19

586 105 16
                                    

මේ දවස් වල අපට ඉස්කෝලේ නිවාඩු උනත් ක්ලාස් වල කියලා නිවාඩුවක් නම් හම්බ උනේ නැහැ. ඒකෙ නිවාඩුවක් දුන්නොත් තමා පුදුමේ .  

අද මට උදෙම්ම ඉකෝන් ක්ලාස්. තාත්තියි අයියයි අද උදේම්ම බිස්නස් වැඩකට කොලබ ගිහින් තිබ්බ නිසා අම්මි කෑගහනවට  මන් එහෙන් මෙහෙන් මේසේ උඩ බටර් ගාලා තිබ්බ පාන් පෙති දෙකක් කාලා පාරට දිව්වේ බස් එක මිස් වෙයි කියලා හිතලා. 

බස් හෝල්ට් එකේ විනාඩි පහක් විතර ඉන්න ඇති. එතකොටම 118 බස් එක එනවා දැක්ක මන් බස් එක  හෝල්ට් එක ගාව නැවතුනාම හෝල්ට් එකේ හිටපු අනිත් උන් ටික නැගගන්න කලින් බස් එකට නැගලා වපර ඇහැ දාලා බැලුවේ මිගාරයා කොහෙද කියලා. ඌගෙත් බයික් එකට මොකක්ද වෙලාලු. අම්මපා ඒ කබලටත් අදම කැඩෙන්න ඕනේ උනානේ. නැත්තම් මෙච්චර හිර වෙලා මැරෙන්නේ නැතුව ඒකෙ යන්න තිබ්බා. මේ වේලාවට තමා අයියගේ අගේ තේරෙන්නේ. එයාටත් ඕනේ උනානේ උදේම මගුලේ යන්න. ගස් ගෙම්බා. 

මාව දැක්ක පාරද කොහේදෝ මිගාරයා මන් ඉන්න පැත්තට අර සෙනග අස්සෙන් රිංගුවා. මූ නම් අද හොද සම්බුවක් කනවා. ඇයි යකු අර තඩි පැක්  හයේ  ඇගත් තියාගෙන කොහොමද මිනිස්සු අස්සේ රිංගන්නේ. 

" ඕයි ඔය කළු ෂර්ට් මල්ලි කොහෙද අයිසේ යන්නේ " කොන්දොස්තරයා බෙරිහන් දෙද්දී මිගාරයා ඇහෙන්නේ නැහැ වගේ මන් ඉන්න තැනට ආවා. මන් දැක්කා පත ඇන්ටි කෑල්ලක් මිගාරයාට හොදවයින් රවනවා. මන් හිතුවෙම නෙළයි කියලා ඇන්ටියාගේ කුඩෙන්. අපරාදේ නෙලන්න තිබ්බේ ෆ්‍රී ෂෝ එකක් බලාගන්න. 

" නුගේගොඩට එකක් " මන් සීයේ නෝට්ටුවක් කොන්දා ට  දික් කරාම ඒකා මට ඉතුරු සල්ලි දීලා මිගාරයටත් රවන් පස්සට ගියා.

" ඔය ඉස්සරහ ඉන්න මල්ලිලා පොල්ල අල්ලන් ඉස්සරහට යන්න " ආයෙත් කොන්දොස්තරයා කෑගහද්දී  අපි ඉතින් පුළුවන් තරම් දුරක් ඉස්සරහට ගියා. මේ කොන්දාටත් අපිත් එක්කමද කොහේදෝ ඇරියස් තියෙන්නේ. 




නුගේගොඩින් බස් එකෙන් බැස්සට පස්සේ  තමා යන්තම් සහනයක් දැනුනේ.  දැන් වෙලාව හතයි පනස් පහයි. ක්ලාස් පටන් ගන්නෙ අට හමාරට.ක්ලාස් අයි.ඩි  දෙකත්  චෙක් කරන් අපි හෝල් එකට යනකොට දැක්කේ අනිත් එවුන් අපි දෙන්නටත් එක්ක ඉඩ අල්ලන් ඉන්නවා.මොනා උනත් උන් එක නම් අමතක කරන්නේ නැහැ. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now