10

707 99 6
                                    

උදේ නැගිටිනවා කියන්නේ ඉතීම් මරනවා වගේ වැඩක් තමා. අම්මිලා ගියාට පස්සේ ආයේ නිදා ගත්ත මන් ඊට පැයකට පස්සේ නැගිට්ටේ පාඩම් කරන්න. නැගිට්ට ගමන් විනාඩි දහයකට ටික් ටෝක් පැත්තේ ගිය මන් එකෙන් බැක් උනේ පැයකට විතර පස්සේ. ඉම්හි ඉම්හි. මන් හැමදාම ඔහොමයි සෝක් සහන් පුතාගේ විනාඩි දහය. යාන්තම් 4න් එක චාජ් වෙන්න ගහලා මන් අකව්ටින් පොත පෙරලගත්තේ ගණන් ටිකක් හදන්න නැත්තම් මට ආයේ නිදි කුම්බර කුමාරයා ඇගට වැහෙනවා. වතුර විදුරුවකුත් ලග තියා ගත්ත මන් වැඩ කරන්න පටන් ගත්තා.

දැන් වෙලාව හය හමාරයි.අම්මි හිටියනම්  මෙලහට චමුදිත ගමටම ඇහෙන්න මේ වෙලාවට කෑගහනවා. අම්මේ ආයේ ඉතින් මගේ මිතුරු කැලගේ වගේම ලැට් කටක් තමා උටත් තියෙන්නේ. අද යන්තම් ගේම නිස්සබ්දයි. මන් මේ බැන බැන යන්නේ කිචන් එකට උදේ ටී එක හදන්න. ඇත්ත වසයෙන්ම මට තේ හදන්න ටිකක් අමාරුයි. අහම් මන් කියන්නේ ටිකයි හොදේ. 

ම්ම්ම්... ඉස්සෙල්ලම කේතලේ ලිපේ තිබ්බා. ඒක නම් සරි. ඒක විසිල් එක පිබිනකම් මන් තේ කොළ තියෙන පොඩි බෝතලේ ගත්තා. අර ඇඩ් එකේ කියන්නේ එක කෝප්පයයි තේ හැදි දෙකයි කියලා.එහෙම නේත මන් හරිනේ. මායි අයියන්ඩි යි දෙන්නයිනේ එතකොට හැදි හතරයි. හුම් tv බලන නිසා හොදා සහන් බබා.

ඊට පස්සේ කිරිපිටි, සීනි තියෙන ලට්ට ලොට්ට ඔක්කොම දාලා මන් මගේ එකයි අරයගෙ එකයි අරන් සදලුතලේට පියමැන්නා.

" ඒයි හලෝ නැගිටින්නෝ සුදූ ටී ගෙනාවෝ " මන් එහෙම එකාගේ කනට කරලා කෑ ගහද්දි අරකා කනට කොට්ටයක් තියන් ආයේ නිදා ගත්තා. මන් එහෙම වැඩේ අත අරිනවද කෙල්ලනේ. මන් අර තඩාර සයිස් අතින් ඇද්දේ නැගිටින්න කියලා කෑගහන ගමන්.

" ආව් මනුස්සයෝ මගේ ඇග තලන්න එපා " මන් කෑගැහුවේ මන් ඇද ඇද හිටපු එකාගේ අතෙන් ආපස්සට එයාගේ පැත්තට මාව ඇදලා ගද්දි මන් එහෙම්ම එයාගේ පපුව උඩ ඔලුව තිය උනා. හයියු මගේ මුණ නම් දැන් රතුම රතු බීට් අලයක් වගේ වෙලා ඇති. සැජ්ජයි ඒයි. එයාගේ හාර්ට් බීට් එක නම් ටිකක් හෙමින් රිද්මෙකට ගලන් යනවා. මට නම් බාගෙට ආර්ට් ඇටැක් වගේ. එයාගේ අත් මගේ ඉන වටේ එතිලා තියෙද්දී මට හෙල්ලෙන්න තියා හිතන්නවත් බැරි උනා. අනේ මෙව්වාට වග කියන්න ඕනි මන්දාකිණි ඔයා තමා. මට දෙන ත්‍රිපෝෂ ටික අම්මි විකුනලද කොහේදෝ. නැත්තම් මෙච්චර සුටී අත පයක් මට තියේද ? ජුක තමා.

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now