22

558 97 31
                                    

අද උදේ අයියා ස්කුල් එකට ගෙනල්ලා දාලා ගියාට පස්සේ මන් ඉතින් බෑග් එකත් උස්සන් අපේ ක්ලාස් එක පැත්තට ගෑටුවා. කොමස් සෙක්ෂන් එක තිබ්බේ තට්ටු තුනේ හෝල් එකක. එකත් අපේ ක්ලාස් එක තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ කෙලවරේම.ඕක උදේ පාන්දරම නගිනවා කියන්නෙම ඉතින් ජෝගින් ගියා වගේ තමා. උඩටම නැග්ගම දාඩියත් දාලා.

" කව්ද යකු අපේ කොස්ස ගත්තේ " ඔන්න අදත් පටන් ගෙන වගේ එහා පන්තියේ උන් එක්ක මරාගන්න.හඩේ හැටියට නම් ඔය කෑගැහුවේ මිගාරයා. 

" ඇයි උබලගේ නම ගහලා තිබුනද ? අපේ කොස්ස කියලා " ඒ එහා පන්තියේ මොනිටරයා. 

" පැදුරේ චූ දාන කාලේ ඉදන් අතු ගෑව කොස්ස අපිට අදුරගන්න බැරිද ? අනේ පලයන් යන්න මූසලයා " ඔන්න ඔන්න මිගාරයා කන්න තමා යනවා.

" කව්ද යකෝ මූසලයා " මන් හිතන්නේ  මොනිටරයට මල පැනලා.

" තෝ තමා මූසලම මූසල ගොන් කැරපොත්තා. හරියට මිනිස්සුන්ට කතා කරපන්. තුරු සුනඛයා " අම්මෝ උදේ පාන්දර නියම සංදර්ශනේ. මූ හොදට අරූට බැනලා තව මිනිස්සුන්ට හරියට කතා කරපන්ලු. මෙව්වා දෙයියොම බලාගන්න ඕනේ. 

එයා එනවා කොස්සත් උස්සන් . මන්දාරම් කතාවේ................

" අනෙව් මගේ ශුඩු කොව්වෝ " ඔන්න ඔන්න දැන්ද කොහේදෝ මාව දැක්කේ මේකා . ඇත්තටම ඔයාලට කියන්න කෙල්ලනේ කොච්චර ස්කුල් එන්න කලින් අද නම් හොදට වැඩ කරනවා කියලා හිතන් ආවත් මූ ව දැක්ක ගමන් හිතන් ආපු කෙහෙම්මල් ඔක්කොම අමතක කරලා උදේ ඉදම්ම පිස්සු කෙලිනවා. ආතල් ජිවිත බන් මෙව්වා. 

" අපෝ අත ඇරහන් ගැරඩියෙක් වගේ වෙලිලා." මන් කිව්වේ ගැරඩියෙක් වගේ මාව ඔතන් හිටපු මිගාරයා ගසා දාන ගමන්. යකු මේකා අච්චර විප්ලවයක් කරලා ගත්ත කොස්ස විසික් කරාලා නේද මේ මාව බදාගෙන තියෙන්නේ  ?  පිස්සු යකෙක් මේකා නම්. 

" මොකෝ උදේ පාන්දර වලි. පිස්සුද බන් අර තඩියා එක්ක කියවන්න යන්න. එකක් වැදුනොත් ඉදියි උබ ඉස්කෝලේ ගේට්ටුවෙනුත් එළියේ " මන් කිව්වේ හිනා වෙන ගමන්. මිගාරය නම් දාගෙන රවනවා.

නපුරු ඇස්  👀❤️حيث تعيش القصص. اكتشف الآن