Fly to air ✈️ [Zhanyi Complet...

HashiHiru

192K 27.6K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ Еще

His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Handsome Pilot ✈

10.3K 688 105
HashiHiru

@3.15 a.m

Wang yibo p.o.v.

" අයියෝ අංකල් තව ඉක්මන් කරන්න බැයිද....මට හොදටම පරක්කු වෙලා තීන්නේ........."

මම පෝන් එකෙන් වෙලාව බල බල නාකි ටැක්සි කාරයට කෑගැහුවා...ශික් මාත් ඉදල ඉදල නැග්ගනේ ටැක්සියකට.....

" හරි හරි සර්......."

අපරාදෙ port එකේ vehicle එකට නගින්න තිබ්බ එකනේ....මාව ඇහැරුන්නෑ අප්පා..... පෙරේදා අම්මලව බලන්න හුනාන් ගිහින් ආව නිසා පුදුම මහන්සියක් තිබ්බේ.....ඊයෙ දවසෙමත් නිදාගෙන පාන්දර දෙකට ඒලාම් තියල නිදාගත්තට මොකද ඇහැරුනේ දෙකේ කෑලිත් නැතුව.... air port එකේ වෙහිකල් එක 3ට විතර යන්නැති....ශික්.....

මම ආයෙම පාරක් පෝන් එක බලලා මගේ ජෙල් ගාපු කොණ්ඩෙ පොඩ්ඩක් හදාගන්න ගමන් ශටර් එකෙන් එළිය බලාගත්තා.....

වාහනයක් ගන්න තිබ්බ නම් මෙහෙම ප්‍රශ්න නෑනේ....ඒත් ඉතිං කොහෙන් තීන සල්ලිද.... මගේ මුලු සැලරි එකෙන් භාගයක් අම්මලට යවන්න ඕනේ....මම නැති නම් එයාලට ඉන්නෙ කවුද .... ඉතුරු භාගෙන් අපාර්ට්මන්ට් එකට ගෙවල කන්නයි බොන්නයි අදින්නයි ගනිද්දි ඉතුරු වෙන්න තරම් කොහේ තීන සැලරියක්ද....වාහන වල ඉන්ෂුවරන්ස් ගෙවන්නයි කැඩෙනකොට හදන්නයි සර්විස් කරවන්නයි ආවම බඩු හරි ..... pilot කෙනෙක් වත් උනා නම්................මගේ හීනේ....... ඒත් ඉතිං ඒක මට හීනයක් විතරක්ම උනා. මොනව උනත් තීන රස්සාවට ගරහන්න හොද නෑ....මෙහෙම හරි කන්නෙ බොන්නෙ ඒ රස්සාව නිසානේ.....

කොහොමෙන් කොහොම හරි තුනහමාර වෙද්දි මම shanghai international airport එකට පය තිබ්බා....ටැක්සි එකෙන් බැස්සා විතරයි අංකල්ට වැඩිපුරත් එක්ක ගානක් ගෙවල ලැගේජ් එකයි බ්ලෙසර් එකයි එක අතකි උස්සන් මම හිටු කියල අපේ ඔෆිස් සයිඩ් එකට දිව්වා.......

" හත්තික්කේ ........!!! අද උබ ඉවරම තමයි ......"

මම යද්දිත් කස්ටිය හැමෝම පේළියට හිටගෙන .....එයාලා හැමෝවම odit එකෙන් චෙක් කරනව.....

🌻 .......... interducing

මම.....මගේ නම වැන්ග් යීබෝ .....මම වැඩ කරන්නේ china southern Airlines කියන සමාගමේ male air hostess manager කෙනෙක් විදියට.......ඇත්තටම කිව්වොත් මට ෆ්ලයිට් එක ඇතුලෙ තිබ්බෙ Base Mannager පට්ටමක්... passengers ලට කෑම දෙනව වගේ දේවල් නම් මම කළෙ නෑ..... කොහොම හරි ෆ්ලයිට් එක ඇතුලෙ මට උඩින් යන්න ඉදියේ පස් දෙනෙක් විතරයි .....

....................................................................

මම ලැගේජ් එක භාරදීලා access cards ඔක්කොම සාක්කුවේ දාගෙන බ්ලෙසර් එකත් ඇදගෙන තොප්පියත් ඔලුවට දාගෙන හොර පූසා වගේ විස්සක් විතර ඉදපු පේළියේ ඉස්සරහින්ම හිටගත්තා.... මට හිමි තැන තමයි එතන .... මෙතන කට්ටිය ඔක්කොම 18ක් වගේ ඉදියා......අපි හැමෝම අද පාන්දර 4.30ට shanghai ඉදන් washington වලට fly කරන්නයි ඉන්නේ....

මම එනව odit එකේ උන් දැක්කේ නෑ...ඒත් මගේ එහා පැත්තෙ මගේ පේළියේම ඉදපු අපේ S.F .O ( Senior first Offcer ) වගේම I.M ලොක්කා පවා දැක්කා.... IM නම් මට ඇහැක් ගහල හිනා වෙද්දි S.F.O රැව්වා....එයා හැමදාමත් ඔහොමයි...මාත් එක්ක ඇරියස්.... මම කොන්ද කෙලින් කරන් ඉස්සරහ බලාගත්තා....

ඔන්න ඔන්න......odit එකේ නාකි පොරක් මගේ දිහාවට ගාටනව.....

" පළවෙනි නීතිය .......air hostess කෙනෙක් උනාම වෙලාවට වැඩ කරන්න ඕනේ........"

නාකි අංකල් එයාගෙ කකුළ නමල මගේ දණ පොල් කට්ටට ඇන්නා...

" අයි ඈම් රියලි සොරි සර්......"

අම්බෝ.....මූ නාකි උනාට හෙන හයියයි....දණ පොල් කට්ට පිපුරුවද මන්දා....අතගාගන්න කියල නැවෙන්නත් බෑ......ආහ්.....අනේ සිදෙනවා....

මිනිහා මහේ වටේ කැරකි කැරකි මගේ බ්ලෙසර් එක තොප්පිය සපත්තු මේ හැමදේම චෙක් කරා....එහෙම තමයි air hostess කෙනෙක් කියන නමෙන්ම පිරිසිදු වගේම පිළිවෙල වෙන්න ඔනේ... ගොඩක් අය හිතන්නේ රටින් රටට පියාඹන්න තීනව නම් තව මොනාද කියල ...ඒ කොහොම උනත් හැම ජොබ් එකකටම වගකීමක් කියල දෙයක් තියෙනව.... air hostess ...... ඒ වචනේ ලස්සන උනාට ඒක ඇතුළෙ වගකීම් වගේම දක්ශතා හුගක් හැංගිලා තිබ්බා....මොනම හරි කරදරයක් උනොත් අපේ මූලික වගකීම වෙන්නේ මගියාව සන්සුන් කරන එක.... අපිට අපේ ජීවිතේ වෙනුවෙන් අඩන්න වත් අයිතියක් තිබ්බෙ නෑ.....

එක්කෙනෙක් මගේ බ්ලෙසර් එක එහෙට මෙහෙට කර කර බලද්දි මම ටිකක් බයේ ඉදියේ......අපේ ගෙදර ඉන්න පූස් තඩියා ඉන්නෙම මගේ ඇග උඩ .....උගේ එක මයිලක් හරි මේ බ්ලෙසර් එකෙේ තිබ්බොත් අද මුන් මාව උස්සලා පොළවෙ ගහයි.....කලින් දවසකුත් ඕම වෙලා මම බේරුණේ පුදුම අමාරුවෙන්...එදා මගේ fly එකත් කැන්සල් උනා.....

" okay ......හැමෝම දැන් ෆ්ලයිට්ස් වලට යන්න......එතකොට ඔයා main pilot flight එක ළගට එද්දි එයාගෙ අතට අද report එක ලැබෙන්න සලස්වන්න ඔනේ........"

අපේ department එකේ ලොක්කා මම ළගට ඇවිත් කියද්දි මම ඔලුව වැනුවා...

" හරි සර්......."

Pilot ........pilot කෙනෙක් කියන්නෙම වගකීම් ගොඩක එකතුවක්.....ෆ්ලයිට් එකේ ඉන්න ජීවිත සියල්ලගෙම වගකීම තිබ්බෙ එයාගෙ අත් උඩ..... ඉතිං ෆ්ලයිට් එකක් ෆ්ලයි කරවන්න කලින් එයාට මම ෆ්ලයිට් එකේ යන පැසෙන්ජර්ස්ලා එතකොට ෆ්ලයිට් එකේ තීන කෑම බීම වගේ අභ්‍යන්තර දේවල් ගැන රිපෝට් එකක් දෙන්න ඕනේ....තාක්ෂණික දේවල් ගැන නම් reports ඉදිරිපත් කරන්න ඉංජිනියර්ස්ලා ඉන්නව....

" Good morning yibo sir.......!!"

" Good morning කෙල්ලනේ...."

අලු පාට දණ හිසෙන් උඩ තිබ්බ ටයිට් සායට ලෝන්ග් ස්ලීව්ස් සුදු පාට ශර්ට් එකකුයි under blezar එකකුයි දාලා ඉදපු female air hostessලා මට greet කරල ෆ්ලයිට් එකට නගින්න යද්දි මම departure turminal එකේ තීන ලොකු බුදුපිළිමෙ ළගට ඇවිදන් ගියා දැන්ම ඇතුළට ගියා කියල වැඩක් වෙන්නැති නිසා ....තාම පාන්දර 4 වෙලත් නෑ...

" යීබෝ ......යීබෝ .......!!"

මම යන්න හදද්දිම කවුරුහරි මට කතා කරා....මම හැරිලා බැලුවා.....I.M.ලොක්කා....එයා නම් මගෙ එළ ෆිට් එක....

" අහ් සර්......"

" කොහෙද බන් ඉදියේ..... පරක්කු උනානේ එන්න....."

" නින්ද ගියා සර්......."

" හරි හරි කාලද ආවෙ...."

" පාන් පෙත්තක් ටග්ගාලා බඩට දාගත්තා....බඩගිනිත් නෑ ..... "

" හරි හරි එහෙනම් එන්නකො ...මම අර පැත්තට යනව හොදේ....."

" හරි සර්......"

ගොඩක් වෙලාවට අපි හැමෝටම tour වැටුනේ එකට.....අපේ Flight එකේ I.M නම් හුගක්ම හොදයි ....එයා මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්...තරුණ කොල්ලෙක්.... ඒ උනාට මහ ලොකු ආඩම්බරකම් නෑ.....මම ආපහු බුදු පිළිමෙ දිහාවට ඇවිදන් ගියා.....

එතන තිබ්බ මල් අසුන පුරවලා මල් වගේම පහනුත් පත්තු උනා....එතන තිබ්බ තෙල් බෝතලෙන් තෙල් ටිකක් පහනකට දාලා ගිනි කූරක් ගහපු මම ඇස් පියාහෙන ප්‍රාර්ථනාවක් කළා....මම මේ කරන ප්‍රාර්ථනාව නම් කවදාවත් මේ බුදු පිළිමෙට වත් උන් වහන්සේ පිට දීලා ඉන්න බෝ රුකට වත් අලුත් වෙන්නැතුව ඇති...

' බුදුරජාණන් වහන්ස.... මට වගේම මගේ පවුලේ හැමෝටම ආශිර්වාද කරන්න .....හදිසියේ වත් මට ආයෙ එන්න බැරි උනොත් මගේ පව්ලට කිසිම කරදරයක් වෙන්න තියන්න එපා.... ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ.......විජ්ජාචරණ සම්පන්නෝ ......සුගතෝ.....ලෝකවිධූ....අනුත්තරෝ පුරිසධම්ම සාරතී.....සත්තා දේව මනුස්සානම්.....බුද්ධෝ භගවාතී....!!!'

Air hostess කෙනෙක් කියන්නෙම ජීවිත අවදානමක් උපරිමයෙබ් තියෙන රස්සාවක්....කොයි වෙලේ කඩාගෙන වැටෙයිද කියල හිතන්න බැරි ටොන් ගානක් බර යකඩ ගොඩකට පය තියන්නෙම අනේ ජීවිතේ රැක දෙන්න කියන ප්‍රාර්ථනාවෙන්....

" අම්මා ......මම fly කරන්න හදන්නේ....පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ....ගිහින් මැසේජ් එකක් දාන්නම්......."

අද නම් ටිකක් අමාරු දවසක්....පැය අටක ෆ්ලයි එකක් ...ඒකත් ලෑන්ඩ් කරන්නේ මොස්කව් වලට...ඊට පස්සෙ මෙහෙ වෙලාවෙන් හවස තුනට විතර එහෙන් France වලට.....පැය පහයි.... පැය හතරක රෙස්ට් එකක්...France ගියාට පස්සෙ ඊළග දවසෙ තමයි america යන්නේ...ඒකත් ආසන්නව පැය නවයක්.. .. එහෙම තමයි ඉතිං අපි රෙඩි උනත් ෆ්ලයිට් එක රෙඩි නෑනේ...අනික pilotsලට මහන්සී...එයාලා කොච්චර ඇස් වෙහෙසනවද... එයාලගෙ පොඩි වැරැද්දක් ඇති මිනිස්සු දෙනෝදාහක් මැරෙන්න..... එපා වෙනව හැබැයි ....

චෙකින් එකෙන් හම්බ උන මගේ ලැගේජ් එකත් අරන් මම flight එකට යන්න ආවා.....

තාම ෆ්ලයිට් එක passengers ලව නග්ගගන්නෙ නෑ.......මම ෆ්ලයිට් එකට නගින්න කලින් යකඩ පඩිපෙලට අත තියල වැන්දා...ඕක මම හැමදාම කරන දෙයක්........

" සර් මෙන්න ඔක්කොම passengers ලගෙ විස්තර ......."

මම ආවා විතරයි මගේ හොදම යාලුවා Meng yi zi මගේ අතට දිග කොළයක් දුන්නා....එයා තමයි මට මගේ ජොබ් එකේදි හම්බ උන best friend ....කෙල්ලෙක් උනත් මාරම ෆිට් වගේම හරිම හොදයි ....එළියෙදි බන් කියන එයාට ෆ්ලයිට් එකේදි මම සර් උනා....

" අද කීයක් ඉන්නවද බන් ....."

" 448යි....."

" හ්ම්ම්...."

"...හරිනේ...මම ගියා....."

Yi zi යන්න යද්දි මම staff zone එකට ඇවිත් මට තියෙන හැරෙන්න වත් ඉඩ නැති පුංචි රූම් එකේ ඇද උඩින් ලැගේජ් එක තියලා කැප්ටන්ට දෙන්න රිපෝට් එක හදන්න ලෑස්ති උනා.....ඔක්කොම පැසෙන්ජර්ස්ලගෙ ගාණ වගේම ආබාධිත / මහලු / අසනීප / ගැබිනි / කුඩා වගේ ප්‍රින්ට් කරපු කොළේ තිබ්බ කැටගරීස් ගොඩම මගෙ කොලේට පිටපත් කරපු මම staff එකේ විස්තරත් පෑනෙන් ලියලා ෆයිල් එකකුත් අරන් කිචන් එක පැත්තට ගියා......

" ගුඩ් මෝනින් සර්........"

" මෝනින්....චෙෆ් මට මේ කොළේ පුරවල විනාඩි පහක් ඇතුළත ඕනේ....ආ මෙන්න පෑන......"

මම සුදු තොප්පියක් දාන් ඉදපු ෆ්ලයිට් එකේ චෙෆ්ගෙ අතට වගුවක් ගහපු කොලයක් දීලා sick room එක පැත්තට ආවා......

" මෝනින් යීබෝ සර්......."

" මෝනින් කෙල්ලේ...අද එක ඩොක්ටර් කෙනයිද ඉන්නේ....."

" නෑ සර් දෙන්නම ඉන්නව....."

" අහ් හරි කොළේ පුරවල දෙන්න...විනාඩි පහක් ඇතුළත ඕනේ...."

එතන ඉදපු නර්ස්ටත් කොළයක් දුන්න මම ෆයිල් එක උඩ තිබ්බ කොලේ අරන් එතන තිබ්බ පුටුවකින් වාඩි උනා....

" අහ්.....අද ඉන්නෙ වෙන ජෝඩුවක්...."

අද pilotලට ඉදියේ Mr.Xiao Zhan කියල කෙනෙකුයි Mr.xien lan කියල කෙනෙකුයි...... ගිය මාසෙම අපිට හම්බුනේ එකම pilotලා දෙන්නෙක්ව...

" යීබෝ සර් මෙන්න කොළේ....."

" හරි තැන්ක් යූ නැනී....පුලුවන් නම් කිචන් එකේ ඉන්න චෙෆ්ගෙනුත් මම දුන්න කොළේ මම ඉල්ලුව කියල ගෙනත් දෙන්නකෝ....."

මට ඇවිදින්න කම්මැලී.ඒ මදිවට දණහිසත් රිදෙනවා අර යකා ගහපු පාරට....මම ඉතිං ඉස්සරහ ඉදපු තරුණ නර්ස් නෝනට පපී බැල්මක් දැම්මා....

" හරි සර්......"

කෙල්ල යද්දි මම කෙල්ල දුන්න කොලේ ඩීටේල්ස් ඔක්කොම මගේ කොළේට පිටපත් කළා.... නැනී මට කිචන් එකේ රිපෝට් එකත් දෙද්දි මම ඒකත් මගේ කෝලේට පිටපත් කළා....

" දැන් හරි........"

අන්තිමට මම මගේ අත්සනත් දාලා පෑනෙන් ලියපු කොළේ හැඩ බැලුවා....

" මේ අහන්න gyz පැසෙන්ජර්ස්ලව දැන් ෆ්ලයිට් එකට ගන්න යන්නේ.....ගිහින් එයාලට ග්‍රීට් කරල පිළිගන්න හැමෝම....."

S.F.O ඇවිත් කියද්දි කෙල්ලො ටික ලතාවට වැනි වැනි entrance එක ළගට ගියා.....

මම කොළේ පුරවලා ආයෙ staff rooms ඇතුළට ගියා......4.15 වෙද්දි පැසෙන්ජර්ස්ලා වාඩි කරවල ඉවර උනා.... කට්ටිය ඔක්කොම customer care වලට යද්දි මම කොළේ අරන් ෆ්ලයිට් එකෙන් පහළට බැස්සා........

ම්ම්.....අර ඉන්නෙ pilotල දෙන්නා...එයාලා කා එක්ක හරි ලොකු කතාවක්.....මම පඩිපෙළ බැහැගෙන තොප්පියත් දාගෙන එයාලා දෙන්නා ළගට ගියා....සෙනග ගොඩක් මැදෙ උනත් ඒ යුනිෆොම් එක නම් අදුරගන්න බැරි නෑ .....ඒ තරම් ගැම්මක් ඒ ඇදුමට තිබ්බා......මම එයාලා දෙන්නගේ බ්ලේසර් එකේ තනි තරුව හෙව්වා...එයා තමයි main captain ....අනිත් එක්කෙනා assistant captain ....

" excuse me sir.......!!"

මම බෙල්ල ටිකක් නමලා zhan කියන කෙනාට ආචාර කළා..... කොල්ලෙක්ද මන්දා.....හරිම ලස්සනයි ...කඩවසම්...

" මෙන්න කැප්ටන් රිපෝට් එක......"

මම අත් දෙකෙන්ම කොළේ එයාගෙ අතට දුන්නා.....එයා ලස්සනට හිනා උනා.....

" ඔහ් තැන්ක් යූ මිස්ටර් ........"

එයා වක්‍රාකාරව මගෙන් නම ඇහුව...එයා ශෝයි අප්පා....මට වඩා හුගක් උසයි.......ලස්සනයි ..... හරිම කඩවසම්.....දෙයියනේ .....

" යීබෝ ......වැන්ග් යීබෝ ....."

" ඕකේ..... අද ඔක්කොම පැසෙන්ජර්ස්ලා කීයක් ඉන්නවද යීබෝ ....."

එයා අතේ කොළේ තියාගෙන උනත් මගෙන් ඒක ඇහුවා....මට හිතුනේ එයාට මාව මෙතන නතර කරගන්න ඕනේ උනා වගේ කියල ....

" 448 යි කැප්ටන්......"

" ම්ම්.....එතකොට ඔක්කොම ස්ටාෆ් එක කීයද......"

" 24යි.... "

" එතකොට අපි දෙන්න නැතුව ඔක්කොමල්ලා කීයද යීබෝ .....??"

' යීබෝ ...' මේ හැන්ඩ්සම් මගේ නමත් කියන්න පුරුදු උනා..... අනික අතේ රිපෝට් එක තියන් මගෙන් අහන්නේ ඇයි.....දැන් ඉතිං එකතු කරපන්කෝ....මම කොළේ නම් ගාන දාලා ඇති ..ඒත් මතක නෑනේ.....අපරාදෙ කියන්න බෑ මට මෙච්චර ලොකු වෙලත් එකතු කරන්න මගේ අතේ ඇගිළි ඕනේ....ම්ම්ම් හාරසිය හතළිස් අට එකතු කිරීම විසි හතර..අටයි හතරයි... දොළහයි.....එතකොට .......

" යීබෝ .......?????????"

අහ් අනෙ සර් ඕක බලාපියකෝ...මගෙන් අහන්නේ....ම්හ්ම්ම්.....

" හාර....හාරසිය.....හැත්තෑවයි....."

හරිනේ....448 + 24 ම්ම්.....නැහැ...ඒත් පොඩ්ඩක් ඉන්න.....

මම ඇස් උස්සල බලද්දි එයා ලයිට් එලියෙන් මන් දිහා බලන් ඉන්නව මම දැක්කා.....අනේ ඇයි එහෙම බලන්නේ.....අමුතුයි වගේ....

" ආයෙ ගණන් කරන්න බලන්න..."

" සො....සොසොරි කැප්ටන්....."

ගොතත් ගැහුනා....වැරදිද මන්....පොඩ්ඩක් ඉන්න ආයෙ හදමු...මම ශේප් එකේ ඇගිලි ටික එක එක නව නව බැලුවා.....කැප්ටන් මන් දිහා බලලා මගේ නහයට තට්ටු කලා...

" හාරසිය හැත්තෑ දෙකයි බබා.....!!"

" අහ්.....??"

මම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි කැප්ටන් assistant pilot එක්කන් ෆ්‍ලයිට් එකට නැග්ගා.....

කැප්ටන් ඇයි මටබබා කිව්වේ......ආහ් ඇත්තනේ ඉතිං මට හරියට එකතු කරගන්න වත් බෑනේ...ශැක්....ලැජ්ජාව බාල්දියෙන් එකයි......

මමත් ෆ්ලයිට් එකට ආපහු නැග්ගා.....

" tyara හරියම 3.55 වෙද්දි door එක ඇදල වහලා ලොක් එක දාන්න .....හරිනේ......"

" හරි යීබෝ සර්......."

මම එතන ඉදපු කෙල්ලට කියාගෙම කැප්ටන්ලගේ ඒරියා එකට ගියා... මට කැප්ටන්ව දකිද්දි අමුතු මෙව්ව එකක් වෙනවනේ....කැප්ටන්ට තිබ්බෙ අමුතු බැල්මක්...සරාගී බැල්මක්.... මම එයාලගෙ පස්සෙන්ම ගියා...මම යද්දිත් I.M වගේම S.F.O එතන හිටන් ඉදියා....

මම IM ගෙ පිටිපස්සෙන් හිටගත්තේ කැප්ටන්ගෙ අමුතු බැල්මක් මගෙ දිහාවට වැටුන නිසා .....

" ඔක්කොම හරි නේද කැප්ටන්......"

අනිත් ඇසිස්ටන්ට් කැප්ටන් අහද්දි එයා ඔක්කොම අතගාලා කුරුසයක් පපුවෙ ඇදගත්තා....එයා ක්‍රිස්තියන්ද කොහෙද ....එයා.....අයියෝ මම එයා කියලද කිව්වේ..නෑ නෑ කැප්ටන්....

" ඔව් ඔව් අව්ලක් නෑ......"

කැප්ටන් එහෙම කියල එතන තිබ්බ පෝන් එක ඔන් කළා....මේ පෝන් එක නම් රාජකීය පෝන් එකක්...මෙකෙ නම්බර් එක දන්නේ air port එකේ ඉන්න එකම එක්ක්නෙක් විතරයි ....එයා කවුද කියල අපි වත් දන්නෑ..එහෙම තමයි සිස්ටම් එක...හදිසියේ වත් කවුරුහරි එයාලට තර්ජනය කළොත් ෆ්ලයි කරන වෙලාවෙදි....ඒක බාධාවක් නේ.... එයාලගේ පෝන්ස් එයාලට ළග තියාගන්නත් තහනම්...අපිටත් ඉතිං පොඩ්ඩක් පොඩ්ඩක් තීනව...ඒත් ඉතිං මම නම් ෆ්ලයි කරල පැයක් යද්දිම පෝන් එක අතට ගන්නව..බැනුනුත් අහනව හැබැයි ....

" okay .....හැමෝටම Good luck හොදට රාජකාරිය කරන්න ......."

කැප්ටන් කියද්දි අපි හැමෝම එයාට ආචාර කළා...එක පාරම ..ඇසිස්ටන්ට් කැප්ටන් පවා....ඒක සම්ප්‍රධාය... එයා අතේ තමයි අපි හැමෝග්‍ර්ම ජීවිත තිබ්බේ... එයා හිනාවෙලා පොඩ්ඩක් ඔලුව වැනුවා....

" announcement එක දෙන්න liang ..."

කැප්ටන් S.O.F ට කියද්දි එයා ඔලුව වනලා යන්න ගියා....

" අපිත් යමු නේ බෝබෝ....."

IM මගේ කනට කියද්දි මාත් ඔලුව වනල එයාගෙ පස්සෙන් ගියා....

" යීබෝ ............!!!"

ඔන්න ආයෙත් එයාගෙ සද්දෙ මගේ කනෙන් දෝංකාර දෙනව....නෑ නෑ කැප්ටන් මට කතා කළා.....

" ඔව් කැප්ටන් ........."

" Good Luck......TC....."

ඈ.......දැන් මම මොකද්ද කියන්න ඕනේ.....එයා ඇයි මට විතරක් පරිස්සමෙන් ඉන්න කියන්නේ....හරි කෝලමක්නේ.......මම මුකුත් නොකියම යන්න ගියා.....

" ආඩම්බරකම........!!"

මට ඒක ඇහුනා....කැප්ටන් ඇයි අනේ මට මෙහෙම කියන්නේ....හුහ්.... මගෙ කනත් රතු වෙලා..... බඩේ සමනල්ලුත් පියාඹනව වගේ.....

මම එළියට ඇවිත් I.M ට driving room එකේ දොර වහල ලොක් කරන්න උදව් කළා....ඇයි ඉතිං ඕකට යෝධ බල යෝධ ශක්තිය තියෙන්න ඕනේ...මම ලාවට එයා දිහා බැලුව....නෑ නෑ කැප්ටන් දිහා....කැප්ටන් හෙඩ් පෝන් එක කබේ දාගන්න ගමන් මම දිහා බලන් ඉදියා.....මම......!!??? මම ක්ෂණිකව අහක බලාගෙන දොර වහල ලොක් කරල ලේසර් ලොක් එකත් දැම්මා......

පළවෙනි Announcement එක ඇහෙද්දි අපි fly කරන්න ලෑස්ති උනා.....මම හැමදෙයක්ම බලන ගමන් ඉස්සරහට ගියා....

එක බබෙක් ඇගිල්ලක් කටේ ගහන් තනී සීට් එකක වාඩි වෙලා බෙල්ට් එකත් නැතුව ඉදියා... ටිකක් ලොකු ෆ්ලයි එකක් නිසා බබාටත් සීට් එකක් ගන්නැති...නැත්තන් එච්චර ලොකු බබෙකුත් නෙමේ....පොඩිමත් නෑ....ශෝක් අනේ කියුට් ....

" අම්මේ.....ඔය පොඩි බබාට සීට් බෙල්ට් එක දාන්න......."

" අනේ පුතේ එයා අඩනවනේ......."

" එහෙම කියල බෑනේ අම්මේ..... මම දාන්නද පැටියට....."

මම චූටි කෙල්ලගේ නහය කොනිත්තලා ඒ මුවාවෙන් බෙල්ට් එක දැම්මෙව්වා....හරිනේ....කෙල්ල මර ලතෝනි දුන්නා....කෙල්ල ඇසුත් පියාගෙන මූණ බෙරි කරන් අඩන්න ගත්තා....

" අහ්හ්.....අනේහ් පැටියෝ අඩන්න එපා....."

ම්හ්ම් කියන දෙයක් අහන්නෙම නෑ.....එයාගෙ අම්මාත් එයාව කන්ට්‍රෝල් කරන්න බැලුවා....ඔය පොඩි උන් ඔහොන්මමයි.....

" අපෝ අපෝ හරි හරි බබා ....මේ අහන්න පැට්ටෝ.....අම්මා මෙයාව එහෙනම් ඔයා තද කරල අල්ලගන්න.....නෑ නෑ... .අනේ මන්දා එහෙම කරලත් බෑ.......පොඩ්ඩක් ඉන්නකෝ අම්මා......"

මම ඉක්මනට ස්ටාෆ් එක පැත්තට දුවන් ගිහින් පැකට් කරල තිබ්බ ලොකු පාට පාට ලොලි පොප් 🍭 එකක් උස්සන් ආවා......

" ආ චූටි බබා මේ.....මෙන්න...ආව්ව් ලස්සනයි නේද........"

මම බෙරිහන් දෙන කෙල්ලගෙ අතට ලොලි පොප් කූර දුන්නා....කෙල්ලගෙ ඇස් බෝල වෙලා ලොකු වෙලා ....අම්මෝ ඇති යාන්තන් ඇඩිල්ල නැවැත්තුවා....

" අම්මා .....බබාට ඕක ෆලයි කරනකන් කඩල දෙන්න එපා හොදේ.... "

" හරි පුතා....බොහොම ස්තූතියි ......."

මම කෙල්ලො ටිකත් බලලා හැමෝම වාඩි උනාට පස්සෙ ස්ටාෆ් රූම් එකේ මගේ සිට් එකට ගිහින් ජනේලේ අයිනක් බලලා වාඩි උනා....මේ සීට් එකේ නම් තව ඉඩ දෙන්නෙක්ට තිබ්බා..ඒත් ඉතිං මෙතනට කවුරුත් එන්නෑ..S.F.O වගේම I.M නුත් එයාලගෙ සීට් වලින් වාඩිගද්දි මම සීට් බෙල්ට් එක තද කරන් එළිය බැලුවා.....හෙමින් හෙමින් ටික ටික පොළවෙ ගිය ෆ්ලයිට් එකේ තටු වල හුළං පෙති කැරකෙන්න ගත්තා......ටික ටික වේගේ වැඩි වෙද්දි පොඩි දෙදරීමක් එක්ක ෆ්ලයිට් එක උඩට ඉස්සුනා..... මේ ඔක්කොම කරනව ඇත්තෙ එයාගෙ අත් දෙකෙන් වෙන්නැති නේද......?? කැප්ටන් හැන්ඩ්සම් ......හුගක්..... ආයිශ් විකාර....

අපි හැමෝම විනාඩි දහයක් වාඩි වෙලා ඉදල සීට් බෙල්ට් එක ගලවන් නැගිට්ටා.... මම කිචන් එක පැත්තට ගියෙ තව පැයකින් පැසෙන්ජර්ස්ලගෙ ටී ටයිම් නිසා .....මටත් බඩගිනී අප්පා..කෑම සුවදට තවත් බඩගිනී...... උදේට කෑවෙත් නෑ හරියට....

" යීබෝ සර්.....සර්ට කොෆී එකක් දෙන්නද......."

" අන්න Good idea....තැන්කූ චෙෆ්...."

මම කම්මුල් පුම්බල හිනා උනා....චෙෆ් මට රසම රස දුම් දාන කොෆී කෝප්පයක් දුන්නා....මම ඒකත් අරන් මට කරන්න වැඩකුත් නැති නිසා මගේ සීට් එකට ගියා.... ශේප් එකේ සීට් එක අස්සෙන් පෝන් එක ඇදල ගත්ත මම blootooth connect කරල blackpink Du Duu Du song එක අහන ගමන් කොෆී එක තොල ගාන්න ගත්‍තා.....පැය අටක් වාහනයක් ඇතුලෙ ඉන්නව කියන්නේ මාර ආතල් එකක් හැබැයි ..පිස්සු හැදෙනව.....මම නම් ඔය පැය අටෙන් භාගයක්ම දොයියනව....ඉතුරු ටිකේ තමයි වැඩ කරන්නේ.....කොහොමත් අපි තුන් දෙනාට ෆ්ලයි කරන වෙලාවෙ වැඩිය වැඩක් තිබ්බෙ නෑ...ඒත් මට තමයි poilotලට treat කරන්න තිබ්බෙ....අද නම් ඒකටත් බයයි වගේ.....අර මනුස්සයා මන් දිහා බලන්නෙ අමුතුවට... මාව ගැස්සෙනව ඒ බැල්මට...ම්හ්ම්ම්....කැප්ටන් හරි අමුතුයි ....එයා හැමෝ දිහාම බලන විදිය වෙන්නැති .....

පැයක් දෙකකට විතර පස්සෙ මට නින්ද යාගෙන එද්දිම Yi Zi ඇවිත් කතා කළා....

" යීබෝ සර්.....නැගිටින්න......."

" ම්ම්.....ඕ...ඕ..... ඇයි....."

" කැප්ටන්ටලට කෑම ගෙනියන්න...."

" අහ් මම......???"

" නැත්තන් ඉතිං .......ඉක්මනට එන්න...."

අයියෝ මට මොකද්ද වගේ ඇතුළට යන්න....අනෙහ්.....වෙන කෙනෙක්ට යන්න බැරිද දන්නෑ......

මම ටිකක් දගලලා දගලලා වොශ් රූම් එකට ගිහින් මූණ පොඩ්ඩක් හෝදගෙන පෝන් එකත් සීට් එක අස්සෙ ගහලා කිචන් එකට ආවා.....

චෙෆ් මට ට්‍රේ එක උඩ තියල කෑම බොක්ස් එකක් දුන්නා....

" assistant pilotට......"

සාමාන්‍යයෙන් assistant pilot කෑවට පස්සෙ විනාඩි හතළිස් පහකට පස්සෙ තමයි මේන් pilot ට කන්න දෙන්නේ....ඒක නීතියක්....ඒ වගේම driving room එකේ දොර අරින්න පුලුවන් උනේ මටයි S.O.F ටයි විතරයි ...S.O.F ටත් ඒක අරින්න පුලුවන් හදිස්සියකදි විතරයි ...ඒකත් නීතියක්... ඒ කියන්නෙ මම දෙපාරක් ඒකට රිංගන්න ඕනේ කියන එකනේ.....

මම ට්‍රේ එක අරගෙන එයාලගේ driving room එකට ගිහින් අගුලු සීයම පන්නලා පාස්වර්ඩ් ගහල මගේ ID එකත් දාලා දොර ඇරියා........

" excuse me captain ...."

මම කෑම ට්‍රේ එක අතේ තියාගෙන assistant captainට කතා කළා....මම හෙමීට කැප්ටන් දිහාත් බැලුවා... එයා ලොකු වැඩක්ද කොහෙද .... ස්ක්‍රීන් එක දිහා බලන් මොනාහරි ඔබනව... මම ආයෙත් assistant pilot ගෙ අතට කෑම පාර්සලේ දුන්නා.....එයා earphones ගලවල කෑම එක ඕපන් කරල සැන්ඩ්විච් පෙත්තක් එක්ක බීම කෑන් එකක් විතරක් අරන් ඉතුරු ඔක්කොම මට දුන්නා.... මට ඉතිං ප්‍රශ්න කරන්න අයිතියක් නෑනේ....මං කරබාගෙනම ට්‍රේ එක අරන් දොරේ අගුලු සේරම දාගෙන කිචන් එකට ආවා......

" යීබෝ සර් 6.45 ට එන්න ආයෙ....."

" හ්ම්ම්....."

මම ආයෙත් වොශ් රූම් එකට ගියා....... දණහිස රිදෙනව අප්පා.....දැන් තමයි රිදෙන්න....එයා හයියෙන් ගැහුවා....මාත් කෙලින් ඉදපු නිසාම හොද පාරක් වැදුනා......

මම පොඩ්ඩක් කලිසම උඩින්ම දණහිස අතගාගත්තා.... නිකන් කරන්ට් එක වැදිලා වගේ.....
.
.
.
.
✈ හිතට ආව අදහසක් පමණයි සැබෑ ජීව්තේ චරිත එක්ක පටලගන්න එපා........වෝට් කරන්න .......

✈ මම උඩ කිව්ව දේවල් වලින් 90% ඇත්ත.... මම air hostess කෙනෙක්ගෙන් දැනගත්ත දේවල් ලිව්වේ.....පොඩි තැන් තුන හතරක් කතාවට ඕනේ විදියට වෙනස් කළා...

✈ A.P.Y දෙන්නම්...එතකන් ඕක කියවන්ඩෝ......🙂👍

Продолжить чтение

Вам также понравится

136K 29K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
76.8K 9.9K 51
"හදිසි කෝපය නිසා සිදු වු අත් වැරැද්දක්" "දඩුවමක් වශයෙන් හතුරෝ දෙන්නගේ විවාහයක් " "අහම්බෙන් සිතේ දලුලන ආදරයක් " සතුටු දායක අවසානයක් වෙයිද ? දුඛ්ඛදායක...
159K 24.9K 64
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...
106K 24.9K 65
දන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක් විතරක්ම උරුම වෙන..... හරියටම ....මගෙ අශි...