11

724 95 16
                                    

ඇත්තටම කෙල්ලනේ මට ඕනේ උනේ සොමෑන්ටික් හරි හැරිපොටර් වගේ ෆිල්ම් එකක් බලන්න. ඒත් ඉතින් අරකා ඔය සිගිති ආතල් මට බලන්න එන්න බැරිය. ඕනි නම් තනියෙන් බලන්නය කියපි.අන්තිමට බහින් බස් වීම් දුර දිග ගිහින් අන්තිමට එයා කියන එකකට මට කැමති වෙන්න උනා. බහින් බස් වීම් කිව්වට මන් තමා කෑගැහුවේ. ඉම්හි....ඉම්හි....

අපි ෆිල්ම් එක බලන්න පටන් ගද්දී නවය හමාරයි. තාම ෆිල්ම් එක පටන් ගන්න ගමන්. අපි දෙන්නා හිටියේ සාලේ ටීවී එක ඉස්සරහ. මුළු ගෙදරම ලයිට් ඕෆ්. මම සෙටියේ තිබ්බ කොට්ටෙත් මගේ උකුලට අරන් කකුල් දෙකත් සෝෆා එක උඩට අරගත්තා. ෆිල්ම් කෙසේ වෙතත් මන් පොප් කොන් එකට නම් වැඩේ දෙන ගමන් ඉන්නේ. ඇත්තටම මන් ඔය හොල්මන් කපන කොටන සීන් වලට බයයි. ඒත් ඉතින් එහෙම මේකාට සකන්ඩ් වෙන්න පුලුවන්ද මන් අහන්නේ. මාත් ඉතින් බයයි ද අහද්දී පැනලා මගේ මුණේ බය ගෑවිලාවත් තියෙනවා වගේ පේනවද මල්ලෑ ගෑවානේ. දැන් ඉතින් විදවපන් සහනයෝ.

අපි බැලුවේ Terrifier එකේ හිටියේ සුදු මුණක් තියෙන ක්ලව්න් කෙනෙක්. එයා මිනිස්සු මරනවා හරිම දරුණු විදියට. මන් ෆිල්ම් එක බලපු නැති තරම්. සමහර වෙලාවට හයියෙන් ඇස් වහන් කොට්ටේත් පපුවට තුරුළු කරගත්තා. අයියා කොච්චර ඇහුවත් මගෙන් ටීවී එක ඔෆ් කරන්නද කියලා ඔක්කොටම වඩා මගේ ලොකුකම ඉස්සරහට ගියා. අන්තිමට ලයිට් ඔන් කරපු අයියා ටීවී එක ඔෆ් කරලා දැම්මා.

" ඇයි ඔෆ් කරේ " මන් ඇහුවේ කොට්ටෙන් ඔලුව එලියට ගන්න ගමන්.

" තමුසෙගේත් පණ්ඩිතකම විතරයි" එයා එහෙම කියන ගමන් කිචන් එක පැත්තට ගියා.

" ඔහොම ඉන්නකෝ මාව දාලා යන්නේ" මට නම් දැන් මෙතන තනියෙන් ඉන්නවා කියන්නෙත් මහ බයානක වැඩක් වෙද්දී මන් එයා පස්සෙන් කිචන් එකට දිව්වා.මන් යද්දී එයා කූල් වතුර බොනවා. සාආආආ වාව් එයාගේ උගුරු ඇටේ. ඒක වතුර බොද්දි පහලට යනවා. ආයේ උඩට යනවා. මන් හිතන්නේ දැන් මගේ මුණෙන් පැණි වැක්කෙරෙනවා ඇති.

" මොකද තමුසේ කන්න වගේ බලන් ඉන්නේ " මන් පැණි හලන් එයා දිහා බලන් ඉද්දි එයා ඇහි බැමත් ලං කරන් මට රවන ගමන් ඇහුවා.

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now