18

633 99 11
                                    

අම්මිලා නුවර ගිහින් ඇවිත් අදට සතියකටත් වැඩියි. දැන් නම් මගේ තුවාලෙත් සම්පුර්නෙන්ම හොදටම හොදයි. දැන් එකේ චූටි කැළලක් විතරයි ඉතුරු. තුවාලේ උනාට වඩා අමාරුයි අම්මිගෙන් බැනුම් අහන එක. හි හි'

" මේක key word එකක් විදියට ලියා ගන්න ළමයි. භාණ්ඩයක හෝ සේවාවක අයිතිය යම් මිලක් මත විකුණුම්කරු විසින් ගැනුම්කරු සතු කිරීම වෙළෙඳාම වේ.  මේ අනුව දෙපාර්ශවයක් අතර යම් නිෂ්පාදිතයක් හුවමාරුවීමක් සිදුවේ." 

  කාමරේට වෙලා ඔන්ලයින් ක්ලාස් එකක රේකොඩින් එකක් බල බල හිටපු මම ඒකත් බාගෙට බලලා පහලට ගියේ යන්තම් ආව නිදි මත නැති කරගන්න. ඇත්තටම දවල්ට මට දැන් වැඩක් කරන්නම බැහැ. කොච්චර හිතුවත් පාඩම් කරනවා කියලා ඇද දැක්ක ගමන් ඔක්කොම හබක්. සයියෝ සයියෝ.

"අම්මි.........අම්මි " පුරුද්දට වගේ කෑගහගෙන කිචන් එකට ගියාම තමා මතක් උනේ අම්මි   පන්සල් ගියා කියලා. අද තමයි මේ අවුරුද්දේ ලබන අවසාන පෝය දවස. මට මතක ඇති කාලෙක ඉදන් අපි හැම පෝයකටම ගමේ පන්සලට දානයක් දුන්නා. පෝය දවසට සිල් ගන්න හැමෝටමයි හාමුදුරුවන්ටයි තමා දානේ. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මන් මොකෝ අච්චර පින්කමක් අස්සේ ගෙදර ඉන්නේ කියලා. ඒක මෙහෙමයි උනේ.මන් ඊයේ ඉදම්ම ලෑස්ති වෙලා හිටියේ දානෙට යන්න. ඔව් ඔව් ඔයාලා දන්නවනේ ඉතින් මන් වගේ පින්වන්ත දරුවෙක් මේ අහල ගම් හතේ වත් නැහැ කියලා. හුම්.  ඉතින් මෙච්චර ඒ ළමයට දානෙට යන්න උනන්දුවක් තියෙද්දී  " ගෙදරට වෙලා පාඩම් කරලා දහය හමාරට විතර එන්න"  කියලා මන්දාරී කියපි. ඉතින් ආයේ කවර කතාද මන් ගෙදර. එතකොට අයියා එයාගේ වැඩකට ගියා. තව චුට්ටකින් එයි ගෙදර. අම්මිත් මාර කෙනාට තමා මන් වැඩ කරනවද බලන්න කියලා ගියේ. " මන් එද්දී මේ ගාන හදලා තියන්න " කියලා මටත් සද්දයක් දාලා රවලා ගියේ. මෝඩ කොලුවා.

ඒකටම හරියන්න අම්මි අනිත් බඩුවටත් මෙහෙ එන්න කියලා. මිගාරයට මිගාරයට අනේ. ඒකා ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ  එකෙම්ම එයි. කන්න තියේ නම් වෙන මොනාද ඉතින් ඕකට. මිගාරයා එනකන් පහල සෝෆා එකේ වාඩි උන මන් 4න් එකේ කිමිදුනා. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now