24

598 108 32
                                    

Happy Birthday to You.............
Happy Birthday to You.............
Happy Birthday Dear Ammi........ 
Happy Birthday to You..............

අද තමා අම්මිගේ හතලිස් පස් වෙනි බර්ත් ඩේ එක. අපි ගෝල් ෆේස් ගිහින් ඇවිත් අදට දවස් පහ හයක් විතර ඇති.මම අම්මි කේක් එක කපද්දී ෆෝන් එකත් උස්සන් ෆොටෝ ගහන ගමන් හිටියේ. 

කේක් එකේ පැත්තකින් ගහලා තිබ්බ ඉටි පන්දම් දෙක නිව්ව අම්මි කේක් එකේ අයිනෙන් කෑල්ලක් කැපුවා.

" පුතා " කේක් කෑල්ල අතට ගත්ත අම්මි ඉස්සෙල්ලාම කේක් කෑල්ල කවන්න හෙව්වේ අයියණ්ඩිව . දැන් එයා නේ අම්මිගේ ලොකු පුතණ්ඩියා. ඒක නිසා ඉස්සෙලම එයාට. අම්මිටත් ඉතින් එයාගේ ලොකු පුතණ්ඩියා ලොකු වෙලා. පොඩි පුතා මෙතන අවදානේ නැතුව වේලෙනවා. හුම්.

අයියට පස්සේ ඉතින් මම අම්මි ගාවට ගියේ ෆෝන් එකත් මිගාරයා අතට දීලා. අම්මි මට දික් කරපු කේක් කෑල්ලෙන් චුට්ටක් කටට දාගෙන අම්මිගේ කම්මුල් දෙකේම හාදු තැවරුවා. අම්මිත් ඉතින් මගේ නළලේ හාදුවක් තියන්න අමතක කරේ නැහැ. 

ඊට පස්සේ තාත්තිට , මගේ යාළුවන්ට , අයියාගේ යාළුවන්ට , අම්මිගේ යාළුවන්ට ඔක්කොටම කේක් කැව්ව අම්මි ඉතිරි කේක් ටික කපලා ප්ලේට් වලට දාලා හැමෝටම බෙදලා දුන්නා. මාත් ඉතින් හරි බැරි ගැහිලා තඩි චොකලට් කේක් කැල්ලක් එහෙම උස්සන් මිගාරයා යි දෙනුවනය යි එක්ක සෝෆා එකේ පත බෑවුනා. 

" මොකද බන් රසල් අයියා මෙහෙ බලන් ඉන්නේ කන්න වගේ " මන් එහෙම කියද්දී මිගාරයට කොහෙද නැති කැස්සකුත් ආවා. මම දන්නේ නැද්ද ගොනා හැරෙන්න පොල් පැලේ කන්න කියලා. රසල් අයියා ඔය මල් බැල්ම දාගෙන ඉන්නේ මිගාරයට.මන් එහෙම කිව්වා විතරයි මිගාරයා බලන්න එපැයි රතුම රතු බීට් අලයක් වගේ උනා. 

" ඒක තමා බන් මේ පැත්තමයි බලන් ඉන්නේ කෑල්ල මෙතනද දන්නේ නැහැ " දෙනුවනයා සපෝර්ට් එකට මටත් ඇහැක් ගහලා කියද්දී බලන්න එපැයි මිගාරයා දාගෙන ඇබරෙනවා. පුහ් ඒ ලව් එක .

" මිගාරයා උබ දන්නවද රසල් අයියගේ කෑල්ලව" මන් ඇහුවේ මිගාරයාව අව්ස්සන්න හිතන්. 

" ම......මන් දන්නේ නැහැ බන් ඔය එක එකාගේ කෑලි " පව් අප්පා කොල්ලට ගොතත් ගැහෙනවා. යමුකෝ පුතේ උබ ඔහොම අපිට කොලේ වහලා  . 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now