8

743 98 4
                                    

" අම්මි පරක්කුයි කෑම එක කෝ අනේ " මන් කෑගැහුවේ  බෑග් එකට පොත් ටික දාන ගමන්. ඔයාලට කියන්න ළමයි අද මන් නැගිටිද්දී හයයි කාල විතර වෙලා හය හමාරට බස් එක. සටපට ගාලා ඇදන් අම්මි දුන්න කෑම පෙට්ටියත් අරන් මන් එලියට බහිද්දිම යකු බස් එක දාලා ගියා නේද. අම්මපා මේ මනුස්සයට ටිකක් ඉවසන්න බැරි හැටි. තාත්තිත් නැහැ අප්පා උදෙන්ම ගිහින්නේ හයියෝ. අම්මි නිසා තමා ඔක්කොම. වෙනදට අම්මි පහ හමාර වෙද්දී මාව ඇහැරවනවා. අම්මිට ඊයේ එලාම් එක තියන්න බැරි වෙලානේ. 

" අම්මි අයියෝඕ බස් එක දාලා ගියානේ." මන් කිචන් එකට ගිහින් මුනත් එල්ලන් කිව්වේ අද යන්නම ඕනි නිසා. ඊයේ යන්නත් බැරි උනා. 

" මේ සුදු උඩට ගිහින් අයියට කියන්න. එයා එක්කන් යයි. දැන්ම යන්න නැත්තම් ඔයාට තමා පරක්කු වෙන්නේ" අම්මි කිව්වේ ලිපේ තිබ්බ තඩි හොද්දක් හැදී ගාන ගමන්. දැන් ඉතින් අරකාව ඇහැරවන්නත් එපැයිනේ. සයියෝ.......... සයියෝ...........

මන් පඩිපෙළ දිගේ උඩට නැගල අයියගේ කාමරේට ඉක්මනට ගියේ මෙයා නැත්තම් ලෑස්ති වෙන්නත් පැය ගානක් ගන්න නිසා. ඔය ඉන්නේ පත බැවිලා ඇද උඩ. හයියෝ හයියෝ  මේකා පුපට එලිය වැටෙනකම් නිදාගන්න්වනේ. 

"ඒ... හලෝ  අයියේ..... අයියේ ....අයියේ " අනේ අම්මපා මූ ඇහෙන්නේ නැහැ වගේ ඉන්න හැටි. 

" අනේ නැගිටිනවකෝ හලෝ බස් එක දාලා ගියා........ඕයි අයියේ " මන් එහෙම කියන ගමන් ඒක පොරවන් ඉන්න බෙඩ් ෂිට් එක අයින් කරා. යම්කු මේකාගේ  සික්ස් පැක්. උව් වසී වෙනවා. හොද සිහියට වරෙම් සහන්. 

" අයියේ එනවකෝ " මන් කිව්වේ කකුලෙන් අදින ගමන්.

" තමුසෙනන් හෙන වදයක් ඕයි." මටත් රව රව ඒකා බාත් රූම් එක අස්සට රිංග ගත්තා. අපි බය වෙයි ඔය රැවිලි වලට පුහ්....ඔටුවා 




ලමයිනේ මන් මේ බලන් ඉන්නේ මනමාල මහත්තයා සදලුතලෙන් පහලට එනකන්. දැන් වෙලාව හයයි පනහයි. ගැනියෙක් වගේ කාමරේට වෙලා මොනා කොරනවද මන්දා. ඔන්න එනවා හම්මෝ ඇති යන්තම්. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now