ.....ප්.....ට.....න්......මට..."

" ඔන්න ඔන්න ඉතිං .....හපනව මම ඔය තොල් හොදේ....මෙතන මොකා ඉදියත් කමක් නෑ..... රිදෙන්නම හපනව...."

මම ඉතිං මූණත් දෙක කරන් එයාගෙන් ඒක ගත්තා...එයා ආපහු හැරිලා යන්න ගියා.....

" කැ....ප්ටන් මේ ඔයාගෙ පෝන් එක....."

" අහ්.....ඕක ඔයා ළගම තියාගන්න බෝ.... අපි ලෑන්ඩ් කරාම ආයෙ මීට් වෙනවනෙ....එතකොට දෙන්න....."

එයා ගිහිල්ලත් ඉවරයි.....අපරාදෙ මම හිතුව් ලෑන්ඩ් කරාම හොරෙන් හොරෙන් කොහොමහරි රූම් එක හොයන් ගිහින් දොරත් හොදට ලොක් කරන් ඇතුළටම වෙලා ඉන්න...... කැප්ටන් නම් කපටිම නෑ......බලන් ඉදල හරියන්නෑ.... මෙයා එන්නෙම කරේ නගින්න.....හුහ්.... මම කියනව එයාට බෑ කියල ......

" tyara වෙලාව හරි door එක ඇදල වහල ලොක් කරල ග්‍රීන් බල්බ් එක පත්තු වෙනවද කියල බලන්න.....ok....."

එහෙම කියාගෙනම ඇතුළට ආව මම මේ පෝන් එකයි තඩි චොක්ලට් මෙව්ව එකයි අත් පිටිපස්සට කර හංග හංග ඇවිත් මගේ ලැගේජ් එකට දාගත්තා ....කොහොමද කියන්නේ කැප්ටන් මට චොක්ලට් දුන්නා කියල .... එයාටත් පිස්සු.....ආහ්.....දැන් ඉතිං driving room එකට දුවන්නෙපැයි....

මම ආයෙත් මේ කෙළවර ඉදන් එහා කෙළවරටට ගම් නියම් ගම් සිසාරා දුවන් ගියා..... එතන මම ඉන්නම ඕනේ...නිතියක්....

Captain , assistant captain ශීට් වල වාඩි වෙලා ඉදියා....කලින් වගේම කැප්ටන් T අකුරක් පපුවෙ අදගත්තා... මාව දැක්කෙ නෑ තාම මයෙ හිතේ...ඒක හොදයි කට්ටියත් ඉන්නවනේ....එයාටත් මැනස් කියල දෙයක් ඇති .....

" අපි announcement එක දෙන්නද කැප්ටන් ......."

" ම්ම්......හරි පොඩ්ඩක් ඉන්නකෝ..අද පොඩි සිග්නල් අව්ලක් තීනව වගේ......බලන්න Xien....."

එයා එහෙම කිව්වෙ එතන ඉදපු assistant captain ට....

" පොඩ්ඩක් අව්ලක් තියෙනව තමයි කැප්ටන්.....මොකද කරන්නේ..... "

" බලමුකෝ ඒක .. සමහර විට මේ හරියෙ විතරක් වෙන්නැති....පොඩ්ඩක් අර පැත්තට වෙන්න අහසත් කලු වෙලානේ....අව්ලක් නෑ අපි යන්නේ අර පැත්තටනේ... "

එයා විදුරුවෙන් එළිය බලාගෙන කියද්දි ඇත්තටම මට මොහොතකට හිතුනා එයා ලස්සනයි කියල .... එයාගෙ අමුතු ලස්සනක් තිබ්බේ....ගාම්භීරයි.... ම්ම් එයා ලස්සනයි මට ගැළපෙන්නෑ....අපි ගෑපෙන්නෑ.....මොකටද අල්ලන්න බැරි අතු වල නගින්න හිතන්නේ වත්....ඊට වඩා හොදයි ඒ දිහා නොබලම ඉන්නව..

.

" හරි හරි announcement එක දෙන්න ලියැන්ග්....Good Luck හැමෝටම... "

එයා අර සීට් එකෙන් කැරකිලා පිටිපස්ස බැලුවා....මම බිම හාරනව වගේ සපත්තුවෙන් බිමට තට්ටු කර කර ඉදියා..... එයා මාව දකින්නැති ..

" Good Luck captain ......."

S.F.O , I.M වගේම Assistant captain පවා එයාට ආචාර කරද්දි මාත් ඉතිං කොන්දෙන් පොඩ්ඩක් නැමිලා කිව්වා අපිව පරිස්සමෙන් අරන් යන්න කියල ......හිතින් කිව්වෙ හිතින්....... ඇත්තට කියන්න ලැජ්ජයි වගේ... කිස් එක මතක් වෙද්දි පපුවත් හෝස් ගාලා යනව ........කැප්ටන්ට ආචාර කරන එක සිරිතක්..... එයා අපි හැමෝටම වඩා වැඩිමල් උනත් ලාබාල උනත් එයාට අපි ආචාර කරලා පරිස්සමෙන් අපිව අරන් යන්න කියල මුමුණනව....දැන් නම් ඒකත් මට කරන්න කම්මැලී වගේ.....කම්මැලී කියන්න බෑ ලැජ්ජයි... අනේ මොකටද ඒ...මටත් පිස්සු මේ පිස්සා නිසා .......

" ඕහෝ......පොඩ්ඩක් ඉන්න....මේ ඔයා යීබෝ නේද........"

" ආ.......??"

එයා ඒ ගමන මොකාටද එන්නේ.....

" අනේ පොඩ්ඩක් .....පොඩ්ඩක් මෙහෙට එන්න පැට්ටෝ......."

මෙයා මොකද්ද කරන්න හදන්නේ....අයියෝ ලොක්කත් ඉන්නව.....

" යන්න යීබෝ කැප්ටන් ඔයාට කතා කරනවා......"

I.M කියද්දි මම හෙමින් හෙමින් එයා ළගට ගෑටුවා.....ඒ ගමන මොන හෙන ගෙඩියක්ද දෙයියනේ .....

මම ළගට ගියා විතරයි එයා මගේ අත ඇදල අරගත්තා......අයියෝ assistant captain , I.M වගේම ලොක්කත් බලන් ඉන්නව....මදි පාඩුවට එළියෙන් තව එකෙකුත් ඉදියා......

" ආහ්....අනේ මේ ring එක මට දැකල පුරුදුයි.....මම් මේ කල්පනා කරන්නේ කොහෙද කියල ......ම්ම්......ශික් මතක නෑනේ........"

එයා මගේ අතේ තිබ්බ මුද්ද දිහා බල බල ලස්සනට ඇක්ටින් කළා....කපටී කියන්නෙ කපටිකමේ උල්පත.... මෙයාට ඕනි උනේ මගේ අත අල්ලන්නද....?? ආහ්.....මොන විකාරයක්ද..... කොල්ලෙක් කොල්ලෙක්ගෙ අතක් අල්ලනව.....අරුන් ටිකත් ගානට ඇන්දිලා....මම අත ඉදිරුවා...එයා මගේ අත මිරිකනවා..... ම්හ්ම්...බොරුවට මුද්ද දිහා බලන් කල්පනා කරනවා.... ඕක මට පලවෙනි පාර ෂැංහයි එද්දි අම්මි දුන්න මුද්ද....

" ස.....ර්.....මේ.......!!"

මම අත ඇදල ඇදල කතා කරා....ඒත් එයා අත තවත් තදින් මිරිකුවා.....මම අහන්නේ මනුස්සයෙක්ට පුලුවන් ද එහෙම තව මනුස්සයෙක්ව් අල්ලන්න...හරි පිරිමි කෙනෙක්ට ගෑණු කෙනෙක්ව අල්ලන්න බෑ කියමුකෝ...අරමත් වෙන්න පුලුවන් නේද...ඔව් දැන් මම යනව මානව හිමිකම්......අත දීපියකෝ කැප්ටන් අනේ.......!!!මම පපී ඇස් වලින් එයා දිහා බැලුවා....

" ආහ්.....බලන්න ඉතිං තව පොඩ්ඩෙන් මේ මුද්ද නිසා මට ආව වැඩෙත් අමතක වෙනව..... ලියැන්ග් ගිහින් announcement එක දෙන්නකෝ....."

S F.O යද්දි මම අසරණ බැල්මකින් I.M දිහා බැලුවා.......එයත් ගුලිය කාලා...අයියෝ...... මේ යකා මගෙ අත දිහා බලන් බොරුවට කල්පනා කරනව....

" සර්.......මම යන්න ඕනේ........."

මම ලාවට කියද්දි එයා ඇගිලි වලින් මගේ අත හොදටම තද කරනව....කෙනෙක්ට තව කෙනෙක්ව ස්පර්ශ කරන්න තහනම් කියල නිතියක් තීනව නේද.....ඇති නේ......අනේ මන්දා ..... පිරිමියෙක්ට ගෑණු කෙනෙක්ව නම් බෑ......ශික්..... මට නීතිය ගැන කිසි දැනුමක් නෑනේ.... මම යනව හෙටම නිති විශාරදයෙක් හම්බෙන්න.. මගුල......මට දැන් තනි ඇහැට ඇඩෙනව....

" මතක් වෙන්නෙම නෑ අප්පා......අව්ලක් නෑ යීබෝ ....ඔයා යන්න දැන් ..... Good Luck "

මම අත හම්බුනා විතරයි පුලුවන් ඉක්මනට drivingroom එකෙන් එළියට පැන්නා.....I.M නුත් කැප්ටන් එක්ක හිනාවෙලා එයාට ආචාර කරලා එළියට ආවා.... මම එයා දිහා නොබලම දොර වහලා අගුලු දාන්න I.M ට උදව් කළා...

" එයා හුගක් ලාබාල කැප්ටන් කෙනෙක් බෝබෝ..... ඒ උනාට එයා හරි කරුණාවෙන්තයි නේද.... දැක්කනෙ කලින් ටුවර් එකේ හම්බුන කැප්ටන්කාරයා... පුදුම වස කමක් තිබ්බේ....සිරප් කේස් එක මෙයා එක්ක ගිය නිසාම හොදයි ....."

" ම්ම්......"

අනේ එයාගෙ හොද....... මමනේ දන්නේ......

✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈

වෙලාව ටිකෙන් ටික ගත වෙද්දි අපි ලෑන්ඩ් කරන වෙලාවත් කිට්ටු උනා....වටෙම කරුවලයි...දැන් වෙලාව France වෙලාවෙන් රෑ දහයයි කාලයි.... .France....මම කලින් හතර වතාවක් විතර මෙහෙ ඇවිත් තියෙනව....... ඒත් ඉතිං ඇවිදින්න යන්න බෑනේ....ෆ්ලයිට් එකට පෙන ටික විතරයි .....මම වීදුරු කව්ලුවෙන් පහළ බැලුවා.... පාට පාට බ්ල්බ් වගේ අඩි ගානක් උඩ බිල්ඩින් ඈතට පෙනුනා... අනේ අර අයිෆල් කුළුණ කොහෙද ..... පේන්න නෑනේ......

ස්ටාෆ් එකට රැස් වෙන්න කියල announcement එක හම්බෙද්දි මම සීතලට පෙරවන් ඉදපු රෙද්දත් කර වටේම දාගෙන ශීට් එකෙන් නැගිට්ටා....රෑ වෙද්දි සීතලයි....AC off කරන්න බෑනේ....ඉතිං මම පොඩි ශෝල් එකක් ගොඩක් වෙලාවට use කරනව....මට නම් පට්ට මහන්සී.... ඉක්මනට ලෑන්ඩ් කරපු ගමන් නිදාගන්න ඕනේ......හෙට දවල් වෙලා ෆ්ලයිට් එක තීන නිසා හොදයි ......දවල් වෙනකන් දොයියතෑයි......

ලොක්කා එකම තැටිය කියල හැමෝවම වැඩ වලට යවද්දි මාත් වැනි වැනි ඈනුමක් යව යව ක්ලාසස් වලට යන්න ලෑස්ති උනා... ස්ටාෆ් zone එකේ නම් අපි ඔලුවෙන් හිටන් ඉදියත් කමක් නෑ.... ඒත් පැසෙන්ජර්ස්ලා ඉස්සරහට යද්දි comfortable වෙන්න ඕනේ.....

පළවෙනි දෙවෙනි announcement ගියාට පස්සෙ මම ගිහින් ශීට් එකෙන් වාඩි උනා.....මට එයාව මතක් උනා... එයා මන් ගැන care වෙනවද....නැත්තන් එයාට මගෙන් එක නයිට් එකක් ඕනෙ වෙලාද....... අහ්......තේරෙන්නෑ අප්පා.....මගේ මොළේ හොද නෑ....ආයියෝ..... මොනාද මන් මේ හිතන්නේ......මම එයාගෙන් කෙලින්ම අහනව ඇයි මෙහෙම කරන්නේ කියල ......

ෆ්ලයිට් එක ලෑන්ඩ් කරල පැයක් විතර යද්දි අපිට රූම්ස් වලට යන්න කිව්වා.... මම මගේ ලැගේජ් එකයි එයාගෙ පෝන් එකයි මගේ පෝන් එකයි අරන් එළියට ආවා.......මට හොදටම මහන්සී.....දවසකටත් වඩා වෙලාවක් මේ ඇදුම හිරකරගෙන.... එපා වෙනව අප්පා......

" බෝබෝ ඔයා යන්න මම එන්න ටිකක් පරක්කු වෙනව........"

I.M කියද්දි මම කෙල්ලො ටිකත් ගිය නිසා තනියෙම යන්න හැරුණා...අව්ලක් නෑ......මම තනියෙන් නෑ......ඔය එන්නේ මගෙ තනියට ඉන්න කෙනා.... දැන් එයි පැට්ටෝ ගාගෙන.....

" සුදු බබා....... සීතලයිද......"

එයා ඇවිත් මොකාද වගේ මගේ කනට පිම්බා..... ඇයි අනේ මෙයා මෙහෙම....?? මට තීන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක....

" ම්හ්ම්......"

" යන්නැද්ද......කවුරු එනකන්ද බලන් ඉන්නේ......ම්ම්........"

" අ..යියා එනකන් ඉදියේ....කැප්ටන් යන්න.......මෙන්න පෝන් එක......"

මම එයාට මගේ සාක්කුවේ තිබ්බ පෝන් එක දුන්නා.....එයා මගේ අතත් අල්ලගෙනම ඒක අරගත්තා....ඔව් ඉතිං කරුවලයි නේ..... මාව රේප් කරත් මොකෙක්ට වත් පේන්නෑ......

.
.
.
.
✈ කැප්ටන් කපටිම නෑ 🙂

Pokračovat ve čtení

Mohlo by se ti líbit

418K 16.2K 24
My priority /property/privacy
473K 87.6K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...
892K 17.7K 83
ကောင်မလေးကိုချစ်ပါသည်။