3

828 121 10
                                    

Sahan pov

මේ clz එකෙන් එලියට එනවා කියන්නේ අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් . ඇයි අප්පා ළමයි 3000 ක් විතර එකපාර යන්න ගියාම. පුහ් .

😒 අනේ අම්මපා මෙවුන්ට දගලන්නේ නැතුව හෙමින් යන්න බැරිද මන්දා. නිකන් හිරෙන් නිදහස් කරලා වගේනේ. අපි වගේ සුටි ළමයි තැලෙනවා කියලා තේරෙන්නේ නැද්ද මන්තා 😪

අමාරුවෙන් clz එකෙන් එලියට ආව මන් බැලුවේ අනිත් මිතුරු කැල කොහෙද කියල. මෙත්ම නම් මගේ පිටි පස්සේ හිටියා අනිත් එවුන් ටික නැහැ. ඕකනේ කියන්නේ පත ඇගවල් තියාගන්න එපා කියලා. 😪 අපි වගේ සුටියට ඉන්න එපැයි. කොහොම හරි අනිත් ටිකත් ආවම අපි ඔක්කොම පාර ගාවට ගියා.

ඔක්කොමලා එයාලාගේ බයික් වලට නැග්ගට පස්සේ මෙත්මයි මායි ඒ සෙට් එකටම බායි පාරක් දාලා main gate එක ගාවට ආවා.

අනේ අම්මපා මේ අයියාකාරයට වෙලාවට එන්න බැරි නම් මොන එහෙකටද මන් එක්කන් එන්නම් එන්නම් ගෑවේ. දෙන්න හිතෙනවා හොම්බ ගැලවෙන්න ගස් ගොබිලියා.😒 ඇයි අප්පා සෙද්ද. 😒 අපරාදේ යසට මිගාර එක්ක bike එකේ යන්න තිබ්බා මෝඩයා. 😒

ටිකකින් මෙත්ම යන වෙලාවෙම වගේ අපේ එකත් ආවා. පහු උනා නම් දෙන්නේ පුප රත් වෙන්න 😌😪.

මන් ඉක්මනට bike එක ගාවට ගියේ නැත්තම් එකටත් රවයි. එච්චරයිනේ දන්නේ. 😒 තද කළු පාට ජැකට් එකක් ඇදන් හිටිය එයා මට හෙල්මට් එක අතට දුන්නා. මොනා උනත් මෙයා හරි හැන්සම් නේ අප්පා. නැහැ නැහැ මන් කිව්වේ ටිකයි හොදේ. ගොඩක් නැහැ.😒

එකා මට ගෙනල්ලා තියෙන්නේ හතර වටේම disney princess ලාගේ stickers ගහලා තියෙන රෝසම රෝස පාට හෙල්මට් එකක්. මොනා උනත් එක හරිම cute හෙල්මට් එකක්. uwww දැක්කමත් ආස හිතෙනවා. 💖😪

ඒකේ සිරි නරබ නරබා ඉද්දි මන් ඉන්නේ කොහෙද කියලත් අමතක උනා.

මෙන්න මේකා එක පාරටම එකාගේ හෙල්මට් එකත් ගලවලා. මට ඇන්නේ නැතා පොල් ටොක්කක්. මෙන්න වැඩක් මේකාට කොහෙන්ද මට ගහන්න අයිතියක්. හිටපියකො මන් මේ කරන අසාදාරණකම් ගැන මගේ සීනී තාත්තාට කියන්න. හුම්. මන්දාකිනිටත් කියලා වැඩක් තියේ යෑ. එයාටත් පස්සේ ආව කන නේ වටින්නේ. 😒 ඔක්කොම එකයි. 😒 වේදනයි මට හරිම වේදනයි 😒

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now