28

726 109 47
                                    


"බ්වෑක්" නුවර පහු කරලා අපි ඕනනම් කිලෝ මීටර් පහක් හයක් යන්න ඇති. මිගාරයට වමනේ ගියා. පොරට උදේ කාපු සියල්ල වමනෙට ගියාම බලන්න එපැයි රසල් අයියා බය උනු තරමක්. රමණීයයි ඒ මධුර ජවනිකා.... 

මිගාරයාට   මාත් එක්ක නං  මල පැනලද කොහේදෝ. හැබැයි ඉතින් ඒ තරහා සාදාරනයි.  මන් කිව්වනේ ඌ ප්‍රෙග්නට් කියලා. හේ හේ . පව් කොල්ලා. මෙහෙමයි කෙල්ලනේ කව්රු හරි ඒ බන් මට වමනෙට වගේ කියලා කිව්වොත්  ඒක කිව්වේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා මට අදාළ නැහැ මන් ඉස්සෙලම අහන්නේ උබ ප්‍රෙග්නට් ද කියලා.මොනා කරන්නද ඉචිම් මගේ මොලේට එන්නේ ඒකනේ ඉස්සෙලම එන්නේ. මේ ඔක්කොම අර තැබිලි පාට ඇප් එක නිසා තමා. හුම්.

මන් ඉතින් හිටියේ නෙල්ලි ගෙඩියක් හපන ගමන් මොකද මිගාරයට වමනේ යද්දී රසල් අයියා ඇබුල් කෑවම ඕක අඩු වෙනවා කියලා නෙල්ලි මල්ලක් ගෙනත් දුන්නනේ. ඌ මොකද මන් මොකද ඌ ට ගෙනාපු නෙල්ලි මල්ල ට මන් වැඩේ දෙන ගමන් අයියගේ උරහිසට හේත්තුවක් දැම්මා . මිගාරට අමාරු නිසා ඩබල අපේ ෂිට් එකට ආවම අයියයි මායි පිටිපස්සට ගියා. දැන් මතිෂ් අයියා ඩ්‍රයිව් කරනවා.එයාගේ නෝනා හාමු පැසෙන්ජ සීට් එකේ. 

" ඒයි මෙහ් " එයාගේ අතේ මස් ගොබෙකට මන් ඇන්නම මෙච්චර වෙලා 4න් එකේ එල්ලිලා හිටපු එයා මට පූර්ණ අවදානේ දුන්නා. ඇත්තටම මේ මනුස්පයා කාට කොටනවද මන්දා වෙන උන් කෑල්ලට දමාගෙන කොටනවා ඒකට මගේ මනුස්පයා මන් මෙතන ඉද්දී 4 න් එකේ එල්ලිලා ඉන්නවා. එකත් එකටම අර කරගහන්න යන උර චක්කර මාලෙට දන්නේ නැහැ ඔච්චර එල්ලීගෙන කොටන්නේ. එහෙම උනොත් කොටනවා සනික. ආයේ දෙකක් නැහැ කෙල්ලනේ. ඔන්න මන් අද කිව්වයි කියලා හිතා ගන්න. හුම්. 

" මන් හත්තක් උනොත් ඔයා මාව උයලා කනවද ඒයි " මන් දිහා පිස්සෙක්ද මූ වගේ ලුක් එකකින් බලන් හිටපු එයා පොඩ්ඩක්  ඔලුවත් දෙපැත්තට ගසලා මගේ උකුලෙන් ඔලුව තියා ගත්තා. 

" ඒ යි මනුස්පයෝ කියපියකෝ. කියලා බුදිය ගනින්කෝ " මන් එයාගේ ඔලුව ආයෙත් ඉස්සුවා. ඇයි යකු මූ ට මෙච්චර අමාරු ද  මන් හත්තක් උනොත් උයලා කනවද කියන්න. එකත් එකටම මේකා හිතන් ඉන්නවා ඇති මන් හත්තක් උනාම උයලා කන්නේ නැතුව බදින්න ඉන්න ගෑනි එක්ක සුප් එකක් හදලා බොන්න. එව්වා කොහේද මාත් එක්ක . මන් හත්තක් වෙනවනන් මගේ මනුස්පයත් හත්තක් වෙන්න ඕනේ එච්චරයි. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now