23

600 103 28
                                    

සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව.....
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා.......
ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම........
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා........

ඔබ ගාව නවතින චේතනා.......
මුදු හීන ලෝකෙක පා කලා..........
ඈත යනවද පාවෙලා..........
මම නෑ ඔබෙන් මිදිලා.........


අපි හිටියේ කොහෙද යන ගමන්. ඇත්තටම මන් වත් දන්නේ නැහැ මේ කොහේ එක්කන්  යනවද කියලා. මොකද ඉතින් මන් ඉතින් මේකා එක්ක තරහයි නේ . ඉතින් මන් කොහෙද යන්නේ කියලවත් අහන්නේ නැතුව ඔහේ හිටියා. ඔව් ඔව් මට ලොකුයි මගේ ලොකුකම. හුහ්. 

අම්මිව සුපර් මාර්කට් එකට දාලා අයියා එහෙම්ම අම්මිටත් මොනාද කියලා වාහනේ පාරට දැම්මා. ගෙදර ඉදන් එන ටිකටවත් එයාවත් මමවත් නෙවේ මූන වත් බැලුවේ. හැබැයි  මෙහෙමයි ඉතින් මන් ඇස් කොනින් එයා දිහා බැලුව එක වෙනම කතාවක්. එයා නම් රවාගෙන ඩ්‍රයිවින් කරනවා. ඔච්ච්රයිනේ දන්නේ නපුරා . 


ශටර් එකට ඔලුව තියන් කාර් එකේ රේඩියෝ එකේ යන සිංදුව අහගෙන මනොපාරක් ගහන් හිටපු මන් ඇස් ඇරියේ වාහනේ නැවතුන නිසා. ගෝල් ෆේස්. මන් එහෙම්ම අයියා දිහා බැලුවේ මෙහෙ ආවේ ඇයි කියලා අහන්න වගේ. ඒත් ඉතින් එතකොට එයා මටත් රවාගෙන බැහැලත් ඉවරයි. පුහ් මෙයාගේ ලොකුකම. ගස් ගොබිලියා . 

" අල්ලගන්නවා. අතරමන් වෙයි  " මන් බහිද්දී  කාර් එක ලොක් කරපු එයා එයාගේ ලොකු අතට මගේ මේ සූටි අත හිර කරගනිද්දී මන් අත ගස්සලා ගන්න හැදුවා. ඇයි වදේ තේරුම් ගනින්කෝ මන් තරහයි වුබත් එක්ක. අත ගසලා ගන්න හදද්දී රැව්වා නේද මේකා. මොනා උනත් අවදානමක් ගන්න බැහැනේ කෙල්ලනේ. ගැහුවොත් මෙතනම මැරිලා වැටෙන්න. සැජ්ජයිනේ බන්. නිව්ස් වලත් තියෙයි හෙට " වැඩිමල් සහෝදරයාගෙන්  ලැබුණු  කම්මුල් පහරකින් බාල සහෝදරයා මිය යයි " කියලා   . අපෝ මැරුණත් නම්බුව තියන් මැරෙන්න ඕනේ. හුම් . 

පිට්ටනිය හරහා බීච් එක ලගට ගිය අපි ටිකක් දුර ඇවිදන් ගිහින් බීච් එක ලග තිබ්බ සුදු පාට බංකුවක වාඩි උනා. මන් හිතන්නේ මන් නම් තව ටිකක් එහාට උනොත් බංකුවෙන් බිම. මන් තරහයිනේ ඒකයි . එයාට නම් මන් ගැන ගානක් වත් නැහැ දාගෙන කොටනවා ෆෝන් එක. සමහර විට බදින්න ඉන්න එකා එක්ක වෙන්න ඇති. පුහ් මල විකාර. අපිටත් මේවා බලන් ඉන්න උනානේ ජෙයියනේ. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now