30

449 74 14
                                    


" හෙමින් පලයන්කෝ අයියේ " උදේ හයට විතර සුව නින්දේ හිටපු මාව ඇහැරවපු අයියා මෝනින් වොර්ක් කියලා මගුලකට යන්න මාවත් ඕනේ උනා. කොච්චර නිදා ගන්නම මන් ට්‍රයි එකත් දුන්නත් අන්තිමට මට උනේ උදෙම්ම මෙයත් එක්ක ඇවිදින්න යන්න. හැබැයි නැගිටින්න තිබ්බ අමාරුව විතරයි. මාරම ලස්සන විව් එකක් තමා හොටෙල් එකේ බැල්කනි එකටත් පෙනුනේ. ඒක නිසා අයියා එක්ක උදේම්ම වටපිට බලන්න යන්න මගෙත් ලොකු ආසාවක් ඇති උනා. මුණ කට සෝදාගෙන ඇවිත් හොටෙල් එකෙන් රූම් එකට එව්ව කිරි එකත් සප්පයන් වෙච්ච මන් සපත්තු දෙකත් දාගෙන අයියා එක්ක එලියට ගියා. අනිත් සේරෝම බුදි. කම්මැලියෝ කතා කරලත් වැඩක් නැති නිසා අපි දෙන්න හොටෙල් එක ලග හරියෙන් තිබ්බ වැලි පාරෙන් හෙමිට ඇවිදන් ගියා.

කෙල්ලනේ ඔයාලාට කියන්න මාරම සීතලක් තමා මෙහෙ මේ වෙලාවට තියෙන්නේ. තාම 6.30 යි නේ ඒක නිසා වෙන්න ඇති. හොද වෙලාවට කියලා මන් මගේ ජර්සි එකත් උඩින් ඇදගෙන ආවා. අයියා නම් යනවා මොකෙක්ද එකෙක් වගේ ගානක් නැතුව. එයාලා නම් මොකෝ අපි පීනස්කාරයොනේ.එයාටත් බනින ගමන් මන් මගේ 4 න් එක එලියට ගත්තේ මේ පේන ලස්සන වීව් ටිකේ ෆොටෝස් ගන්න. ඒවා ගැන විස්තර කරොත් අපි යන්නේ පොඩි වැලි පාරක. එක පැත්තක අක්කර ගානක තේ වත්තක්. අනික් පැත්තේ හෙල්මළු ක්‍රමේට හදපු කුබුරු එක්ක පොඩි පොඩි මැටි ගෙවල්. මාරම නිස්කලංකයි මෙහෙ. දවසක් ආවොත් ඔයාලට උනත් හැමදාටම නවතින්න හිතේවි.

මන් හෙමින් යන්න කියලා නහයෙන් අඩපු නිසා ද කොහෙද හෙන ඇතින් ගිය එයා මන් ගාවට ඇවිත් මගේ අත් එක්ක එයාගේ අත පටලගත්තා.කතා බහක් නැතුවම එයත් එක්ක ඉස්සරහට ඇවිදන් ගිය මන් පිස්සෙක් වගේ එයාගේ අතත් ගසලා දාලා ඉස්සරහට දිව්වේ මට වඩා ටිකක් උසින් තිබ්බ ගල්පර අස්සෙන් ගලාගෙන එන වතුර පාර දැකලා. දිය ඇල්ලක් කියන්නත් බැරි පොඩි දිය පාරක්.

" දැන් ඔය අඩු කඩා ගන්න තමා හදන්නේ......... ලිස්සයි..... ඔය " පහලට බහින්න පුළුවන් විදියට තිබ්බ කෙටි පාරෙන් පහලට මන් රූටනවා දැක්ක එයා මට සැර කරා. එයා කියන ඒවා ඒ කනින් අහලා මේ කනින් පිට කරපු මන් මගේ කකුල් දෙක වතුරේ ඔබා ගත්තා. හනේ සීතලයි.එතනම තිබ්බ රවුම් ගලෙන් වාඩි උන මන් වතුර දැකලා නැති පොඩි එකෙක් ගානට කකුල් ගසද්දී එයත් අතන කන්ඩියෙන් බැහැලා මන් ගාවට ආවා.

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now