16

1K 139 18
                                    

Kevin pov 

විනාඩි දහයකින් විතර මන් ගෙදර ආවේ කොහොමද කියලා මටවත් හිතා ගන්න බැහැ. ගෙදර ආව ගමන් මට කතා කරන්න ආව මතිශවත් පහු කරන් මන් සුදූ ගේ  කාමරේට ගියේ  වේගෙන්.එයාට නින්ද ගිහින්. දෙනුවන්  බෙහෙත් දානවා. දෙනුවන් ගෙන් බෙහෙත් ටියුබ් එක ඉල්ල ගත්ත මන් එයාගේ ඇදේ කෙළවරෙන් වාඩි උනාම දෙනුවන් එලියට ගියා මන් හිතන්නේ මතිෂව හොයන්.එයාගේ නළල මැහුම් දාන්න නැතත්  යන්තම් පැලිලා වගේ තියෙද්දී එතන ලේ කුට්ටි ගල් ගැහිලා තිබ්බා.බෙහෙත් ටියුබ් එකෙන් බෙහෙත් ටිකක් අතට ගත්ත මන් ඒ තුවාලේ උඩ යාන්තම් ගාද්දී නින්දෙන් උනත් එයා ටිකක් ගැස්සුනා. රිදෙනවා ඇති වයසින් ලොකු උනාට මේකා තාම පොඩි එකෙක් වගේ. තුවාලේ උඩින් පුළුන් ටිකක් තියලා බැන්ඩේජ් කරපු මම පොඩි ප්ලාස්ටර් කෑලි දෙකක් දෙපැත්තෙන් ගැහුවා. යාන්තම් කෙදිරි ගාන ගමන් හිටපු එයා ආයේ නින්දට වැටෙද්දී  බෙඩ් ෂිට් එකත් පොරවපු මන් බැන්ඩේජ් එක උඩින් යන්තම් හාදුවක් තියලා පහලට ගියා.

මන් පහලට යද්දී අර දෙන්නා කිචන් එකේ උයනවා.මතිෂ් ලිපේ තිබ්බ චිකන් එක එතනම එහා පැත්තේ තිබ්බ දරනුව උඩින් තියද්දි දෙනුවන් පරිප්පු හොද්ද හැදී ගාන ගමන් හිටියා. මාව දැක්ක මතිෂ මාත් එක්ක සාලේ පැත්තට යද්දී දෙනුවන් කිචන් එකේ එහෙ මෙහෙ දුවන ගමන් කෑම එක බැලුවා. මතිෂ් ගෙන් වෙච්ච ඔක්කොම විස්තරේ අහගත්තම මට දෙනුවන් ගැන තරහක් ආවත් එක නවත්ත ගත්තේ සුදූ ගේ විසේටමේක  කර ගත්ත දෙයක් නිසා. ඇත්තටම මේ කොල්ලා නිසා වෙලාවක මට නහරයක් පුපුරලා තමා  මැරෙන්න වෙන්නේ . පණ්ඩිත යා . 

මන් එක එක ඒවා කල්පනා කර කර ඉද්දි අපි ගාවට ආව දෙනුවන් මතිෂ්ගේ උකුලේ වාඩි උනේ මන් දිහාත් හොරෙන් බලන ගමන්. කොල්ලා බය වෙලා ඇති මන් බනියි කියලා. 

" සොරි අයියේ මන් හිතලා කරේ නැහැ " දෙනුවන් කිව්වේ මුනත් පුළුටු කරන්. 

" සුදූ  දගයි.ඔයාගේ වැරැද්දක් නැහැ " මන් කිව්වේ දෙනුවන් දිහා බලන ගමන්. එහෙම්ම එයා මතිෂ් ගේ ඇගේ කෝලා පැටියෙක් වගේ එතෙත්දී මන් ඒ දිහා බලන් හිටියේ යන්තම් හිනා වෙන ගමන්. මේ ඩබලගේ ලව් එකට දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒ දෙන්නාම බිස්නස් ෆැමිලි දෙකක ළමයි. ඉස්සෙලම පාටි එකකදී තමා සෙට් උනේ. දැන් ඔහොම වෙලිලා හිටියට මතිශයා වැන්දේ නැති ටික විතරයි දෙනුවන්ගේ ආදරේ ගන්න.ඇත්තම ඒ දෙන්නා කොච්චර ප්‍රශ්න ආවත් එකට මුහුණ දුන්නා. කොටිම්ම සමාජෙට බම්බු ගහගන්න කියලා ජිවත් වෙන දෙන්නෙක්. අපි එකෙක්වත් උන් දෙන්නව කොන් කරේ නැහැ. එහෙම කරපු උන්ට හොම්බ ගැලවිලා යන්න ඇන්නා මිසක්. මිනිස්සු දැනගන්න ඕනේ හැම කෙනෙක්ම එක වගේ නැහැ කියලා. අනික ගැනුන්ටම පිරිමි ආදරේ කරන්න ඕනෙද. මල විකාර. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now