14

676 103 8
                                    

" ඒ බන් ඊලගට මන් බයත් වගේ " මන් හිටියේ මියුසික් රූම් එක ඉස්සරහ දාලා තිබ්බ පුටුවක වාඩි වෙලා මගේ අංකෙ තිස් දෙක. දොළහා දහතුන සෙක්ෂන් එකේ ඉන්ටවිව් වෙනම තියෙද්දී එකට ළමයි පනහකට වැඩියෙන් සහභාගී වෙලා හිටියා. එතකොට මගේ එහා පැත්තේ හිටියේ මගේ ක්ලාස් එකේ කොල්ලෙක්. ඕකා ඔය නහයෙන් අඩන්නේ ඊළගට ඉන්නේ ඒකා නිසා. මටත් බය නැතුවම නෙවේ ඉතින්.

" දිලුම් මනුදම් බණ්ඩාර "

අපි දෙන්නගේ කයිය නැවතුනේ සනහස් අයියා දිලුමාගේ නම කියලා කතා කරද්දී. සනහස් අයියා අපි ආව වෙලේ ඉදන් මෙතන එහෙ මෙහෙ වැඩ. පොර ඉතීම් මියුසික් මිස්ගේ හෙන ගොට්ටනේ. ඒකයි ඔය. අරකා බයේ ගැහි ගැහි ඇතුලට ගියාට පස්සේ මටත් හිනාවක් දාගෙන මගේ පැත්තට ආව සනහස් අයියා දිලුමා හිටිය පුටුවේ වාඩි උනා. හනේ හනේ මගේ අයාලේ යන හාට්ටුව.

" ආ පොඩ්ඩා දැන් ඔක්කොම සෙට් ද ?" පොර මගෙන් ඇහුවේ මගේ කොන්ඩෙත් යන්තම් අවුල් කරන ගමන්. ඔන්න අයියේ ඔයා වැරැද්දක් තමා කරනවා. ආස නෑ ඕයි මගේ කොන්ඩේ අවුල් කරනවට. කොච්චර අමාරුවෙන්ද මේම සස්සනට ඉන්ටවිව් යන්න මිගාරයාගේ සැලුන් එකෙන් කොන්ඩේ හදාගත්තේ හුම්.මන් කොන්දෙ පිරගන්න පොරට වැන්දේ නැති ටික විතරයි.

" ඔව් අයියේ ඔක්කොම හරී " මන් ඉතින් අරකට හිතින් බනින ගමන් බොරු සිරික්කියක් දැම්මා.

" ආ ගිටාර් එකත් ගෙනාවද? " මන් ඉතින් එකටත් ඔලුව වනද්දී මට මතක් උනේ ඊයේ අයියගේ ගිටාර් පුහුණුව. අනේ දෙයියනේ එක නම් මතක් වෙද්දීත් පපුව රිදෙනවා. එයාගේ මසල්ස් පපුවට මන් හේත්තු උනා නේද. හයියූ මගේ කන් දෙකත් රතු වෙලා ඇති දැන් නම් ඇගත් හිරි වැටෙනවා වගෙයි.කව්රු හරි මාව හොස්පිල් දාන්න හයියෝ. මන් එව්වා මෙව්වා හිත හිත ඉද්දි දිලුමත් ඉන්ටවිව් එක ඉවර වෙලා එලියට ආවා. මන් ඉතින් ඇතුලට යන්න නැගිටිද්දී සනහස් අයියයි දිලුමයි දෙන්නම සුබ පැතුවා. 








ඉන්ටවිව් එකත් ඉවර උනාට පස්සේ මන් ගියේ මිගාරයාව හොයන්. අද උගන්නන්නෙත් නැති නිසා මුන් ටික අනිවා කැන්ටින් එකේ ඇත්තේ. බඩජාරි හැත්ත. 

නපුරු ඇස්  👀❤️Tempat cerita menjadi hidup. Temukan sekarang